Sunday, June 12, 2011

මට නම් නැහැ තේරෙන්නෙ

දස මාසෙ කුසෙ දරා
ලේ කිරිකර පෙවු නිසා
මව් සෙනහස මතු බුදු වේ
පොතේ ලියා තිබු නිසා
දොහොත් මුදුන් තබා සොදින්
ඇගෙ පා යුග අත ගසලා
අපෙ අම්මට මා වැන්දේ
මතු බුදු වන්නට පතලා.

මටම දාව දරුවන් දි..
ලේ කිරි කර ඇය පොවද්දි.
බුදු පොතේ ලියා තිබු කවියයි
මට මතක් උනේ....

කල්පයටම එක් කෙනයිලු
මෙ ලොකේ බුදුවන්නෙ.
මොන අම්මද බුදුවන්නේ
මට නම් නැහැ තේරෙන්නේ

1 comment:

  1. නුබ හැදු වැඩු නුබේ මවුට
    පින් පිට පින් පමුනුවන්න
    මතු බවයක බුදු බව ලබන්න
    මගෙ නෑ කිසි අමනාපය
    බුදු වන්නට නොපැතුවාට...

    නුබේ දෙපතුල් වදින තැනක
    ඉන්න එකයි එකම නිවන
    මතු නුබෙ මවු බුදු වෙද්දිත්
    වෙන්නම් මා නුබෙ බිරිදම
    නුබේ ලෙයට ජීවය දෙන...

    ReplyDelete