යෙක කණ තමා රිදේනව අයියා...
වෙඩ කරන්න බේ වාගේ හිතෙනව..
සෙල්වන් මා ලගට විත් පැවසුවෙ ඔහුට වැඩ කිරිමට තිබු අපහසුතාවයට බව මට තෙරුණි.
මොකද වෙලා තියෙන්නෙ.
"අනේ මන්දා..රිදේනවා....පොඩ්ඩක් බලන්න.." කියා ඔහු දකුණු කන මට පෙන්නුවෙය
මීට අවුරුදු 12 කට පෙර දොස්තර කෙනෙක් විමෙ සිහින මවමින් සිටි මම කොන්දොස්තර කෙනෙක් නොවි,ගස් දොස්තර(ඒ:අයී)කෙනෙක් විම ගැන අවසානයෙ සතුටු වු මා ඔහුගෙ රොග විනිස්චය කෙසෙ ලබා දෙන්නද යෙයි සිතුනි.
සෙල්වන්..අපි යමු හොස්පිටල් එකට..ඉන්න මන් ඔයාට යන්න සල්ලි ලැස්තිකරල දෙන්නම්.
සෙල්වන් කියන්නෙ නැගෙනහිර පැත්තෙ මනුස්සයෙක්..දරිද්‍රතාවයත්,වසර 30ක් පුරාවට ඇවිලෙමන් තිබු යුද්ධයත් නිසා ඔවුන් අන්ත අසරණ වී ඇත.තාමත් හොද ආර්ථික මට්ටමක් නැති ඔවුන් දැකිමෙන් පවා ඇතිවෙන්නෙ අනුකම්පාවකි.
අප ඉන්නා දුපතෙ තිබෙන Hospital බෙහෙත් ගැනිමට ගිය සෙල්වම්ට කියා
තිබුනෙ මාලෙ නගරයට ගොස් බෙහෙත් ගන්නා ලෙසය.අවසානයෙ එහිද ගිය ඔහු ආපසු අැවිත් කීවෙ.
අයිය කනෙ ඔපරෙෂන් එකක් තමා තියනව කියන්නෙ.
ඉතින් මොකො අපි කරන්නෙ..
මම ලන්කා ගිහින් එන්න හිතනව..
හ්ම්..ඒත් අපරාදෙනෙ සල්ලි.මෙහෙන් කලොත් සේරම කම්පැනිය ගානේ.ලන්කා ගියොත්..........
ලක්ෂයක් දුන්නත් මෙහෙන් කරන්නැ.
අනේ මට යන්න ලැස්ති කරල දෙන්න අයියා........
ඒ ඔහුගෙ අවශ්‍යතාවය නිසා ම එය ඉටු කිරිමට ලැස්ති වුවෙය.අදාළ අන්ශ වලට ගොස් සියල්ල පාහෙ සුදානම් කරගත්තා.ඒත් එයර් ටිකට්...
එදා සෙනසුරදා නිසා ටිකට් ගන්න අමාරු දවසක්..බැන්කුත් වහලා.පඩිය????????
කෙලින්ම එකවුන්ට් මහත්තුරු හම්බෙන්න යද්දි"චාලියා" පනාව දාගෙන හිනාවුනා.
මොකො මෙ පැත්තෙ..මගෙන් ඇසුවෙය.
මෙ.මෙයාට යන්න ඔනලු..
සිද්ධිය විස්තර කිරිමෙන් පසු ඔහුට ලන්කාවට යාමට අවශ්‍ය සියලු දේ වරුණත්,චාලිත්,ශිවා අයියාත් එකතුවි කරදුන් නිසා මාගෙ පනිවිඩයෙන් පැය 3කට පසු ඔහුට යැමට හැකිවිය.
ඒ නිවඩු දිනයෙ සල්ලි හොයාගෙන ටිකට් එක ගන්න එක ලේසි දෙයක් නොවුනත් මෙ සියල්ල කරල දුන්නෙ,"චාලිත්'වරුණත්,ශිවා අයියත් කට්ටියම එකතු වෙලා.අවසානයෙ කට්ටියම එකතු වී සෙලවන් ගැන කතාකරද්දි කිවෙ..අපෙ එකෙක් බන්.මිනිහට පුලුවන් උදව්වක් කරන්න හිතුනා.මිනිහට අමාරුවකුත් තිබුනා නෙද?
පව් බන් මනුස්සයට.මට දුක හිතුනා..තවකෙක් කිවෙ ඔහුට බාර දි තිබු රාජකාරිය සෙල්වන් වෙනුවෙන් කල නිසාය..
සෙල්වන් කියන්නෙ දෙමළ බාසාව කතාකරන මනුස්සයෙකි.ඔහු ලන්කාවේය.
ඔහු රොගය සුවකරගෙන ලන්කාවෙ සිට පැමිණ උදව් කර සැම දෙනාටම ස්තුති කලේය.ඒ ඔහුගෙ මිනිස්කමයි.
අපේ ෆැක්ටිරියහි සැම ආගමකම,ජාතියකම ලාන්කිකයො වැඩ කරයි.ඒ හැමොගෙමෙ හිත්වල තියෙන්නෙ 'අපි ලන්කාවෙ'කියන හැගිමයි.හරිම එකමුතුයි.නිවාඩු ගිහින් එන විට ලන්කාවෙන් ගෙනෙන කැම ජාති බෙදාගෙන කන්නොය.එකට සෙල්ලම් කරන්නොය.ඒ අපෙ හැගිමයි.
රටෙන් බැහැරව දුරු රටක සේවය කරන හො වාසය කරන අපෙ ඇයො හරි එකමුතුයි.
තව කතාවක් මතක් වෙනව.
මාගෙ පහුගිය නිවාඩු මාසයෙ මා යාපනයට ගියෙමි.දවස් 4ක් එහි ගතකලෙ මාගෙ මිතුරන් දෙදෙනෙක්ගෙ රාජකාරියක් සදහායි.එහිදි අපට හමුවුයෙ යශොදරන් නැමැති කොලු ගැටවායි.අප හා බොහො කුලුපග වු ඔහු අප එහෙන් එන දවසෙ දුකෙන් කතාකලෙය.
ඒ සමගම ඔහු කිවෙ
අයියා මන කටාර් එකෙ වැඩකරද්දි අපි ලන්කාවෙ 14ක් හිටියා.මම එක ටැමිල් කොල්ලා,2ක් මුස්ලිම් අනික් අය සින්හල,අපි හැමොම එකා වගෙ හිටියෙ.මට එන දවසෙ ඇඩුනා අයියා.මෙ යුද්ධෙ නිසා අපි ඇත්වුනා.දැන් ඒක ඉවරයි.අයෙ යුද්ධයක් ඇතිවෙන්න යාපනෙ හො කිලිනොච්චි මිනිස්සු ඉඩතියන්නැ.යුද්ධකරන්න එනවුන් ට මිනිස්සු ගහයි"
ඉතින් පිටරටක ඉදද්දි අපිට සින්හල.දමිළ,මුස්ලිම් බර්ග,කියන සැවොම එකට සමගියෙන් ඉන්න පුලුවන් නම් ඇයි පුන්චි රටක් වන ලන්කාව තුල එකට සතුටින් සමගියෙන්,එක කැම එක බෙදාගෙන කාලා ඉන්න බැරිද?????
බැරි කමක් නැහැ..අපිට ඉන්න පුලුවන්..කතාකරන බසාව අනුව හො ආගම අනුව මිනිස්සු නොබෙදන්න .අපි හැමොම රතු ලේ තියෙන මිනිස්සු බව හිතමු.
අපි සැවොම සතුටින් ඉන්න නම් කලයුතු එකම දෙයක් වේ.
ඒ අපි ශ්‍රි ලාන්කිකයන් ලෙස හිතන දාටයි.එලෙස හිතන්න අද ඉදන්ම පුරුදු වෙමු.මෙ බ්ලොග් අවකාශයෙන් ලැබෙන පණිවිඩ වලීන් අපි හිතමු.
අපි ලස්සන ලන්කාවක් හදමු...
එය කලහැක්කෙ ලස්සන වදන් කියා අපිව රවටන දේශපාලකයන්ට නොව,,,
අපටමයි.
අපේ ගොඩක් ඈයෝ ජීවත් වෙන්න හදන්නේ නොමැරෙන ගානටනේ..ඒකයි ගහ මරා ගෙන ඉන්න ටිකෙත් දගලන්නේ..ජාති කුල,මල,ආගම් අපි එද්දි ගේන් නෑ වගේම අපි යද්දි ගෙනියන්නෙත් නෑ කියලා මතක තියෙන්නේ කීයෙන් කී දෙනාටද....
ReplyDelete