Friday, October 26, 2012

බ්ලු බලන්න නම් ඇන්ටනාවට ජංගියක් දාපන්..

කට්ටිය සෙට් වෙලා කතා කර කර ඉන්න අතරෙ උනු පොඩි පොඩි කැලි ටිකක් ලියන්න හිතුනා......
සැහෙන කාලෙකින් නෙ මෙ බ්ලොග් පැත්තේ ආවෙත්...

 

ගොලුවෙක් කතා කරයි..


මේ ලංකාවට සුනාමිය ආපු දවස් වල වෙලා තියන සිදුවිමක්..
අපේ යාළුවො කට්ටියක් ගිහින් සුනාමිය බලන්න..හරියටම 3 දෙනෙක්..ගියපු හැටි අපිට කිවා එක යාලුවෙක්..
මචන්..ඔන්න අපි දැන් යනවා ගල්ලෙ යන්න හරි
හරි..හරි..කව්ද දැන් ඔතන යන්නේ
මගෙ යාලුවො 2 කුයි,මායි
මන් පදිනවා මගෙ බයික් එක..පිටි පස්සටත් එකෙක් දාගත්තා..
තව අපෙ යාලුවෙක් හිටියා,පොර ගොලුයි.පොරගෙ බත් කුරගෙ පොර තනියම..
මචන් අපි අස්සෙන් අස්සෙන් දාලා ඔන්න ගාල්ල කිට්ටුවටම ආවා..
ගොලුවත් අපිත් එක්කම ආවා..
ඊට පස්සෙ අපි තව ටික දුරක් ගියා..මගට ගිහින් බලන කොට ගොලු කොල්ලා නැ..
අපි ආයෙත් හොයාන එද්දින් පොර ඉන්නව මග බයික් එක නතර කරන්




බැලින්නම් පෙට්‍රල් නැතුව බයික් එක නතර වෙලා.ඊට පස්සෙ අපි කැන් එකක් හොයගෙන ඇහුව ගොලුවගෙන් පෙට්‍රල් කියක ඔනද කියලා..
මෙන්න මු කියපි 200ක් ඇති කියලා..කොලඹ එන්නම..
එතකොට එතන හිටපු අපෙ එකෙක්...
ගොලුවා කීවා 200 ඇති කියලම...
කතාව කියපු එකාට තෙරුනා වැඩෙ පිට ගිහින් කියලා
නැ...නැ...
ඇගිලි දෙකෙන් පෙන්නලා කිවේ 200ක් ඇති කියලා
එතකොට කොලඹ එන්න කියල කිවේ කොහොමද???
මන් දන්නැ බන් ඔවට උත්තර දෙන්න...

*******************************************************************************************
කව්ද අවුට්..

මේක මෙ ලගදි උන සිද්ධියක්..
එදා ට් 20 මැච් එකක්.රටවල් දෙක නම් මට හරියට මතක නැ..දෙවන ඉනිමෙ මුල් ඔවර 2 බලලා අපි රැ කැමට යන්න ගියා..එත් ලංකාවෙන් ඇවිත් අපෙ කම්පැනියෙ වැඩ කරන හසන් මැච් එක බැලුවා..
අපි කැන්ටිමට ගිහින් ටිකක් වෙලාවකින් මිනිහත් ආවා..
අපේ චාලි(මතකද බ්ලොග් මිතුරා) ඇහුවා කොහොමද මැච් එක කියලා..
ලකුනු 12 ට විකට් එකයි..හසන් කීවා..
කවිද බන් අවුට් උනේ
ඔපනින් බැට්මන්..හසන් කිසිම ගානක් නැතිව උත්තර දුන්නා..
ආආ.......අද ඉස්සරලාම අවුට් ඕපනින් බැට්මන්ද බන්...

 *******************************************************************************************
බ්ලු බලන්න නම් ඇන්ටනාවට ජංගියක් දාපන්..

අපේ ආදරණිය දර මල්ලිට දවසක් නෝන්ඩියක් වැටිලා
මට ඇහුනා දරය කියනවා
අම්මපා...මන් බ්ලු බලලා නැ
මාත් ඇහුවා.,ඇත්තද බන්..
ඔව් අයියා..
ඇයි එ..
මට ඔවා හම්බුනෙත් නැ..ඇනික මන් පැන්නුවෙත් නැ...
අපෙ අම්මත් ගෙදරමනේ...බොහොම ශොකාකුලව කිව්වා
හරි හරි...
මෙ පාර නිවාඩුවට ගිහින් බලපන්..
අයියො..බ්ලු බලන්න ඕන්නම් ඇන්ටනාවට ජන්ගියක් දාපන් කො.
සුරංගයා පැනලා කිවා
එතකොට..
එතකොට බ්ලු නිකන්ම බලගත්තැකි නෙ...
ඒ කොහොමද?....කියලා අපි ඇහුවට සුරංග උඩ පැන පැන හිනා වෙනවා..

යකෝ ඉතින් ඇන්ටනාවට ජංගියක් දැම්මාම ට්.වි එකෙ ස්ක්‍රින් එක බ්ලු නෙ.චැනල් එනවද?

6 comments:

  1. හෙහ් හෙහ් හෙහ්......

    ReplyDelete
  2. ජංගියක් දාල බලන්න ඕනි මාත්...

    ReplyDelete
  3. ඒක නේන්නම්.... අපේ ටීවි එකේ නම් බ්ලූ බලන්ඩ බෑ.. සූ සද්දෙත් එක්ක කොටූ කොටු වැටෙනවා !

    ReplyDelete
  4. ගමටම කියන්න පුළුවන් මම බ්ලූ බලනවා කියල මේ විදිහට.

    දෙලොවක් අතර සිට

    ReplyDelete