Sunday, November 25, 2012

වසන්තය එනතුරු

අනේ මන්දා හෙට ඉදන් මොනා කරන්නද කියලා..
ඇයි මොකෝ උනේ....
කියන්නකෝ කොහෙදෝ බලන් ඉන්නේ..
මොනාද?..
දැන් ඔයා ඔය කිවේ..'හෙට ඉදන් මොනා කරන්නද මන්දා කියලා'
ඉතින්...
ඉතින් මං අහන්නේ මොකද එහෙම කියන්න හෙතුව කියලා
නැ........විශේෂ දෙයක් නැ..
නැතිවෙන්න බැ..

හෙට ඉදන් මොනා කරන්නද ඉතින්... වැඩට යනව මිසක්...

ඔන්න ආයෙත් කල්පනාවක..
ඔයා මගෙන් හංගන මොනා හරි දෙයක් තියනවා..
මොනා හංගන්නද ඔයාගෙන්..
එහෙනම් කියන්න..

මට වෙන ජොබ් එකක් හොයාගන්න වෙනවා..'ඔන්න කීවා..'

ඇයි ඒ......
හෙතුව නම් මන් වත් දන්නේ නැ,එත් කට්ටියව අස්කරනව.ඉතින් මාත් හිතුව අස්කරන්න ඉස්සරින් අස්වෙලා වෙන ජොබ් එකක් හොයාගන්න..තව දවස් 5 මන් මෙ ජොබ් එක කරන්නේ..

ආ...........මේකද මේ ප්‍රශ්නේ.
ඔව් ඉතින්.ජොබ් එක නිසානේ අපේ හැම දෙයක්ම රැදිලා තියෙන්නේ..

Wednesday, November 7, 2012

ආදරණිය සිෆානා..


අඩ නළල යටින් දිදුලන ඔය නිල්වන් තරු කැට
 බලා.. ඉන්න ආසයි ඔය නිල නුවන් දෙස
තොරතෝන්චියක් නැතිව කියන කැඩිච්ච සින්හල
මම   ආ...දරෙයි..
මම ආ..දරෙයි කියනව මගෙ සිතනම් උබ හට..


සලාම් කියන්නට දන්නැ කුරානයෙ බස
කියා දෙන්න සැතපි මගෙ පපු තුරලේ හිද
නිදා නොනිද පහන් කරපු රැ කීයද වග
දනීනම් නුබත් මෙලහට සිත දීලා මට


නිදා නොනිද පහන් කලේ සද සිහිකර මම
නැගි එන්න හද අරණට රාමලාන් සද 
බේද මොටද ඉන්න ටිකේ මේ ලොව තුල තව
රටා අදිමු මරතෝණ්ඩිය දැත බැදන් අපි..