Thursday, June 30, 2011

උපමාවන්


කවියො,ගීත රච්කයො විතරක් නෙමෙ ආදරය කරන කොල්ලොත්,ආදරය හිගන කොල්ලොත් කෙල්ලන්ට(ගැනු අයට) දෙන උපම වලට දිලා තියෙන්නෙ 'සද 'හරි 'මල' කියන දෙකෙන් එකක්නෙ.
මාත් හිතුව ඇයි අප්පෙ මෙව උදහරණයට අරන් තියෙන්නෙ කියල.
සමහර දෙවල් ටිකක් වෙනස් විදිහට හිතෙන මට මල ගැන හිතුනෙ මෙහෙයි

මල....
ගහක් අත්තක පිපෙන් මලක් අතු අග ඉදන් සුලගට වැනිලා හැඩ පෙන්නල සුවද දිලා බඹෙරෙක් ගෙන්නගෙන එයගෙන් පෙති හලගෙන පරවෙල යනවා.පරවෙලා යන්නෙ ගොඩාක් වෙලාවට එ ගසට ආවෙනික වු ගෙඩියක් දිලා.

අපෙ girls ල
මල්වර උනාම,ඇග පසග වැඩුනාම හොදට ඇදගෙන සුවද විලවුන් ගහගෙන ගිහින් කොමහරි කොල්ලෙක් පටල ගන්නව.ඊට පස්සෙ මෙයත් අර මල වාගෙම කාලයක් ගිහින් මිනිස් වර්ගයටම ආවෙණික වු පලය වන දරු සම්පත්ක් දෙනව..

ඉතින් ඇත්තටම මලයි,ගැනු ලමයෙකුයි අතර ලොකු වෙනසක් නැ නේද?

සදයි ගැණු අයයි අතර තියෙන සම්බන්දතාවය.....
ම්හ්....
පස්සෙ ලියන්නම්.........

Wednesday, June 29, 2011

සරාසද නැති සද මදූසදට

පොසොන් සද බැස ගිහින්
hulhumale අහසින්
ගෙන එද්දි ගනදුර අමාවක රැය..
මගෙ සිතට පායන මදුසද..

දඩුමොණරගෙන් නැගි
සේද වලාවන් අතරින් පියඹා
මා එනතුරු දින ගනිමින්
කෙලඹ දෙස බලසිටින ඔබ..

විටෙක ලෙනගතුවද,
තවත් විටෙක නොඉවසිල්ලෙන්ද..
කවදාද එන්නෙ යැයි අසන ඔබට
පිලිතුරනම්.......

නොනිමි අසාවන් ඇතිජිවිතය
සුන්දරම සුන්දර කරගැනිමට නොව..
එය අසුන්දරත්වයෙන් ඇත්කිරිමට
සයුරෙන් එහා සිට මහා දුක් විදින බවය..
ඉතින්.....



එය වටහාගෙන දිනක
පායන් මගෙ ගෙපැලට
මදුසද............

Monday, June 27, 2011

මොඩ හැත්ත....

ඉන්න තැනක් නැතුවද?......
කන්න දෙයක් නැතුවද?......
මොන ප්‍රශ්නද තොපිට ඇත්තෙ...

අපි මෙ ජිවත් වෙන්න දහ දුක් විදිද්දි,
තොපි ඇමක් කාලා..
වරිගෙ පිටින් මැරි මැරි එනව.

මොඩ හැත්ත....
තොපෙ කට නිසා තොපි නසි...,
තොපි නිසා අපි නසි...
අපිට කන්න දෙයියො මවපු තොපි,,
දැන් අපිව කනව වාගෙ මට හිතෙන්නෙ..
මොඩ කෙලවල්ලො......
තොපිව කැලි කැලි වලට කපලා සුද්දන්ට කන්න යවනව

(ටොන් සිය ගනන් කෙලවල්ලො Factory ගෙද්දි මට හිතුන දෙයක්)

Friday, June 24, 2011

සනො උඹ..

ශ්‍රිනාත්ලට, අගාකර් ලට ගෙදර යන්න ගහපු එකා
අක්‍රම්ලා,වකාර්ලා මට්ටු කරපු එකා
world cup එක ලන්කාවට ගෙන්න මුලික උනු උඹ..
96 වටිනාම ක්‍රිඩකයා උනෙත් උඹ නේද..

ලන්කාවෙ ක්‍රිකට් වලට තැනක් හදපු උඹ
මැච් එක යද්දි කොල්ලො කෙල්ලො
බාල මහලු හැමොම ට්ව් එක ලගට ගෙනා උඹ

තනිවම රෙකොඩ් ගානක් තියපු උඹ
සගයොත් එක්ක තවත් රෙකොඩ් තියපු එකා
ලන්කවෙ වැඩිම ලකුනු තියෙන උබට
අනේ වුනු දෙයක්......

පත්තර වලින් යන්න කියනකම්
රටෙ මිනිස්සු යන්න කියනකම්
පාලකයො එපා කියනකම්
හිටියෙ ඇයි යන්න ක්‍රිකට් වලින්

සමහරු තවත් කැමතියි උබට
ඒ උබ ගහපු විදිහට
ඒත් යන්න යනවලු අහකට
ටීම් එකෙන් අස් වි අද හෙට

කරපු සේවය අගයමු..
නුඹට හොද හෙටක් පතමු

Wednesday, June 22, 2011

නීතිය සහ බඩ

යම් කිසි මිනිස් කාන්ඩයක ආයතනයක හො සමාජයක පැවැත්ම උදෙසා බොහො විට නීතී සකස් කෙරේ.මෙ සකස් වෙන නිති කාලයත් සමග,එම කොට්ටසයෙ දියුණුවත් සමග වෙනස් වෙයි.
එදා අතිතයෙ තිබුණු නිති අද සමාජයට ගැලපෙන්නෙ නැතිබවට අප හොදින්ම දනි.
උදාහරණයක් විදියට මිට අවුරුදු කිපයකට පෙර මතට තිත තෙමාව එක්ක ප්‍රසිද්ද ස්තන වල සිගරට් සහ මත් පැන් බිම තහනම් කිරීමට නිතියක් ගෙනිම අපට ගත හැක.එය අනාගතය වෙනුවෙන සැකසු ඉත හොද නීතියක් වෙන බවටනම් සැකයක් නැත.
ඔබ දන්නවාද?...කෙනෙකු යම් දෙයකට ඇබ්බැහි වෙන්නෙ එය ඇසින් දැක කරන්නට යාමෙනි.සිගරට් බොනවුන් දැක එහි රසය කුමැක්දැයි යන්න සොයා බැලිමට යන්නවුන් අවසානයෙ දුම්පානයට ඇබ්බැහි වෙයි.එම නිසා එවැනි නිතී ගෙන එමෙ කිසිදු වරදක් නැත යන්න මගෙ හැගිමයි.
කෙසේ වෙතත් සමාජයෙ පැවැත්ම වෙනුවෙන් රජයකට නිතී ගෙන ආ හැක.
එම නීති රැකීම හා නඩත්තුවද කල හැක.
සමාජයක නීති රැකිම වෙනුවෙනුත් රජය විසින්ම අය පත්කල ඇත.බොහො විට ග්‍රාම නිලදාරි හො පොලිසියෙ මහත්වරුන් පත් කල ඇත්තෙ මෙ නිති රැකිමටත්,නිති කඩනවුන්ට නීතිමගින් ක්‍රියාක්‍රිමරටත්ය.ඒ සදහා ඔවුන්ට රජය විසින් නියම කල වැටුපක්ද ගෙවයි.
එය බොහො නිළධාරින් හරියට කරන බව විශ්වාශය.එත් සමහරු කරන්නෙ නීතීය අතට ගෙන ක්‍රියකිරිමයි.
සමහරුන් කරන්නේ,නිතිය තම සරණ කොට ගෙන ඉන් ගානක් ඔබා ගැනිමය.නිතී විරොදි ක්‍රියා කරනවුන් හමුවි ඔවුන් හට පිලිසරණ දි ඔවුන් රැක ගනිමින් තමා ගානක් ගැනිමය.කසිප්පු පොලවල්,ගන්ජා වෙලොන්දො,කුඩු මුදලාලිලාට රැකවරණය ලබා දි මාසිකව මුදල් එකතු කරන පොලිසියෙ සමහරුන්ද ඇත.පසුගිය දිනකදි පිලියන්දළ ගන්ජා මුදලාළි කෙන්ක්ගෙන් මාසිකව රුපියල් 5000ක මුදලක් ගත් නිළධාරියෙක් පිලිබද අහන්න ලැබුනේය.

ඉතින් නිතීය රකිනවුන් නිතීයෙන් ජිවත් විමට හො ඔවුන්ගෙ ජිවිතය දියුණු කරගෑනිමට හද්න්නෙනම් රටෙ නිතීය කෙසේ රැකෙයිද...
ඒ කෙසෙ වෙතත් අපි අපෙ ආගම දහමට අනුව ජීවත් වෙන්නෙ නම් අමුතු නීතී රීති අවෂ්ය නැත.

Thursday, June 16, 2011

මාලදිවයින ගැන ටිකක්.(දිගට)

ලන්කාවෙ නිරිත දිග මුහුදෙන් ගුවන් සැතපුම් 800 පියාසර කරගෙන එන අපිට හමුවන්නෙ පුන්චි දුපත් සමුහයකින් සමන්විත වු මාලදිවයින නම් රටයි..,
Maale කියන(දුපත) නගරය අග නගරය කරගත් මෙ රට ඇත අතිත්යෙ පටන් ශ්‍රි ලන්කවාත් සමග ඉතා කිට්ටු සම්බන්දතා දක්වයි.
Atoll 16 කින් සමන්විත වු දුපත් 1200ක් විතර මෙ රටට අයිතිවේ..ප්‍රදාන වශයෙන් දුපත් 200ක් පමණ දැනට ජනවාස වි ඇති බවටයි මටනම් දැනගන්න ලැබුනෙ.
වර්ග කිලොමිටර 90000ක් පුරා දිවෙන මෙ දුපත් නිසා ලොකයෙ වැඩිම වපසරියක් හිමි රටවල් අතුරින් එකක් වේ.මහාවන්ශයෙ Mahiladiva නම් වු නමින් හැදින්වු මෙ රටට වසර 2000ක පමණ ඉතිහාසයක් ඇත.
සන්චාරක ව්‍යාපාරයත් මසුන් අශ්‍රිත කර්මන්තත් ප්‍රදාන අදායම් මාර්ගය කරගත් මෙ රටෙ ප්‍රදානම ව්‍යාපර ඒ හා සම්බන්දව බැදි ඇත.

මාලදිවයිනෙ බසාව.
ඉපැරිණි සින්හල බසාවට සමානකමක් දක්වන මාලෙ බශාවට නම් දි ඇත්තේ dhivehi කියාය.බසා 10ක අන්තර්ගතයක් නිසා මෙයට ඒ නම දි ඇති බවට සමහරු කියයි.සින්හල,පාලි සන්ස්කෘත,හින්දි.දෙමළ,වාගෙ බසවනුත් අරාබි බසාවත් මෙහි අඩන්ගු බවට ඒ අය කියනවා.ඒ කොහොම වෙතත් සිනහල බසාව එහි අඩන්ගු බවට සිනහල දන්නා අපට තෙරෙනවා.
ටිකක් සමාන වචන කිහිපයක් කිවොත්.......
කනවට= කනි,බොනවට=බොනි,නිදනවට=නිදනි,ලේ=ලේ
ඒ වගේම පට්ටි දානවට කියන්නෙ පට්ටි ජහනි කියලයි.
ඉලක්කම් ගණනයත් බොහො විට ලන්කාවෙ අපි ගනන් කරනවට සමානයි.
එක=එකෙන්,දෙක=දේන්,තුන=තිනෙන්,හතර=හතරෙන්,ෆහෙන් වාගේ තමයි ගනන් කරන්නෙ.
මුහුදට මුහුදමයි කියන්නෙ.
තව ගොඩාක් සමාන වචන තියනවා කොහොමත් සිනහල බසාවෙන් 40% ක් නම් අනිවාර්යෙන් තියනවා.ගොඩාක් කතා කරන විදිහ අපෙ දකුණෙ අය කතා කරන විදිහට සමානයි...

අහාර වර්ග
කෘශිකර්මන්තයක් දැකිය නොහැකි මාලදිවයිනෙ වගාවන් තිබුණත් එය ඉතාම සිමිත වේ.ඒක නිස මෙයලා එළවලු ගෙන්නෙ ලන්කාව,ඉන්දියාව වාගෙ රටවල් වලිනුයි.ඒ වගෙම මෙයලා එළවලු කන්නෙ බොහොම අඩුවෙන්.
ලන්කාවෙ අපෙ හැම ගේකම වගෙ පොල් සම්බොලෙ වරදින් නැ වගෙම මෙයලටත් ආවෙණික වු කැමක් තීයෙනවා.ඒ තමයි ගරුදිය කියන්නෙ. Garudiya (ގަރުދިޔަ)ඒ තියෙන්නෙ දිවෙහි අකුරු වලින්ම ගරුදිය ලියන විදිහ.
ගරුදිය කියන්නෙ මොනවද කියල දැනගන්න ඔනෙ වගෙ ඔයාලට හිතෙනවා ඇතිනෙ.එහෙම නෙද?
Tuna(කෙලවල්ලා/කෙන්දා) පොඩියට කැලිවලට කපාගෙන,හොදට හොදලා ලුණු ටිකක් දාලා හොදටම ඉදෙනකන්/තැම්බෙනකන්(Untill its well cooked) තියල ගන්න තැම්බුමට තමා ගරුදිය කියන්නෙ(හරියට අපි දෙල් තම්බනවා වගේ
සමහරු නම් මෙකට ලුනු ගෙඩියක් ලියල දානව.සමහරු කරපින්චා,වෙලපු මිරිසුත් දානව.ඒ කොහොම උනත් නියම ගරුදිය කියන්නෙ අර ටුන කැලි වතුරෙ තම්බල ගන්න දෙට.
මෙයලට ගරුදිය තියෙනවනම්.... අය වෙන මොනවත් ඔනෙ නැ.තුන වෙලම ප්‍රදන කරි එක වෙන්නෙ ගරුදිය.ඊට අමතරව තව බැදපු මිරිස් කැල්ලක්,ලුනු බිකක් බත් එකට එකතු කරගන්නව.ඒ හොදටොම ඇති මෙයාලට.
ගොඩක් වෙලාවට මොල්ඩිවියන්ස් ලගෙ උදෙ අහාරය වෙන්නෙ රොසි එක්ක ටුනා හොද්දක් හරි,ගරුදිය හරි.රොසි කියන්නෙ මොනවද...,රොසි කියන්නෙ පාන් පිටි වලින් හදන රොටියට.ඒකට අපි වගෙ පොල් දන්නැ.පත්තර පිටුවක් වගෙ තුනිවට හදගෙන රත් කරගන්නව.දවල්ට බත් සමග ගරුදිය.රැටත් එහෙමඉ.සමහරුනම් තුන් වෙලම රොසි ගරුදිය.මන් මුලින් කිව වාගෙ මෙයලගෙ ප්‍රදන රැකියාව වෙන්නෙ මසුන් මැරිම නෙ.ඉතින් මාලු ගාන අඩු වාගෙම හමදාම වාගෙ ගන්න පුලුවන්.ඒක නිසා තමා මෙයලා ගරුදිය කන්න පුරුදු වෙලා තියෙන්නෙ.බොට්ටුවෙ උනත් උයාගන්න ලෙසියිනෙ.
මෙයලගෙත් තියෙනව සොටිස් වර්ග කඩවල් වල.ඒවට කියන්නෙ බදියා කියල.තව ගුලා කියලා වර්ගය එහෙමත් තියෙනව.අපෙ එලවලු රොටිය මාලෙත් තියෙනව.එකට කියන්නෙ ලන්කා බදියා කියලාහැම කැමකටම වාගෙ මාලුනම් තියෙනව.ඒ කියන්නෙ සොටිස් වල්ටයි හැමදෙටම.අපි සැමන් සම්බොලෙ හදනව වාගෙ එකක් මෙහෙත් තියෙනව.එකට කියන්නෙ මස්සුනි කියලා.තමබගත්ත ටුනා කැලි පොඩිකරල පොල් මිරිස් එක්ක කලවම් කරල හදාගන්න එකක්.රොසි කන්න මෙකත් මෙයල ගන්නවා.
මාලදිවයිනෙ තාරුණ්‍ය ගැන කතාකලොත්...
බොහොවිට මෙයල යුරොප් ක්‍රමයට ඉන්න ට්‍රයි කරනව.කොල්ලො ගාව බයික් එකක්,හොද මොබයිල් එකක් සහ ල්යිටරයයි,සිගැරට්ටුවයි තියෙනව.සිකුරාදට පෙම්වතියත් ඉන්නව.ඊට අමතර වු මහා සිහින මෙයලාගෙ නැ.මොකද ගෙවල් හදන්නයැ.,වාහන ගන්නයැ..,කො ඒවට ඉඩක්.පුන්චි දුපත් වල.
සිකුරදා හවසට මාලු මරල බබක්‍යු හදන එකත් විනොදාන්ශයක්..
ගොඩාක් වෙලාවට අවුරුදු 17න් වාගෙ පෙම්බදින ගැණු ලමයි 18 වාගෙ වෙද්දි සේරම ටික කරගෙන ඉවරයි.මෙයාලා ඒව ගැන එච්චර හිතන් නැ වගෙ.විවාහ 2,හො ඊට වැඩි ගනනක් කර ගැනිම සමන්‍ය දෙයක්.

එතකොට ගෙවල්...
අපි ඉන්න හුල්මාලෙ එහෙම නැත්තම් මාලෙ වාගෙ දුපත් වල තියෙන්නෙ තට්ටු නිවාස.ගොඩාක් අය බදු කුලියට තමයි ගෙවල් වල ඉන්නෙ.තමන්ට කියල පෙන්නන්න ලොකු ගෙවල් මගෙම කියල කාමර මෙයලට නැ.කාමර දෙකක් වාගෙ ගෙදරක තමා හැමොම ඉන්නෙ.සමහර වෙලාවට මරුවෙ මරුවට නිදාගන්න අයත් ඉන්නවලු.සමහර දුපත් වලනම් තනි/ලොකු ගෙවල් තියනවා.
මාලෙ අයගෙ ඉගනිම සැහෙන මට්ටමක තියෙනව.English ගොඩාක් අයට පුලුවන්.සමහරු ලන්කා,මැලෙසියා,ඉන්දියා ගිහින් ඉගෙන ගන්නව.ඒ උනත් මෙයල වැඩට ටිකක් කම්මැලියි වාගේ..එකනෙ අපි මෙහෙ වැඩ කරන්නෙ.

මාලෙ වැඩ කරන අපිට නම්.........
වැඩ කරන අයට තියෙන නිති රිති ගොඩාක් අඩුයි.ඒ කියන්නෙ කරදරයක් නැතුව වැඩෙ කරන් ඉන්න පුලුවන්.විශේසයෙන්ම අපෙ Factoryය එහෙමයි.මෙහෙ අය බලාපොරොත්තුවෙන්නෙ අවසාන ප්‍රතිපලය.එකනිසා එයලගෙ වැඩෙ හරියට වෙනවනම් ඒ ඇති..
ඒත් ඉතින් කිසිම විනොදන්ශයක් නැති නිසා ඉන්න ටිකක් එපා වෙනවා.මොකද යන්න කියලා තැනක් තියෙනවයැ.පුන්චි දුපතෙ ඉන්න ඔනෙ.වෙලාවකට හිරගෙදරකට අවා වාගෙ හිතෙනව.ඇග රත්කරගන්න ගන්න දෙවලුත් මෙ රටෙ තහනම් නෙ එකනිසා කිසිම ජොලියක් න ජිවිතේ...
හ්ම්ම්...මම් හිතන්නෙ මාලදිවයින ගැන ගොඩාක් දෙවල් ලිවා.තව ලියන්න ගියොත් post එක දිග වෙනවා.ලියන්න එකදෙයක් ඉතුරුයි.ඒ මාලෙ ආගම ගැන.එකත් රස කතාවක්.ඒක රසටම ලියල තියනව අපෙ Accountant මහත්තය.තේජාන් මල්ලි.ඔයලා එයගෙ බ්ලොග් එක කියවල බලන්නකො.
ආහ් මෙතනින් යමු.
http://thejans.blogspot.com/2011/05/blog-post_17.html




පහලම රුපය පැරණි දගැබක නටබුන්

Sunday, June 12, 2011

මට නම් නැහැ තේරෙන්නෙ

දස මාසෙ කුසෙ දරා
ලේ කිරිකර පෙවු නිසා
මව් සෙනහස මතු බුදු වේ
පොතේ ලියා තිබු නිසා
දොහොත් මුදුන් තබා සොදින්
ඇගෙ පා යුග අත ගසලා
අපෙ අම්මට මා වැන්දේ
මතු බුදු වන්නට පතලා.

මටම දාව දරුවන් දි..
ලේ කිරි කර ඇය පොවද්දි.
බුදු පොතේ ලියා තිබු කවියයි
මට මතක් උනේ....

කල්පයටම එක් කෙනයිලු
මෙ ලොකේ බුදුවන්නෙ.
මොන අම්මද බුදුවන්නේ
මට නම් නැහැ තේරෙන්නේ

Thursday, June 9, 2011

මීයා.........

මීනිසාගෙ ජිවිතයෙ පැවැත්මට දායකත්වයක් දක්වන දෙයක් ගැනයි අද මෙ ලියන්න යන්නෙ..prostitutesගැන ලිවා,සිගරට් ගැනත් ලියපු නිසා මන් හිතුවා පස්සෙ මෙයා ගැන ලියන්න..වරදක් වෙන්නැතිවේ මෙයා ගැන ලිවා කියලා.
බොහො විට ඔබ දැක ඇති මියන්ව.කුඩා උන් රතු පාටටද..,ලොකු උනාම ගුරු පාටක් ඇති රතු පාටක් ඇති මයිල් ටිකක් ඇති එකෙකි..සමහර වෙලාවට අල්ලන්න හිතුනත් අයෙ හිරිකිතක් වගෙ ගතියකුත් දැනෙනව නේද..

මම් මෙ කියන්න යන්නෙ සි.. ඒ..,ටි..CATහෙ ප්‍රියතම ආහාරය වන ආර්..., ඒ...,ටි... RAT ගැනයි
කුණු ගොඩවල් වල ජිවත් වෙන,කුණු හාරන මියන් ඒ හිනදම අපිට වැදගත් වෙන්නෙ මුන් කාබනික දිරපත් විමට ඉවහල් වන සතෙක් නිසා.ඒ කියන්නෙ කුණු ගොඩවල් අවුස්සලා කුණුගොඩවල් දිරන්න සලස්වන නිසා.
ඉතින් එහෙම උදව් කලත් මෙයා ගොවියන්ට කරන්නෙ නම් නරක වැඩ.වගා බිම් හාරලා,නැත්තම් අල බොග වගෙ කාලා දාලා මුන් ඒවා විනශ කරනවා.
මියන් වර්ග ගොඩක් ඉන්නව.කොස් ඇට මියන්.ඌරු මියන් ඒ අතරින් ටික දෙනෙක්.
රා සොට් එකක් ගහල ආතල් දෙන්නෙ කොස් ඇට මියලුනෙ..
මිනිසාගෙ ආහාර මියන්ගෙ ආහාර වෙනවනෙ ගොඩාක් වෙලාවට.එකනෙ ගෙදර තරුණ මි ගහනය වැඩි වෙත්ම ගෙදර ඇයො තරුණ පුසියක් ගෙනත් දන්නෙ.පුසි තරුණ මියන්ව රැට රැට අල්ලන් දාගන්නවා.කොහොමත් මියන්ව අල්ලලා දාගන්න පුසියො දන්නවනෙ..
අපෙ අහාර මියන්ගෙ ආහාර උනත් අපි ආහාරයක් වශයෙන් ගන්නා මියො වරගයක් ඉන්නව කියලත් ඔයාලා දන්නව ඇති නෙද.ඉතාම ලස්සන හැඩහුරුකමක් ඇති මුන්ගෙ මස් හමුදා කදවුරු වලට,සන්චාරක හොටල් වලට වාගෙ ඒවට තමා වැඩිපුරම වාගෙ අලවි වන්නෙ.
ඒ වගෙම සමහරු හුරතලෙටත් මියො ඇති කරනවා.(හුරතල් කරන්න වෙන දෙයක් නැතිවටදො කොහෙදො).
ඉන්දියාවෙ නම් මියන් සලකන්නෙ ගණ දෙවියන්ගෙ වාහනෙ විදිහටයි..
මන් මුලින් කිවනෙ මියන් මිනිසාගෙ ජිවත්යෙ පැවැත්මට වැදගත් වෙනව කියල.scientific research වලදි එදා වගෙම අදත් scientificලා මෙයාලව අරන් තියෙනවා එක එක පර්යෙසණ කරන්න.ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට බෙහෙතක් හොයන්න ගියාම,ඔය ප්‍රවෙණි ගැන හොයන්න ගියාම එයාලා පවිච්චි කරන්නෙ මියො තමයි.මොකද මිනිස්සු පාවිච්චි කරල මිනිස්සුනව මැරෙන්න අරින්න බැහැනෙ.
ඉතින් මිනිස්සුන්ව මරනයෙන් බෙරගන්න මියන් මැරෙනවා.ඒ වාගේම මියන් නිසා හදෙන මි උණ වාගෙ රොග නිස මිනිස්සු මැරෙනවා.
ඒක නිසාම ඒ වාගෙ රොග වලට බෙහෙත් හොයන සමාගම්,පර්යෙසකයො ඒ පිහිටෙන් ජිවත් වෙනව.

සමහර මිනිස්සු මි කුණක් හරි විකුණළලා සල්ලි හොයන්න හදන කාලෙ මියන් ගැන යමක් ලිවට අවුලක් නැනෙ.එහෙමයි මට නම් හිතෙන්නෙ.කියවපු ඔයාලට............................................................

සිතුවිලි

ඉපදිම කියන්නෙ මරණයට ආවැඩිමක්...,
හමුවීම කියන්නෙ වෙන් වීමට දින ගැනිමක්....,
ඇතිවිම කියන්නෙ නැතිවීමෙ සන්කෙතය....,
කරන්න කියන්නෙ.....
ජිවත්වන ටික කාලය තුල පවතින යමක්..

Tuesday, June 7, 2011

ලු

උදෙ හවස දකිනවා ලු
දෙතොල් මතින් ඉදිනවා ලු
තනි නොතනිය රකිනවා ලු
සන්තාපෙන් මුදනවා ලු

මුලු ලොකෙම එපා වෙලු
එතකොට ඔබ ඔන වෙලු
සතෙන් සතෙ නැතිවෙනව ලු
එතකොට එපා වෙලු

ගිනි තියලා දවනවා ලු
ගින්දරෙන්ම දැවෙනවා ලු
දුම ගුලිකර යවනවා ලු
අලුටික බිම දමනවා ලු

හදේ රොග බොරුයි නේ ලු
නොමැරි ඉන්නත් නොවෙලු
පවතින කිසි දෙයක් නැලු
දුම්වැටියෙ ඔබ ඉන්නලු

Sunday, June 5, 2011

This is how it was in Maldives

Last May month was the forth May where I was in Maldives...,With my Experience in maldives,mostly mid of April starting monsoon rainy season,and it s going up to mid of July.

It will be heavy rainy with windy..And through out day..,week and sometimes whole month.
because of heavy wind sea gets rough.And also Transportation between islands will stop when the sea is rough.As you know that, main transportation system by boat in Maldives .passengers and stuffs(cargo) will transport by boat.
So when the sea is rough, even the fishermen are unable to go to fishing.Mostly they will stop fishing during this period.They used to go for boat maintenance work in this season.since we are working in fish factory,we will have free time in this rough weather season.mostly there is less work.

"Madama mas dhony nannany"
this is the sentence we listen from our purchasing department during this period.that mean there is no fishing boat coming for tomorow.With heavy rain we will be in free in our rooms or office unless we got any other works.

Unlilke last few years, there was no rain and heavy wind in last month that everyone expected in Maldives.So fishing was good and the production was good.workers were having good salary with their over time payments.

Now everyone is looking forward to what will happen in this June.it should be heavier rainy season than May month.But the time has changed these things so far and weather has become unpredictable in this region.

Simple Present Tense

ඒ කා‍ලේ මට අවුරුදු 18ක් ඇති.මතක විදිහට මම බොටනි ක්ලාස් එදා..වෙලාව උදෙ 7.30 ට වාගෙ ඇති.මමයි මගෙ මිත්‍රයායි Bus stand එකෙ හිටියෙ.
මචං මෙන්න බඩුව එනව.මගෙ මිත්‍රයා අනික් පෑත්ත බලල කිවෙය.,තරමක් ගොතගසන ඔහුගෙ සමහර වචන උස් හඩින් පිටවේ.
ගොදුරක් හොයාගෙන,තොල් දෙක රතු කරගෙන කොටට සායක් ඇදගෙන එන ඩයනාට මෙය ඈසුනෙය.ඇ අපි දිහා රවා බලා ඇතට ගියා..
මහත්තයා ...මේකේ හොද ගෑනුත් ඉන්න ඔනි.මෙකෙ බඩුත් ඉන්න ඔනෙ
ඒ කතාව අහපු අපි ලෑජ්ජාවෙන් ක්ලාස් එකට ගියා.

කාලය ගෙවිල ගිහින් අපි A/L කරා..ඉට පස්සෙ හමොම වාගෙ මාත් ගියා ENGLISH COURSE එකක් FOLLOW කරන්න..
එදා පාඩම වුනෙ Simple Present tense
සර් උදාහරණ දෙනව..
උදාහරණ වලින් එකක් උනෙ...Prostitues roam in the city at evening....


මේ වගෙ උදාහරණ සමගින් ගොඩාක් දෙවල් කතා කරන ඔහු මෙ පිළිබදව කතාකරන්න ගත්තා....
සමාජ විද්‍යාව පිළිබද උපාධිදාරියෙකු වු ඔහු අපෙන් ඈසු ප්‍රශ්නය වුයෙ මෙ අය සමාජයේ සිටිය යුතුද යන්න.
කාගෙන්වත් පිලිතුරක් නෑති නිසා ඔහු ඔහුගෙ උත්තරය දුන්නෙය.
උත්තරය උනේ ඔව් යන්නය...ඔහුගෙ පැහැදිලි කිරිම ඊලගට වුවෙය.

සිගරට්ටුව,මත්ද්‍රව්‍ය,ගණිකාවන් යන වදන් සමාජය තුල පිලිකුල් සහගත වචන නිසා සර් ගෙ උත්තරය අපට පුදුම සහගත විය.ඒ සමගම මට මතක් උනෙ එදා ඩයනා මාගෙ මිත්‍රයාට කියපු කතාවයි..මෙ දෙක අතරෙ යම් කිසි වු සමාන කමක් තිබිය හැකි නිසා මම සර් ගෙ පෑහෑදිලි කිරිම අසාගෙන සිටියෙය..ඔහුගෙ පැහැදිලි කිරිම වුයෙ..
එ අය සමාජයෙ හිටියෙ නෑත්තම් සමාජය තුල සිදුවෙන විපත්ය
සර් ඉතා පහෑදිලීවම කිවෙ..එ අය නිසා හෑගිම් පාලනය කරගැනිමට නොහෑකි අය එයාල ලගට ගොස් යම් පාලනයක් කරගන්නා බවය.එ අය සමාජයෙ නොහිටින්න මෙ සමාජය තුල බොහො දුෂණ සිදුවිය හෑකි බවටත්..මල් කෑකුලු වල පෙති අකාලයෙ හෑලි යාමට හෑකි බවත්ය.

ගණිකාවන් සමාජ තල කිපයක් වෙනුවෙන් සේවය කරයි.ඩයන ලා වාගෙ දුප්පත් සමාජයට මෙන්ම ජිනා මැඩම් ලග හිට්යෙ සුපිරි පෑලැන්තියෙ උදවියට සේවය කරන ගණිකාවන්ය.තවත් අය සාමන්‍යය සමාජය වෙනුවෙන් සේවය කරයි.විශේසයෙන්ම හමුදා කදවුරු අසල මෙයාලට නවතෑන් දි විකුණන අය සිටින්නෙ හෙට දවසක් ගෑන නොහිතන එ සොයුරන්ගෙ පඩිය ගරා ගෑනිමටයි..

ගණිකාවන් යන වදන් ඈසු පමණින්ම පිලිකුලක් අප සිත් තුල මෑවුනත් මෙය ලොව පෑරණිම රෑකියාව වේ.එසේනම් අපි එය සමාජ තලයක තිබිය යුතුද,නෑත්ද යන්න නොසිතමු.යම් කිසි දෙයකට සමාජයෙ පෑවෑත්මක් ඈත්තෙ එය හොද හො නරක වුවත් එහි අවශ්‍යතාවයක් ඇති නිසාය.සමාජයක් හෑදිම යම්තාක් දුරට අපට අමාරු නිසා,අප ඉන්/ඔවුන්ගෙන් මිදි ඉන්නේ නම් එය හොදටෝම ඇත.ලස්සන අනාගතයක් ගෑන සිහින මවන ඔබ මෙවාගෙ දෙවල් වලට පෙලඹෙන්නෙ නෑති වෙවි යයි මගෙ සිතය.

(මෙය ලිවිමට මුලික කාරණය වුයෙ රංබණ්ඩා සෙනවිරත්න රචනා කොට අමරසිරි පිරිස් ගායනා කරන ළදුනේ.. කියන ගිතය ඇසිමෙනි.)

Friday, June 3, 2011

මෙ සිංහල අපගෙ රටයි...
අප ඉපදෙන මෑරෙන රටයි....


ඔබ මෙ ගිතය අසා ඈති බවට සෑකයක් නෑත.විශාරද නන්දා මාලනි ගයනා කරන ගිතයකි...


ඔබ මෙ ගිතයට අසාද..
මෙය අද කාලයෙ ප්‍රචාරය කිරිමට සුදුසු ගිතයක්ද???

ඔබට හෑගෙන දෙ ලියන්න comments වල

Wednesday, June 1, 2011

එතකන් ඉවසන් හිටපන් දෙවියනි,......

පොල් අතු වහලින් වෑහි බිදු එනවා..
පෑදුරත් අකුලන් වෙන තෑනකට යන්වා....
එතනට ආයෙත් වෑහි බිදු එනවා...
කොහෙ සගවන් දො කොලුවා මාගෙ...

හුස්ම ගන්න බෑ බයක් දෑනෙනවා..
හුලන් තද වෙලා වෑහි වෑඩි වෙදො...
කදුලු හෙලන්නට බයක් දෑනෙනවා,..
බිත්තිය තෙමිලා කඩා වෑටෙදො...

අගොස්තු ග්‍රිස්මෙ අකාල මහ වෑසි
මොන අවනඩුවද මෙ කියන් දෙව්යනෙ..
කිසි දා නුඹ මෙ කල දි නෑ වෑහි.
තරහ වෙලදො අප හා දෙවියනි...

කුඹුරු කරන්නට වෑහි බිදු නෑති කල...
නුඹ හමුවටවිත් යෑදුවා මතකයි...
හිනා වෙලා නුඹ අහක බෑලු නිසා...
කඩෙන් මනිනවා කුස ගිනි නිවුමට...

ඔබ හමුවට විත් සුදු රෙදි එලළා..
පඩුරක් දමලා යෑදුවෙ අද මම...
අපෙ කොලුවගෙ විබගෙ හෙටනෙ...
ශක්තිය දෙන්නට ඔහු හට දිනුමට..

විබගෙ දිනලා කොළඹ ගිහිල්ලා..
රස්සාවක් කර කාසි සොයලා...
ගෙයක් හදනවලු උලුවෙන් වහලා..
එතකන් ඉවසන් හිටපන් දෙවියනි,......