Wednesday, June 1, 2011

එතකන් ඉවසන් හිටපන් දෙවියනි,......

පොල් අතු වහලින් වෑහි බිදු එනවා..
පෑදුරත් අකුලන් වෙන තෑනකට යන්වා....
එතනට ආයෙත් වෑහි බිදු එනවා...
කොහෙ සගවන් දො කොලුවා මාගෙ...

හුස්ම ගන්න බෑ බයක් දෑනෙනවා..
හුලන් තද වෙලා වෑහි වෑඩි වෙදො...
කදුලු හෙලන්නට බයක් දෑනෙනවා,..
බිත්තිය තෙමිලා කඩා වෑටෙදො...

අගොස්තු ග්‍රිස්මෙ අකාල මහ වෑසි
මොන අවනඩුවද මෙ කියන් දෙව්යනෙ..
කිසි දා නුඹ මෙ කල දි නෑ වෑහි.
තරහ වෙලදො අප හා දෙවියනි...

කුඹුරු කරන්නට වෑහි බිදු නෑති කල...
නුඹ හමුවටවිත් යෑදුවා මතකයි...
හිනා වෙලා නුඹ අහක බෑලු නිසා...
කඩෙන් මනිනවා කුස ගිනි නිවුමට...

ඔබ හමුවට විත් සුදු රෙදි එලළා..
පඩුරක් දමලා යෑදුවෙ අද මම...
අපෙ කොලුවගෙ විබගෙ හෙටනෙ...
ශක්තිය දෙන්නට ඔහු හට දිනුමට..

විබගෙ දිනලා කොළඹ ගිහිල්ලා..
රස්සාවක් කර කාසි සොයලා...
ගෙයක් හදනවලු උලුවෙන් වහලා..
එතකන් ඉවසන් හිටපන් දෙවියනි,......

1 comment:

  1. විභාගෙ දිනලා කොලබ ගිහිල්ලා
    පුතු දන් විශ්වයෙ දනුම ලබන්නෙ
    පාඩම් වෑඩ නෑ අකුරු කෙරෙන් නෑ
    බෝර්ඩ් ලෑලී උන් අත වජබෙන්නෙ

    පොල් අතු වහලෙන් තාමත් වෑහි බිදු එනවා
    පිලේ ඉදන් අප දෙමහල්ලන් කදුලු සලනවා
    පෑලේ පහන මහ පාරේ නිදනවා
    උලු ගේ හීනේ හීනයක්ම වෙනවා

    දියවු දියවු කියමින් මොර දෙන පුතුනේ
    දියන් පුතේ අපෙ අවුරුදු විස්සක හීනේ
    ලොවක් හදන්නට පෙර දෙපයින් නෑගිටින් පුතුනේ
    ඈස් පියවෙන්නට පෙර ගෙදර වරෙන් රතු පලසෙන් පුතුනේ

    ReplyDelete