Friday, January 20, 2012

පොලිසියත් පදිරි කරපු අපේ කසිප්පු ජිනේ..

තව ටිකකාලෙකින් අපෙ පැත්තේ ගොයම් කපන කාලෙ පටන් ගන්නව.ගොඩාක්ම පෙබරවාරි අග වෙද්දින් කපලා පාගලත් ඉවරයි.ඉතින් මෙ පාර ලියන්න යන්නේ ඒ වාගෙ කතාවක්..
කොහෙ හිටියත් ඒ වගේ දෙවල් මතක් වෙන්නෙ ඒවත් එක්ක ගොඩාක් සමීපව හිටපු හින්ද වෙන්න ඇති.
මේ කතාව මට ඇහුනෙ මීට අවුරුදු 15කට වාගෙ කලින්.
එදා අපේ යායෙ කට්ටිය කොලයක් ගහනව.ඒ කිවෙ කපාපු ගොයම් ගොඩ ගහනව හෙට පාගන්න කියලා.ඒ කාලෙ දැන් වගෙ සුනාමිවත් බූතයෝවත් තිබ්බෙ නැනෙ.ඕන දේකට තිබ්බෙ ෆොඩ් ට්‍රැක්ටරේ හරි මැසි ෆර්ගියුෂන් ට්‍රැක්ටරෙ හරිනෙ.ඉතින් කමතෙ කොලේ(ගොයම්) දාලා ට්‍රැකටරෙට කිවාම ඇවිත් පාගලා දෙනවනේ..
කතාවට බහිමුකෝ..
එදා කට්ටිය කොලේ ගහනවා.ඉතින් ඔතන අයිතිකාරයත් ඉන්නව..
එතකොටම කොලේ ගහ ගහ හිටපු කෙනෙක් අයිතිකාරයාගෙන අහනවා.
කවද්ද දැන් කොලේ පගන්න ඉන්නේ..
මං නම් හිතන් ඉන්නේ හෙට හවසම පාගලා දාන්න කියලා.මොකද වැස්සකට ඉස්සෙල්ලා වි ටික ගෙට ගත්තොත් හොදයිනේ.
අයිතිකාර සෝමෙ මාමා කීවා..
එහෙනම් අරවත් අදම ගේන්න වෙයි.මතකනෙ එක පාරක් උන වැඩේ..එක්කෙනෙක් එහෙම කියද්දින් තව කෙනෙක් කීවා ගැලුමක්ම ඔඩර් කරන්න වෙයි.
මේ ගැලුමක්ම කීවේ වෙන මොනවත් නෙවෙ කසි"..කසි"..
කොලයක් පාගන දවසට වාගෙ දවස් වලට අපේ පැත්තේ කට්ටියගෙ දෙයියො තමා කසිප්පු.
ඇගේ අමාරුව නැතිවෙන බෙහෙතත් ඕක.ඇගට හයිය දෙන බෙහෙතත් ඕකම තමා..
එතන හිටපු මට ඇතිවුන ප්‍රදාන ප්‍රශ්නෙ තමා මොකක්ද මේ එක පාරක් උනු වැඩේ.ටික වෙලාවකට පස්සෙ මං එතන හිටපු කෙනෙක්ගෙන් අහුවා..
ඔයා දන්නවද අපේ ජිනේ අයියා..
මට ඒ තර් අම් මතකයක් නැති නිසා මං මොකුත් නොකියා හිටියා..ඊට පස්සෙ ජිනේ ගෙ පුතාගෙ නම කීවාම මං දැනගත්තා කව්ද මෙ ජිනේ අයියා කියලා.
ජිනේ අයියාගෙ ප්‍රධාන් රැකියාව උනෙ පොල් ලී පැලීම.ඒ දවල් ප්‍රධාන රැකියාව උනත් මිනිහා සල්ලි හෙවුවෙ කසිප්පු බිස්නස් එකෙන්.කසිප්පු ටිකක් කටෙවත් තියන් නැති ජිනේ අයියා පොහොසතෙක් නොවුනත් තමන්ගෙ දරුවො හතර දෙනාත් එක්ක හොදට ජීවත් උනෙ මෙ බිස්නස් එක නිසා..
දවල් වෙලාවෙ පොල් ලී පලන ජිනේ අයියා සතියට සැරයක් හවසට කන්දට ගිහින් කසිප්පු වඩියක් ගහන එක පුරුද්දක් වෙලා තිබ්බා.
මෙයත් එක්ක වැඩ කරන හතර පස් දෙනෙකුත් ඉන්නව.වඩිය ගහන ජිනේ අයිය කවදාවත් කසිප්පු විකිණපු කෙනෙකුත් නෙවෙ.එයා යටතෙ කසිප්පු විකුණන්න වෙනම කට්ටිය ඉන්නව.ජීනේ අයිය කරන්නේ කසිප්පු නිෂ්පාදනය හ බෙදා හැරිම පමණයි.විකිනිමට දවස් පඩියට වෙනම රෙප් ල දාගෙනයි බුවා ගේම දෙන්නේ.
රෙපා ට පඩියට අමතරම කැම සහ රෙපාට අවශ්‍ය තරමට බීමට කසිප්පු නොමිලේ ලබා දෙනවා.
එක පැත්තකින් කන්දෙන් අනිත් පැතිවලින් තවත් ගම් දෙකකට මයිම් තියන නිසා රෙප් ල ඉන්නෙ මයිම් වල තියන කැලැ පදුරක හරි පාලු ලිදක් ගාව හරි.එතකොට ගම් සේරගෙම අයට ඇවිත් සොට් එක ගහලා යන්න පුලුවන් නිසා බිස්නස් එක නැගලම ගියා
මේ වගෙ කුඹුරු කැපෙන කාලයක්ලු..ජිනේ අයියා පාලාතටම ඇතිවෙන්න කසිප්පු නිෂ්පාදනය කරලා එයාගෙ රෙප් මහත්ත්තරුන්ට දීලා..හැමදාම හවසට ගිහින් බලනවලු බිස්නස් කොහොමද කියලා..
දවසක් ජිනේ අයියා පොල් ලී පලන තැන වැඩලු..
රෙප් ලා බිස්නස් එක කරන් යනවා.අනේ එක පාරටම එක රෙප් කෙනෙක් ගාවටපොලිසියෙන් ඇවිත්.අරක්කු බොන්න වාගෙ ආපු පොලිසියෙන් රෙප් මහත්තයව අල්ලගෙන..
හා.වර යන්න පොලිසියට..පොලිසියෙන් කීවලු..
අනේ සර් මෙව මගෙ නෙවෙ.මං මේ දවසෙ වියඩම හොයාගන්න මේව විකුනල දෙනවා විතරයි.
අහ් යම.
දැන් දෙන්නා යනවලු..
එතකොට කාගෙද මෙවා..
මෙවා ජිනේ අයියාගෙ,,පොල් ලී මඩුවේ....
අහ් එහෙමන් යම උවත් අල්ලගන්න,,
ජිප් එකෙ නැගලා ගිය කට්ටිය ජිප් එක පොල් ලී මඩුවට ඇතින් නවත්තලා බැහැලා ගියාලු........
ඉස්සෙල්ලාම රෙපා..ටිකක් පස්සෙන් පොලිසියෙ රාළාමි..
රෙපා එනව දැක්ක ජිනේ අයියා..
ආආහ් මොකද මල්ලි....අද කලින්ම බඩු ඉවරද?මන් ඒත් හිතුවා මෙ ගොයම් කැපෙන කාලෙට ටිකක් මදිවෙයි කියලා..රෙපා දිහා බලාන කිවලු..
ඒ ගමන්ම ඉස්සරහට පැන්න පොලිසියෙ අය ජිනේ අයියාව අල්ලගත්තලු.
තොද ජිනේ කියන්නේ..
ඔව් ඇයි.
අහ් එහෙනම් පොලිසියට යන්න ලැස්ති විය..
එන පොට හොදට තේරුන ජිනේ අයියා කිසිම කලබලයක් නැතුව කීවලු..
අනේ රාළහාමි මං මේ ඇදුම් මාරු කරගන්නකන් පොඩ්ඩක් ඉමු..
ඊට පස්සෙ ඇදුම් මාරු කරගෙන හොදට සරම පිට පොට ගහ ගත්තු ජිනේ අයිය..
හරි හරි රාළහාමි කිවා
කොකටත් කියලා තමන්ගෙ අතේ තිබ්බ මාංචුව ගත්තු පොලිසියෙ ඇයො ජිනේ අයියාගෙ අත් දෙක අල්ලලා දැම්මලු.
හා දැන් යමවු දෙන්නම ජිප් එකට.තොපි තමා මෙ පැත්තම නාස්ති කරන එවුන් කියමින් බැන බැන යනවලු..
පොල් ලී මඩුවෙ ඉදන් ජිප් එක ලගට යන්නට මීටර 20ක් විතර යන්න තිබ්බලු.
ඉස්සරොම රෙපා..ඊට පස්සෙ පොලිස් රාළහාමි,ඊට පස්සෙ පස්සෙන්ම ජිනේ අයියා..දැන් ජිප් එක ලගට යනවලු..
ජිප් එකට අඩි 5ක්6ක් ලංවෙද්දිම ජිනේ අයියා ආපහු හැරිලා දෙවැට දිගේ දුවන්න ගත්තා..ජිප් එක ලගට ගිය රාලහමිට ඇහුනා සද්දේ..බලනකොට ජිනේ දුවනවලු..
ආන් අරක දුවනව ..පන්නපියව්.........
රාළහාමි කැ ගහගෙන ජිනේ අයිය පස්සෙ දුවද්දින් ජිප් එකෙ හිටිය තව දෙන්නෙකුත් දුවන්න ගත්තලු..
දෙවැටෙන් එලියට පැන්න ජිනේ අයියා කලුවරත් එක්කම වෙල් යාය දිගෙ දුවනවා.නියරවල්,පාරවල් හොදට දන්නා ජිනේ අයියගෙ දිවිල්ල නවත්තන්න කාටවත් බැරිවුනා..පොලිසියෙ ඇයො ටික දුරක් දුවලා නියරවල් වල කකුල් හප්පගෙන දනිස් පොලු ටික තුවාල කරන් නැවතුනා..ජිනේ අයියා අතට මාංචු කුට්ටමත් දමාගෙනම කන්දට දිවුවා..කන්දෙ තමන් දන්න ගහක් ලග නැවතුනු ජිනේ අයියා හොදට හති ඇරලා හිටියා..
කසිප්පු කාරයො අල්ලන්න ආපු රාළහාමිලාට දැන් පොලිසියට යන්න විදිහක් නැ..මංචු කුට්ටම නැනේ..
දෙන්නා ආයෙත් ජිප් එක ලගට ආවා.ඇවිදින් ජිනේ අයියාගෙ ගෙදර හොයාන ගේ ලගට ගිහින් රැ 10 විතර වෙනකන් හිටියා,,ජිනේ අයියා නෙවෙ ආවෙ..
ඊට පස්සෙ ජිනේ අයියාගෙ අබුවට කතාකල රළාමි කෙනෙක්..
මේ මේකා අද ගෙදර එයිද?
අනේ මන්දා සැර්..
ඔකා අවොත් කියනවා අපිට ඌව පොලිසියට අරන් යන්න ඔනේ නැ..ඒත් අර මාංචු කුට්ටම දෙන්න කියනවා.අපි හෙට එන්නම්..
පොලිසියෙන් යන්න ගියා..
පාන්දර 5 විතර වෙද්දින් ගෙදර පිලිකන්න පැත්තට ආපු ජිනේ අයියා...
ඒයි..මේ ඇහුනද????????????
ඒ වෙලාවෙ ගැණු උන්දා ළමයින්ට ඉස්කෝලෙ යන්න බත් උය උය ඉදලා තියෙන්නේ..
ආ ආ..ඇහෙන්න තමා..අපට මෙතන ගෙවල් වල ඉන්නත් නැ ඔහේ මහලොකු බිස්නස් එක හින්දා..
හරි හරි දැන් කැ ගහලා වැඩක් නැ නෙව..
මේ මට මාර බඩගිනි.අනේ බත් ටිකක් නැද්ද...
ඊයෙ රැ ටත් කැමක් නැ..
හොදයි නේ..
මේ මෙතන නාඩගම් කරන්න වෙලාවක් නැ.ඔය හීල් බත් ටිකක්වත් නැද්ද?
මොන හීල්බතක්ද?ළමයින්ට ඉස්කොලෙ අරන් යන්න උයාපු බත් විතරයි තියෙන්නේ..
අහ් හරි හරි..එකෙන් ටිකක් වත් ආරන් මට කවනවකෝ..
මෙ මක්කටැයි මං කවන්නෙ..කෝලම්...
තමුන් දන්නැද්ද.....මට මෙ මාංචු දාලානේ..
මාංචු දාලා නම් ඉන්න ඕනෙ පොලිසියේ.
අනේ මෙ..ඒ කතාවලින් වැඩක් නැ.බත් ටිකක් කවනවා..ඔය යක්කු දැන් මෙලහකට එනවා ඇති..
කොහොමත් තමන්ගෙ ස්වාමියාගෙ බඩගින්න දැනිච්චි ගැණු උන්දා ජිනේ අයියාට බත් කැවුවා.
බත්කවා ගත්තු ජිනේ අයියා..
අහ් මන් එහෙනම් යනවා..
කොහෙදැයි මේ යන්න තනන්නේ..
කන්දට..ගෙදර හිටියොත් පොලිසියෙන් ඇවිල්ල මාව අල්ලන් යයි..
එහෙම කිවු ජිනේ අයියා මාංචු කුට්ටම දාපු අත්දෙක පස්සට බැදන් යන්න ගියා..
වේලාව දවල් 10 විතර වෙද්දින් ජිනේ අයියලා ගෙවල් දිහාට පොලිසියෙන් ආවා..ආවෙ ඉස්සරින් දවසෙ ආපු දෙන්නමයි..ඒත් එක්කම ගෙවල් ලගට ගමෙ ජිනේ අයියාල වයසෙ දෙ තුදෙනෙකුත් ආවා..
එතනට ආපු පොලිසියෙන් අහුව...
කො මෙ මනුස්සය ගෙදර ආවෙ නැත්ද තවත්...
නැ රාලාමි..කට්ටියෙන් කෙනෙක් කීවා...
අනේ මේ මනුස්සයට පැහැදිලි කරලා කියල දෙනව අපි මෙයාව පොලිසියට අල්ලන් යන්නැ..අපට මාංචු කුට්ටම විතරක් දෙන්න කියලා..
පොලිසියෙන් බැගැපත්ව අසල හිටිය අයට කීවා..
ම්ම්ම් රාළහාමි ටිකක් ඇතින් වගෙ ඉන්න..ඔය ජිප් එක පන්සලෙන් නවත්තලා එන්න..අපි ජිනේ ආපුවාම රාලහමිලාට පනිවිඩයක් එවන්නම්..
තව පැයකින් දෙකකින් ඔය මනුස්සයා එයි,කලා යන්න,....
ලග හිටිය කෙනෙක් එහෙම කියද්දින් පොලිසියෙ අය ඒකට ඇහුන් කන් දීලා ජිප් එක පන්සලේ නවත්තල ජිනේ අයියාගෙ ගේ ලග තියන තේ කඩෙට වෙලා හිටියලු.
වෙලාව දවල් 12,1,2 උනත් ජිනේ අයියා ආවෙ නැලු..
ඔන්න 3.30 වාගෙ වෙද්දින් ගෙදර පස්සා පැත්තේන් ගොඩ වැදුනු ජිනේ අයියා අබුවට කියලා බත් ටිකක් කවාගන්නවලු..
ඒක අැහුනු අල්ලපු ගෙදර මනුස්සයා කඩේ හිටපු පොලිසියෙ උදවියට පණිවිඩයක් යවලා තවත් දෙතුන් දෙනෙක් එක්ක ජිනේ අයියලා ගෙදර ගියාලු..
පොලීසියෙ අය ගෙට ගොඩ වෙද්දිම ජිනේ අයියාව වට කරගත්තු ගමේ අය..
අහ් මෙන්න රාලහාමි මෙයා ඇවිදින් කීවලු..
එතකොටම වට පිට බලපු ජිනේ අයියා කට්ටිය පෙරලන් දුවන්න හැදුවලු..
ඒත් ජිනේ අයියාගෙ උත්සහය අසාර්ථක වෙලා..
එතකොටම ලගට ආපු පොලිසියෙ අය..
දගලන් නැතුව ඉන්නවා..අපි තමුසෙව අරන් යන්නැ...අපට මෙ මාංචු කුට්ටම දෙනවා..
ඒත් ජිනේ අයියාගෙ ඔට්ටුවීම අඩු උනෙ නැලු..
(කොටට කොටේ හිටපු ජිනේ අයියට හොදට සත්තිය තියල තියන්වා කියලා තමා කතාව කියපු කෙනා මට කීවේ..හැමදාම බතට හරක් මස්,,ඌරු මස් තියෙන්න ඕනමලු..නැත්තම් අබුව ඉවරලු..)
ආයෙත් සැරයක් පොලිසියෙන් කීවලු..
ඕයි.....ඔය දගලන එක නවත්තනවා..
අපි තමුසෙව අල්ලන් යන්නැ කීවනේ..
ඒත් එක්කම ගමේ අයත් කීවලු..පොඩ්ඩක් දගලන් නැතුව හිටින් ජිනේ කියලා
ජිනේ අයියා ටික වෙලාවක නිසොල්මනෙ එද්දින්ම පිලිසියෙන් මාංචු ගලවගෙන....
අම්මේ.ඇති ..යාන්තම් ජොබ් එක බේරගත්තා..මේක හම්බුන්නැත්තම් ජොබ් එකටත් කෙලවෙනව..කියලා කීවෙ ගෙමක් දිනා ගත්තා වගේලු..
එහෙම කියද්දිම ජිනේ අයියා පැනලා දීවෙ..මොනව උනත් දුවන එක ඇගට හොදයි කියලා..
දුවන ජිනේ අයියා දැකපු පොලිසියේ අය..
ඕයි....දැන්වත් ඔය ජරා බිස්නස් එක නවත්තනවා..කියල කීවලු..
හරි හරි රාළහාමි..අපි පස්සෙ වෙලාවක හම්බෙමු...කියපු ජිනේ අයියා..
තමන්ගෙ ගෙවල් පැත්ත හැරිලා අබුවට කීවලු..
ඇහුනද..........ඔය රාළහමිලාට තේ ටිකක් හදලා දෙනව....
කියලා ආයෙත් දිවාලු........

ප:ලි:ඇත්ත කතාවක්.නම් උපකල්පිතයි..
දැන් නම් ජිනෙ අයියා වයසයි.එත් ඇග නම් මාර ෆිට්..

Thursday, January 12, 2012

ගැබිනියක් වු කන්‍යාවිය...4

සැකය,අම්මාගේ අවිශ්වාසය,අවලාද,නිමා කිරිමට පායන ඉරෙන් ආශිර්වාද පතමින් උදැසන සැරසෙන්නට වුයේ නැවතත් දොස්තර මහතා හමුවිමට යාමටයි.
ඒත් ඇයගෙ සිතේ ඇතිවු අදහසක් වුයෙ"මෙ දොස්තර මහතයා ලගට නොගොස් වෙන කෙනෙකුන් ලගට යැමටයි.එය ඇයගෙ මවට කීවද ඇගේ අදහස වුයේ ඔහු ලගටම යමුය කියන එකමැයි..
ඔන්න අම්මෙ මං නම් ලැස්තිවෙලා ඉවරයි..
කෝකටත් හිටින් පොඩ්ඩක්..නරක වෙලාවල් මග ඇරල යමු.කමලා එසෙ කිවේය.
හ්ම්.ඒකත් එහෙමද...
වටෙන් පිටෙන් ඇසෙන්නේ කපුටන්ගෙ හඩය.එය යම්තාක් අමිහිරිතාවයක් ගෙන දුන්නේය.
මුන් මොකට මේ හැටි කැගහනවද මන්දා....පිස්සු යක්කු...කමලා කියයි..සද්දය නිමා කරමින් කපුටන් ඉගිල යයි.
හා,,හා එහෙනම් යන්න ලැස්ති වියන්.දෙයියනේ කියලා හොද දෙයක්ම අහන්න ලැබේවා කියලා අඩිය ඉස්සරහට තියපන්..
දෙදෙනා මේ යන්නේ සිත්වල වු සැක සන්කා නැති කිරිමටය.
මගට බහින දෙදෙනාට හමුවන බොහොදෙනා අසන්නේ..
කොහෙද මෙ දවස දෙක තුනේම අම්මයි දුයි හැමදාම යන්නේ..
ඔවුන් හට යමක් කි ඉතා කරුණාවෙන් සිනා වු ඔවුන් දෙපල තමන්ගේ ගමන යයි.
සුපුරුදු ස්ථානයේ මුදල් ගෙවා ලබා ගත් බිල්පතේ හම්බ වු අන්කයෙ වාරය එනතුරු ඔවුන් බලා සිටියෝය.
තව ගොඩාක් වෙලා ඉන්න වෙයිද කෙල්ලේ..කමලා කුමුදුනිගෙන් අසයි.
නැ තව අන්ක දෙකක් තියෙන්නෙ..
බලහන් වෙලාව යන වේගය..දැන් කොච්චර වෙලා අපි මෙතන හිටියද?
අනේ අම්මෙ මටනම් එයා ලගට යන්න බැ වගේ..
ඒ මොකෝ...
ලැජ්ජයි..අම්මේ.ඔතෙන්න ගිහින් මං මොනවා කියන්නද?අනික එදා අපි එයාට අනන් මනන් කීවත් එක්ක...
ඒකනම් එහෙම තමා..,එදා මන් මේ වාගෙ දෙයක් දැනන් හිටියේ නැනේ..
අපි මහත්තයගෙන් සමාවගමු.ඒ මහත්තයා හරි කරුණාවයි බං..එදා අපි එහෙම කතාකලත් කරබගෙන අහගෙන හිටියා මිසක් වචනයක්වත් කිවේ නැනේ..
අම්මේ..,අම්මේ ඔන්න අපෙ අංකෙ කතාකරනවා..
මේ මටනම් බැ ඔන්න මෙව එයාට කියන්න..අම්මම කියන්න..
මන් මොනව කියන්නද..උබනෙ මේක හරියටම දන්නේ..
හරි අම්මට මතක ටික කියන්න..
කො මෙ නම්බරේ කට්ටිය නැත්ද මෙතන..සහයකවරිය කැ මොර දෙයි..
ආ මේ අපි.ඉන්නවා..
ඉන්නවනම් එන්න..මක් කරනවද මෙච්චර වෙලා.....
ඔවුන් දොස්තර මහතා හමුවට ගියේය..
අහ් මොකො ඔයලා ආයෙත් ඇවිදින්..,
සර් අපිට සර් එක්ක ටිකක් කතාකරන්න උවමනාවක් තියනවා.අර එදා රිපෝට් එක ගැන..කමලා කතාව පටන් ගත්තේය..
ම්ම්...විශේෂ යමක් තියනවද..........එහෙම තියනවනම් කියන්න මන් මෙ ළමයව මෙතනින් යවන්නම්.එයාට පොඩි වැඩ වගයකුත් කරන්න තියනව.දොස්තර මහතා කිවේය..
හ්ම්ම්...එකත් හොදයි මහත්තයෝ.......කමලා මහත් දෙගිඩියාවෙන් කිවේ ලැජ්ජාවක් වේදො යැයි බයෙනි..
ඒ කතාව ඇසු දොස්තර මහතා තමන්ගෙ සහයකාරවරිය කාමරයෙන් පිටමන් කලේය.
අහ් ඉතින් දැන් කියමුකො බලන්න...
ලැජ්ජාවත්,බයත් දෙකම හිතේ තියන් අමාරුවෙන් රැකගිනි හිටි කුමුදුනි මුහුන රතු කරන් බිම් බලාගත්තේය.
අම්මේ තව ලෙඩ්ඩු ගොඩාක් ඉන්නවා.අපි නිකන් කාලය නාස්තිකරන එකේ තෙරුමක් නැ.කතාව කියන්න..
ඔව් මහත්තයො..මේ කතාව කොතනින් පටන් අරන් කියන්නද කියල.මේක මොනවගෙ දෙයක්ද කියලවත් මට තේරුම් ගන්න බැ..
මට හිතෙනව මහත්තය එදා කීව කතාවෙ ඇත්තක් ඇතිය කියල.
ඒ කියන්නෙ මෙයා ගැබ් ගෙන තියනවා කියන එකද?.
ඔව්..ඒත් හැබැයි උවමනාවෙන් උනු නෙමෙයි කියලා දුව නම් කියන්නේ..
ම්ම්ම් මටනම් තෙරුන්නැ..මෙ ලමයට බොයි ෆ්රෙින්ඩ් කෙනෙකුත් නැනෙ නෙද?
නැ මහත්තයො..එවා කවදාවත් තිබිලා නැ..
මෙක වෙනස් කතාවක්..
මං කතාව කියන්නම්.......කියමින් කමලා කුමුදුනීට සිදුවු දේ ඉතා පැහැදිලිව සරලව කියයි..
ඒ කතාවේ අපහැදිලි තැන් කුමුදුනීගෙන් අසා දැනගනියි..
කතාව අවසානයේ කුමුදුනි අසන්නේ...
අම්මාගෙ කතාව අවසානයෙ කුමුදුනී කතාවට තව ටිකක් එකතු කරයි.ඒ එදා ඇ ලැජ්ජාවට නොකී දෙයකි..ඒ මනුස්සයා මගේ ගවුම එහාට මෙහාට ඇදලා දම්මා.මං දැක්කා ඌත් එහෙම@#$% ඉන්නවා.පස්සෙ මං එතනින් නැගිටලා එනකොට මට තේරුනා මොනවදෝ දෙයක් කකුල් උඩ හරියෙ තියෙනව වාගේ.මන් ඒක එච්චර ගනන් ගත්තේ නැ..
ඒ වාගෙ දෙයක් උනා කියලා ගැබ් ගැනිමක් ගැන මට අදහගන්න බැ සර්..
එහෙම දේවල් විමට ඇති හැකියාව බොහොම අඩුයි.ගොඩාක්ම අඩුයි..කියමින් ඔහු එහි විද්යාත්මකව පහදා දෙන්නේය.
ගැබ් ගැනිමක් සිද්ධ වෙන්නනම් සන්සේචනයක් සිද්ධ වෙන්න ඕනා..ඒකට ශුක්‍රණුවක් ඩිම්බයක් එකට හම්බෙන්න ඔන.සමාන්‍යයෙන් මිනිහෙක්ගෙන් එක පාරකට ශුක්‍රාණු මිලියන 3ක් විතර පිටවුනත් ඩිම්බයක් ලගට,ඒ කිවෙ ගර්බාෂය තුලට යැමෙ හැකියාව,ශක්තිය තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයකටයි.ඉතින් එහෙම ගියත් ඒ වෙනකොට ඩිම්බය ගර්බාෂයට ඇවිත් තියෙන්න ඔන.ඒ කියන්නෙ ඔයා ඔයාගෙ සරු කාලයෙ ඉන්න ඔනා.එක තියෙන්නෙ මාසෙකටම එක දවසක් විතරයි.හැබැයි ශුක්‍රාණුවක් ගර්බාෂෙට ගියොත් දවස් 3ක් ජිවත් වෙලා ඉන්න පුලුවන්..ඉතින් බලන්න මේක හරිම දුලබ අවස්තාවක් නේද.
මේ සිද්ධියේදි වෙන්න පුළුවන් එකම දේ ඒ පිරිමියාගෙ ශුක්‍රාණු ඔයාගෙ ප්‍රදෙශයෙ ගැවිමෙන් විතරමයි කියලයි ඔයලා කතාවෙන් මට තේරෙන්නෙ..යනුවෙන් දොස්තර මහතා ඔහුගෙ විශ්ලේෂනය කියාපායි.

අනේ මහත්තයෝ ඔයා කතා නම් මට ගැඹුරු වැඩියි.එච්චර දෙයක් තේරුම් ගන්නනම් අමාරුයි.කමලා කියයි.
ඒත් මහත්තය කියන්නේ මේ වාර්ථාවෙත් මේ කතාවෙත් පටලැවිල්ලක් තියනව කියලද?.කමලා මද වෙලාවකින් දොස්තර මහතාගෙන් අසයි..මේ ළමයා කියන දේ විශ්වාස කරනවානම්..මෙහෙම දෙයක් වෙන්න පුලුවන්..
ඇත්තට ඇයි ඔයාලා මේ ගැන පොලිසියට කිව්වෙ නැද්ද......?

නැවතත් කමලා කුමුදුනි තමාට කියු කතාවම දොස්තර මහතාට කියයි.

ඔව් එකෙත් ඇත්තක් තියනව.වැරදි කාරයා හම්බෙල නිතියෙන් ඔහුට දඩුවම් හිමිවුනත්..,මේ ළමයට සමාජයෙන් සමච්චල් ඒවි..උව්මනාවෙන් කරගත් දෙයක් විදිහට..එහෙම නේද?
හරි දැන් එහෙම උනාමයි කියමුකො..මොකක්ද අපි ඊලගට ගන්න පියවර..දොස්තර මහතා දෙපලගෙන් අසයි..
අනේ මන්දා ...බඩේ ඉන්නෙ දරුවෙක් තමා..ඒත් මේ වාගෙ දරුවෙක් හදාගෙන ලෝකෙන්ම බැනුම්.නින්දා අහන්නෙ කොහොමද මහත්තයො..කුමුදුනි කියයි..
ඔව්..ඒ ගැන ඔයා තීරණය කරන්න ඔනා..
කුමුදුනීගෙ පියකරු මුහුන දින කීපයක සිට මැලවි ඇත.ඇ දැන් බිම් බලාන කදුළු වගුරයි.ඉකිගසයි.
දැනුම් තේරුම් තියන කාලෙ ඉදන් ඇය මවු සිහින ඇගේ සිහියට එයි..
ඇයි බන් උඹ ඔය තොල් පාට කරලා ඇහි බැමි ටික ගාලා හිටපන්කො පොෂ් කෙල්ලක් විදිහට.මන් නම් වම් කනට කරාඹු දෙකක් දාන්න යන්නෙ..බලපන් උඹ ඔහේ මොකියක්දො වාගෙ..
ඇගේ යහළුවෙක් ඇ හට කී දේට පිලිතුර ලෙස ඇ දුන්නේ..
අපි හොදට හිටියොත් තමයි බන් දීගෙක ගිය දාට උනත් හොදට ඉන්න පුලුවන්.කොච්චර දේවල් අරන් ගියත්,කොච්චර ලස්සන තිබ්බත් මිනිස්සුන්ට ඔවා මතක ටික කාලයයි.ඊට පස්සෙ ඒවා අමතක උනාම ඔවුන් අපේ පරණ වැරදිත් කිය කියා අවලාද දෙනවා
මට මේ චාම් විදිහ හොදයි.උඹ ඔනා දෙයක් කරගනින්..
එසෙ සිහීන මැවු ඇය දැන් ඇවත් නොදැනුවත්ම ගැබිනියක් වී ඇත..

කමලා පුටුවට හේත්තු වී දිග සුසුම් හෙලයි.ඇගේ වෙව්ලන දැතත්.,තෙත් වු දෙනයනත් කියන්නේ ඔවුන් කවදාවත් නොසිතු දෙයක් සිද්ධ වී ඇති බවයි.

ඔය ළමය අපි නැතිකරගත්තොත් හොද නැද්ද..

හ්ම්ම්.ඒක නම් මට එකග වෙන්න අමාරු දෙයක්.මොකද ඒකට ලොකු අවසරයක් ඔනා.
එහෙම උනත්....
ළමයා හදාගත්තොත් කුමුදුනි අවජාතක දරුවෙකුගේ අම්මා කෙනෙක් වන්නේය.ළමය නැති කරගත්තොත් ඇය තම ප්රතථම ළමයා නැතිකරගත් අවාසනාවන්ත ගැහැණියක් වෙයි.
නැ මන් තීරණයක් ගත්තා..මන් මේ ළමය කොහොම හරි නැතිකරගන්නවා.නැතිඋනොත් මන් මැරෙනවා..
කුමුදුනි හ්දමින්,ඉකිගසමින් කියයි..
මේ ළමයා තාම කුළුදුල් කෙල්ලක් සර්..බලන්න අපට උන දෙයක හැටි..
ඔව් මෙයා කියන විදිහට මෙයා වර්ජින් කියලා මටත් තෙරනෙව.

අයාලෙ යන කුළු හරකෙකු පොකුනකට පැන වතුර බොර කර ඇත.ලස්සනට පිපෙන්න හදන නෙලුම් මලක පෙති තැලි ඇත.එහෙත් තවමත් නෙලුම් දණ්ඩ තැලි පොඩි වි නැත.පිපෙන්නට වෙර දරන නෙලුම් කැකුල සවිය දීමට ඒ දණඩට හකිවෙනම්......
උපැස් යුවල තම මේසය මත තැබු දොස්තර මහතා පැන කටේ ගහගෙන කල්පනා කරන්නට විය.දකුණු අතින් ඔහුගේ නළල් තලය පිරිමදියි..විටෙක බොහො දුරක් දෙස බලයි.කුමුදුනිගේ ගැටලුව ඔහුගෙ ගැටලුවක් බවට පත් කරගනිමින් ඔහු හිතයි..
ඔව් ඔය ළමයගෙ තත්වෙ මට තේරෙනව..අපිට මේවට පිලියම් තියනවා.මෙච්චර මේ දියුණු වෙලා තියෙන ලොකේ මෙක තව එකක් විතරයි කියලා හිතාගන්න..
ඒ කියන්නේ මොකක්ද සර්....
ඔය ළමයට ඕනනම් අපි මේකට ඇබොෂන් එකක් කරල නැති කරමු..ඒත් මේක දැන ගන්න ඔනා අපි තුන්දෙනා විතරමයි..
කමක් නැ..අපි ඒක කරමු.අපි කාටවත් කියන්නැ මහත්තයො...කුමුදුනි කියයි..
මන් හැමදාම මේ විදිහට ලොකේ තනියෙන් ජීවත් වෙනවා..මේ දේ කරගත්තායින් පස්සෙ මන් මිනිහෙක් ලගට ගිහින් වැඩක් නැනේ..කුමුදුනි ඉතා ශෝකයෙන් හඩමින් කියන්නේ ඇගේ හිතේ තිබු අසාවන්ටත් වඩා අම්මා,තාත්තා ගෙ හිතේ තිබි අසාවන් හොදින් දැනන් හිටි නිසාය.
ඒ ඇයි ඔයා එහෙම කියන්නේ.
ගැනියෙක් වෙලා මිනිහෙක් ලගට ගියොත් ඉස්සරහට මොනවා වේද කියලා කියන්න බැ.....ඊට වඩා හොදයි මෙහෙම ඉන්න එක.තවත් ගොඩාක් කොල්ලන්ගෙත්,අම්මලාගෙත් ඔලුවෙ තියන දෙයක් තමයි කෙල්ලක් කෙල්ලක් විය යුතුයි කියන එක...
නැවතත් කල්පනා කරන දොස්තර......
අපි බඩ කපලා ලමයි මේ ලොකෙට බිහිකරනවා සිසෙරියන් කරනවා කියලා..
ඉතින් ඒ වාගෙම බඩෙ තියන,ගර්බාෂේ තියන කලලයක් අයින් කරන්න පුලුවන් කියලා හිතාගන්න..
ඒ වගකීම මන් බාරගන්නම්..එතකොට ඔයාට අවශ්යය සියලු දේම සිද්ධ වේ නේ....
මේ හැමදෙයක්ම මං කරන්නේ ඔය ලමය දිහා බැලුවාම මට හිතෙන දේට.ඒ කිවෙ මටත් හිතෙනව මේක කාගෙ හරි පාහරයෙක්ගෙ නොහොබිනා වැඩක් කියලා
අනේ මහත්තයො......කියක් ගියත් කමක් නැ අපට මේ කෙල්ලව නිදහස් කරල දෙන්න....
කමලා දැත් එකතු කරමින් අයාචනය්ක් කරයි..
හරි ඒ ගැන හිතන්න එපා..අපි තව ටෙස්ට් එකක් කරලා මෙ වැඩෙ පටන් ගමු...

බොර වු පොකුනේ දිය නිසල වෙමින් පවති..තව ටික කලකින් පිපෙන්නට හදන නෙලුම් කැකුල පිපි විල් දිය මත හිනැහෙයි..
ඒ සදහා අලුත් ඉරක් පයන්නට නියමිතය
ප:ලි.ගෙතූ කතාවක නිමාව...

Monday, January 9, 2012

ගැබිනියක් වු කන්‍යාවිය...3

කුමුදුනි අවුරුදු නිවාඩුව පසුව වැඩට ගොස් එන පලවෙනි දාවසෙ උනු සිද්ධිය අම්මාට කියන්නට සැරසුනේය..
අම්මේ එදා මං වැඩ ඇරිලා එද්දි මෙන්න මේ හරියට එනකොට ඔන්න වැස්ස වහින්න හීන් පොදකුත් පටන් ගත්තා..මෙ වංගුව හැරනවාත් එක්කම මං දැක්කා මිනිහෙක් ඉස්සරහින් එනවා.මං ඉතින් එයා එහා පැත්තෙන් එන්න ඇරලා මෙ පාර අයිනේ ඉස්සරහට ගියා..
මිනිහෙක් කීවෙ කොල්ලෙක්ද,වයසක මනුස්සයෙක්ද?කමලා කතාවට බධා කරමින් ඇසුවේය..
ටිකක් වයසයි වාගෙ පෙනුනා..දැක්ක විදිහට නම් 40ට කිට්ටු කරලා විතර ඇති..
ඉතින් කියපන්කො..
ඔව්..මං එයාව පහුකරලා ටික දුරක් විතර ගියා මතකයි..ඒ කියන්නෙ අඩි 10ක් විතර.
ඊට පස්සෙ..
ඊට පස්සෙ එක පාරටම මු ඇවිත් මාව අල්ලගෙන ඇදගෙන ගියා..
කොහාටද..
අන්න අර පේන සියඹලා ගහ එහා පැත්තට..
ඉතින් ඇයි උඹ කැ ගහුවෙ නැත්තේ..
කැ ගහන්නෙ කොහොමද ඒ යකා මගෙ කටිනුත් අල්ලන් හිටියේ.
ඊට පස්සෙ මු මගෙ මුන රෙදි කැල්ලකින් වහල බැදලා මට අනන් මනන් කරන්න හැදුවා..
මුලින්ම මට මොනවා කරන්නද කියල තෙරුන්නැ.මට තෙරුණා මිනිහා මොනවා හරි ලොකු විනාශයක් කරන්න තමා හදන්නේ කියලා.
ඊට පස්සෙ මං ඌ ට මගෙ අතේ තිබ්බ කුඩෙන් මූනට දෙකක් තුනක් ගැහුවා..එතකොට උ අයින් වෙද්දිම ලග තිබ්බ පොල්ලකින් තව එකක් ගහල මං දුවගෙන ගෙදර ගියේ..
කුමුදුනි එදා සිදුවු සියලු ඉතා පැහැදිලිව අම්මාට කිවේය..
ඇයි ඉතින් උඹ කැගහලා කාට හරි කිවේ නැත්තේ..
මට ඉච්චර සිහියක් තිබ්බේ නැ අම්මේ..මට ඕන උනෙ ඉක්මනට ගෙදරට එන්න..
ඉතින් උඹ ගෙදරට ඇවිත්වත් මට කිවෙ නැනෙ.වෙන කෙල්ලෙකුට පොඩි දෙයක් උනත් ඉස්සරොම කියන්නෙ ගෙදර අයට,උඹට මෙච්චර දෙයක් වෙලත් හාන්කවිසියක් ඇගෙව්වෙ නැ.බලපන් උඹ වගෙ මෝඩ කෙල්ලක්..චිකේ උඹලට දෙන්න ඕන.....
උඹලගෙ හිතේ තියන ලොකුකම නිසා තමා මේ සේරම වෙන්නේ.අනේ ඇත්තමයි මට.......
හරි...හරි අම්මේ අපි යමුකො දැන් ගෙදර.ගෙදර ගිහින් ඉතුරු ටික කතාකරමු..
නැවතත් ඔවුන් ගෙදර යන ගමන පටන් ගත්තෝය.
ඇයි කුමුදු උඹ මට කිවෙ නැත්තේ මෙහෙම දෙයක්.කිවානම් ඔකා හොයාන පොලිසියට මාට්ටු කරලා දෙන්න තිබ්බනේ..
මං මේක කියන්න දෙතුන් පාරක්ම හිතුව අම්මේ..ඒත් සමහර වෙලාවට මට හිතුනා මේක කියන එකෙන් වෙන්නෙ උඩ බලාන කෙලගහනව වගේ වැඩක් කියලා..
ඒ මොකක්ද ඒකෙ තේරුම?කමලාට කුමුදුනිගේ කතාව පැනයක් විය.
නැ අම්මේ.මං හිතුවෙ මට කිසිම කරදරයක් උන් නැති නිසා මේ උනු වැඩෙ කිවානම්...
ඉස්සරෝම අම්මා ගම වටෙ දුවයි කව්ද ඒ මනුස්සයා කියල හොයන්න..
ඔව්.මං ඌව හොයල විතරක් ඉතුරු කරන්නැ එදා එහෙනම්..උඹ ඔය වාගෙ දෙවල් සුළුවට තැකුවට අපට එහෙම කරන්න බැ.උඹ තාම කෙල්ලක්..
ඔව්..මං ඒක දන්න නිසා තමයි අම්මට ඒක ගැන නොකියා හිටියේ.මං තාම කෙල්ලක්...
අම්මා ගම වටේම ඒ මනුස්සයව හම්බෙනකන් හොයද්දින් මුළු ගමේම මිනිස්සු දැන ගන්නව මට උනු සිද්දිය ගැන.ඊට පස්සෙ ඕක ඔතනින් නවතින්න නැ..පොලිසියට යනවා..පොලිසියෙන් නවතින්නෙත් නැතිවෙයි සමහර විට.කෙහෙහරි පත්තරෙ එකෙකුට ආරංචි උනොත් එයා පත්තරේටත් ලියයි.
එතකොට වෙන්නෙ මට කිසිම දෙයක් නොවි මං දෙයක් උනු කෙල්ලෙක් ගානට වැටෙන එකයි.ඊට පස්සෙ හැමෝම මං දිහා බලන්නේ ඒ විදිහට.කිසිදෙයක් නොවි ඒ වාගෙ තත්වෙකට පත්වෙන්න හොද නැ අම්මේ.
කෙල්ල්ලෙක් එක පාරක් දුෂණය වෙලා දුෂකයාට දඩුවම් දෙන්න ගියොත් වෙන්නෙ ඒ කෙල්ල සිය දහස් වාරයක් දුෂණය වෙන එක.ඊට හොදයි මැරන එක මම නම් කියන්නේ.
ඒ කොහොමත් මට විශ්වාසයි මට එදා එහෙම දෙයක් උන් නැ කියලා.ඒක මට හොදටම සුවර්..
ඔව්..උඹ කියන දේත් ඇත්තක් නැතුවාම නෙවෙ.ගැනු අපිට ලොකෙ හැමදාම පහත් තැන හම්බෙන්නෙ.නැති වරදවල් හදලා,කටකතා පතුරලා ගැනුන්ව වරදට පොලඹවා ගන්න මිනිස්සු හරි දස්සයි බං..
කතවෙන් කතාවෙන් දෙන්නා ගෙදරටත් ආවා..
අම්මපා කෙල්ලෙ මටනම් අද ගිය ගමන ආපහු ආපු හැටි මතකවත් නැ..ඔලුවෙ තියන ප්‍රශ්න ගැන කල්පනා කර කර,කතා කර කර ආවා මිසක් පාරෙ තොටෙ හම්බුනු එකෙක්වත් මතක නැ..
මටත් එහෙම තමා අම්මේ.බස් එකට ගොඩ වෙලා හන්දියෙන් බහිනකන් මං දැනන් හිටියෙ නැ අපි එතෙන්ට ආවා කියලා.
ටික වේලාවක් නිසොල්මනෙ තමන්ගෙ වැඩ කරමින් හිටපු අම්මත් දූත් ආයේ එකට වාඩිගත්තෝය..
ඇත්තටම කෙල්ලෙ උඹට එදා මොකද උනේ..උඹ මේ කියන්නේ ඇත්තක්මද?....
නැවතත් කමලා අසයි.
ඔව් අම්මා..ඒ ඇත්තම කාතාවක්..ඇයි අම්මා ඒ ගැන විශ්වාස නැද්ද.....
නැ ඉතින් කියන්න බැ නොවැ..
එතකොට මේ දොස්තර මහත්තයා කියපුදේ ඇත්තක් තියෙන්න බැරිද.
අනේ මන්දා අම්මා..ඒත් මට එහෙම දෙයක් විශ්වාස කරන්න අමාරුයි..
එහෙනම් ඒ දොස්තරයා කියපු හරුපෙ තෙරුම මොකක්ද?,,කමලා සැරන් මෙන් කුමුදුනිගෙන් අසයි..
උඹ වෙන එකෙක් එක්ක නටාගහලා ඇවිදින් ඒක වසන් කරන්න කියන බොරුවක්ද කොහෙදො මේක..
ඒ වදන් ඇසු කුමුදුනිගේ සිත තදින්ම පැරෙයි..ඇගේ දෙනෙත් රතු වී කදුළු ගලා එයි.කමලා ඒ ගැන කිසි තැකිමක් නොකර ඔහේ කියවයි..
හරි මන් මේක හොයාගන්නම්..මේවා හොයගන්න බැරිකමක් නැ..මෙවා හරියටම හොයාගන්න අද කාලේ විද්‍යාවට වඩා ඉස්සර කාලේ ක්‍රම තියනවා..
මට ගමේ ගියොත් ගුරුන්නාස්සෙ ගාවට ගියාම මෙව දැක්කා වගේ අහගන්න පුලුවන්..
කමලා හිතේ ඇතිවු ආවෙගයට කියවාන යයි..
අනේ අම්මෙ ඔයාට මාව සැකයිනෙ ඇත්තට ඇ..
ඔය දෙවල් වලට ආවොත් මන් එච්චර කාලයක් ඉන්නැ.අම්මට මං දැන් සිද්දවුනු සේරම දේවල් කීවා.
ඊට වැඩිය දෙයක් වෙලා තියනවා කියලා හිතනවනම්..එ කියන්නේ මම කැමැත්තෙන් කොල්ලෙක් එක්ක ගිහින් කරගත්තු දෙයක් කියලා අම්මට හිතෙනවනම් අම්මා ඕන දෙයක් කරලා හොයල බලන්න මගේ...
මං මොනවා හොයන්නද උඹෙ..
නැ ඉතින්.මන් එහෙම දෙයක් උනා නම් අද මං කෙල්ලෙක් නෙවෙනෙ.ගැණියක්..අනික එහෙම දෙයක් මගෙ උවමනාවට උනානම් මට ඌත් එක්ක යන්න පුලුවන්..
උඹ ගැනියෙක්ද,කෙල්ලෙක්ද කියල මං කොහොම හොයන්නද?කමලාගෙන් ප්‍රශ්නයක්..
නැවතත් දෙදෙනා අතර මහා නිශ්ශබ්දතාවයක් ඇතිවෙයි.බලාගත් අත බලාන දෙදෙනා කල්පනා කරයි..
හ්ම්...මං උඹ කියන දේ විශ්වාස කරනවා.උඹ මෙතුවක් අපට බොරු කරලා නැ කෙල්ලේ..
කෝකටත් හෙට අපි ආයෙ යමුද අර දොස්තර මහත්තයා හම්බෙන්න..
කමලා ඇගේ දුවගෙන් අසයි..
අනේ මන්දා..ඇයි අම්මා එහෙම අහන්නේ..
නැ..ඒ මහත්තයා කියපු දේ ඇත්තක් තිබුනොත්..අපරාදේ උබෙ ජිවිතේ..
එහෙම දෙයක් වෙන්න පුළුවන්ද අම්මා..
දන්නැ කෙල්ලෙ..ඒත් ඔය මූසලයන්ගෙ එවා ගැවුනත් ඇති..හොද එකෙකුට ළමයෙක් හදාගන්න දහදුක් විදින වෙලාවෙ ඔය වාගෙ එවුන්ගෙ ඒවට පුදුම බලයක් තියෙන්නේ.
අනික ඉතින් උඹේ නරක වෙලාව ඇවිල්ලත් නොවැ තියෙන්නෙ..
ඒ කොහොමද අම්මා කියන්නෙ..
නැ ඉතින්..එකනෙ මෙහෙම දෙයක් උඹට උනේ..
කෝකටත් මට හිතෙනවා ගුරුන්නාන්සෙ හම්බවෙලා මොකාද මු කියලා හොයල බලන්න...
අනේ අම්ම මේ..ඔය පිස්සු වැඩ කරන්න හදන්න ඔනෙ නැ..
අපි එහෙනම් යමු.හෙට දොස්තර මහත්තයා හම්බෙන්න..

දොස්තර මහත්තය හම්බෙලා ආපුවාම අහලා ඉතුරු ටික ලියන්නම්..තව දවස් කීපයකින් ඉතුරු කොටස..

Thursday, January 5, 2012

ගැබිනියක් වු කන්‍යාවිය..2

එහෙනම් අම්මෙ හෙට යමුද මාත් එක්ක....
හ්ම්ම්ම් එහෙනම් යමන්කො..දැන් උබ වැඩ පලට කිවද හෙට එන් නැ කියලා....
ඔව් මං කියන්නම්.....
පසුදා උදැසන අම්මයි,කුමුදුනියි පිටවුයෙ ඇයට හටගෙන ඇති රෝගිතත්වය පිලිබදව සොයා බෙහෙතක් ගැනිමටයි.ඒත් ඒ වෙනවිටත් කුමුදුනි දැනන් හිටියේ නැ ඇයට ඉන්නෙ ඇය කවදාවත් හිනෙකින් වත් නොසිතු තත්වෙක කියලා...
උදේ රැයින්ම අවදිවි අම්මයි,දුවයි තමන්ගෙ ගමන ගියා..එදා තමා හමුවු දොස්තර මහතා කිවෙ කුමුදුනිගෙ සොයා ගත හැකි වු ලෙඩක් නැති හෙයින් යම්කිසි වු පරික්ෂණ කිහිපක් කර එහි වාර්තාව අරන් එන ලෙසයි..
අනේ මන්දා කෙල්ලේ උබට මොනවා වි ගෙන එනවද කියලා..කමලා හිත් කනස්සල්ලෙන් කියයි..
බලමුකො අම්මෙ..හෙට මේ ටෙස්ට් ටික කරලා..
අපෙ නරක කාලයක් ඇවිත් කොහෙදො බන්..
හ්ම් හෙටත් මාත් එන්න ඔනද..උබට තනියෙන් ගොහින් කරන් එන්න පුලුවන් නේද..
අම්මට අමාරුනම් කමක් නැ..ඒත්........ගියොත් නම් මයෙ හිතට හොදයි..
අහ් එහෙනම් යමන්කො.....
පසුවදා පරික්ෂණ අවසානයේ නැවතත් ඔවුන් ගියේ දොස්තර මහතා හමු විමටය..
අහ් ඔයලා රිපොට් ටික ගෙනාවද?
ඔව් ඩොක්ටර්..
කෝ දෙන්න බලන්න..
වාර්තා කියවා බැලු දොස්තර මහතා කුමුදුනිත් අම්මාත් දෙස බලා මද සිනාවක් පා තමන්ගෙ නිරික්ෂණය ඉදිරිපත් කරන්නේ..
ආ...මෙක ලෙඩක් නෙමෙනේ..කොහොමත් සුබ ආරංචියක් කියන්න තමා මට තියෙන්නේ..
ඒ මොකක්ද මහත්තයෝ...
කමලා පුදුමයෙන් වගේ ඇසුවෙය.
ම්ම්ම්........අම්මා කිරිඅම්මා කෙනෙක් වෙන්න යන්නෙ..
ඒ කිවෙ සර්..මට තෙරුන්නැ...කුමුදුනි ද පුදුමයෙන් වගේ ඇසුවේය..
ඔයාගෙ කුසේ දරු ගැබක් තියනවා.....
ඇ..මෙ මොන හරුපයක්ද.....
ඒක තමා අම්මෙ මේ වාර්ථාවෙන් මටනම් කියන්න තියෙන්නේ..
කුමුදුනි කිසිවක් අදහා ගත නොහැකිව බය වි මෙන් බලා උන්නේය..
වරෙන් කෙල්ලෙ යන්න..මෙ මොන මන්ස්ගාතයක්ද..තව මෙ කෙල්ල බැදලත් නැ..ඇරක් කොල්ලෙක් එක්ක යාලු වෙලාවත් නැති කෙල්ලෙකුට දරුවෙක් හම්බෙන්න..හහ්....
කොකටත් අම්ම දුවත් එක්ක කතා කරල බලන්නකො..අපි හිතන දෙවල් වලට වඩා දෙවල් දැන් කාලෙ වෙනවනේ..
අනේ මහත්තයො අපි යන්නම් එහෙනම්..හහ්....
කුමුදුනීත් මවත් ගෙදර යැමට බසයට ගොඩවිනි..නන්නාදුනනා දෙදෙනෙකු මෙන් වචනයක් වත් කතා නොකර ඔවුන් විනාඩි කිහිපයක් ගතකලේය..කුමුදුනි එක පැත්තක් දෙසද,අම්මා තවත් පැත්තක් දෙසද බලා උන්නොය..
ඇ කෙල්ලෙ මොකක්ද මෙ දොස්තරයා කියාපු එකේ තෙරුම..උඹ ඇත්ත කියාපන්..කමලා කුමුදුනිගෙන් අසයි..
අනේ අම්මෙ මෙ....බස් එකෙන් බැහැලා අපි කතාකරමු..අනික දැන් යන්නෙත් ගෙදර..මම වෙන කොහෙවත් යනවයැ..
දෙදෙනාම කිසිම කතාවක් නතිව නියමිත ස්ථානය වෙත පැමිනියේය..
ආහ්..හන්දිය ලගටත් ඇවිදින්..
මෙච්චර ඉක්මනට ආවද..බසයා ආ ඉක්මන ගැන පුදුමයෙන් වාගෙ කුමුදුනි අම්මාගෙන් ඇසුවත්,ඇයට තමන් ආ දුරත් වේලාවත් තෙරුන් නැත්තේ ඇ සිටියෙ බර කල්පනාවක වු බැවිනි..
බසයෙන් බැස්ස කුමුදුනි අඩි කිහිපයක් යද්දිම කොන්දොස්තර තැන කැගසන්නට වුයෙය..
ඇයි අද ඔයලා සල්ලි නොදී යන්නද හදන්නෙ..
අනේ.. සොරි.
මෙයා හරියට කැ ගහන්නෙ මං මෙ බස් එකෙ යන්නෙ එන්නෙ නැ වගෙනෙ"කියමින් සිනාසෙමින් ඇ මුදල දී අම්මත් සමග ගෙදර යන දෙවට දිගේ පියමන් කලේය..
වෙන්දා මෙන් නොව යන අතර මග අම්මාත් ඇ ත් අතර වාද විවාද පටන් ගාත්තේය..
ටිකක් දුර යයි.මග නතර වෙයි..අම්මා ඇගෙන් ප්රාශ්න අසයි..
ඇත්තම කියපන්.. උඹ මොකක් හරි එකක පැටලුනාවත්ද?කමලා මග නතර වෙමින් කුමුදුනීගෙ මගද අවහිර කරමින් අසයි..
නැ අම්මෙ..අම්මට පිස්සුද???අම්මට මාවත් අවිස්වානේ.
.අවිශ්වාස නොවෙ බොල..අද කාලේ වෙන එවා හැටියට එක අතකින් මන් එහෙම හිතුවත් වැරදි නැනෙ..
අයෙ අඩි කිහිපයක් ගමන් කරමින් තව ප්රකශ්නයක් අසයි..උඹලගෙ තාත්තා එහෙම දැනගත්තොත්..සේරම දමාගහලා ගෙදර එයි..ඉතින් අම්මෙ තාත්තා දැන ගන්න මෙතන මොකවත් නැනෙ..
දෙදෙනාම දෙවැට දිගේ ගමනින් බාගයක් පමණ ආවත් ඒ වෙලාව වෙනදා ඔවුන්ට ගෙදර යාමට ඕනවටත් වඩා සැහෙයි..දෙවැට දිගෙ එන මෙ දෙපල එක පාරටම නවතින්නේ විශාල සියඹලා ගහ ලග වන්ගුවත් සමගම හම්බෙන කමත අසලදීය..
ආහ්..අම්මෙ..ඔහොම පොඩ්ඩක් නවතින්න..
ඒ ගමන් මේ මොකද..
පොඩි කතාවක් කියන්න තියනවා..
ඉතින් ඉස්මන් කරලා කියහන්,,මගෙ දිව ගිලෙන්න තිබහක් තියනවා..අර දොස්තරයගෙ කතාව අහපු වෙලෙ ඉදන් හරියට කෙල ටිකක්වත් ගිලෙන් නැ..
අනේ අම්ම බය වෙලා ඉන්න තරමක්.හරියට අම්මට අයෙ බබෙක් හම්බෙන්න වගෙනෙ..
හිහ් හිහ් හී....,,
කුමුදුනි එසේ පැවසුවෙ තමන්ගෙ සිතෙ තිබු ප්ර ශ්න සේරම අමතක කරමින.ඒ ඇයගෙ හැටියක්මය..කොපමන ප්රිශ්න තිබුනත් සිනාසෙමින් ඉන්න ඇ හරි රුසියෙක් විය..
අනේ කෙල්ලෙ මගෙ යකා අවුස්සන් නැතුව කියාපන්..

අම්මෙ අම්මට මතකකද අවුරුද්දට පස්සෙ මන් ඉස්සෙල්ලාම වැඩට ගිය දවස..
මට ඒ තරම් මිනව්වක් නැ බං..හා කමක් නැ කියහන්කො බලන්න..
අන්න එදා මං හවස වැඩ ඇරිලා එනවා.මං හිතන්නේ හවස 5.30 ට වගේ ඇති.ඔන්න එදා හොදට වහින්න හදලා තිබ්බෙ.
එදා මං මෙ හරියෙන් එද්දි මං දැක්කා මිනිහෙක් ඔය ඉස්සරහා පැත්තෙ ඉදන් එනවා..

කුමුදුනි කතාව මහත් ආයාසයකින් කියන්නට සැරසෙද්දී කමලා ඇස් ගෙඩි දෙක ලොකු කරන් බලා සිටියේ මෙ කතාවත් දොස්තර මහතාගෙ වාර්ථාවත් අතර සැගවුනු යමක් තියෙවි යන බලාපොරොත්තුවෙනි..

ඉතුරු කොටස ඊලගට

Monday, January 2, 2012

ගැබිනියක් වු කන්‍යාවිය....

අසාමාන්‍යෙන් අසාමන්‍යය වුද විරල ප්‍රායෝගිකත්වයක් මත පදනම් වු වෙනස් කතාවක්..

වෙලාව සවස 6ත් පහුවිගෙන ගියේය.ගොම්මන් අදුරටත් වඩා මොදු වි තිබුණු වැහි කලුව නිසා පලාතම අදුරු වී තිබිණි.ගෙරවිලි හඩත් අකුණු එලියත් විටින් විට මාරුවට කලුවර වෙන අකාශයෙන් ලැබුණි.නිවාඩුවක් නැතිවෙම අකාසයෙන් එන ගෙරවිලි හඩ අතරට ඉතුරු වුනු රතිණ්චා වල හඩද අැසෙන්නෙය.මේ ගෙවි ගෙන යන්නේ සින්හල හින්දු අවුරුද්දේ අවසාන දවස් කිහිපයයි.හරියටම මෙ අප්‍රේල් 22 දායි..
පොඩි පුතේ........කමලා ගෙදර ඉන්නා අවුරුදු 20ක් පමණ වයස වු ඉදුනිල් ට කැ මොරදෙයි..
ඇයි..ඇයි..මේ මන් කාමරේ...
බලහන්කො බන් මේ කෙල්ල තාම ගෙදර අවෙ නැති හැටියක්..මොන වෙලාවෙ වැස්ස අල්ලයිද මන්දා..
පොඩ්ඩක් හන්දිය පැත්තට ගොහින් බලපන්කො,උබත් ලමිස්සියක් වාගෙ ගෙට රිංගාන ඉන් නැතුව..
පොඩ්ඩක් ඉන්න අම්මා...එයා දැන් මග එනවා ඇති..
අනෙ මටනම් බැ මෙ වැස්සට තෙමෙන්න යන්න.හෙට කැම්පස් එකත් පටන් ගන්නවා.තෙමිලා උනක් වත් හැදුනොත්..
අනේ මදැ...කොල්ලෙක් හදා ගත්තා..ඌ කෙල්ලට හපන්....
අම්ම නම් කියයි...
හ්ම්...ඔන්න කියන කොටම වැහි පොදත් වැටෙනවා..දැන් ඉතින් මක් කොරන්ඩැයි..
මේ කෙල්ලට මොකෝ මෙ හැටි පරක්කු....
ගත වුයෙ නිමෙශයකි..විදුලි එලියත් සමගම කුමුදුනිගෙ රුව හෙට හැරෙන දෙවැටෙන් මතු වුනි..
ආහ් මෙ එන්නෙ අක්කා..
මොකො කෙල්ලෙ මෙ හැටි පරක්කු උනෙ..මොකද උඹ කුඩයත් අතෙ තියාන තෙමි තෙමි එන්නෙ...
කුමුදුනි කතාවක් නැතිවම ගෙ ඇතුලට යයි..එය දුටු කමලා නැවතත් කුමුදුනිගෙන් ප්‍රශ්න කරයි..
මොකො බන්..උබට කතා කරන්නත් බැරුවද හා..
නැ අම්මා.අද මං බස් එකෙන් බහින්න හදද්දිම බස් එක ඇද්දුවා.මං දඩෝන් ගලා බිම ඇදගෙන වැටුනා..මුලු ඇගම රිදෙනවා.කුඩෙත් කැඩුනා අම්මා..
සිදුවු සියලු දේ වසං කර කුමුදුනි පට්ටපල් බොරුවක් ගෙතුවෙය..
හ්ම්.මන් ගිහින් ඇග ටිකක් සොදගෙන එන්නම්..වැස්සෙ තෙමිලා ආපු එකේ..
මීට මොහොතකට පෙර සිදුවු සියලු අමතක කරමින් පුරුදු ලෙස ඉන්න හැදුවත් විදුලි සැර මෙන් සිදුවු සියලු දේ ඇගෙ සිහියට එයි..
රැ නින්දට ගියද ඇගෙ සිතට ආවෙ හවස මුහුන දුන් බයන්කාර සිදුවිමේ සිතිවිලිය.
පසුදා උදැසන නැවතත් ඇය සුදානම රැකියාව සදහා පිටත් වීමටය...
අනේ අම්මෙ මෙ ජොබ් එක නම් මට දැන් එපා වෙලා තියෙන්නෙ.මට මෙකෙන් අස්වෙන්න හිතෙනවා
ඇයි මොකෝ උඹට තියන අමාරුව..උදෙට ගිහින් හවසට එන එකනෙ තියෙන්නෙ..
අනේ අම්මා...මට මෙ බස් වල ගිහින් එපා වෙල තියෙන්නේ..
කමලාට කුමුදුනි ගැන අතිවුයේ මහත් වු අනුකම්පාව්වකි..
එකනම් ඇත්ත තමා කෙල්ලෙ..ඒත් තව ටිකක් හිතලා බලපන්..උබලාගෙ තාත්තා මාසෙ අවසානෙට එවන ගාන මුට දෙන්නත් මදිනොවැ..
අනික ඉතින් උඹ තව කාලයක් මෙ ජොබ් කෙරුවාව කරන් නැතිවෙයි නොවැ.තව අවුරුදු දෙක තුනකින් පිළිවෙලක් උනාම ඔවා නවතියි..කමලා ඉතා බැරැරුම් වුත් හැගිම් බර වුත් ස්වරයෙන් කිවෙය..
ඔව් අක්කට තව එච්චර කාලයක් ජොබ් කරන්න ඔනෙ නැ..මම ඩිග්‍රිය ගත්තාම මට ජොබ් එකක් හොය ගත්තැකි.එතකොට ඔයා ගෙදර ඉන්න..
අපෝ උඹ උපාධි අරන් ජොබ් හොයද්දීන් බැරියැ...
උඹලා උපාධි අරගෙන මාස ගනන් උපවාස කරල ජොබ් එකක් හොයාගද්දින් හොද කල යයි..නේද අම්මේ....
ඔව් ඉතින්..අපි උපවාස කරන කාලෙ උනත් නොකා නොබි..,රවුල කොන්ඩෙ කපන්නෙ නැතුව ඉන්න නිසා ඒ ගාන හරි ඉතුරුනේ...
හරි..හරි...හිටපල්ලකෝ..මන් දවසක උඹල රජ කරවනවා..
හා හා...ඔය කතා ඇති දැන් උඹල දෙන්න ගමන පලයල්ලා....තවත් මෙතන වාද කරන්නැතුව.
කාලය හෙමින් ගෙවී ගෙන ගියේය..වෙසක් පොසොන් ගෙවි ගියේය.කුමුදුනි තම සුපුරුදු ජිවීතය ගතකළේය..,අහිංසක වුත් සමාජ සිලි වුත් ඇගේ ජිවීතය කාටවත් කරදරයක් හෝ හිරිහැරයක් නො වුයේය..
ගමෙ ඇවිදිමින් කෙලාම් කියන හෝ කොල්ලන්/කෙල්ලන් එක්ක සැරිසරන ජිවිතයක් ඇයට නොවිය..
ඒත් කුමුදුනි කියන්නේ කාගෙත් සිත් ඇදගන්නා චරිතයක් විය.එම නිසාවටම ඇයට බොහො යාලුවන් සිටියේය.බාල මහලු කොයි කාවත් ඇයට ප්‍රිය කළොය.
සුදු පැහැති සමක් හිමි නොවුනත් තරමක් කලු වු තළෙළු සිරුරත් සිහින් සිරුර ඇයගෙ උසට නියමෙටම ගැලපුනේය.
තරමක් දිගැටි රවුම් මුහුනෙ ලොඹු ඇස් දෙකත් අමුතුම සිරියක් ගෙනාවෙය,ඒ වගේම මුඛයේ තියෙන නල දත ඇගේ සිනාව මනමත් කලේය..
පොසොන් මාසය ගෙවියත්මඉ කුමුදුනි ගේ ඇගෙ යම් වෙනසක් ඇත්වෙන බව ඇයට තෙරුනේය..නිතර ඇතිවන අසනීප තත්ව නිසා ඇය යම් කිසි දවස් වල වැඩට යාම පවා නොහැකි විය.මෙ සියලු දේ නිසා ඇය දොස්තර කෙනෙක් හමුවිමට යැමට තිරණය කලේය..
අම්මෙ.., අනේ අම්මෙ හෙට අපි යමුකෝ බෙහෙත් ටිකක් ගන්න..මගෙ ඇගට හරි නැ දැන් ටිකක් කල් ඉදලා..කුමුදුනි තම අම්මාට පැවසුවේය..
ඒ මොකො මෙ...
අනේ මන්දා අම්මෙ..,

අනේ මන්දා....ඊලග ටික පස්සෙම දාන්නම්...!

Sunday, January 1, 2012

එකම එක දවසක්..

සිගරට් බීම නවත්තන,
අරක්කු බොන එක නවත්තන,
මා පියන්ට කීකරු වන
ආදරයට අවංක වන
පවුලට ආදරේ කරන
එකම එක දවසක්

උදෙනම නැගිටින
රැකියාවට වෙලාවට යන
පිරිසිදුව අදින
හැමදේම පිලිවෙලට කරන
එකම එක දවසක්..

සමහරු.......
කානු වලින් නැගිටින
නිදි පැදුරේ වමනෙ ගොඩින් නැගිටින
වමනෙ නවතින්න "ජීවනී" බොන
අතපය කඩාන හොස්පිටල් ඉන්න
එකම එක දවසක්..

ඒ හැමදේම වන
ලොව පුරා සියලු දෙනා
තරහ මරහ අමතක කරන
එකම එක දවස....
සුබ අලුත් අවුරුද්දක් කියා
සුභ පතා ගන්නා අද දවස

එහෙනම් ඔන්න
සුබ අලුත් අවුරුද්දක්