Sunday, July 31, 2011

අපේ කෙල්ලන්ට ලියමි..

බදාදා කියන්නෙ මගෙ නිවාඩු දවස.සිංහලෙන් කීවොත් ඩෙ ඔෆ් එක.ඒත් පසුගිය බදාදා පොඩි උවවනාවකට හදිස්සියෙම ඔෆීස් එකට යන්න උනා.ගිය වැඩෙ කරගෙන ඉවර වෙනකොටම වාගෙ දැක්කෙ ඔෆීස් එකෙ කෙලවරෙම ඉන්න "චාලියා".
ආමාශයම පෙනෙන්නට හීනා වීගෙන ඉන්න "චාලියා"දැක්කාම හිතුනා පොඩ්ඩක් ගිහින් කතාකරලා එන්න..
ආහ්....මොකද මෙ පැත්තෙ..චාලි එහෙම අහනකොට මං පොරගෙ මෙසෙ ලග තිබ්බ පුටුවෙන් ඉදගත්තා..
නිකන් ඇවිත් යන්න ආවා..උබලා මෙහෙ ඉදන් අයිස් ගහනවද දන්නැනෙ..ඒවත් දැන් මටම බලන්න වෙලානෙ තියෙන්නෙ..කියමින් මා කතාවට මුලපිරුවත්..
එක පාරටම කෙනෙක් අපි දිහා බලා ගස්සගෙන යනව දැක්කා..
ඒ කව්ද මේ...මන් ඇහුවා..
සිZනා නේද.චාලි ඉතමත් අසාවෙන් උත්තර දුන්නා.
ඒ ඒකි අද වැඩද බන්...මා ඇසුවෙ ඇත්තටම පුදුමෙන්..
ඔව් බන්...පිස්සි....කියමින් චාලි උත්තර දුන්නා...
මෙහෙත් මහ පුදුම මගුල් තියෙන්නෙ නේ බන්..
මට නිකන්ම කියවුනා......
ඔව් බන්....මුන්ට පිස්සු..අයෙත් චාලිය කීවා....
සීZනා කියන්නෙ වයස අවුරුදු 17ක් වෙද්දි අපෙ ඔෆිස් එකට ඇවිල්ලා රාජකාරිය ඇරඹු කෙල්ලක්..වයසට වඩා මුහුකුරා ගිහින් ඇති බව පේන්නෙ දෙන් වැඩ ටික නියමෙටම කරන හිනදා..ඒ වගෙම හැඩයෙනුත් කටකාර කමෙනුත් අඩුවක් පේන්න නැහැ.
ඒක නිසාඅම බොහො දෙනෙක් ඇ වෙත බැල්මක් දැම්මෙ නැ කීවොත් මන් වැරදියි.
මේ පසුගිය බදාදා කියන්නෙ ජුලි 27නෙ..ඉතින් මේ කටකාර,හැඩකාර කෙල්ලගෙ වෙඩිම තිබ්බෙ කවද්ද කියලා ඇහුවොත් බලන ඔයාලා පුදුම වෙයි..
ඒ තමා ඊට පහුවදා..,ඒ කියන්නෙ ජුලි 28.....
කාටද යකො පුදුම හිතෙන් නැත්තෙ...තමන්ගෙ වෙඩිමට ඉස්සරල දවසෙ වැඩ කරා කීවාම....
ඒත් මිත්‍ර වරුනි මෙ ඇත්ත කතාවක්.....
ලංකාවෙ කෙල්ලො නම්....,
වෙඩිමට මාස 6කට කලින් ඇදුම් ගන්න පොරේ...වෙඩිමට වෙනම,ගොයින් අ වෙ එකට වෙනම,ෆොටො ගහන්න වෙනම.....අම්මෝ......මොනතරම් කරදරයක්ද අර බදින්න ඉන්න කොලුවට තියෙන්නෙ..
ඊට පස්සෙ ෆේෂල් කරනවා කිය කියා රටේම තියන ක්‍රිම් වර්ග මුනෙ උලාගෙන නටන නැටුම්...
බලන් ඉන්න අපිට පිස්සු හැදෙනවා...හැදිලා හොද වෙනවා.....
ඇත්තටම සීZනා ඒ අතින් මොන තරම සැහැල්ලුද??????
වෙඩිම හෙට කියල අද වැඩ කරේ වෙඩිමෙන් පස්සෙ එන ජීවිතෙට ලැහැස්තිවෙනවා කියන එක පෙන්නමින්...
තමන්ගෙ මගුල් දිනය ජීවිතෙ එක පාරයි එන්නෙ කියන උදවිය එක්ක මන් එකගයි..කොහොමත් අපි ගෙවන දිනයක් අයෙ එන්නෙ නැ කියන එක හැමොම දන්නවනේ..ඉතින් මගුල් දවස විතරක් ආයෙ එයිද??..
වෙඩිමට ගිහින් ආපු චාලි කීවෙ එය හොදින් තිබු බවයි..ඒ ගැන වැඩි විස්තර චාලියා ටුනාලන්තෙට ලියයි...ඔයාලා බලන්නකො.....
ඒත් වෙඩිම තමන්ගෙ ජිවිතේ ලස්සනම දවස කරගන්න මාන බලන අපේ කෙලි ගැටිස්සියන්ට කියන්න තියෙන්නෙ......
වෙඩිම ඔයාලගෙ ජීවීතේ ලස්සනම දවස කරගන්න,.ඒත් ඒක වෙඩිමට ඉස්සරින් හරි පස්සෙ හරි ජීවීතය විදවන දවසක් කරගන්න එපාය කියන එකයි.

රාමදාන් සද බලන්න එන්න ෆාතිමා........



කන්න දෙයක් ඉල්ලා පාරෙ හිගාකන මිනිසුන් කොච්චරද?...........

මහා ධනවතාගෙ සිට දුගියා දක්වාම වු සැමොගෙම ජීවිතයෙ ප්‍රධාන අරමුන වන්නෙ කුසට අහරක් ලබා ගැනිමය.ඒත් සමහර දෙනෙක්ට එයද හිමි වන්නෙ දවසටම එක පාරකි...ඒත් සමහරුන් කැමක් නැතිව කොපමණ කාලයක් ඉන්නවාද?
"නෝම්බි" නැතහොත් රාමදාන් මාසය තව පැය කිහිපකින් එලඹිමට නියමිතව ඇත..

ඉතින් මේ එලබෙනන ශුද්ධ වු රාමසාන් මාසයේ ලොව පුරා දහස් ගණනින් වු මුස්ලිම් බැතිමත්හු නිරාහාරව,මෙන්ම තම ආගමට මුල්තැන දෙමින් කාලය ගත කිරීම සිදුවෙයි..

නිරාහාරව ඉදිමින් ජීවිතයෙ දුක උරුම උන්ගෙ දුක තෙරුම් ගැනිම උදෙසා මහා ධනවතාගෙ පටන් සැවොම එක්වි රාමදාන් මාසයෙ නිරාහාරව ඉදියි..

මෙ කාල පරිච්ඡයෙදි මුස්ලිම් බැතිමතුන් අහාරයක් උගුරෙන් පහලට ගැනිමට තහනම්ය(මා කියන්නෙ දිනයෙ නිරාහාර සිටිමට පටන් ගත් පැයෙ සිට ආගමික වතාවත් අනුව නැවත ඔවුන් අහාර ගන්නා පැය තෙක් කාලය තුල.)ඒ විතරක් නොව,මෙ කාලය තුල තම සහකරු සමග ලිංගිකව හැසිරිම යන කාරනාද,අඩුම තරමෙ එවැනි දෙ පිලිබදව සිතීම පවා තහනම්ය.ඒක නිසාවට මෙ මාසය .මෙ පිලිබද වු පනිවිඩය ලෝක වාසි මුස්ලිම් ජනතාව දැනගැනිමත් සමග ඔවුන්ද රාමදාන් මාසය අරඹයි.(ඉහත රුපයෙ පෙනෙනෙ රමදාන් සද රට ඉදි ගස් උඩින් පෙනෙන අයුරුය.)

මේ අරබන මාසය තුල,දිනයෙ නියමිශුද්ධ වු මාසය ලෙස නම් කර ඇත.
ඉස්ලාම් දින දර්ශනයෙ 9 වැනි මාසය රාමදන් මාසය ලෙස හදුන්වන අතර,සද දැකිමෙන් පසු ඔවුන් රමදාන් මාසය අරඹයිත කාලය තුල ආගමික වතාවත් කිරීමත්,කුරාණය කියවීමත්,සමහරුන් හජ්" වන්දනාවෙ යෙදිමත් සිදුකරණු ලබයි.
වැඩුණු නීරොගි ශිරුරක් ඇති යව්වනයාගේ පටන් නිරෝගි සැම දෙනෙක්ම මෙ කාලය තුල නිරාහාරව සිටියි.ගැහැණුන් තම ඔසප් දිනයන් හි නිරාහාරව සිටිය නොහැක.එය ඉස්ලාම නිතීයෙන්ම තහනම් බව දැනගන්නට ඇත.
මේ කාලය තුල ඉතා ප්‍රසිද්ධ අහාර වන්නේ,කොමඩු පානයත්,රට ඉදිත්ය.නිරාහාරව සිටිමෙන් පසු උදාවන අහාර ගැනිම සදහා වු කාලය මොවුන් ආරම්ඹ කරන්නෙ කොමොඩු යුෂ පානයත් සමගය.
ඉතින් ෆාතිමාලා, ශිෆානලා,මොහොමඩ්ලා,අබ්දුල්ලලා යන සැම කෙනෙක්ම මෙ එලඹෙන ජුලී 31 හො අගෝස්තු 1 වෙනිදා සද දැකිමෙන් අනතුරුව රමදාන් අරඹනු නිසැකමානය
මුස්ලිම් රටක සේවය කරන මා හට රාමදාන් සදහා ඔවුන් ලහි ලහියෙ සුදානම් වන ආකාරය පේනවා..ඉතින් ඒ හින්දා මෙ වැනි පොස්ට් එකක් දාන්න හිතුණා
..

Tuesday, July 26, 2011

ප්ලාස්ටර් නෙවෙ බං පුල්සාරි....

මේකත් මෙ පරන කතාවක්.දැනට අවුරුදු 9 කට වාගෙ ඉස්සර වුනු දෙයක්.
ඒ කාලේ මන්
පහන්පැල හි ඉගනගන්නවා.
ඒ දවස් වල අපෙ ... එග්සැම් කාලේ.
අපිට තිබ්බා පාඩම් කරන්න,පොත් කියවන්න,වෙනමම කාමරයක්.ඒකට කිවෙ රීඩින් හොල් එක කියලයි.ඉතින් අපි ගන්න සති අන්ත පත්තරෙත් තියෙන්නෙ මෙ හොල් එකේ මෙසෙක ගැටගහලා.......
එදාට පහුවදා එග්සැම් එක නිසා කට්ටියම වාගෙ පාඩම් කරන්නයි,ඇසයින්මෙන්ට් එක ගහන්නයි එකතුවෙලා හිටිය මෙ හොල් එකට,
ඒදා අගහරුවාදා දවසක් නිසා සති අන්ත පත්තරෙත් තිබ්බා තාමත්.....
මාත් පොතක් අරන් ගියෙ පාඩම් කරන්න හිතාන තමා.ඒත් මිත්‍රයෙකුගෙ උවනාවට ඔහුගෙ එසයින්ග්මන්ට් එකෙ කවර් පෙජ් එක හදන්න උනා.අපිට කම්පුටර් තිබ්බෙ නැති නිසා අතින් කවර හැඩ කරන වැඩ මට තමා පැවරිලා තිබුනෙ.
ඔන්න මන් වැඩෙ කරන් යනවා.මාත් එක්කම රිඩින් හොල් එකට ගිය "තඩියා"(තව මිත්‍රයෙක්) පත්තරෙ කියවන්න ගත්තා
"තඩියා"ගෙම නම තියන තව එකෙක් හිටියා.මැන් අඩි 5යි අගල් 1ක් උස නිසා අපි උට කොටා කියලයි කිවෙ.එආ වාගෙම පොර පන්ඩිතයා,වගේම පචයා.ඒක හින්දා "මුචා"කියලත් කියන්න උනා.
ඔන්න මෙ කොට මුචත් එතෙන්ට ආවා.
දැන් තඩියා පත්තරෙ බලනව.පොරට මාර බයික් ඇම්මක් තිබ්බෙ.මෙ කාලෙ තමා බජාජ් "පල්සර්" බයික් එක මාකට් එකට ආපු කාලෙ.....
පත්තරේ කියවන තඩියා එක පාරටම කැ ගහනව.
ඒ මචන්...මෙන්න අලුතින් බයික් එකක් ඇවිල්ලා.......
වන්....ෆිෆ්ට්....සි.සි,ආහ්.ඉන්දියාවෙ හදලා තියෙන්නෙ.පෙට්‍රල් හොදට කරනව.
මට මචන් මෙක ගන්න හිතෙනවා.
හිටපන් මම අප්පච්චිට කතා කරල කියන්න........
එසේ කියු තඩියා ඔහුගෙ දුරකතනයෙන් ගෙදරට කතාකිරිමට උත්සාහ කලා......
ඒ මොකක්ද බන් බයික් ඒකෙ නම...,මම ඇහුවා..
හිටපන් බලන්න."තඩියා කිවා...
ම්ම්....ප්ල...ස්...ටර්.....
ආහ් ප්ලාස්ටර්....ප්ලාස්ටර් වන් ෆිෆ්ටි.......
ඒ කියන්නෙ බයික් එකෙ නම "ප්ලාස්ටර්" යලිත් වරක් මම ඇසුවෙ හිනාවත් පුදුමයත් අතරින්....
ඔව් බන්...ඔහුගෙ පිලිතුර කිසිම පැකලිමකින් තොරවය..
මා පත්තරය ලගට ගියෙ....
බලපන් ඩෙටොල් ප්ලාස්ටර් ද කියලා....අසමිණ..
පත්තරය බැලුවා..වෙලා තියෙන දෙ හොදින්ම තේරුණා.....
දැන් උබ ගෙදරට කීවද?.මම ඇසුවෙ හිනවෙමින්
නැ.එයාලා ෆොන් එක ගත්තෙ නැ......
කියපන් ගෙදරට,උබට ප්ලාස්ටර් බන්ඩලයක්ම අරන් දෙයි..එකක් රුපියල් 2යි නේ, මා එසෙ කියනා විට කොටාද හිනාවෙමින් පත්තරයෙ ඇඩ් එක බලන්න ආවා....
ටික වෙලාවකින් කොටා කිවා
ඒයි තඩියො...අනේ උබනම් මැට්ටෙක්...මී හරකෙක්.ඇගත් ඒ වගෙනෙ..කොටා කියාන යනවා..
ඇයි මොකො.....තඩියා ඇසුවෙය......
මෙ මෙ බලපන්..මෙ ප්ලාස්ටර් නෙමෙ....... මෙ බයික් එකේ නම පුල්සාරි.........
කොට කිවේ අගනා පැහැදිලි කිරීමක් ද දෙමින්....
මෙක හදන්නෙ බන් ඉන්දියාවෙනෙ....එහෙ ඉන්නෙ හින්දු මිනිස්සු....
හින්දු අයගෙ දෙවියෙක් තමා පුල්සාරි කියන්නෙ...
ඉතින් අපි ඔය ලොරි, බස් වල "බුදු සරණයි"කියලා ලියනවා වාගෙ තමා උන් දෙවියන්ට ගරු කරන්න පුල්සාරි කියලා නම දිලා තියෙන්නෙ........
කොටා නියමෙට පැහැදිලි කිරිම දුන්නේ ඒ විදිහටයි......
ඊට පස්සෙ කට්ටියම සෙට් වෙලා කොටාව බයිට් කරේ උගෙ කිසිවක් නොදන්නා පැහැදිලි කිරිමටයි.
ඉංග්‍රිසි කියන්නෙ අපෙ දෙවන බාසාව නිසා "තඩියා"ට සමාවක් තිබුණි...
තාමත් "තඩියා"මගෙ ගජ මිතුරෙකි..ලංකාවට යන සැම විටම මාගෙ පලමු දුරකතන ඇමතුමෙන් ඔහු මාව බලන්නට එයි.
කොටානම් කොහේද දන්නැ.මන් හිතන්නෙ කොවිලක ඇති...

අමතක නොවන පහන් පැලෙ තවත් මතක සටහනකි.......,

Saturday, July 23, 2011

ටැන්කි සුද්දා...

මෙකනම් පොඩි කතාවක්.මීට...අවුරුඩු 3කට වාගෙ කලින් වුනු දෙයක්.කියවලාම බලන්නකො...........
සතියෙක්ම වැඩ අඩු වුනා.
අහ්..මෙ සිකුරාදත් එච්චර වැඩක් හිටින එකක් නැ.අපි ට්‍රිප් එකක් යමු.කළමනාකරිත්වයෙන් අදහසක්.
ඔකේ..,අපිත් එනව.සේරම ලන්කාවෙ අයත් ඔන්න ට්‍රිප් එක යන්න ලැස්තිවෙනව.අපි හොද ෆන් එකක් ගමු..ඒත් ඉතින් නැටුම් තෙල්වත් අරන්යන්න බැහැනෙ..
ට්‍රිප් එකක් නම් ඒවා තියෙන්නම ඔනෙනෙ.නැටුම් තෙල් නැතුව ට්‍රිප් ගිහින් වැඩකුත් නැනෙ.
කරන්න දෙයක් නැ.එවා අරන් යන්න බැරිනිසා අපි අහින්සක ආතල් එකක් ගමු.
කට්ටිය කතා වුනා.
ඔන්න සිකුරදා දවසත් අවා.
අහ් ජි.එම් ගෙන් කොල් එකක්.
අපි හතරට යනවා.ඔයාලා රෙඩි නෙද?ඔහු ඇසුවේය.
ඔව්.අපි එනවා.මම කිවෙමි.
හතරට යනව.කට්ටිය සෙට් වෙමු එහෙනම්.මා මිතුරන්ටද කිවේය.
ඒත් බන් කො අරු.
මැන් ටවුමට ගිය ඔෆිස් එකෙ වැඩකට.4 වෙද්දි ඒවි.
වේලාව හතරත් පහු වුන.ටවුමට ගිය පොර තාම නැ.
ආහ්..අයෙත් ජි.එම්.කොල් කරනවා....
හලො..ලන්කාවෙ අය එන්නැද්ද?
එනවා සර්,අර අරයා ටවුමට ගියා,තාම අවෙ නැ.
ඔකේ.අපි දැන් යන්න ලැස්ති.එයාට කතාකරල බලන්න.
ඉන් පසු මා ටවුමට ගිය මිත්‍රයාට කතාකලෙමි.
ඔහුගෙ පිළිතුර වුනෙ"මම එන්න පැයක් යනව.එයාලා යනවනම් උඹලත් පලයල්ලා.අව්ලක් නැ"
ඒත් කමිටුවෙ තීරණය වුවෙ.පොර යන්නැත්තම් අපිටත් බැ.ඇරත් පොර ගියෙ ඔෆිස් එකෙ වැඩකට.මෙයාල ඉන්න ඔනි එයා එනකන්.
විය යුත්ත එය වුනත් ටික වෙලාවකින් අප දැනගත්තෙ කට්ටිය ගමන යන්න අවසාන තිරණය ගත්බවත්,අප නැතත් ගමන යන බවත්ය.
ඒ බව දැනගත් අපෙ අය.
ඔකෙ,එයාලා ගියවෙ.අපි මෙහෙ ඉදන් ෆ්න් එකක් ගමු.
ගත් වුයෙ නිමෙෂයකි.දස අතට ෆොන් කොල් ගත් අපෙ අය නැටුම් තෙල් සදහා බලපත්‍ර ඇති කෙනෙක්ගෙන් ගිනි ගානට බොතල් දෙකක්ම ගෙනාගත්තෙය.
දැන් ඉතින් අපියි රජාලා.ටක් ගාල සෙට් වෙමු.කව් රුවකුත් නැනෙ.
සින්දුවක් කියලා ෆන් එකක් ගමු.
රැ හත වෙද්දි කට්ටියම නැටුම් තෙල් ටිකත් අඩුම කුඩුම ටික ලග රවුම් වුනේය.
හරි එහෙනම්..පටන් ගමු.
මන් නම් මල්ලි බොන් නැ..කියු සෙනා අය්යා ඉස්සොරොම අඩිය කට කපල ගැසුවෙය.මන් මෙ වර්ගය බීලා තිබ්බෙ නැ.එකයි චුට්ටක් ගත්තෙ.
ඒ ඔහුගෙ හැටියක් වුවෙය.නිතර සුරන්ගනා බොරු කියන නිසා අපිට ඔහු "පච සෙනා"වුනි.
ඒ ගත් චුට්ට බොතලේ කාලක්ම ඉවරකරන චුට්ටක් වුනි.
බොතලයක් ඉවර වුනි.කට්ටිය සින්දුව පටන් ගත්තෙය.
නැගලා යන නිසා ඊ ලග එකත් කැඩුවෙය.අලුත් බොතලය දැකපු සේන අයියා...
අා..නේ...මෙක සෙන්ට් බොතලයක් වාගෙ.ලස්සන නෙද සර්" කියා ලග හිටපු අයෙකුට කිවෙය.
දෙන්න මල්ලි ටිකක් බලන්න..
අහ් ගදකුත් නැනෙ.......
චුට්ටක් බීලම බලමු...කියා අයෙත් පුරුදු චුට්ට දාගත්තෙ කප් එක පීරෙන්නමය..
ටික වෙලාවක් යද්දි කට්ටියට හොද ගනන්..
සින්දු කියන්නොය.නටනවා කියමින් දගලන්නොය.....
කොහොම හරි හොද ෆන් එකක් ගත්තා.
සියල්ල ඉවර වි කට්ටිය එලියට චුට්ටක් ගියා.
ඒත් සෙනාත්.තවකෙකුත්(ටැන්කි සුද්දා) කාමරයෙ ඉතිරිවිය.
ටික වෙලාවකින් කාමරයට ආ අපි,අපි අතර සිටි බොන් නැති මිත්‍රයා කිවෙ...........
කො..දෙන්න සෙන අය්යෙ ඔය බයිට් දාපු පිගන් ටික.මන් සොදලා දන්න.නැත්තම් ගද ගසයි කාමරෙම.
එක පාරටම කට ඇරපු සෙන අයියා..
මොන පිගන් සෙදිල්ලකද....
ඔයා බය නැතුව ඉන්න.අර ටැන්කි සුකද්දා පිගන් දෙකම සුද්ද කරා මල්ලි..
(මෙ මොකකද මෙයා කියන්නේ)
කව්ද සෙනයියෙ ටැන්කි සුද්දා.
අර මාලු ටැන්කි වල ඉන්නෙ ටැන්කිය සුද්දකරන මාලුවෙක්.ඒ වාගෙ කෙනෙක් මෙතනත් ඉදලා පිගන් ටික ඇගිල්ලෙන් පිහලා කාල සුද්ද කරා.දැන් මෙ ඔයලා එද්දි කාමරෙන් ගියෙ.
එතකොටයි අපට මතක් වුනෙ,අපි එලියට යද්දි සෙනයියත් එක්ක කාමරෙ කයිය ගහ ගහා හිටපු පොරනෙ.
ඇත්තටම පිගන් සොදලා වාගෙ මිනිහා පිගන් ටික පිහගෙනම කලා.
ප:ලි.කොහොමත් කැම ජාති අහක දාන එක හොද නැ නොවැ.......

Wednesday, July 20, 2011

සෙල්වන්ගේ කතාව

යෙක කණ තමා රිදේනව අයියා...
වෙඩ කරන්න බේ වාගේ හිතෙනව..
සෙල්වන් මා ලගට විත් පැවසුවෙ ඔහුට වැඩ කිරිමට තිබු අපහසුතාවයට බව මට තෙරුණි.
මොකද වෙලා තියෙන්නෙ.
"අනේ මන්දා..රිදේනවා....පොඩ්ඩක් බලන්න.." කියා ඔහු දකුණු කන මට පෙන්නුවෙය
මීට අවුරුදු 12 කට පෙර දොස්තර කෙනෙක් විමෙ සිහින මවමින් සිටි මම කොන්දොස්තර කෙනෙක් නොවි,ගස් දොස්තර(ඒ:අයී)කෙනෙක් විම ගැන අවසානයෙ සතුටු වු මා ඔහුගෙ රොග විනිස්චය කෙසෙ ලබා දෙන්නද යෙයි සිතුනි.
සෙල්වන්..අපි යමු හොස්පිටල් එකට..ඉන්න මන් ඔයාට යන්න සල්ලි ලැස්තිකරල දෙන්නම්.
සෙල්වන් කියන්නෙ නැගෙනහිර පැත්තෙ මනුස්සයෙක්..දරිද්‍රතාවයත්,වසර 30ක් පුරාවට ඇවිලෙමන් තිබු යුද්ධයත් නිසා ඔවුන් අන්ත අසරණ වී ඇත.තාමත් හොද ආර්ථික මට්ටමක් නැති ඔවුන් දැකිමෙන් පවා ඇතිවෙන්නෙ අනුකම්පාවකි.

අප ඉන්නා දුපතෙ තිබෙන Hospital බෙහෙත් ගැනිමට ගිය සෙල්වම්ට කියා
තිබුනෙ මාලෙ නගරයට ගොස් බෙහෙත් ගන්නා ලෙසය.අවසානයෙ එහිද ගිය ඔහු ආපසු අැවිත් කීවෙ.
අයිය කනෙ ඔපරෙෂන් එකක් තමා තියනව කියන්නෙ.
ඉතින් මොකො අපි කරන්නෙ..
මම ලන්කා ගිහින් එන්න හිතනව..
හ්ම්..ඒත් අපරාදෙනෙ සල්ලි.මෙහෙන් කලොත් සේරම කම්පැනිය ගානේ.ලන්කා ගියොත්..........
ලක්ෂයක් දුන්නත් මෙහෙන් කරන්නැ.
අනේ මට යන්න ලැස්ති කරල දෙන්න අයියා........
ඒ ඔහුගෙ අවශ්‍යතාවය නිසා ම එය ඉටු කිරිමට ලැස්ති වුවෙය.අදාළ අන්ශ වලට ගොස් සියල්ල පාහෙ සුදානම් කරගත්තා.ඒත් එයර් ටිකට්...
එදා සෙනසුරදා නිසා ටිකට් ගන්න අමාරු දවසක්..බැන්කුත් වහලා.පඩිය????????
කෙලින්ම එකවුන්ට් මහත්තුරු හම්බෙන්න යද්දි"චාලියා" පනාව දාගෙන හිනාවුනා.
මොකො මෙ පැත්තෙ..මගෙන් ඇසුවෙය.
මෙ.මෙයාට යන්න ඔනලු..
සිද්ධිය විස්තර කිරිමෙන් පසු ඔහුට ලන්කාවට යාමට අවශ්‍ය සියලු දේ වරුණත්,චාලිත්,ශිවා අයියාත් එකතුවි කරදුන් නිසා මාගෙ පනිවිඩයෙන් පැය 3කට පසු ඔහුට යැමට හැකිවිය.
ඒ නිවඩු දිනයෙ සල්ලි හොයාගෙන ටිකට් එක ගන්න එක ලේසි දෙයක් නොවුනත් මෙ සියල්ල කරල දුන්නෙ,"චාලිත්'වරුණත්,ශිවා අයියත් කට්ටියම එකතු වෙලා.අවසානයෙ කට්ටියම එකතු වී සෙලවන් ගැන කතාකරද්දි කිවෙ..අපෙ එකෙක් බන්.මිනිහට පුලුවන් උදව්වක් කරන්න හිතුනා.මිනිහට අමාරුවකුත් තිබුනා නෙද?
පව් බන් මනුස්සයට.මට දුක හිතුනා..තවකෙක් කිවෙ ඔහුට බාර දි තිබු රාජකාරිය සෙල්වන් වෙනුවෙන් කල නිසාය..
සෙල්වන් කියන්නෙ දෙමළ බාසාව කතාකරන මනුස්සයෙකි.ඔහු ලන්කාවේය.
ඔහු රොගය සුවකරගෙන ලන්කාවෙ සිට පැමිණ උදව් කර සැම දෙනාටම ස්තුති කලේය.ඒ ඔහුගෙ මිනිස්කමයි.

අපේ ෆැක්ටිරියහි සැම ආගමකම,ජාතියකම ලාන්කිකයො වැඩ කරයි.ඒ හැමොගෙමෙ හිත්වල තියෙන්නෙ 'අපි ලන්කාවෙ'කියන හැගිමයි.හරිම එකමුතුයි.නිවාඩු ගිහින් එන විට ලන්කාවෙන් ගෙනෙන කැම ජාති බෙදාගෙන කන්නොය.එකට සෙල්ලම් කරන්නොය.ඒ අපෙ හැගිමයි.
රටෙන් බැහැරව දුරු රටක සේවය කරන හො වාසය කරන අපෙ ඇයො හරි එකමුතුයි.
තව කතාවක් මතක් වෙනව.
මාගෙ පහුගිය නිවාඩු මාසයෙ මා යාපනයට ගියෙමි.දවස් 4ක් එහි ගතකලෙ මාගෙ මිතුරන් දෙදෙනෙක්ගෙ රාජකාරියක් සදහායි.එහිදි අපට හමුවුයෙ යශොදරන් නැමැති කොලු ගැටවායි.අප හා බොහො කුලුපග වු ඔහු අප එහෙන් එන දවසෙ දුකෙන් කතාකලෙය.
ඒ සමගම ඔහු කිවෙ
අයියා මන කටාර් එකෙ වැඩකරද්දි අපි ලන්කාවෙ 14ක් හිටියා.මම එක ටැමිල් කොල්ලා,2ක් මුස්ලිම් අනික් අය සින්හල,අපි හැමොම එකා වගෙ හිටියෙ.මට එන දවසෙ ඇඩුනා අයියා.මෙ යුද්ධෙ නිසා අපි ඇත්වුනා.දැන් ඒක ඉවරයි.අයෙ යුද්ධයක් ඇතිවෙන්න යාපනෙ හො කිලිනොච්චි මිනිස්සු ඉඩතියන්නැ.යුද්ධකරන්න එනවුන් ට මිනිස්සු ගහයි"
ඉතින් පිටරටක ඉදද්දි අපිට සින්හල.දමිළ,මුස්ලිම් බර්ග,කියන සැවොම එකට සමගියෙන් ඉන්න පුලුවන් නම් ඇයි පුන්චි රටක් වන ලන්කාව තුල එකට සතුටින් සමගියෙන්,එක කැම එක බෙදාගෙන කාලා ඉන්න බැරිද?????
බැරි කමක් නැහැ..අපිට ඉන්න පුලුවන්..කතාකරන බසාව අනුව හො ආගම අනුව මිනිස්සු නොබෙදන්න .අපි හැමොම රතු ලේ තියෙන මිනිස්සු බව හිතමු.
අපි සැවොම සතුටින් ඉන්න නම් කලයුතු එකම දෙයක් වේ.
ඒ අපි ශ්‍රි ලාන්කිකයන් ලෙස හිතන දාටයි.එලෙස හිතන්න අද ඉදන්ම පුරුදු වෙමු.මෙ බ්ලොග් අවකාශයෙන් ලැබෙන පණිවිඩ වලීන් අපි හිතමු.
අපි ලස්සන ලන්කාවක් හදමු...
එය කලහැක්කෙ ලස්සන වදන් කියා අපිව රවටන දේශපාලකයන්ට නොව,,,
අපටමයි.

Sunday, July 17, 2011

සත්තයි ඒ නුඹ වෙනුවෙන්


හිරුත් සමග විරසකයෙන්
වළා කදුළු හලා අඩද්දි..
වැටෙනා ඒ කදුළු බින්දු
ගහ කොළ අතු පාට කරලා
කොද මල් මුකුලිත කරවා
මිහිකත සරසනවානේ

මාත් සමග විරසකයෙන්
නීල නුවන් රතු කරගෙන
කොපුල් තෙමා කදුලු හලා
ඔයා අඩ අඩා ඉදිද්දී.....

හද පොඩියත් සීතල වී
දහසක් සෙනහස් මල්
පිපෙයි මගෙ හද පත්ලේ
සත්තයි ඒ නුඹ වෙනුවෙන්

Friday, July 15, 2011

ඔරු පාරු තිබුනාට කිමදො පලේ........(සුන්දර ගමක පින්බර සිතුවිලි 2)

ගමක අසිරිය බාගයක් කියවපු ඔයාලා මෙ ටිකත් කියවලාම බලන්නකො.....

1997,මන් O/L කරල ප්‍රතිපල එනතුරු බලාන හිටි කාලයයි

සුනීත ගන්ගා ජලේ.........
නිල දිය රැල්ල වෙරළෙ හැපෙ.....
ඔරු පාරු තිබුනාට කිමදො පලේ........

ඒ වැසි කාලයෙ දවසකි.උදෙන්ම හුටු හුටු සද්දෙ තියාගෙන "ගුල්ල"(අපෙ ලොකු මස්සිනා) අපෙ ගෙදර අවේය.ටික වෙලාවක් කතාකරමින් හිටියෙය.
අඩො..යන්ද වැව බලන්න..දැන් හොදට පිරිලා ඇතිනේ...
නිකන් කාලෙ කකා හිටපු මට එය හොද අදහසක් වුවෙය.හොද ටම පිරි තිබු වැවෙ නිල්දිය මත නෙලුම් පාවෙමින් තිබුනි.ටික වෙලාවක් වැ බැම්මෙ කතා කරමින් ඉදිද්දි ගුල්ලා එකපාරටම කිවෙ..
අපි පාරුවක් හදලා පදිමුද..
ගුල්ලා යනු වාසිටි යාන්න ලැස්තිවෙමින් සිටි එකෙකි.අලුත් අදහසට මගෙන් උපරිම සහය ලැබුනි.ඉන්පසු අපට තවකෙක්ද එකතු විය.වත්තෙ තිබුනු ගස් කපා අමුද්‍රව්ය එකතු කරගත්තොය."ගුල්ලා"ගෙ දැනුමෙන් බල තුලනය කරමින් පාරුව සදා නිම කලොය.
එදා දවස නින්දට ගියෙ හෙට උදෙ මුහුන දෙන අලුත් අත්දැකිමකට සුද ගැන සිතමින්ය.
දවස එලබුනි.නියම වෙලාවද පැමිනියෙය.
එහෙනම් ඔන්න පරුව වැවට දැම්මා.කියමින් පාරුව වතුරට දැම්මෙය..
පාරුවට ගොඩ විණි.මගියො 3 දෙනයි.බලසමතුලිතතාවය අනුව පරුවෙ ඉන්නා අයුරුද කිවෙ ගුල්ලාය.ඒ ඔහුගෙ ශුද්ද ගණිත දැනුමයි.
ඔන්න අපිත් පාරුවෙ යනවො....හබල් ගසමින් මහා සතුටකීන් රවුමක් ගියෙය."ඊලග රවුම ටිකක් ඇතින් යමු"අර නෙලුම ගාලට එහායින් ඇ"
වෙගය වැඩිවිනි.මගෙ මුවින් ගීතයක්ද පිටවුනි.
සුනිත ගන්ගා ජලේ..නිල දිය රැල්ල වෙරලෙ හැපෙ....ඔරු පාරු තිබුණාට කිමදො පලෙ...
ජබොහ්.....
සිදුවු කිසිදෙයක් මා දන්නෙ නැත.මා ගිලුනු බව තේරුනි.හනික ගොඩට ඒමට ට්‍රයි කරුවෙය.වතුර මතුපිටට එද්දි මා දුටුවෙ පාරුව කැරකෙමින් යලිත් මාගෙ ඔලුව උඩට එන්නක් මෙනි.මහා කලු ගලක් ඔලුවට වැටෙනවා මෙන් හිතුනු මම,හිතුනෙ මෙය මාගෙ ඔලුවට වැටුනොත් මාව මැරෙනවායි යන්නය.මරණ බියෙන් හො යලිත් මා වතුරෙ එබුනි.
වාන් දැමිමට ඔන්න මෙන්න තිබුණු වැවෙන් වතුර උගුරු 3-4ක් බිවෙ,වැව වාන් දැමුවොත් පහලින් තියෙන කුඹුරු වලට වෙන විනාශය වැලඇක්විමට නම් නොවෙ..
කෙසේ හො මර බියෙන් දගලන මා අනෙකුන් විසින් ගොඩට ගත්තෙය.
අහ්..බය නැතුව කෙලින් වියන්...
අම්මෙ මෙ මොකක්ද,මගෙ පපුව ගාවටනෙ වතුර තියෙන්නෙ.
මටම ලැජ්ජා හිතුනි.පපුව ගාවට චුට්ටක් උඩින් වතුර තියෙද්දි මා මර බියෙන් දගලා ඇති බව වටහ ගත්තෙ එවිටයි.කාගෙත් සමච්ච්ලය අතරෙ එදා දවස නිම උනත් ඒ අත්දැකිම ආයෙ ලැබෙන්නෙ නැනේ..
කොහොම හරි අවුරුදු 21 ක් එ ගමෙ ජිවත් විය,හරියටම 2001 මැයි 3 වෙනිදා වැඩිපුර ඉගනගන්න ගෙදරින් ගිය මට අයෙ ගෙදර එන්න වුයෙ සති 2කට එක දවසකි.ඉන් පසු නොයෙක් රැක්යා වලට කොළඹ,අනුරාදපුර,දඹුල්ල වැනි ප්‍රදෙස් වල ඉන්න සිදුවිය.
ඊට පස්සෙ 2007 අගොස්තු 23 වෙනිදා ජයලත් අයියා ගුවන් ටිකට් එවද්දි මාලෙට එන්න කියල.එදා රැ ම මට මාලෙ එන්න උන නිසාත් දැන් ගෙදර යැවෙන්නෙ අවුරුද්දටම දවස් 30ක්.ඒ ගමනෙන් කියවුනු එකම දේ එදයින් පසුව ඒ ගමෙ ජිවත් විමෙ ඇති අයිතිය නැති වු බව කියල දැන් හොදින් වැටහි ඇත.
ඒ අයෙත් එ ගමෙ පදින්චියට නොයන බවට ගැනු මාගෙම තිරණකිනි.
අර්ද නාගරික පරිසරයක ජිවත් විමට යන මට ඒ සුන්දර ගම අහිමි වෙ.එය මතකය් පමණක්ම වෙ.තාමත් නොඉපදුනු මාගෙ දරුවන්ට මා ලැබු සුන්දර අත්දැකිම් අහිමි වෙයි.
බොහො අය නගරයට ගම් හතක් ඇතින් සිට මම අහවල් නගරයෙ යෙයි කිවත් මා කෙසෙ කිමට ප්‍රියනොකරන්නෙ මට එ ගම සුන්දර බැවිනි.එ නිසාCITY BOY කෙනෙක් විමට මට කිසිදු උවමනාවක් මට නැත.නගරයෙ වැඩෙන හයිබ්‍රිඩ් ජිවිතයට වඩා ගම සුන්දර යැයි මට සිතේ...ඒත් එය මින් මතුවට අහිමියි..
ඒ වාගෙම post එක නිමි

Wednesday, July 13, 2011

සුන්දර ගමක පින්බර සිතුවිලි...1

අතීතය සිහිනයක් පමණයි සැබැ සුවදක් නැ......

කරුණාරත්න දිවුල්ගනගේ මෙසෙ ගැයුවත් ඒ අදහසෙ යම්කිසි වු වැරැද්දකුත් තියනවා කියලයි මට හිතෙන්නෙ.
අතීතයෙන් තොර අනාගතයකුත් නැ කියල සමහරු කියනවා,
කොහොමත් ගොඩාක් අය අතිතයට යන්න අකමැතියි.ඒත් අතිතයෙ සුන්දර තැන් මතක් කරන්න එ කාලයට යන්න පෙරුම් පුරන අයත් නැතුවාම නොවෙ.
කව් රුත් ගොඩාක් අසායි තමන්ගෙ බාල කාලයට යන්න.මාත් මාගෙ බාල කාලයට ගොඩාක් අසායි.
අද තියෙන්නෙ එ වාගෙ කතාවක්.
මගෙ බාල කාලෙ එහෙම නැත්තම් ළමා කාලෙ ගෙවුනෙ සුන්දර වු ගමක.
උදැසන රන්වන් අහස යටින් කැමසොයාගෙන යන කුරුල්ලන්ගෙ ගි හඩින් දවස ආරම්බ කරපු මන් දවස නිමා කලෙත් ලා අලු පාටට තැඹිලි පාට කවපු අහස යටින් ගී කියාගෙන කුඩුවලට යන කුරුල්ලන්ගෙ ගි හඩත් සමගමය......
අපෙ ගම,කුඹුරු,පොල් ඉඩම් වලින් පිරී තිබු,ගල උඩ පිහිටි පන්සලත් ඊට පහලින් පිහිටි වැවත් නිසා අලන්කාර වි තිබුනි.

දෙසැම්බර් අගසිට මාර්තු අග දක්වා අදෙන සමනළ පෙරහැර අපෙ වත්ත මැදින් ගිය හැටි තාමත් මට මතකය.වයස අවුරුදු 8ක් විතර කාලයෙ සමනළයින්ට කවියක් ලියු මා එය අම්මාටත්,තාත්තාටත් පෙන්නුවෙය.ඉන්පසු අම්මාගෙ සන්ස්කරණයෙන් ඒ කවි විජය පුවත්පත යොමුකර එය පලවු හැටිත්,පුවත්පතෙ කොටස පාසැලේ දැන්වීම් පිවරුවෙ තිබු හැටිත් මට මතකය.

පොල් රුප්පාව දෙබැකරමින් ඇදුනු කුඹුරු යායකි.ලා ගොයමට මෙන්ම පිදිඋණු ගොයමට උදැසන හො සවස හිරු එලිය වැටෙද්දි දිස්වෙන්නෙ මනරම් වු දර්ශනයකි.පසැල් ගොස් ගෙදර එන මා හවස 5න් පසු වෙල්යායෙ ඇවිදින්නෙ එ අසිරිය විදිමටය.ඒ වාගෙම පිදුනු ගොයමට එන නොයෙක් වරගයෙ පුන්චි කුරුමිණය සමනලුන් දැකීමත් මාගෙ විනොදන්ශයක් විය.
ගොයම් කැපුපසු වෙල් ඉපනැල්ලෙ සෙල්ලම් කරද්දි දවස ගෙවෙනවා දැනුනෙම නැ.ගොයම් කපා අවසන් වන්නෙ බොහො විට පෙබරවාරි අග කාලයෙය.ඒ සමගම එන්නෙ අලුත් අවුරුදු නිවාඩුව නිසා හොද හැටි සෙල්ලම් කිරිමට කාලය සලසා දුන්නෙය.

අඹ වාරයට ලිද ලග ඇති අඹ ගසෙන් අඹයක් කඩා ගන්නා මා එය සොදාගෙන්නෙය.ඊලග පියවර වන්නේ අඹය ලගම ඇති පොල් ගසෙ මැදට එල්ල කරන වෙගත්වත් පහරයි."සිරිස්" හඩින් පැලෙන අඹය මැදට ලුනු,ගම්මිරිස් කුඩු දම විනඩි කිපයක් තබා කැමට ගනි..
පාසැල් නිවාඩු කාලයෙ මාගෙ උදැසන අහාරය වන්නෙ තැඹිලි හො කුරුම්බාය.වත්තට පමිනෙණ ත්තාගෙ සෙවකයෙකුට කියා කඩා ගන්නා කුරුම්බා වලින් පමණක් දවසම ගෙවු වෙලාවල්ද ඇත.
වත්ත පහලින් ඇදුනු ඇල දැදුරු ඔයෙ ප්ර දාන පොශක ඇලකි.
මහා වැස්සට බොරදියෙන් පිරුනු මෙ ඇල හො.. හො..හඩ දෙමින් ගලා ගියත් ඉන් පසුව සාමාන්ය දිනවලදි ලතාවකට සිරි සිරි හඩ දෙමින් ගලා යයි..අපෙ නිවසට නිතර පැමිණි මිතුරෙක් විය.ඔහු මාලු බැමට දක්ශයෙකි.නිතරම මාලුන් ඇල්ලිමට ඔහුගෙන් ලැබෙන ඇරයුම් අපට ප්‍රතික්ශෙප කිරිමට සිදිවුයෙ ගෙදරින් ඊට කිසිම අවසරයක් නොලැබෙන නිසාය.බිලී කොකු ගැනිමට හො නයිලොන් නුල් ගැනිමට කිසිම අවසරයක් නැත. එවැනි දෙ මිලදි ගත්බවට අරන්චියක් තාත්තාට ලැබුනොත් ඊට ලැබෙන දඩුවම ගැන මාත් මල්ලිත් හොදින් දැන සිටියොය.එමනිස කිසිම දිනක එවැනිදෙ සදහ ගෙදරින් මුදල් ඉල්ලුවෙ නැත.දවසක් අපේ යාලුවගෙ පෙරත්ත කිරිමට අපිත් ඔහු සමග මාලු ඇල්ලිමට ඇලට ගියේය.
කනාවට වාගෙ අසුවු මාලුවාගෙ නම ඔහු අපට කියා දුන්නෙය.එය කනයා කිවෙය.කිසි දෙයක් නොදන්නා අපි එය පිලීගත්තොය.ඉන්පසු එම මාලුවාගෙ ඇස්,වරල් ගැලවු ඔහු නැවතත් ඇලට දැම්මෙය.ඉන්පසු ටික වෙලාවකින් පිට හරහා එල්ලවු වෙගවත් පහර හතරක්ද,හයක්ද කියා බැලුවෙ දරාගත නොහැකි වෙදානාව නිසාය.
පව් වැඩ නවත්තල ගෙදර යමල්ලා......
ඒ හතරෙ පහර තත්තාගෙනි.හයක්,හතරක් නොදන්නා වුන් මෙන් අපි ගෙදර ගියෙ යාලුවාටත් නොකියාය.තත්තාට හොරන් අපි ආවත් තත්තා ඉවෙන් මෙන් එතනට පැමිණ ඇත.
_ _ _ _ _ _ _ _ _ _ ......_ _ _ _ _ _ _ _ ....._ _ _ _ _ _ _ _ _............._ _ _ _
1997,මන් O/L කරල ප්‍රතිපල එනතුරු බලාන හිටි කාලයයි
සුනීත ගන්ගා ජලේ.........
නිල දිය රැල්ල වෙරළෙ හැපෙ.....
ඔරු පාරු තිබුනාට කිමදො පලේ........

කතාව දිගටම යන නිසා ඉතුරු ටික පස්සෙ ලියන්නම්.
හොදම හරිය තව දවස් කිහිපයකින් බලන්නකො....

Wednesday, July 6, 2011

මහා බලසම්පන්න වස්තුව

විබාගය ජය ගැනිමට,
ඇණයෙන් ගැලවිමට,
First class ගැනිමට,
මෙන්ම සුවිමිනිතම ගොලයා විමටත්

ඒ වාගේම..........

රැකියාව රැක ගැනිමටත්,
උසස් විම් ලබා ගැනිම්ටත්..,
පඩිය වැඩිකර ගැනිමටත්...
කලමණාකරුවන් අතර ජනප්‍රිය සෙවකයා විමට්ටත්
මෙ සියල්ල සිදුකරදෙන
මහා බලසම්පන්න වස්තුව
මුට්ටිය........

දැත හුරු අය දැතම එකතුකර අල්ලන...
නුහුරු අය අල්ලන්නට නැතිව මුට්ටිය..
ජිවිතයම මට්ටු කරගන්නා..
මහා බල ආනුබාව ඇති වස්තුව..
මුට්ටිය....

Monday, July 4, 2011

අයියා...

පපුවෙ ගැවෙන්න දිගට රවුල අද්දගත්තු ඔබ..,
කොන්ඩෙ වැහෙන්න තොප්පියක් දාගත්තු අරමුණ,
තාම මම සිතමි....

Saturday, July 2, 2011

කලෙකින් සැන්දැ අහස දුටිමි..Go.male city..Go

සිකුරාදා සැන්දෙවෙ විවෙකයක් ගත්ත මගෙ සැලසුම වුවෙ මගෙ අතපසුවුනු වැඩ ටික කරගැනිමටයි.
ඒත් මොබයිල් එක රින්ග් වෙද්දි බැලුව.
අහ්.වරුණ....
මචන් ගයාන්...නිවාඩු එකෙ මාලෙ පැත්තෙ යන්ද..මොනව හරි කාලා එන්න..
තාමත් ගැටවර වියෙ ඉන්න වරුණ චමින්ද ඇවිදිමට රුසියෙකි..නිතරම විනොදයෙන් ජීවත් විමට ආසා ඔහු කාගෙත් හිත් දිනාගන්නෙ කඩවසම් පෙනිමටත් ඒ වගෙම රජකාරියට ඇති උද්යොගයත් නිසාය.
ලන්කාවෙ අපෙ නඩේගුරා වන ඔහු ඇත්තටම වටිනා සහොදරයෙකි.බැදි ඇති හිතවත්කමට යොජනාවට පිටුපාන්න බැරි විය.
එහෙනම් රැ 7.30 බොට්ටුවෙ යමු.මා කිවෙමි.
කට්ටියම එකතු වි යන්නෙ south cafe එකෙන් ඉදිආප්ප කැමටය.
අනේ එතනට ගිය අපිට අහන්න ලැබුනෙ ඉදිආප්ප ඉවර වු බවය.
ඊ ලගට චමින්දගෙ අදහස වුයෙ west park එකෙහි ඇති sri lankan food corner යැමටය.
ෆෙරි ටර්මිනල් එක ලගට ආ අපි Taxi ගැනිමට සිටියෙය.
අන්න බස් එක එනව.අපි එකෙ යමු.වරුණ එසේ කියද්දි මට පුද්ම හිතිණි.
පයින් ඇවිදිම ප්‍රදානම විනොදාන්ශය වු ඔහු අද බස් එකෙන් යන්න කතාව,
ඇරත් මාලෙ කොහිද බස්.
එ සමගම අන්ක 404 ලියාඅ ඇති බස් එක අවෙය.
පසෙකින් Go..Male city Go..... කියාද ලියා තිබ්නි.
කොන්තාකු.....එලෙස මාලෙ බසාවෙන් කොන්දස්තර තැන අසුවෙ කොහෙද යන්නෙ කියාය
මෙපමණ කාල්යක් මාලෙ නගරයෙ ප්‍රදාන ගමනා ගමන සෙවය වුවෙ ටැක්සිය.
සතියක පමණ කලයක සිට මෙ බස් ප්‍රවාහනය ආරම්බ කර ඇත.එ වාගෙම එය ජනතාව අතර ප්‍රචලිත වි ඇති අයුරක්ද දකින්න ලැබුනි.
අවස්ය තැනින් බැස ගත් අපි,මා ටිකක් සිරුවෙන් බසයෙ පසු පස දෙස බැලුවෙය.
MVK
in assocaite with BOC.

අහ්,මෙන්න....
ලන්කාවෙ ගොඩාක් දෙවල් වලට අත හිත දෙන අපෙ ලන්කා බැන්කුව මෙහෙත් ඒ වාගෙ වැඩකට බැහැලා.

කලෙකින් සැන්දැ අහස දුටිමි..

බොහො දෙනා ජිවත් විම සදහා රැකියාව කරද්දි අප රැකියාව සදහා ජිවත් වනවද යන්න මට හිතෙන වෙලාවල් බොහොයි.දෙවකාරියටත් වඩා රාජකාරිය අපට ලොකුවි ඇති බව සමහරු කියයි.
උදෙ 7,30 ට Factory යට යන අපිට වැඩ නිමාවන වෙලාව දන්නෙ දෙයියො පමණි.
පසුගිය මාසය පුරාම රැ 11.00 ට හො ඉන් පසුව වැඩ ඉවර උනු අපිට Factory යෙන් එහා ජිවතයක් තියෙනවද යන්න අමතක වි තිබුනි.
ඉදහිට ඈ ට call ගන්නා මට අහන්න ලැබුනේ
'මොකක්ද අනෙ ඔයලගෙ ජොබ් එක.ඔෆ් වෙන වෙලාවක් නැද්ද යන්නය'.
ඇත්තෙන්ම අනාගත ජිවිතය සුන්දර කරගැනිමට නම් මෙ වාගෙ රැකියාවක් කර සල්ලි හෙවිමෙන් පලක් නැත යන්න සිතුනු වෙලාවල් නැතුවාම නොවෙ.ඒත් මෙය හැමදාම එකලෙස පවතින්නෙ නැතිබව අපි හොදින් දනිමු..

උදෙ වැඩට යද්දි නෙපාල් ජතික poorna kumar ඇසුවෙ today what time finish.ඒ සිකුරාදා මාලෙ නිවඩු දිනය නිසාය.මා විහිලුවෙන් වාගෙ කිවෙ 5.00 clock.,5.00 clock.කියාය

අපෙ සැලසුම වුවෙ කෙසෙ හො හැකි ඉක්මනින් වැඩ නිම කිරිමය.
පුදුමයකි,..
අපි අදට නවත්තමු.
ඒ අපෙ ලොක්කාගෙ හඩය.
ඔව්..හෙටට ඇතිවෙන්න කලානෙ.දැන් බයවෙන්න දෙයක් නැ නේද.
මගෙ අදහස විය.

හරියටම මාසයකට පස්සෙ 5.00 කට්ටිය ඔෆ්.
අවසාන වසයෙන් factory ඇතුලෙ රවුමක් යන මට හමුවුයෙ Factoryය සොදන poorna
poorna,Happy මා අසනා විට,
ඔහුගෙ මුවෙ රැදි තිබුනෙ අහින්සක ජයග්‍රාහි හිනාවකි
ඔහුගෙ විතරක් නොව හැම දෙනාගේම හිත සතුටු වි ඇති ආකරය අපට දැක ගන්න ලැබුණි.
හැමොම වාගෙ හොදට ඇදගෙන එලියට බැහලා ගියෙ මාසයකට පසුව දකින සැන්දැවෙ අසිරිය විදිමටය.