Thursday, June 7, 2018

අතාගේ කතා...1

අප්‍රේල් 2 වෙනිදා.පුරුදු විදිහට කන්න ගියා.කැන්ටිමෙ රවුම් මේසේ ඉදගත්තා.මෙන්න එක පාරටම සින්හල කතාකර කර එන බුවෙක් දැක්කා.පොර සින්හලෙන් කතා කලේ බන්ගලියන් එක්ක.
ආ මේ අපෙ අලුත් වෙල්ඩර්..එතන හිට්පු චාලි අපට කීවා..
මල්ලි... එන්න මෙතෙන්න..කෙනෙක් කීවා..බත් පිගාන අතේ තියන් ආපු මූ..අපි ලග ඉදගත්තා..
අම්මෝ...ඇති..යාන්තම් ලන්කවේ සෙට් එකක් ඉන්නව මෙහෙ..මන් මේ කල කිරිලා හිටියේ අයියා

පොර දිගින් දිගටම කතා කරන් ගියා..බත් කලා නගිටිද්දි තමයි දැක්කේ...
මෙන්න....මුගෙ අත....
පව් අප්පා.ඇගිලි 5ම නෑ.අල්ලෙන් බාගෙකුත්  නැ..
එතකොට කෝමද මු වෙල්ඩින් කරන්නේ..

ඔන්න ප්‍රශ්ණ ගොඩක් අපෙ ඔලුවට ආවා..මු අයෙත් තේ එකක් අරන් මෙසෙට් ආවා..
මල්ලි කොහොමද ඔයා මෙහෙ ආවේ.සුපුරුදු ප්‍රශ්නය..

දැන් මෙහෙමනෙ අයියා..මගෙ ඔලුවෙ තියෙන ප්ලැන් එක ඉතාලි යන්න..
ඉතින් ඉතාලි යන්න ඇනේ ගහන්න තමයි මෙහාට ආවේ..