Friday, September 13, 2013

සතපනු මා කන් අඩි සිහිලස දෙවමින්

හෙනහුරාදා එයි ඉරිදට නිවාඩුවත් අරන්
පුරුද්දට වගේ හිත යයි තට්ටය ලගට ඉතින්
වෙව්ලන්න ගනි දෑතම දගලවමින්
අයදී බෙහෙත් කන් අඩි දෙක රත්කරමින්

පර්ස් එක ලාච්චු පිහලා හොයා ගත්තු
දෙසිය මදිවේ බාගයක් ගන්න
දෙනවද සනසන්න කියක් හරි මාව
බෙහෙත් ගේන්න කන් අඩි දෙක රත්වෙන්න

බෝක්කුවේ සොහොන් පිටියේ බොන්න බැනේ
වැඩි උනාම කානු ගානේ ඉන්න බැනේ
එහෙම උනොත් ඔයාගේ නෙත කදුළු ඒවි
ගෙදර ඉදන් කන් අඩි දෙක රත්කරන්නේ

බටු පතෝල වට්ටක්කා කැකිරි කපලා
බලන් ඉන්න ගෙනා බිත්තරෙ අරන්
එකතු කරලා තෙල් ටික්කට දාලා
සැරට දෙන්න කන් අඩි දෙක රත්වෙන්නට

ගේ මිදුලෙ අඹ ගහ යට මද අදුරට
තල්ලු කරල රවුම් මෙසෙ ඒ ඇතුලට
විසී කරල ලැලි පුටුව මෙසේ ලගට
හදල දෙන්න කන් අඩි දෙක රත්වන්නට

අඩිය අඩිය ගහලා බාගෙ හිස් වෙද්දි
ඇස් ලොඹු දෙක රතු කරගෙන ගිනි විසිවෙන
ඉන්න එපා යක්ෂණියක් වාගේ ඔයා
ඩබල් වේවි රත්වෙන එක කන් අඩි දෙක

අඩිය තියලා ගෙට යන්නට බැරිවෙද්දි
දෙන්න ප්‍රියේ දැතම මගේ දැත වෙතට
වත්තම් කර මා ඇතුලට වඩම්මන්න
දෙන්න එපා කන් අඩි රත් වෙන්න මගේ

මයි මනි,ගල් බාගේ ගහලා වැඩි උනාම
මයි බඩ කැරකෙයි ටිකක් වැඩි වැඩියෙන්
මයි වමනය උබේ ඇගේ ගලා යද්දි
දෙන්න එපා කන් අඩි රත්වෙන්න මගේ

මෙත් මුදිතා කරුණාව දයා මොදු කරන්
ඔයා ඉන්න දෙහි ගෙඩියක් දෙකට කපන්
ඔළුව පුරා ලයිම් සුවද පතුරවමින්
සතපනු මා කන් අඩි සිහිලස දෙවමින්

1 comment:

  1. හපෝ පවු ගැනිට වමනේ අදින්නත් වෙනවා නේ..

    ReplyDelete