Wednesday, March 14, 2012

මැණිකෙ මම් ආයෙත් ගෙදර එනවා...

කිරි කජු උයාලා කිරෙන්
පුච්චා පොතු ගසා වෙලිච්චා
තියනවාලු මා එනතුරු අම්මා
ඉතින් කුමටද ඉන්නේ බලා

ලපටි මුන මලානික කරගෙන
නෙත් අග කදුලක් පුරවාගෙන
ගිහින් එන්න කි හැටි වැදලා එද්දී
සිහිවේ නින්දට කලියෙන් සැමදා

මේ සැමදේ මතක් වී එද්දී
නැගෙන අසාවන් අතරේ
සිතුනි යන්නට බලා එන්නට යන්න
මගේ ගමරට හිතවත්තු..

ගිහින් ලොක්කා ලගට හිනැහි
විලිසා දත් සෙට් එකම පෙන්නා
ඉල්ලු නිවාඩුව අනුමත හින්දා
කුමට ඉන්නද තව තවත් ලතවී

ලැබුනු බව නිවාඩුව දන්වා
දුන්න ඇමතුම අහල උන්දා
එන්න එන්න නොමයන්නට පතලා
කීවමුත් දින දොළහෙන් හැරෙමී..

දුම් පයිප්පය කට අග රදවා පුටුවේ ඉදලා
උපැස් යුවලෙන් හොද හැටි දුර දිග බලලා
සොලමන් ඩයස් උන්නැහැ අඩු වැඩි මැනලා
හැදු ප්ලෙන් පිට්ටෙනියෙන් එනවා බැහැලා

Monday, March 12, 2012

උද්ගතවී ඇති තත්වය හමුවේ මා අසරණයි..සත්තයි..

ඉවසන දනා රුදු යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කීවලු..
ඒ කියන්නේ මිනිස්සු ඉවසන්න පුරුදු වෙනකොට කඩු තියෙන්නෙ කොස් කොටන්න කියන එකයි.මොකද ඉවසන මිනිස්සු අතරෙ යුද්ධ ඇතිවෙන් නැනෙ..
මට මේ දවස් වල උත්ගත වී ඇති ප්‍රශ්නය හමුවේ මා අන්ත අසරණ වී ඇත.ඒත් තමත් ඉවසමි..

ඔයාලා හැමෝම වාගෙ දන්නවනේ මන් පෙබරවාරි මාසය පුරාවටම බ්ලොග් එකට ලීවෙ නැ කියලා

ඉතින් ඔන්න මාර්තුවෙ පටන් ගත්තාම මගෙ COMPOSE තිරුවට අන්සබාගෙ හැදිලා.ෆ්‍රොන්ට් සයිස් වෙනස් කරන්න බැ.බොල්ඩ් කරන්න බැ.අකුරු පාට කරන්න බැ..කරන හැමදෙයක්ම EDIT HTML තිරුවෙ පමණක් ලක හැක..
ඉතින් හිතවත් මිත්‍රවරුණි මේ ගැන මන් නොසැහෙන කම්පාකට පත්වී ඇත.විටෙක ජීවිතයෙන් පලා යාමට පවා සිතෙයි.
ඒත් තවමත් ඉවසමි.
කිසියම් කෙනෙක් දන්නවානම් මට කියන්න මේ තත්වය මග හරවා ගන්න.
කමෙන්ට් තීරුවෙ ලියනු මැන..

ඒසෙ නොමැති උවහොත් මට අලුත් බ්ලොගයක් හදාගන්න වෙයි..මගේ බ්ලොගය පරණ තාලේ ව්‍යුහයකින්(structure) තියෙන්නේ..

ආයි..ආයි..කීවත්,,..වයස 14යි ළමයි 9යි..

ගිය සතියෙ ලීවා වාගෙ තවත් ඉතුරු උනු චූටි කතාටිකක් ලියන්න හිතුව.ලොකු වැඩ කරන්න වෙලාවකුත් නැති එකේ චූටි වැඩ කරන එක හොඩඉ නෙව.

වයස 14යි ළමයි 9..

එදා කට්ටිය කතාකරකර හිටියේ ස්ත්‍රි දුෂණ,ගැහැණු ළමයි වැඩිවියට පත්වීම් ගැන.
මන් අහලා තියනව බන් අවුරුදු 4 පොඩි කෙල්ලක් ලොකුවෙලා තියෙනව කියලා.
මගෙ යාලුවෙක් කීවා.
මාත් අහල තියනව අවුරුදු 3 කෙල්ලක් ලොකුවෙලා තියනව කියලා.
තවත් යාලුවෙක් කීවා.
මේ එකෙ නෙවෙ මන් අහලා තියනවා ඒ කෙල්ලට අවුරුදු 14යි.ළමයි 9 දෙනෙක්ලු බන්..ඇස් ලොකු කරන් තව එකෙක් කීවා.
හැමෝම "නැ....."කීව මිසක් ඊට එහා දෙයක් කීවෙ නැ.
එතකොට බන් එ කෙල්ලට ඉස්සරොම ළමය හම්බෙලා තියෙන්නේ අවුරුදු කියෙන්ද..
මන් ඒ කතාව කියපු මාගෙ මිත්‍රයාගෙන් ඇහුවා.
ඒක තමා මාත් කල්පනා කරේ.
මන් හිතන්නේ උඹල පැත්තේ ඌරු කොටුවක් අයිතිකාරයෙක්ද කොහෙද ඕක කියල ඇත්තේ.ඒ මනුස්සයගෙ ඊරිට පැටව් 9 හම්බෙලා කියලා

ඉන්දියානුවෙකුට සින්හලෙන් ඉන්ග්‍රිසි.

.
ෆැක්ට්‍රියට ආපු අලුත් ඉන්දියන් එකෙක් අපිත් එක්ක කතා කලේ අඩුවෙන්.අපි හිතුවා මූට ඉන්ග්‍රිසි ටිකක් බැරුව ඇති කියලා.ඔය ඉන්දියන් පොර ඉන්න කාමරේ අපේ දෙන්නෙකුත් ඉන්නවා.මන් දවසක් ෆ්‍රි වෙලාවක මිතරයගෙ කාමරේට ගියා,.
ඒ මු උඹලත් එක්ක කතාකරනවද බන්..මන් මගෙ මිත්‍රයාගෙන් ඇහුවා..
නැ නෙ බන්.උඹලත් එක්ක කතාකරනවද?
නැ නෙ බන්.මන් හිතන්නේ බාසාවෙ අව්ලක් ඇති..
ගොඩාක් හිත උනුවෙන මගෙ මිත්‍රයා..
පව් නේ බන්..කියලා පොර ලග තිබ්බ පොතක් අතට ගත්තා..
Freind..take this.this is a very good book.you can learn many things..
කියමින් පොර අතේ තිබ්බ පොත අතට දුන්නා..
අර ඉන්දියන් පොරත් පොත අතට අරගෙන ටික වෙලාවක් පෙරලා පෙරලා බලලා පැත්තකින් තිබ්බා.
ඉන්දියන් පොර ඔන්න ඇදෙන් බැහැලා කාමරෙන් එලියට ගියා.මන් අර පොත අරන් බැලුවා..

සින්හලෙන් ඉන්ග්‍රිසි...
සති තුනෙන් ඉන්ග්‍රිසි කතා කරන්න.ඔබත් මේ පොත කියවන්න..

පිට කවරයෙ ලියල තිබ්බා..

ආයි...ආයි කීවත්....


ඒ කාලේ මන් සාපෙ කරන කාලේ.ඔන්න එදා විද්‍යාව ටියුෂන් කලාස් එක.පටන් අරන් විනාඩි 20 ක් ඇති.පාඩමක් පැහැදිලි කරපු අපෙ සර් ළමයින්ගෙන් ඇහුවා ඔයාලට මේක තේරුණාද?කියලා...
කට්ටියම "නැ..."කීවා
දෙවෙනි පාරටත් පාඩම පැහැදිලි කරලා ඇහුවා තෙරුණාද,,,.කියලා
කිසිකෙනෙක් ඔව් කීවෙ නැ,..ඒක නිසා තුන්වෙනි පාරටත් තේරුම් කලා..
ඇහුවා තෙරුනැද කියලා.
කට්ටියම බිම බලාගත්තා,,..
අනේ මන්දා ළමයි..මට හරි අප්සට්..මන් ආයි..ආයි කියනවා ඒත් ඔයාලට තෙරෙන් නැ..
සර් කීවා..
ඒ අතරේ අපි ලග හිටපු බස්නායක..
මටත් අප්සට් සර්..ආයි..ආයි ..කිය කිය ඉන්න ඔනේ නැ..සාර් ගෙ කොහෙහරි රිදෙනවනම් ක්ලාස් එක නවත්තලා ගිහින් බෙහෙත් ගන්නකො..
අපි ක්‍රිකට් ගහන්නම්...

කන්කුන් ඩෙවල්...

කොහෙන්දො හම්බුනු මෝරපු කන්කුන් වැල් ටිකක් ගෙනත් පුෂ්පයයි,අනුරන්ගයි ඩෙවල් හදන්න කතාව..
සේන අයියේ..අපි ඩෙවල් එකක් හදමුද මේකෙන්..
අනේ මන්දන්නැ මල්ලි..ටිකක් වයසක් අපෙ සෙනේ ලොක්ක කීවා..
ආහ්..එහෙනම් අපි හදමු අනුරන්ග අයියේ.පුෂ්පෙ ගේම අතාරින් නැතුව වැඩෙට බැස්සා..
ඔන්න ඩෙවල් එක හදලා පිගානක දාලා මෙසෙ උඩින් ගෙනත් තිබ්බා..
අඩියක් විතර දිග කන්කුන් වැල් බාගෙට තෙලෙන් බැදලා තිබ්බේ..
සේනෙ ලොක්කයි,හදපු දෙන්නයි කන්න ගත්තා..මෝරපු කන්කුන් හපාගන්න බැරුව සෙනේ ලොක්කා හෙන ගේමක..
මේ අතරෙ අනුරන්ග අහපි..
ශෝක් නෙ සෙනයියේ..
හා..ශෝක්..හැබයි හොම්බ තියන උන්ටනම්..හරක් වාගේ..

Monday, March 5, 2012

නැන්දයි මායි...දියනැම අනතුරුදායකයි..

චුටි කතා ටිකක් ලියන්න තමා මෙ ලැස්තිය.මෙව අවුරුදු 10කට කලින් වාගෙ උනු දේවල්.සමහර අයට මෙවා ගැන වැටහීමක් නැතිවෙයිද මන්දා.මොකද සමහර වචන සමහර පැතිවල වෙනස් විදිහට බාවිතා කරන නිසා.කමක් නැ .ලියන්නම් කො..

කුරුණැගලට 2ක් ජෙෂ්ඨතුමණි

මේ මම ඩිප්ලොමා එක කරන කාලෙ උනු ශිද්ධි ටිකක්.කොහාට උනත් ඉස්සරෝම ගියාම රැග් එකනෙ.ඒ කාලේ අපිට රැග් කරන කාලෙ.ඉස්සරින් බැච් එකෙ උන් මොකක් හරි අහපුවාම දෙන උත්තරේට හැම වචනෙකටම වාගෙ අගට ජෙෂ්ඨ උත්තමයාණනි කියන්න ඔනේ.නැත්තම් ඒකටත් පෝරියල් තමා.ඉතින් ඔන්න රැග ඉවර උනා.රැග ඉවරවෙනකන්ම ගෙදර යන්න දුන්නෙත් නැ.රැග ඉවරවෙලා ගෙදර එන්න හිටියේ මගෙ යලුවෙක්.පොරත් කුරුණැගලම තමා.මාත් පොරට මගෙ ගාන දීලා කිවා "උඹම ටිකට් ගනින් කියලා".බස් එකට නැග්ගා.කොන්දාත් ආවා කැගහගෙන.
නැගපු අය ටිකට් ගන්න..(මොනව නැගලද කිවේ නම් නෑ).ඔන්න අරු සල්ලි දුන්නා.
කොන්දා ඇහුවෙ මෙ කොහාටද...
කුරුණැගලට 2ක් ජෙෂඨ උත්තමයාණනි..මගෙ යාලුවා කිවේ පුරුදු විදිහට.

නැන්දයි මායි...

මෙකත් ඩිප්ලෝමාව කරන කාලෙමයි..
එදා මාතලේ කොටාල ගෙදර යන්න අපෙ බැචියෙක් ගිහින්.පොර ප්‍රබාත්.ප්‍රබාගෙ කාඩ් එක හෙවත් නික් නෙම් එක උනෙ නැන්දා.ඉතින් කොටා බස් එකට නැගල ප්‍රබාට කීවලු.
නැන්දා,උඹ අපෙ ගෙදර යන නිසා මන් උඹට ටිකට් ගන්නම් කියලා.කොහොම හරි කොන්දගෙ කැගැහිල්ලට ප්‍රබා ටිකක් කොටාගෙන් ඇතට ගිහින්.
අහ්..ඔයලා ටිකට් ගන්න..
නැන්දයි මායි..මාතලේට..
කෝ නැන්දා.කව්ද කියල පෙන්නන්න..
අර..අර ඉන්නේ කියමින් කොටා ප්‍රබාව පෙන්නුවලු.ඒත් එක්කම කොන්ද එතන හිටපු ගැනු කෙනෙක් පෙන්නල ඇහුවලු "අරයද" කියලා.
කොටා තක්කු බුත වෙද්දිම අර ගැනු කෙනා කීවලු."මේ මොන පිස්සෙක්ද..මම ඔකගෙ නැන්ද නෙමෙ"..

දියනැම අනතුරුදායකයි..

අපේ බැච් එකේ එකෙක් හිටියා නැමට ඉතා අලසකමක් තිබ්බේ.මොනතරම් රස්නය තිබ්බත් නාන්න හරිම අකමැතියි.දවසක් නිවාඩු පාඩුවෙ ඉන්නකොට මන් ඇහුවා අද නාමු නේ බන් කියලා.ඒත් එච්චර කැමැත්තක් තිබ්බේ නැ..ඊට පස්සෙ මන් ඇහුවා
ඇයි උබ මේ නාන්නෙ නැත්තේ කියලා.
පොර කියනවා...
මන් පොඩිකාලේ ඉදන්ම දැක්කේ 'දිය නැම අනතුරු දායකයි',"දිය රකුසාගෙන් උබෙ ජීවිතය බේරාගන්න"කියල තියෙන බෝඩ්.ඒක නිසා මන් ඒ කාලෙ හිතුවා නාලා මැරෙන්නෙ මොකටදැ කියල.
තාමත් මට තියෙන්නෙ ඒ පුරුද්ද බන්..
මන් ඇහුවා 'කොහෙද බන් ඔය බෝඩ් ගහලා තිබ්බෙ'
නැ බන්..අපි ඉස්කෝලෙ යන්නේ ටවුමට යන්නේ,තිසා වැව බන්ට් එක දිගේනෙ.ඉතින් ඔය බන්ට් එක දිගේ හැමතැනම ඔය වාගෙ බොඩ් ගහල තිබ්බෙ,ඒකයි මන් උදේට මුන හොදන්න ගියත් මූනයි කටයි විතරක් හෝදන් එන්නේ..

වී බුසලේ රවුන්දබොඩ් එක.

සෙනසුරාදට ලෙක්චර්ස් 12 ට ඉවරයි.ඉරිද නිවාඩු නිසා ගොඩාක් අය ගෙදර යනවා.ඒත් මායි,තඩියයි(ප්ලාස්ටර් නෙමෙ පුල්සාරි කීවේ) තව අපුරෙ එක්කුයි,කැකිරාවෙ වැලායි ගෙඩර ගියෙ නැ.පොඩි නින්දකුත් දාලා 4ට විතර තේ එකක් බිගේන පොඩි කතාවක් දැම්මා.

අපුරේ එකා ඇදල ගත්තා රවුන්දබොඩ් ගැන.
ලන්කවෙ වැඩියෙන්ම රවුන්දබෝඩ් තියෙන්නෙ අපේ පුරේ තමයි තියෙන්නේ.කතාව සම්මතයි.
ඊට පස්සෙ තඩියා ඇහුවා..හා එහෙනම් කියපල්ලා ලන්කාවෙ ලොකුම රවුන්දබෝඩ් එක තියෙන්නෙ කොහෙද කියලා.
කට්ටියම ඇ..හ්,ම්ම්.හ් කිය කිය හිටියට උත්තරයක් හොයාගන්න බැරි උනා.
මන් නම් දන් නෑ.උඹම කියපන්.එක එකා කියන්න පටන් ගත්තා..
දෙහිඅත්තකන්ඩියෙ බන්.මාර ලොකු රුඅවුන්දබොඩ් එක.
කොච්චරක් විතර ලොකුද බන්..වැලා ඇහුවා..
වු බුසලක් විතර ලොකුයි..
ඇ යකො වි බුසලක් එච්චර ලොකුද.වැලා කීවා.වැලාට මතක් උනේ කමතේ ඉස්සර වි මනින පෙට්ටිය.
ඒ උනාට තඩියා අදහස් කලේ බිත්තර වි බුසලක් ඉහින්න පුලුවන් වපසරියක විශාල කියන එක..
(මාත් දැකපු ලොකුම රවුන්දබෝඩ් එක ඒක තමා.ප්‍රෙමදාස ග්‍රවුන්ඩ් එක වාගේ.)


කන්න වාගේ හෙක්ටයාර් 5ක්

තඩියා ඉස්සරෝම පාර අපෙ ගෙදර ආපු දවසෙ අපෙ තාත්තත් එක්ක පොඩි චැට් එකක් දාගෙන හිටියා.
වගතුග අහල ඉවර උනාම තාත්තා ඇහුවා..
පුතාලට මින්නේරි වැවෙන්ද වතුර එන්නේ.
ඔව් අන්කල්
එහෙනම් කුඹුරු එහෙම කරනව ඇතිනේ.
අපේ අප්පච්චිනම් ටිකක් කරනවා.නිකන් ඔය කන්න වාගෙ හෙක්ටයාර් 5ක් විතර
එතකොට ගෙදර...අයියලා මල්ලිල..
නැ.මන් තනියම..

අඹෙපුස්සෙන් හරවපු හැටි.

අපේ හිටියා අපුරෙන් ආපු සුපිරි චරිතයක්.පොර ලාමක බොරු කියන්න හරි ප්‍රසිද්ධයි.දවසක් පොඩි කතාවක.ඒ කතාව අවසන් උනේ අනුරාදපුරේ ඉදන් කොලබට බස් එකකට කොච්චර වෙලා යනවද කියන ප්‍රශ්නෙන්.
ඪ්S එකක් නම් පැය 5යි.හැබැයි පුත්තලම් පාරෙන්.දඹුලු පාරෙන් ගියොත් තව පැයක් වැඩියි.පාදෙනිය හරහ ගියොත් පැය බාගයක් වැඩි වේයි.
ඒත් එක්කම මු කියපි.
මන් මචන් ඉන්ටසිටි එකක ගියා දවසක් පැය 2න්.
අම්මපා...මන් ඩ්‍රයිවර් ලග ඉදන් ගියේ.ඩැෂ්බොඩ් එක දිහා බලන් හිටියා..කට්ට 120ට වැඩිවෙන්නේත් නැ අඩු වෙන්නෙත්.පොරනම් මාර බුවා..හැබැයි වාරියපොල පාදෙණිය පාරෙ.
අනුරදපුර ඉදන් කොලබට කිලොමිටර 240

කට්ටියම කතාව පිලිගත්තා..ඒත් යකො...පුදුමයි නෙ..
එතකොටම මට මාතක් උනෙ අඹෙපුස්සෙන් කොලඹට(නුවර පාරට) හැරෙව්වෙ කොහොමද කියලා

හා කියපිය බලන්න.අඹෙපුස්සෙන් අංඅම්මපා...මන් ඩ්‍රයිවර් ලග ඉදන් ගියේ.ඩැෂ්බොඩ් එක දිහා බලන් හිටියා..කට්ට 120ට වැඩිවෙන්නේත් නැ අඩු වෙන්නෙත්.පොරනම් මාර බුවා..හැබැයි වාරියපොල පාදෙණිය පාරෙ.
අනුරදපුර ඉදන් කොලබට කිලොමිටර 240

කට්ටියම කතාව පිලිගත්තා..ඒත් යකො...පුදුමයි නෙ..
එතකොටම මට මාතක් උනෙ අඹෙපුස්සෙන් කොලඹට(නුවර පාරටා හැරෙව්වෙ කොහොමද කියලා

හා කියපිය බලන්න.අඹෙපුස්සෙන් අංශක 90 ට හැරෙව්වෙත් පැයක කිලොමිටර 120ට යද්දිද?

Thursday, March 1, 2012

මැදින් ඇවිදින්..(මාත් ආවා)

කාලයක් ගියා
කිසි දෙයක් නොලියා
හුස්ම ගන්නට පවා
බැරිව වැඩ වැඩි උනා..

ඉතින් ඔන්න බ්ලොග් එක ලියන්න ගත්තත් හරි ඉස්සරෝම වතාවට මාසයක් ලියන්නැතුව හිටියා.
නවම් මාසය කෙටි උන නිසාදො දන්නැ.ඒත් මේ පාර නවම් මාසේ දවස් 29ක් ම තිබ්බ එක කොච්චර දෙයක්ද?අවුරුදු 4 කට පස්සෙ උපන් දිනයක් එන අපෙ තාත්තට මේ අවුරුද්ද ගැන නම් සතුටු ඇති.
ඉතින් ඔන්න මැදින් මාසේ ආවා.ඒත් එක්කම චුටි පොස්ට් එකක් මේ වාගෙ ලිවා.බලමු මේ මාසෙවත් ලියන්න.