Wednesday, March 14, 2012

මැණිකෙ මම් ආයෙත් ගෙදර එනවා...

කිරි කජු උයාලා කිරෙන්
පුච්චා පොතු ගසා වෙලිච්චා
තියනවාලු මා එනතුරු අම්මා
ඉතින් කුමටද ඉන්නේ බලා

ලපටි මුන මලානික කරගෙන
නෙත් අග කදුලක් පුරවාගෙන
ගිහින් එන්න කි හැටි වැදලා එද්දී
සිහිවේ නින්දට කලියෙන් සැමදා

මේ සැමදේ මතක් වී එද්දී
නැගෙන අසාවන් අතරේ
සිතුනි යන්නට බලා එන්නට යන්න
මගේ ගමරට හිතවත්තු..

ගිහින් ලොක්කා ලගට හිනැහි
විලිසා දත් සෙට් එකම පෙන්නා
ඉල්ලු නිවාඩුව අනුමත හින්දා
කුමට ඉන්නද තව තවත් ලතවී

ලැබුනු බව නිවාඩුව දන්වා
දුන්න ඇමතුම අහල උන්දා
එන්න එන්න නොමයන්නට පතලා
කීවමුත් දින දොළහෙන් හැරෙමී..

දුම් පයිප්පය කට අග රදවා පුටුවේ ඉදලා
උපැස් යුවලෙන් හොද හැටි දුර දිග බලලා
සොලමන් ඩයස් උන්නැහැ අඩු වැඩි මැනලා
හැදු ප්ලෙන් පිට්ටෙනියෙන් එනවා බැහැලා

3 comments:

  1. වැකේෂන් කවදද ???

    ReplyDelete
    Replies
    1. පොඩි හිතේගින්නට පොඩි නිවාඩුවක් බන්

      Delete
  2. නිවාඩුවක් !!!!

    ReplyDelete