Friday, August 22, 2014

කරවල පුච්චපුවයි බතුයි කන්න බැ අම්මේ"

සදලු තලේ අත්වැටට වාරුදී ඇ මහ මග දෙස බලාසිටින්නිය.ඒ වෙලාව හරි බව ඇ හොද හැටිම දන්නා බැවිනි.
මගේ පෙජරෝ එකේ සුක්කානම මත ඇති නලාවේ හඩද ඇය හොද හැටි අදුනන්නීය.

ටිරි00...ට්‍රි00.., ඒ හඩත් සමගම ඇ පාර දෙස බලා අත්වනන සිනාසෙයි.

ඇ ඇගේම ගෙයි සදලු තලේය..මා පා පැදියේය..ඒ දේවල් කෙසේ වුවත් ඇ ජිවිතයේ දවසේ සතුටු වන මොහොත මෙය බව ඇ පවසා ඇත.

සැමදා මෙන්ම අදත් යාන්තමින් හිනාවුනු ඇය මා ආපසු හැරි කාමරයට යන්නට ගියේය.
ඒ අද දවසේ දුක හිතෙනම මොහොත බවද නිසැකය..,

කතා කිරිමට බොහො දේ ඇත,සිනාසීමට අවශ්‍යව ඇත.ලගින් ඉන්නට ඉල්ලනවා නිසැකය..ඒත් කෙදිනද?

Wednesday, May 28, 2014

තවත් කෙනෙක් එයි අද හෙටම

යනවා කියා මා අතහැරලා
කියා යන්න හෙට එනවාද
නොයා ඉන්නනම් කියන්නේ නැ
සත්තයි තනිකම හුරු පුරුදුයි

සිත්මල පිරුනම පෙම් සුවදක්
දුරක් නොදැන සුව විදින්න යයි
ඇදුනම සිත්තම සිත පතුලේ
මකාලන්න නම් අපහසු වෙයි

හිස්වෙන විට මල් ආසනයේ
අලුතින් සොද මල් වඩිනව සේ
හිස්වෙන හදවත පුරවන්න
තවත් කෙනෙක් එයි අද හෙටම

Saturday, March 1, 2014

සදයි මලයි අපි දෙන්නද

සදයි මලයි යාළුවෙලා
සද හරියට උඩගු වෙලා
සද ඇතයි..මල නටුවෙයි..
ලන්වෙන්නට බැරි දුරකින්

සදළුතලේ ඔයා ඉන්න
ඈත ඉදන් බලා ගන්න
සද කිරණින් ඔකද වන්න
කඩුපුල් මල් කුමාරියේ

සොබා දහම අරුමයක්ද
ගෙනෙන අරුථ පුදුමයක්ද
කිසිම දාක ලන්නොවෙනා
සදයි මලයි අපි දෙන්නද

Friday, September 13, 2013

සතපනු මා කන් අඩි සිහිලස දෙවමින්

හෙනහුරාදා එයි ඉරිදට නිවාඩුවත් අරන්
පුරුද්දට වගේ හිත යයි තට්ටය ලගට ඉතින්
වෙව්ලන්න ගනි දෑතම දගලවමින්
අයදී බෙහෙත් කන් අඩි දෙක රත්කරමින්

පර්ස් එක ලාච්චු පිහලා හොයා ගත්තු
දෙසිය මදිවේ බාගයක් ගන්න
දෙනවද සනසන්න කියක් හරි මාව
බෙහෙත් ගේන්න කන් අඩි දෙක රත්වෙන්න

බෝක්කුවේ සොහොන් පිටියේ බොන්න බැනේ
වැඩි උනාම කානු ගානේ ඉන්න බැනේ
එහෙම උනොත් ඔයාගේ නෙත කදුළු ඒවි
ගෙදර ඉදන් කන් අඩි දෙක රත්කරන්නේ

බටු පතෝල වට්ටක්කා කැකිරි කපලා
බලන් ඉන්න ගෙනා බිත්තරෙ අරන්
එකතු කරලා තෙල් ටික්කට දාලා
සැරට දෙන්න කන් අඩි දෙක රත්වෙන්නට

ගේ මිදුලෙ අඹ ගහ යට මද අදුරට
තල්ලු කරල රවුම් මෙසෙ ඒ ඇතුලට
විසී කරල ලැලි පුටුව මෙසේ ලගට
හදල දෙන්න කන් අඩි දෙක රත්වන්නට

අඩිය අඩිය ගහලා බාගෙ හිස් වෙද්දි
ඇස් ලොඹු දෙක රතු කරගෙන ගිනි විසිවෙන
ඉන්න එපා යක්ෂණියක් වාගේ ඔයා
ඩබල් වේවි රත්වෙන එක කන් අඩි දෙක

අඩිය තියලා ගෙට යන්නට බැරිවෙද්දි
දෙන්න ප්‍රියේ දැතම මගේ දැත වෙතට
වත්තම් කර මා ඇතුලට වඩම්මන්න
දෙන්න එපා කන් අඩි රත් වෙන්න මගේ

මයි මනි,ගල් බාගේ ගහලා වැඩි උනාම
මයි බඩ කැරකෙයි ටිකක් වැඩි වැඩියෙන්
මයි වමනය උබේ ඇගේ ගලා යද්දි
දෙන්න එපා කන් අඩි රත්වෙන්න මගේ

මෙත් මුදිතා කරුණාව දයා මොදු කරන්
ඔයා ඉන්න දෙහි ගෙඩියක් දෙකට කපන්
ඔළුව පුරා ලයිම් සුවද පතුරවමින්
සතපනු මා කන් අඩි සිහිලස දෙවමින්

Thursday, May 30, 2013

මගෙ මැනිකෙට

කිවුල් දියෙන් නා හිස තෙත පිරි මැද
දරුවන්ටත් කිරි කටක් පොවාලා
ගොම මැටි ගෙබිමේ පැදුරක් එලලා
වහලේ සිදුරෙන් මාව හොයනවද

නොහඩන් මැනිකේ කදුලු හලාලා
එන්නම් හනිකේ කහවනු අරගෙන...

පාසල් ඇදුමට සපත්තු නැතුවම
බත්මුලේ සම්බොලය තනිවෙද්දී
දරුවන්ගේ නෙත් කදුලු පිරෙද්දි
කොහොමද මැනිකෙ ඉන්නෙ උහුලන්
ඒකයි මැනිකෙ ආවෙ දුරු රට
නොහඩන් මැනිකෙ කදුලු සලලා

ගොවිතැන් කරලා රජ වෙනු බැහැනේ
වැසි දෙයියො උරන වෙනවනේ
කාන්තාරේ මෙහෙ සුදු වැල්ලි අතරින්
කදුලුවලින් කහවනු බෙරාගෙන
එන්නම් මැනිකේ වසර දෙකයිනේ
නොහඩන් ලතැවි කදුලු සලාලා

Saturday, January 19, 2013

මට පුදුමත් හිතෙනවා


මට පුදුමත් හිතෙනවා
ඒ ඔබ හරි පුදුම නිසා
මට පුදුමත් හිතෙනව
ඒ ඔය සිත පුදුම නිසා


කදුලක රහ නොදුටූව දෙනෙත් යුග
කදුලින් තෙත් වෙලා..
හැමදාමත් දිලිසුනු ඔය නෙත් යුග
රතු වී මැළවිලා..
මට පුදුමත් හිතෙනවා
ඒ ඔය සිත මෙලෙක් වෙලා



කවදාවත් ආදෙරේ නැතැයි කියූ
ඔබ මගේ ආදරය පතයි..
මිය යනතුරු නොදකින්න පැතූ 
ඔබ මා සොය සොය ලතවෙයි..
මට පුදුමත් හිතෙනවා
ඒ ඔබ දැන් වෙනස් නිසා


Friday, December 28, 2012

ගැනු අපට කොයින්ද ආත්ම ශක්තියක්



මගේ ජිවිතයේ හිමිව තිබු දේවල් එකින් එකින් නැතිවි යද්දි,ඉතිරි වන දෙයින් සතුටු විමට මා හුරු වුවෙමි.

ඒත් නැතිවෙන දේවල් ගැන මතක් වෙද්දි නෙතට ඉනු කදුලු බිංදු හුළගට පාවෙලා ගියේ...

මුව වසා ගන්නට ආ හැඩුම නතර වුයේ,එකම එක දෙයක් ගැන මතක් වීමෙනි,,,

ඒ මං දහස් වාරයක් උබට කියා ඇති විදිහටම...ඔයාගෙ දගකාර මුහුණත්..හැගීම් බර ඇස් දෙකත් සිහියට එන විටය..
ඔයාගෙන් ලැබු ආදරයත්,මට මං ලග ඉතිරි වී ඇති ආත්මශක්තියත් එකතු කරගෙන ජීවිතය කොහොම හරි ගැට ගහගන්නවා යැයි මා සිතු හැම වාරයකම මා ඒ බව ඔයාට කියල තියනවා.. 

ඒ නිසාවටම මා ඔයාගෙන් ඉල්ලා තිබු එකම දෙයක් වේ නම් මා ජිවත් කරවන ඔය ආදරය නැතිකරන්න එපා කියන එක බවත් ඔයා හොදටම දන්නවා...

ඒත් හීනෙකින්වත් හිතපු නැති විදිහට ඔයත් මගෙන් වෙන් වෙලා ගියාම....,
මන් ගොඩාක් අසරණ උනා....

Sunday, December 23, 2012

යකෝ තේ ගෙනාපිය..


ආයෙත් හිතුනා චුටි චුටි කතා කැලි ටිකක් ලියන්න..

සමනළයා

ඔන්න කට්ටිය පුරෝගත්තු බස් එකක් ගමන ආරම්බ කර යන්න පටන් ගත්තලු.ටිකක් දුර යද්දින් එක්තරා මගියෙක් කොන්දොස්තරට කැ ගසනාවලු
අනේ කොන්දොස්තර මහත්තයෝ...ඔයාවත් මට උදව් කරන්න කියනවලු
කොන්දොස්තර තැනත් මගියගේ කතාවට ඇහුම් කන් දීලා ඇසුවලු මොකක් ද මේ ප්‍රශ්නේ කියලා..


මට මේ මනුස්සයා හොදටම බනිනව.කියා මගියා තවත් මගියෙක්ව පෙන්නුවලු
ඊට පස්සේ කොන්දොස්තර ඇහුවලු..මොනව කියලද බනින්නේ කියල
එක එක දේවල් කියලා බනිනව කීවලු
බල්ලා..,මී හරකා කිය කිය බනිනව කීවලු
එහෙනම් ඉතින් තමුනුත් සතෙක් ගෙ නමක් කියලා  බනිනවා.. කීවලු
බැනුම් ඇසු මගියා ටිකක් කල්පනා කලාලු
එක පාරටම ඔහු ඔහුට බැනු මගියා දෙස හැරි...
සම..නළයා...කීවලු..

කැමට පෙර


දවසක් මන් රැ කැමට කැන්ටිමට යන්න ලැස්ති වෙලා කමරෙන් එලියට එද්දිම එහා කාමරේ ඉන්න සුරා කාමරේ දොර ලග
දොර අරිනගමන් සුරා මා දිහා බලලා

කන්න ඉස්සෙල්ලා මොනව හරි කරනවද?කියලා ඇහුවා

මාත් බැලුවා කැමට ඉස්සෙල්ලා කියන්නේ ෂොට් එකක් දාන්න වෙන්නැති නෙ කියලා
හ්ම්.......කිවා.
මොනවද තියෙන්නේ?...
අරු එදා ගෙනාපු එකෙන් තව ටිකක් ඉතුරු වෙලා තියනව..සුරා කීවා
නියමයි නේ.. මට නිකන්ම හිතුනා
ඒත් එදා ගෙනාපු දෙකම ඉවර උනානේ..
නැ..නැ..තව තියනවා...සුරා කීවා
මොනවද?
මිරිස් කුඩු,ගොරකා.,
මොකාක්..මන් අහද්දින්
මන් කිවේ අරු ලන්කාවෙන් එද්දින් ගෙනාපු පහේ ටිකක් ඉතුරු වෙලා තියනවා
කරියක් හදනවනම්......


යකෝ තේ ගෙනාපිය..

මල්ලි අපිට තේ 4ක් ගෙන්න..
මෙන්න වෙටර් කොලුවා උනුවතුර ටිකක් කොප්ප 4 කට දාලා හැදි 4 කුත් එක්ක ගෙනාවා

මේක දිහා හොදට බලපු කසියා...
යකො උනු වතුර නෙවේ තේ ගෙනාපිය..

මොනවද මේ හුනු බිජු වගේ බැග්..මෙව වැඩක් නැ..හොදට කහට දාපු තේ 4ක් ගෙනාපන්

(ටි බැග් ප්‍රොමොට් වෙන කාලේ උනු සිද්දියක්..)

ප්‍රශ්න...


ලොක්කා: මේ මාසෙ පඩි නම් ටිකක් පරක්කුයි,කමක් නැනේ
සේවක : හ්ම්..
ලොක්කා: ඒ කියන්නේ ඔයාට ප්‍රශ්නයක් නැනේ
සේවක  :නැ 
ලොක්කා: ඔයා නම් ප්‍රශ්න කියන ඒවා දන්නෙත් නැ වගේ..ශෝක් මනුස්සයෙක්
සේවක: ප්‍රශ්න කියන ඒවා දන්නවනම් මන් විබාගේ ෆේල් වෙන් නැනේ..





Saturday, December 15, 2012

FB ලව් එක


මුනු පොතේ කොළ බුබුළට බැදුනු ආදරේ

කොට කොට කොටනා මගේ පෙම් කතන්දරේ

මේක අම්මා දන්නේ නැ...

මේක අප්පා දන්නේ නැ..

කොට කොට කොටනා මගේ පෙම් කතන්දරේ//



මුනු පොතේ ෆොටො එකයි පට්ට ගින්දර

ඇත්ත මුන දැක්ක දාට යයිද මගේ පණ

කොලු පැටියෙක් මට දෙනවාදො හොද පරිප්පුව

කව්ද දන්නේ මේක යලුවෙක්ගෙ වැඩක්දෝ




හෙට ඉදියිද ඇ ඇවිදින් අයියා එක්කලා

අයියා දෙයිද මට කන්නට නැතුව දත්ටික

දුන්නොත් මම අතාරින්නේ හොදට සෙම්බුව

අනේ මෙයා ඩිවොස් විච්ච හුචක්කුවක්
දෝ

Monday, December 10, 2012

නැතත් නුබ දැන් කමක් නැ


පදම් වී ඇත සිත දුකින්
ගුදම් ගණනක කදුලු ගොස්
තවත් නැ වෙන්නට දෙයක්
නැතත් නුබ දැන් කමක් නැ


අත්වැලක් වී ඉන්නමයි ලග
අත්වැලුත් බැද හිටියේ නුඹ ලග
නිශ්ඵලයි මා පිදු සෙනහස
වැටහුනේ නැති තැනදි ඔබ හට...//


වැටහුණා සේ සිටියේ ඇයි මා
රැගෙන ආවේ ඇයි දුරක් මා
පුරුදු තනිකමේ තියලා මා
නුඹත් යන්නට ගියා ඇත්තට..//