Friday, December 28, 2012

ගැනු අපට කොයින්ද ආත්ම ශක්තියක්



මගේ ජිවිතයේ හිමිව තිබු දේවල් එකින් එකින් නැතිවි යද්දි,ඉතිරි වන දෙයින් සතුටු විමට මා හුරු වුවෙමි.

ඒත් නැතිවෙන දේවල් ගැන මතක් වෙද්දි නෙතට ඉනු කදුලු බිංදු හුළගට පාවෙලා ගියේ...

මුව වසා ගන්නට ආ හැඩුම නතර වුයේ,එකම එක දෙයක් ගැන මතක් වීමෙනි,,,

ඒ මං දහස් වාරයක් උබට කියා ඇති විදිහටම...ඔයාගෙ දගකාර මුහුණත්..හැගීම් බර ඇස් දෙකත් සිහියට එන විටය..
ඔයාගෙන් ලැබු ආදරයත්,මට මං ලග ඉතිරි වී ඇති ආත්මශක්තියත් එකතු කරගෙන ජීවිතය කොහොම හරි ගැට ගහගන්නවා යැයි මා සිතු හැම වාරයකම මා ඒ බව ඔයාට කියල තියනවා.. 

ඒ නිසාවටම මා ඔයාගෙන් ඉල්ලා තිබු එකම දෙයක් වේ නම් මා ජිවත් කරවන ඔය ආදරය නැතිකරන්න එපා කියන එක බවත් ඔයා හොදටම දන්නවා...

ඒත් හීනෙකින්වත් හිතපු නැති විදිහට ඔයත් මගෙන් වෙන් වෙලා ගියාම....,
මන් ගොඩාක් අසරණ උනා....

හ්ම්ම්
මේ හැම දෙයක්ම අමතක කරලා ආයෙත් නැගිටින්න හිතනවා කියලා හිතපුවාම...මට ආයෙත් මතක් වෙන්නේ ඔයාව..
ඒ ඔයත් එක්ක ජිවිතය දිනන්න හිතපු නිසා වෙන්නැති..

'පිරිමියෙක් නැතිව ගැනු අපට කොයින්ද ආත්ම ශක්තියක්' කියලා මට හිතුනු අවශ්ථා අනන්තයි...

ඒත් අයෙත් මං හිතුවා

ඔයා මට දුන්නු,කදුල,සුසුම,තනිකම,ආශිර්වාදයක් කරන් මං ආයෙත් මෙ ලොකෙ නැගිටලා හිනාවෙලා ඉන්නව කියලා..

මන් තරහා නැ...



ප්‍රේමයේ පහන් සිළුවම
සුසුමකින් මා නිවා දැමුවෙමි
නිවා දැමුමට සුසුම දුන්නේ
උබ නොවෙද හා කියන් කුමරුණි


ප්‍රේමයේ වේදනාවද
කදුළකින් මා සෝද දැමුවෙමි
කදුළ ඉනුමට දැස් අබියස
හේතු දුන්නේ කව්ද කුමරුණි

ජිවීතේ අන්ධකාරෙට
තනිවමම මා දෙපා තැබුවෙමි
තනිවමම මට යන්න වුයේ
නුබ නොමැති දා නොවෙද කුමරුණි

4 comments:

  1. හරිම ලස්සන නිර්මාණයක් මචන අද තම මේ පැත්තට ආවේ..
    ගොඩක් වැදගත් පොස්ට් ටිකක් කියෙව්වා ..ඔන්න ෆලෝ කරා ...

    ReplyDelete
  2. නියම සිතුවිල්ලක් !

    ReplyDelete