Tuesday, December 6, 2011

පොලිසියෙ අයට බැලිම තහනම් (ගංජා ආතල් කවි)

හිරු අවරට යද්දි......
ගොම්මන් කලුවර ගලා හැලෙද්දී.....
තනිකමයි පාලුවයි.....

දස අතේ පැතිරිලා.....

අදුර නැතිවෙන්නටම පහන් දැල්වෙන පැයේ..
සද ඇවිත් හිනාවෙයි පොල් අතු පීරගෙන..
සුවද දස අත දිදි සමන් මල් පිදෙද්දි...
මල් සුවද හොයාලා යන්න සිත කියාවි..

මල් පැනි රොදක රස බලන්නට කාසි නැත..
කාන්සිය මකා ගන්න වෙනයම්ද දෙයක් නැත..
සිතා දස අත මට වැටුහුනා ක්‍රමයක්ද..
සොයා දස අත ලැබුනි ඉතිරි වු කාසි..

නැග්ගෙ පාගලෙ අරන් පියඹුවා හන්දියට..
"ඇබා" ඇතිදැයි සොයා රින්ගුවා පොට් එකට..
දීලා අත ඇති කාසි ඇබා හට මුමුණලා..
දාගත්තා කැල්ල වට පිටත් බලාලා..

කළුවරේ හද එළියෙ රිංගුවා ඇල ලගට
ඔතාලා ගත්ත මම ඇබා දුන් කැල්ල..
කැලැ ගිනි ගන්න ගද දස අතම පැතිරෙද්දී
පියඹුවා සුර ලොවට මාද හිමි හිමිහිටම...

පදම ගානට ගත්තු සැප දේවි චුට්ටකින්
වරෙන් මගෙ සයිකලේ ගෙදර යන්නට අපි..
අම්මගෙන් ප්ලෙන්ටිය ඉල්ලා හදාගෙන
ආම්ස්ට්‍රොන් ලගෙ ගමන යමුද අපි මෙ රැයේ..

ප්ලේන්ටිය සිනී වැඩි තියාලා පටපිලෙන්
දාගත්තා බුරු ඇද පලුව මිදුලෙ මැදින්
සිනී වැඩි ප්ලේන්ටිය තොලා ගාන අතර මැද
සද ඇවිත් මා ලගට එනවදැයි අහනවා..

මට හිතයි යන්න එහෙ මට බයයි ඒත් දැන්
අපි ඉමුද මෙ දුරින් මට මෙහෙම හරි සොමිය
උබෙ සියුමැලි සිනා දැක්කම සද කොමලි
මට හිනා යනව දැන් නවත්තන්නට බැරුව

6 comments:

  1. හෑ... ගංජා ගහනකොට කවිත් කියනවද අප්පා. ඔන්න එහෙනම් මගෙන් බූන්දි මල්ලක් :)

    ReplyDelete
  2. @මධු:බූන්දි නම් දීපන්.ඒත් ගන්ජා ගහලා නැ අප්පා මෙ වෙනකන්

    ReplyDelete
  3. ඇපලෝව බඳු විසල්
    සූස්තිය පත්තුකර
    සඳමත පා නගා සෙමින්
    ඇදෙනකල
    බලන්මේ පසුකරන සීතහිම
    අත දමා කඩන් කන්නට හිතෙන
    ඒ නමුත් මේ මොහොතෙ
    කෝටියක් නොවටීද
    උගුර ලාවට තෙමන
    වැඩි සීනි ප්ලේන්ටිය

    ReplyDelete
  4. අඩේ.... හෙන කාලෙකින් ආතල් එකක් ගත්තෙ නෑ බං... :(

    ReplyDelete
  5. මනෝ චලිතය
    හැගුමි පුබුදිත
    සුවද ඖෂධ
    මිහිරෙනා...

    සිතට නිදහස්
    වතට සැනසුමි
    ලන්දු රූ සිරි
    වැඩි වෙනා...

    වින්ද මන කල්
    ලන්ද පීරා
    රැන්දු සුව
    හස රැල් ගෙනා...

    මන්ද රස මන්නත්
    කරන ලද
    සොදුරු ශාකය
    තනි වෙලා...

    ReplyDelete