Thursday, June 7, 2018

අතාගේ කතා...1

අප්‍රේල් 2 වෙනිදා.පුරුදු විදිහට කන්න ගියා.කැන්ටිමෙ රවුම් මේසේ ඉදගත්තා.මෙන්න එක පාරටම සින්හල කතාකර කර එන බුවෙක් දැක්කා.පොර සින්හලෙන් කතා කලේ බන්ගලියන් එක්ක.
ආ මේ අපෙ අලුත් වෙල්ඩර්..එතන හිට්පු චාලි අපට කීවා..
මල්ලි... එන්න මෙතෙන්න..කෙනෙක් කීවා..බත් පිගාන අතේ තියන් ආපු මූ..අපි ලග ඉදගත්තා..
අම්මෝ...ඇති..යාන්තම් ලන්කවේ සෙට් එකක් ඉන්නව මෙහෙ..මන් මේ කල කිරිලා හිටියේ අයියා

පොර දිගින් දිගටම කතා කරන් ගියා..බත් කලා නගිටිද්දි තමයි දැක්කේ...
මෙන්න....මුගෙ අත....
පව් අප්පා.ඇගිලි 5ම නෑ.අල්ලෙන් බාගෙකුත්  නැ..
එතකොට කෝමද මු වෙල්ඩින් කරන්නේ..

ඔන්න ප්‍රශ්ණ ගොඩක් අපෙ ඔලුවට ආවා..මු අයෙත් තේ එකක් අරන් මෙසෙට් ආවා..
මල්ලි කොහොමද ඔයා මෙහෙ ආවේ.සුපුරුදු ප්‍රශ්නය..

දැන් මෙහෙමනෙ අයියා..මගෙ ඔලුවෙ තියෙන ප්ලැන් එක ඉතාලි යන්න..
ඉතින් ඉතාලි යන්න ඇනේ ගහන්න තමයි මෙහාට ආවේ..


(ආයේ මොන කතාද අපිට)

ටික දවසකට පස්සෙ මන් පොර හම්බුන වෙලාවක කතාවට අල්ලන්
තරහ වෙන්න එපා ඇහුවට "මොකෝ බන් උබෙ අතට වෙලා තියෙන්නේ,
එක පාරටම මු කියපි..
රසායන විද්‍යාවෙ තියනවා අයියා,
කෙටියෙන් කියහන්කෝ..
මේක පොඩි බ්ලස්ට් එකක් අයියා..

උබ රසායන විද්‍යාව ගැන කිවේ...A/L කලෙ බයොද?
ඔව් අයියා..මන් කලේ ආට්..එත් වැඩි පුර ගියේ බයෝ එක පැත්තේන්.
ඒ කියන්නේ බයො ක්ලාස් එක පැත්තේන්..
හ්ම්......

එතකොට ඔය අතට ඇත්තටම මොකද උනේ...
මේකයි අයියා..
මන් ආමි එකේ ඉන්න කාලේ අපි ඔපරේටිඔන් එකකට ගියා..ඒ දවස් වල ගජරාමෙට යුද්දේ..
එක දවසක් කොටි ආටි ගහනවා.අපි අනික් පැත්තෙන්  ඇටැක් කලා..මෙන්න එක පාරටම ආපි ආටි එකක්. මගේ පැත්තට..අපේ සර්.,මන් පිටිපස්සේ..,මන් සර්"ව බේරන්න ඔන නිසා ආටි එක එන පැත්තට අත් ඇල්ලුවා..
මන් බිම වැටුනා..ටික වෙලාවකින් නැගිටලා බලද්දින් අපේ සර් බිම..මන් නැගිටලා වේපන් එක අතට ගන්න හැදුවා..අත ඉස්සුවට අත ඉස්සෙන් නැ..ඇගිලි ටික සි සි කඩ..මන් අමාරුවෙන් වේපන් එක අරන් සර් ලගට ගියා.ඊට පස්සේ සර්ත් කරට අරන් කිලෝමීටර තුනක් විතර ගියා..ගිහින් සර් ව බිමින් තියල බලපුවාමයි දැක්කේ..
අත අල්ල ලගින් කැඩිලා ගිහින්..
ඊට පස්සේ උබ හොස්පිටල් දැම්මද?
ඔව් අයියා..ඉට පස්සෙ අත ඔපරේෂන් කලා..මාර කේස් එක කියන්න අයියා..
ඔව් කියහන්කෝ...
දැන් ඔන්න ඔපරේෂන්  එක පටන් ගත්තා..මට සිහිනැති කරලා එහෙම තමා පටන් ගත්තේ..මට සිහි නැති කරද්දින් මන් පන්සිල් අරන් ඉතිපිසෝ ගාථාව එහෙම කිවුවා..ඉතින් සිහි නැතිකරලා ඔපරේෂන් එක පටන් ගද්දිම 
මගෙ බොඩි එක ඇද උඩ..එත් මෙන්න බොලේ මට සේරම පේනව මගෙ ඔපරේෂන් කරන හැටි...
ඒ මොකො

ඒ තමා අයියා මගෙ මනෝ කාය 
එදා තමයි අයියා මම මනෝ කාය කියන්නේ ඇත්ත කියලා දැන ගත්තේ..
ඔව් ඇ..මල මගුලනේ..
ඒ වෙලාව හරි...වරෙන් යන්න IPL පටන් ගන්නවා .මැච් එක බලමු..
අනේ අයියා මට ඔවා එච්චර අල්ලන් නැ..
කමක් නැ වරෙන් කෝ...

ඉතුරු ටික පසුවට

1 comment:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete