Thursday, January 12, 2012

ගැබිනියක් වු කන්‍යාවිය...4

සැකය,අම්මාගේ අවිශ්වාසය,අවලාද,නිමා කිරිමට පායන ඉරෙන් ආශිර්වාද පතමින් උදැසන සැරසෙන්නට වුයේ නැවතත් දොස්තර මහතා හමුවිමට යාමටයි.
ඒත් ඇයගෙ සිතේ ඇතිවු අදහසක් වුයෙ"මෙ දොස්තර මහතයා ලගට නොගොස් වෙන කෙනෙකුන් ලගට යැමටයි.එය ඇයගෙ මවට කීවද ඇගේ අදහස වුයේ ඔහු ලගටම යමුය කියන එකමැයි..
ඔන්න අම්මෙ මං නම් ලැස්තිවෙලා ඉවරයි..
කෝකටත් හිටින් පොඩ්ඩක්..නරක වෙලාවල් මග ඇරල යමු.කමලා එසෙ කිවේය.
හ්ම්.ඒකත් එහෙමද...
වටෙන් පිටෙන් ඇසෙන්නේ කපුටන්ගෙ හඩය.එය යම්තාක් අමිහිරිතාවයක් ගෙන දුන්නේය.
මුන් මොකට මේ හැටි කැගහනවද මන්දා....පිස්සු යක්කු...කමලා කියයි..සද්දය නිමා කරමින් කපුටන් ඉගිල යයි.
හා,,හා එහෙනම් යන්න ලැස්ති වියන්.දෙයියනේ කියලා හොද දෙයක්ම අහන්න ලැබේවා කියලා අඩිය ඉස්සරහට තියපන්..
දෙදෙනා මේ යන්නේ සිත්වල වු සැක සන්කා නැති කිරිමටය.
මගට බහින දෙදෙනාට හමුවන බොහොදෙනා අසන්නේ..
කොහෙද මෙ දවස දෙක තුනේම අම්මයි දුයි හැමදාම යන්නේ..
ඔවුන් හට යමක් කි ඉතා කරුණාවෙන් සිනා වු ඔවුන් දෙපල තමන්ගේ ගමන යයි.
සුපුරුදු ස්ථානයේ මුදල් ගෙවා ලබා ගත් බිල්පතේ හම්බ වු අන්කයෙ වාරය එනතුරු ඔවුන් බලා සිටියෝය.
තව ගොඩාක් වෙලා ඉන්න වෙයිද කෙල්ලේ..කමලා කුමුදුනිගෙන් අසයි.
නැ තව අන්ක දෙකක් තියෙන්නෙ..
බලහන් වෙලාව යන වේගය..දැන් කොච්චර වෙලා අපි මෙතන හිටියද?
අනේ අම්මෙ මටනම් එයා ලගට යන්න බැ වගේ..
ඒ මොකෝ...
ලැජ්ජයි..අම්මේ.ඔතෙන්න ගිහින් මං මොනවා කියන්නද?අනික එදා අපි එයාට අනන් මනන් කීවත් එක්ක...
ඒකනම් එහෙම තමා..,එදා මන් මේ වාගෙ දෙයක් දැනන් හිටියේ නැනේ..
අපි මහත්තයගෙන් සමාවගමු.ඒ මහත්තයා හරි කරුණාවයි බං..එදා අපි එහෙම කතාකලත් කරබගෙන අහගෙන හිටියා මිසක් වචනයක්වත් කිවේ නැනේ..
අම්මේ..,අම්මේ ඔන්න අපෙ අංකෙ කතාකරනවා..
මේ මටනම් බැ ඔන්න මෙව එයාට කියන්න..අම්මම කියන්න..
මන් මොනව කියන්නද..උබනෙ මේක හරියටම දන්නේ..
හරි අම්මට මතක ටික කියන්න..
කො මෙ නම්බරේ කට්ටිය නැත්ද මෙතන..සහයකවරිය කැ මොර දෙයි..
ආ මේ අපි.ඉන්නවා..
ඉන්නවනම් එන්න..මක් කරනවද මෙච්චර වෙලා.....
ඔවුන් දොස්තර මහතා හමුවට ගියේය..
අහ් මොකො ඔයලා ආයෙත් ඇවිදින්..,
සර් අපිට සර් එක්ක ටිකක් කතාකරන්න උවමනාවක් තියනවා.අර එදා රිපෝට් එක ගැන..කමලා කතාව පටන් ගත්තේය..
ම්ම්...විශේෂ යමක් තියනවද..........එහෙම තියනවනම් කියන්න මන් මෙ ළමයව මෙතනින් යවන්නම්.එයාට පොඩි වැඩ වගයකුත් කරන්න තියනව.දොස්තර මහතා කිවේය..
හ්ම්ම්...එකත් හොදයි මහත්තයෝ.......කමලා මහත් දෙගිඩියාවෙන් කිවේ ලැජ්ජාවක් වේදො යැයි බයෙනි..
ඒ කතාව ඇසු දොස්තර මහතා තමන්ගෙ සහයකාරවරිය කාමරයෙන් පිටමන් කලේය.
අහ් ඉතින් දැන් කියමුකො බලන්න...
ලැජ්ජාවත්,බයත් දෙකම හිතේ තියන් අමාරුවෙන් රැකගිනි හිටි කුමුදුනි මුහුන රතු කරන් බිම් බලාගත්තේය.
අම්මේ තව ලෙඩ්ඩු ගොඩාක් ඉන්නවා.අපි නිකන් කාලය නාස්තිකරන එකේ තෙරුමක් නැ.කතාව කියන්න..
ඔව් මහත්තයො..මේ කතාව කොතනින් පටන් අරන් කියන්නද කියල.මේක මොනවගෙ දෙයක්ද කියලවත් මට තේරුම් ගන්න බැ..
මට හිතෙනව මහත්තය එදා කීව කතාවෙ ඇත්තක් ඇතිය කියල.
ඒ කියන්නෙ මෙයා ගැබ් ගෙන තියනවා කියන එකද?.
ඔව්..ඒත් හැබැයි උවමනාවෙන් උනු නෙමෙයි කියලා දුව නම් කියන්නේ..
ම්ම්ම් මටනම් තෙරුන්නැ..මෙ ලමයට බොයි ෆ්රෙින්ඩ් කෙනෙකුත් නැනෙ නෙද?
නැ මහත්තයො..එවා කවදාවත් තිබිලා නැ..
මෙක වෙනස් කතාවක්..
මං කතාව කියන්නම්.......කියමින් කමලා කුමුදුනීට සිදුවු දේ ඉතා පැහැදිලිව සරලව කියයි..
ඒ කතාවේ අපහැදිලි තැන් කුමුදුනීගෙන් අසා දැනගනියි..
කතාව අවසානයේ කුමුදුනි අසන්නේ...
අම්මාගෙ කතාව අවසානයෙ කුමුදුනී කතාවට තව ටිකක් එකතු කරයි.ඒ එදා ඇ ලැජ්ජාවට නොකී දෙයකි..ඒ මනුස්සයා මගේ ගවුම එහාට මෙහාට ඇදලා දම්මා.මං දැක්කා ඌත් එහෙම@#$% ඉන්නවා.පස්සෙ මං එතනින් නැගිටලා එනකොට මට තේරුනා මොනවදෝ දෙයක් කකුල් උඩ හරියෙ තියෙනව වාගේ.මන් ඒක එච්චර ගනන් ගත්තේ නැ..
ඒ වාගෙ දෙයක් උනා කියලා ගැබ් ගැනිමක් ගැන මට අදහගන්න බැ සර්..
එහෙම දේවල් විමට ඇති හැකියාව බොහොම අඩුයි.ගොඩාක්ම අඩුයි..කියමින් ඔහු එහි විද්යාත්මකව පහදා දෙන්නේය.
ගැබ් ගැනිමක් සිද්ධ වෙන්නනම් සන්සේචනයක් සිද්ධ වෙන්න ඕනා..ඒකට ශුක්‍රණුවක් ඩිම්බයක් එකට හම්බෙන්න ඔන.සමාන්‍යයෙන් මිනිහෙක්ගෙන් එක පාරකට ශුක්‍රාණු මිලියන 3ක් විතර පිටවුනත් ඩිම්බයක් ලගට,ඒ කිවෙ ගර්බාෂය තුලට යැමෙ හැකියාව,ශක්තිය තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයකටයි.ඉතින් එහෙම ගියත් ඒ වෙනකොට ඩිම්බය ගර්බාෂයට ඇවිත් තියෙන්න ඔන.ඒ කියන්නෙ ඔයා ඔයාගෙ සරු කාලයෙ ඉන්න ඔනා.එක තියෙන්නෙ මාසෙකටම එක දවසක් විතරයි.හැබැයි ශුක්‍රාණුවක් ගර්බාෂෙට ගියොත් දවස් 3ක් ජිවත් වෙලා ඉන්න පුලුවන්..ඉතින් බලන්න මේක හරිම දුලබ අවස්තාවක් නේද.
මේ සිද්ධියේදි වෙන්න පුළුවන් එකම දේ ඒ පිරිමියාගෙ ශුක්‍රාණු ඔයාගෙ ප්‍රදෙශයෙ ගැවිමෙන් විතරමයි කියලයි ඔයලා කතාවෙන් මට තේරෙන්නෙ..යනුවෙන් දොස්තර මහතා ඔහුගෙ විශ්ලේෂනය කියාපායි.

අනේ මහත්තයෝ ඔයා කතා නම් මට ගැඹුරු වැඩියි.එච්චර දෙයක් තේරුම් ගන්නනම් අමාරුයි.කමලා කියයි.
ඒත් මහත්තය කියන්නේ මේ වාර්ථාවෙත් මේ කතාවෙත් පටලැවිල්ලක් තියනව කියලද?.කමලා මද වෙලාවකින් දොස්තර මහතාගෙන් අසයි..මේ ළමයා කියන දේ විශ්වාස කරනවානම්..මෙහෙම දෙයක් වෙන්න පුලුවන්..
ඇත්තට ඇයි ඔයාලා මේ ගැන පොලිසියට කිව්වෙ නැද්ද......?

නැවතත් කමලා කුමුදුනි තමාට කියු කතාවම දොස්තර මහතාට කියයි.

ඔව් එකෙත් ඇත්තක් තියනව.වැරදි කාරයා හම්බෙල නිතියෙන් ඔහුට දඩුවම් හිමිවුනත්..,මේ ළමයට සමාජයෙන් සමච්චල් ඒවි..උව්මනාවෙන් කරගත් දෙයක් විදිහට..එහෙම නේද?
හරි දැන් එහෙම උනාමයි කියමුකො..මොකක්ද අපි ඊලගට ගන්න පියවර..දොස්තර මහතා දෙපලගෙන් අසයි..
අනේ මන්දා ...බඩේ ඉන්නෙ දරුවෙක් තමා..ඒත් මේ වාගෙ දරුවෙක් හදාගෙන ලෝකෙන්ම බැනුම්.නින්දා අහන්නෙ කොහොමද මහත්තයො..කුමුදුනි කියයි..
ඔව්..ඒ ගැන ඔයා තීරණය කරන්න ඔනා..
කුමුදුනීගෙ පියකරු මුහුන දින කීපයක සිට මැලවි ඇත.ඇ දැන් බිම් බලාන කදුළු වගුරයි.ඉකිගසයි.
දැනුම් තේරුම් තියන කාලෙ ඉදන් ඇය මවු සිහින ඇගේ සිහියට එයි..
ඇයි බන් උඹ ඔය තොල් පාට කරලා ඇහි බැමි ටික ගාලා හිටපන්කො පොෂ් කෙල්ලක් විදිහට.මන් නම් වම් කනට කරාඹු දෙකක් දාන්න යන්නෙ..බලපන් උඹ ඔහේ මොකියක්දො වාගෙ..
ඇගේ යහළුවෙක් ඇ හට කී දේට පිලිතුර ලෙස ඇ දුන්නේ..
අපි හොදට හිටියොත් තමයි බන් දීගෙක ගිය දාට උනත් හොදට ඉන්න පුලුවන්.කොච්චර දේවල් අරන් ගියත්,කොච්චර ලස්සන තිබ්බත් මිනිස්සුන්ට ඔවා මතක ටික කාලයයි.ඊට පස්සෙ ඒවා අමතක උනාම ඔවුන් අපේ පරණ වැරදිත් කිය කියා අවලාද දෙනවා
මට මේ චාම් විදිහ හොදයි.උඹ ඔනා දෙයක් කරගනින්..
එසෙ සිහීන මැවු ඇය දැන් ඇවත් නොදැනුවත්ම ගැබිනියක් වී ඇත..

කමලා පුටුවට හේත්තු වී දිග සුසුම් හෙලයි.ඇගේ වෙව්ලන දැතත්.,තෙත් වු දෙනයනත් කියන්නේ ඔවුන් කවදාවත් නොසිතු දෙයක් සිද්ධ වී ඇති බවයි.

ඔය ළමය අපි නැතිකරගත්තොත් හොද නැද්ද..

හ්ම්ම්.ඒක නම් මට එකග වෙන්න අමාරු දෙයක්.මොකද ඒකට ලොකු අවසරයක් ඔනා.
එහෙම උනත්....
ළමයා හදාගත්තොත් කුමුදුනි අවජාතක දරුවෙකුගේ අම්මා කෙනෙක් වන්නේය.ළමය නැති කරගත්තොත් ඇය තම ප්රතථම ළමයා නැතිකරගත් අවාසනාවන්ත ගැහැණියක් වෙයි.
නැ මන් තීරණයක් ගත්තා..මන් මේ ළමය කොහොම හරි නැතිකරගන්නවා.නැතිඋනොත් මන් මැරෙනවා..
කුමුදුනි හ්දමින්,ඉකිගසමින් කියයි..
මේ ළමයා තාම කුළුදුල් කෙල්ලක් සර්..බලන්න අපට උන දෙයක හැටි..
ඔව් මෙයා කියන විදිහට මෙයා වර්ජින් කියලා මටත් තෙරනෙව.

අයාලෙ යන කුළු හරකෙකු පොකුනකට පැන වතුර බොර කර ඇත.ලස්සනට පිපෙන්න හදන නෙලුම් මලක පෙති තැලි ඇත.එහෙත් තවමත් නෙලුම් දණ්ඩ තැලි පොඩි වි නැත.පිපෙන්නට වෙර දරන නෙලුම් කැකුල සවිය දීමට ඒ දණඩට හකිවෙනම්......
උපැස් යුවල තම මේසය මත තැබු දොස්තර මහතා පැන කටේ ගහගෙන කල්පනා කරන්නට විය.දකුණු අතින් ඔහුගේ නළල් තලය පිරිමදියි..විටෙක බොහො දුරක් දෙස බලයි.කුමුදුනිගේ ගැටලුව ඔහුගෙ ගැටලුවක් බවට පත් කරගනිමින් ඔහු හිතයි..
ඔව් ඔය ළමයගෙ තත්වෙ මට තේරෙනව..අපිට මේවට පිලියම් තියනවා.මෙච්චර මේ දියුණු වෙලා තියෙන ලොකේ මෙක තව එකක් විතරයි කියලා හිතාගන්න..
ඒ කියන්නේ මොකක්ද සර්....
ඔය ළමයට ඕනනම් අපි මේකට ඇබොෂන් එකක් කරල නැති කරමු..ඒත් මේක දැන ගන්න ඔනා අපි තුන්දෙනා විතරමයි..
කමක් නැ..අපි ඒක කරමු.අපි කාටවත් කියන්නැ මහත්තයො...කුමුදුනි කියයි..
මන් හැමදාම මේ විදිහට ලොකේ තනියෙන් ජීවත් වෙනවා..මේ දේ කරගත්තායින් පස්සෙ මන් මිනිහෙක් ලගට ගිහින් වැඩක් නැනේ..කුමුදුනි ඉතා ශෝකයෙන් හඩමින් කියන්නේ ඇගේ හිතේ තිබු අසාවන්ටත් වඩා අම්මා,තාත්තා ගෙ හිතේ තිබි අසාවන් හොදින් දැනන් හිටි නිසාය.
ඒ ඇයි ඔයා එහෙම කියන්නේ.
ගැනියෙක් වෙලා මිනිහෙක් ලගට ගියොත් ඉස්සරහට මොනවා වේද කියලා කියන්න බැ.....ඊට වඩා හොදයි මෙහෙම ඉන්න එක.තවත් ගොඩාක් කොල්ලන්ගෙත්,අම්මලාගෙත් ඔලුවෙ තියන දෙයක් තමයි කෙල්ලක් කෙල්ලක් විය යුතුයි කියන එක...
නැවතත් කල්පනා කරන දොස්තර......
අපි බඩ කපලා ලමයි මේ ලොකෙට බිහිකරනවා සිසෙරියන් කරනවා කියලා..
ඉතින් ඒ වාගෙම බඩෙ තියන,ගර්බාෂේ තියන කලලයක් අයින් කරන්න පුලුවන් කියලා හිතාගන්න..
ඒ වගකීම මන් බාරගන්නම්..එතකොට ඔයාට අවශ්යය සියලු දේම සිද්ධ වේ නේ....
මේ හැමදෙයක්ම මං කරන්නේ ඔය ලමය දිහා බැලුවාම මට හිතෙන දේට.ඒ කිවෙ මටත් හිතෙනව මේක කාගෙ හරි පාහරයෙක්ගෙ නොහොබිනා වැඩක් කියලා
අනේ මහත්තයො......කියක් ගියත් කමක් නැ අපට මේ කෙල්ලව නිදහස් කරල දෙන්න....
කමලා දැත් එකතු කරමින් අයාචනය්ක් කරයි..
හරි ඒ ගැන හිතන්න එපා..අපි තව ටෙස්ට් එකක් කරලා මෙ වැඩෙ පටන් ගමු...

බොර වු පොකුනේ දිය නිසල වෙමින් පවති..තව ටික කලකින් පිපෙන්නට හදන නෙලුම් කැකුල පිපි විල් දිය මත හිනැහෙයි..
ඒ සදහා අලුත් ඉරක් පයන්නට නියමිතය
ප:ලි.ගෙතූ කතාවක නිමාව...

15 comments:

  1. හ්ම්ම් ලස්සන කතාවක්. ඔන්න ගෑනු ළමයෙක්ට පරිස්සම ගැන කියලා දුන්නු හොද කතාවක් :))

    ReplyDelete
  2. දැන් ඒ කියන්නෙ කන්‍යා බවට හානියක් නොවීම කලලය නැති කළා කියන එකද?

    ReplyDelete
  3. කතාවෙන් ලැබෙන පාඩම නම් මාර වටිනවා...

    ReplyDelete
  4. ඔක්කොම කියෙව්වා ... ලස්සනයි ... ඔහොම දේවල් වෙන්න පුලුවන් .. නමුත් බොහොම විරලයි නේද ?

    ReplyDelete
  5. කන්‍යා බවට හානියක් නොවී කලලයක් ඉවත් කරන්න ක්‍රමයක් මම දන්නේ නෑ. සමහර විට සිසේරියන් ක්‍රමයෙන් පුළුවන් ඇති. මට තියෙන ප්‍රශ්නේ මොකද මේ ගෑණු ළමයි විතරක් කොමන්ට් දාල තියෙන්නේ කියලා.නංගිලා ඉන්න අයියලාටත් මේක හොද කථාවක්. (මට නම් නංගි කෙනෙක් නැතියෝ...)

    ReplyDelete
  6. ගොතපු කථාවක් උනත්, රැකා කියනකම් පොඩ්ඩක්වත් තේරැන් නෑ.. ඇත්තටම ගැල්ලමයිට වටින කථාවක්..

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. කතවනම් සුපිරි අඉයෙ.........
    කෙල්ලන්ට අඔඩක් වැදගත්.
    මෙතරම් අදහස් තියෙන එකෙ පොතක් ලිවුවොත් නරකහ්ඩ??

    ReplyDelete
  10. අදයි ආවෙ මම ... ඔන්න ෆලෝ පාරකුත් දැම්ම.. ආයේ එන්නම්කො.. ජය වේවා!!!

    ReplyDelete
  11. අමුතුම කතාවක් බං මුල ඉඳන්ම කොටස් ටික කියෙවුවා . ඇත්තටම එහම දෙයක් වුණත් වෙන්න පුලුවන් කමක් තියන බව මම මේ පහුගිය දින කීපයේදී අපේ වෙද මහත්තයාගේ බ්ලොග් එල කියවලා දැනකියාගත්තා .

    තවත් මේ වගේ වෙනස් කතා ඔ බ අතින් ලියවෙන්ඩ කියලා පතන්නම්

    ReplyDelete
  12. කතාව පුරාම සිටි ඔයාලා හැමෝටම ස්තුතියි.
    අලුතින් ෆලෝ කරපු අයටත්.කමෙන්ට් දාපු හැමදෙනාටමත් ස්තුතියි..

    ReplyDelete
  13. හරිම බයානකයි අෆ්ෆා ....................................

    ReplyDelete
  14. කතාවෙ ටිකක් ඉස්සරහට එද්දි කමලගෙ කතා විලාසය වෙනස් වෙලා වගේ දැනෙන්නෙ නැද්ද ???

    ReplyDelete
  15. @ඕනයා:එහෙමද?අය පාරක් කියවලා බලන්නම්.ටැන්ක්යු වෙවා එහෙම දෙයක් ඇත්ත්නම් පෙන්නලා දුන්නට

    ReplyDelete