Monday, January 9, 2012

ගැබිනියක් වු කන්‍යාවිය...3

කුමුදුනි අවුරුදු නිවාඩුව පසුව වැඩට ගොස් එන පලවෙනි දාවසෙ උනු සිද්ධිය අම්මාට කියන්නට සැරසුනේය..
අම්මේ එදා මං වැඩ ඇරිලා එද්දි මෙන්න මේ හරියට එනකොට ඔන්න වැස්ස වහින්න හීන් පොදකුත් පටන් ගත්තා..මෙ වංගුව හැරනවාත් එක්කම මං දැක්කා මිනිහෙක් ඉස්සරහින් එනවා.මං ඉතින් එයා එහා පැත්තෙන් එන්න ඇරලා මෙ පාර අයිනේ ඉස්සරහට ගියා..
මිනිහෙක් කීවෙ කොල්ලෙක්ද,වයසක මනුස්සයෙක්ද?කමලා කතාවට බධා කරමින් ඇසුවේය..
ටිකක් වයසයි වාගෙ පෙනුනා..දැක්ක විදිහට නම් 40ට කිට්ටු කරලා විතර ඇති..
ඉතින් කියපන්කො..
ඔව්..මං එයාව පහුකරලා ටික දුරක් විතර ගියා මතකයි..ඒ කියන්නෙ අඩි 10ක් විතර.
ඊට පස්සෙ..
ඊට පස්සෙ එක පාරටම මු ඇවිත් මාව අල්ලගෙන ඇදගෙන ගියා..
කොහාටද..
අන්න අර පේන සියඹලා ගහ එහා පැත්තට..
ඉතින් ඇයි උඹ කැ ගහුවෙ නැත්තේ..
කැ ගහන්නෙ කොහොමද ඒ යකා මගෙ කටිනුත් අල්ලන් හිටියේ.
ඊට පස්සෙ මු මගෙ මුන රෙදි කැල්ලකින් වහල බැදලා මට අනන් මනන් කරන්න හැදුවා..
මුලින්ම මට මොනවා කරන්නද කියල තෙරුන්නැ.මට තෙරුණා මිනිහා මොනවා හරි ලොකු විනාශයක් කරන්න තමා හදන්නේ කියලා.
ඊට පස්සෙ මං ඌ ට මගෙ අතේ තිබ්බ කුඩෙන් මූනට දෙකක් තුනක් ගැහුවා..එතකොට උ අයින් වෙද්දිම ලග තිබ්බ පොල්ලකින් තව එකක් ගහල මං දුවගෙන ගෙදර ගියේ..
කුමුදුනි එදා සිදුවු සියලු ඉතා පැහැදිලිව අම්මාට කිවේය..
ඇයි ඉතින් උඹ කැගහලා කාට හරි කිවේ නැත්තේ..
මට ඉච්චර සිහියක් තිබ්බේ නැ අම්මේ..මට ඕන උනෙ ඉක්මනට ගෙදරට එන්න..
ඉතින් උඹ ගෙදරට ඇවිත්වත් මට කිවෙ නැනෙ.වෙන කෙල්ලෙකුට පොඩි දෙයක් උනත් ඉස්සරොම කියන්නෙ ගෙදර අයට,උඹට මෙච්චර දෙයක් වෙලත් හාන්කවිසියක් ඇගෙව්වෙ නැ.බලපන් උඹ වගෙ මෝඩ කෙල්ලක්..චිකේ උඹලට දෙන්න ඕන.....
උඹලගෙ හිතේ තියන ලොකුකම නිසා තමා මේ සේරම වෙන්නේ.අනේ ඇත්තමයි මට.......
හරි...හරි අම්මේ අපි යමුකො දැන් ගෙදර.ගෙදර ගිහින් ඉතුරු ටික කතාකරමු..
නැවතත් ඔවුන් ගෙදර යන ගමන පටන් ගත්තෝය.
ඇයි කුමුදු උඹ මට කිවෙ නැත්තේ මෙහෙම දෙයක්.කිවානම් ඔකා හොයාන පොලිසියට මාට්ටු කරලා දෙන්න තිබ්බනේ..
මං මේක කියන්න දෙතුන් පාරක්ම හිතුව අම්මේ..ඒත් සමහර වෙලාවට මට හිතුනා මේක කියන එකෙන් වෙන්නෙ උඩ බලාන කෙලගහනව වගේ වැඩක් කියලා..
ඒ මොකක්ද ඒකෙ තේරුම?කමලාට කුමුදුනිගේ කතාව පැනයක් විය.
නැ අම්මේ.මං හිතුවෙ මට කිසිම කරදරයක් උන් නැති නිසා මේ උනු වැඩෙ කිවානම්...
ඉස්සරෝම අම්මා ගම වටෙ දුවයි කව්ද ඒ මනුස්සයා කියල හොයන්න..
ඔව්.මං ඌව හොයල විතරක් ඉතුරු කරන්නැ එදා එහෙනම්..උඹ ඔය වාගෙ දෙවල් සුළුවට තැකුවට අපට එහෙම කරන්න බැ.උඹ තාම කෙල්ලක්..
ඔව්..මං ඒක දන්න නිසා තමයි අම්මට ඒක ගැන නොකියා හිටියේ.මං තාම කෙල්ලක්...
අම්මා ගම වටේම ඒ මනුස්සයව හම්බෙනකන් හොයද්දින් මුළු ගමේම මිනිස්සු දැන ගන්නව මට උනු සිද්දිය ගැන.ඊට පස්සෙ ඕක ඔතනින් නවතින්න නැ..පොලිසියට යනවා..පොලිසියෙන් නවතින්නෙත් නැතිවෙයි සමහර විට.කෙහෙහරි පත්තරෙ එකෙකුට ආරංචි උනොත් එයා පත්තරේටත් ලියයි.
එතකොට වෙන්නෙ මට කිසිම දෙයක් නොවි මං දෙයක් උනු කෙල්ලෙක් ගානට වැටෙන එකයි.ඊට පස්සෙ හැමෝම මං දිහා බලන්නේ ඒ විදිහට.කිසිදෙයක් නොවි ඒ වාගෙ තත්වෙකට පත්වෙන්න හොද නැ අම්මේ.
කෙල්ල්ලෙක් එක පාරක් දුෂණය වෙලා දුෂකයාට දඩුවම් දෙන්න ගියොත් වෙන්නෙ ඒ කෙල්ල සිය දහස් වාරයක් දුෂණය වෙන එක.ඊට හොදයි මැරන එක මම නම් කියන්නේ.
ඒ කොහොමත් මට විශ්වාසයි මට එදා එහෙම දෙයක් උන් නැ කියලා.ඒක මට හොදටම සුවර්..
ඔව්..උඹ කියන දේත් ඇත්තක් නැතුවාම නෙවෙ.ගැනු අපිට ලොකෙ හැමදාම පහත් තැන හම්බෙන්නෙ.නැති වරදවල් හදලා,කටකතා පතුරලා ගැනුන්ව වරදට පොලඹවා ගන්න මිනිස්සු හරි දස්සයි බං..
කතවෙන් කතාවෙන් දෙන්නා ගෙදරටත් ආවා..
අම්මපා කෙල්ලෙ මටනම් අද ගිය ගමන ආපහු ආපු හැටි මතකවත් නැ..ඔලුවෙ තියන ප්‍රශ්න ගැන කල්පනා කර කර,කතා කර කර ආවා මිසක් පාරෙ තොටෙ හම්බුනු එකෙක්වත් මතක නැ..
මටත් එහෙම තමා අම්මේ.බස් එකට ගොඩ වෙලා හන්දියෙන් බහිනකන් මං දැනන් හිටියෙ නැ අපි එතෙන්ට ආවා කියලා.
ටික වේලාවක් නිසොල්මනෙ තමන්ගෙ වැඩ කරමින් හිටපු අම්මත් දූත් ආයේ එකට වාඩිගත්තෝය..
ඇත්තටම කෙල්ලෙ උඹට එදා මොකද උනේ..උඹ මේ කියන්නේ ඇත්තක්මද?....
නැවතත් කමලා අසයි.
ඔව් අම්මා..ඒ ඇත්තම කාතාවක්..ඇයි අම්මා ඒ ගැන විශ්වාස නැද්ද.....
නැ ඉතින් කියන්න බැ නොවැ..
එතකොට මේ දොස්තර මහත්තයා කියපුදේ ඇත්තක් තියෙන්න බැරිද.
අනේ මන්දා අම්මා..ඒත් මට එහෙම දෙයක් විශ්වාස කරන්න අමාරුයි..
එහෙනම් ඒ දොස්තරයා කියපු හරුපෙ තෙරුම මොකක්ද?,,කමලා සැරන් මෙන් කුමුදුනිගෙන් අසයි..
උඹ වෙන එකෙක් එක්ක නටාගහලා ඇවිදින් ඒක වසන් කරන්න කියන බොරුවක්ද කොහෙදො මේක..
ඒ වදන් ඇසු කුමුදුනිගේ සිත තදින්ම පැරෙයි..ඇගේ දෙනෙත් රතු වී කදුළු ගලා එයි.කමලා ඒ ගැන කිසි තැකිමක් නොකර ඔහේ කියවයි..
හරි මන් මේක හොයාගන්නම්..මේවා හොයගන්න බැරිකමක් නැ..මෙවා හරියටම හොයාගන්න අද කාලේ විද්‍යාවට වඩා ඉස්සර කාලේ ක්‍රම තියනවා..
මට ගමේ ගියොත් ගුරුන්නාස්සෙ ගාවට ගියාම මෙව දැක්කා වගේ අහගන්න පුලුවන්..
කමලා හිතේ ඇතිවු ආවෙගයට කියවාන යයි..
අනේ අම්මෙ ඔයාට මාව සැකයිනෙ ඇත්තට ඇ..
ඔය දෙවල් වලට ආවොත් මන් එච්චර කාලයක් ඉන්නැ.අම්මට මං දැන් සිද්දවුනු සේරම දේවල් කීවා.
ඊට වැඩිය දෙයක් වෙලා තියනවා කියලා හිතනවනම්..එ කියන්නේ මම කැමැත්තෙන් කොල්ලෙක් එක්ක ගිහින් කරගත්තු දෙයක් කියලා අම්මට හිතෙනවනම් අම්මා ඕන දෙයක් කරලා හොයල බලන්න මගේ...
මං මොනවා හොයන්නද උඹෙ..
නැ ඉතින්.මන් එහෙම දෙයක් උනා නම් අද මං කෙල්ලෙක් නෙවෙනෙ.ගැණියක්..අනික එහෙම දෙයක් මගෙ උවමනාවට උනානම් මට ඌත් එක්ක යන්න පුලුවන්..
උඹ ගැනියෙක්ද,කෙල්ලෙක්ද කියල මං කොහොම හොයන්නද?කමලාගෙන් ප්‍රශ්නයක්..
නැවතත් දෙදෙනා අතර මහා නිශ්ශබ්දතාවයක් ඇතිවෙයි.බලාගත් අත බලාන දෙදෙනා කල්පනා කරයි..
හ්ම්...මං උඹ කියන දේ විශ්වාස කරනවා.උඹ මෙතුවක් අපට බොරු කරලා නැ කෙල්ලේ..
කෝකටත් හෙට අපි ආයෙ යමුද අර දොස්තර මහත්තයා හම්බෙන්න..
කමලා ඇගේ දුවගෙන් අසයි..
අනේ මන්දා..ඇයි අම්මා එහෙම අහන්නේ..
නැ..ඒ මහත්තයා කියපු දේ ඇත්තක් තිබුනොත්..අපරාදේ උබෙ ජිවිතේ..
එහෙම දෙයක් වෙන්න පුළුවන්ද අම්මා..
දන්නැ කෙල්ලෙ..ඒත් ඔය මූසලයන්ගෙ එවා ගැවුනත් ඇති..හොද එකෙකුට ළමයෙක් හදාගන්න දහදුක් විදින වෙලාවෙ ඔය වාගෙ එවුන්ගෙ ඒවට පුදුම බලයක් තියෙන්නේ.
අනික ඉතින් උඹේ නරක වෙලාව ඇවිල්ලත් නොවැ තියෙන්නෙ..
ඒ කොහොමද අම්මා කියන්නෙ..
නැ ඉතින්..එකනෙ මෙහෙම දෙයක් උඹට උනේ..
කෝකටත් මට හිතෙනවා ගුරුන්නාන්සෙ හම්බවෙලා මොකාද මු කියලා හොයල බලන්න...
අනේ අම්ම මේ..ඔය පිස්සු වැඩ කරන්න හදන්න ඔනෙ නැ..
අපි එහෙනම් යමු.හෙට දොස්තර මහත්තයා හම්බෙන්න..

දොස්තර මහත්තය හම්බෙලා ආපුවාම අහලා ඉතුරු ටික ලියන්නම්..තව දවස් කීපයකින් ඉතුරු කොටස..

10 comments:

  1. හොඳයි....ඉතිරිය

    ReplyDelete
  2. නියමයි සහෝදරයා. keep it up.

    ReplyDelete
  3. Waiting in suspense for the next chapter!

    ReplyDelete
  4. හප්පද බොල.... මේ අහවල් දෙයක්ද වෙන්න යන්නෙ.. අගක් මුලක් හොයාගන්න බෑනෙව තවමත්....ඒත් මට යාන්තමට පොටක් පෑදීගෙන එන්න. ඒත් ඉවසලම ඉන්නව කතාව අහවර කරනකං. ආයෙ මං මොකටෙයි මුහුං දාල පිළුණු කරන්නෙ වැඩේ නේද.. ?

    ReplyDelete
  5. සිරාවටම මොකුත් කරල නැද්ද ????

    ReplyDelete
  6. එල...ඉතිරි ටිකත් දාන්න ඉක්මනට...

    ReplyDelete
  7. කමෙන්ට් දාපු සියල්ලෝටම ස්තුතියි.ඊලග සහ අවසාන කොටස ලගදීම...මේක ඉවරයක් කරන්න එපැයැ නේ බන්ලා

    ReplyDelete
  8. මේක නම් බලන්නම ඕනෙ

    ReplyDelete
  9. "දන්නැ කෙල්ලෙ..ඒත් ඔය මූසලයන්ගෙ එවා ගැවුනත් ඇති..හොද එකෙකුට ළමයෙක් හදාගන්න දහදුක් විදින වෙලාවෙ ඔය වාගෙ එවුන්ගෙ ඒවට පුදුම බලයක් තියෙන්නේ." හික් හික්...

    බලමු බලමු.. ඉස්සරහට මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
  10. අහ්හ් මාර සිද්දිය

    ReplyDelete