Wednesday, July 13, 2011

සුන්දර ගමක පින්බර සිතුවිලි...1

අතීතය සිහිනයක් පමණයි සැබැ සුවදක් නැ......

කරුණාරත්න දිවුල්ගනගේ මෙසෙ ගැයුවත් ඒ අදහසෙ යම්කිසි වු වැරැද්දකුත් තියනවා කියලයි මට හිතෙන්නෙ.
අතීතයෙන් තොර අනාගතයකුත් නැ කියල සමහරු කියනවා,
කොහොමත් ගොඩාක් අය අතිතයට යන්න අකමැතියි.ඒත් අතිතයෙ සුන්දර තැන් මතක් කරන්න එ කාලයට යන්න පෙරුම් පුරන අයත් නැතුවාම නොවෙ.
කව් රුත් ගොඩාක් අසායි තමන්ගෙ බාල කාලයට යන්න.මාත් මාගෙ බාල කාලයට ගොඩාක් අසායි.
අද තියෙන්නෙ එ වාගෙ කතාවක්.
මගෙ බාල කාලෙ එහෙම නැත්තම් ළමා කාලෙ ගෙවුනෙ සුන්දර වු ගමක.
උදැසන රන්වන් අහස යටින් කැමසොයාගෙන යන කුරුල්ලන්ගෙ ගි හඩින් දවස ආරම්බ කරපු මන් දවස නිමා කලෙත් ලා අලු පාටට තැඹිලි පාට කවපු අහස යටින් ගී කියාගෙන කුඩුවලට යන කුරුල්ලන්ගෙ ගි හඩත් සමගමය......
අපෙ ගම,කුඹුරු,පොල් ඉඩම් වලින් පිරී තිබු,ගල උඩ පිහිටි පන්සලත් ඊට පහලින් පිහිටි වැවත් නිසා අලන්කාර වි තිබුනි.

දෙසැම්බර් අගසිට මාර්තු අග දක්වා අදෙන සමනළ පෙරහැර අපෙ වත්ත මැදින් ගිය හැටි තාමත් මට මතකය.වයස අවුරුදු 8ක් විතර කාලයෙ සමනළයින්ට කවියක් ලියු මා එය අම්මාටත්,තාත්තාටත් පෙන්නුවෙය.ඉන්පසු අම්මාගෙ සන්ස්කරණයෙන් ඒ කවි විජය පුවත්පත යොමුකර එය පලවු හැටිත්,පුවත්පතෙ කොටස පාසැලේ දැන්වීම් පිවරුවෙ තිබු හැටිත් මට මතකය.

පොල් රුප්පාව දෙබැකරමින් ඇදුනු කුඹුරු යායකි.ලා ගොයමට මෙන්ම පිදිඋණු ගොයමට උදැසන හො සවස හිරු එලිය වැටෙද්දි දිස්වෙන්නෙ මනරම් වු දර්ශනයකි.පසැල් ගොස් ගෙදර එන මා හවස 5න් පසු වෙල්යායෙ ඇවිදින්නෙ එ අසිරිය විදිමටය.ඒ වාගෙම පිදුනු ගොයමට එන නොයෙක් වරගයෙ පුන්චි කුරුමිණය සමනලුන් දැකීමත් මාගෙ විනොදන්ශයක් විය.
ගොයම් කැපුපසු වෙල් ඉපනැල්ලෙ සෙල්ලම් කරද්දි දවස ගෙවෙනවා දැනුනෙම නැ.ගොයම් කපා අවසන් වන්නෙ බොහො විට පෙබරවාරි අග කාලයෙය.ඒ සමගම එන්නෙ අලුත් අවුරුදු නිවාඩුව නිසා හොද හැටි සෙල්ලම් කිරිමට කාලය සලසා දුන්නෙය.

අඹ වාරයට ලිද ලග ඇති අඹ ගසෙන් අඹයක් කඩා ගන්නා මා එය සොදාගෙන්නෙය.ඊලග පියවර වන්නේ අඹය ලගම ඇති පොල් ගසෙ මැදට එල්ල කරන වෙගත්වත් පහරයි."සිරිස්" හඩින් පැලෙන අඹය මැදට ලුනු,ගම්මිරිස් කුඩු දම විනඩි කිපයක් තබා කැමට ගනි..
පාසැල් නිවාඩු කාලයෙ මාගෙ උදැසන අහාරය වන්නෙ තැඹිලි හො කුරුම්බාය.වත්තට පමිනෙණ ත්තාගෙ සෙවකයෙකුට කියා කඩා ගන්නා කුරුම්බා වලින් පමණක් දවසම ගෙවු වෙලාවල්ද ඇත.
වත්ත පහලින් ඇදුනු ඇල දැදුරු ඔයෙ ප්ර දාන පොශක ඇලකි.
මහා වැස්සට බොරදියෙන් පිරුනු මෙ ඇල හො.. හො..හඩ දෙමින් ගලා ගියත් ඉන් පසුව සාමාන්ය දිනවලදි ලතාවකට සිරි සිරි හඩ දෙමින් ගලා යයි..අපෙ නිවසට නිතර පැමිණි මිතුරෙක් විය.ඔහු මාලු බැමට දක්ශයෙකි.නිතරම මාලුන් ඇල්ලිමට ඔහුගෙන් ලැබෙන ඇරයුම් අපට ප්‍රතික්ශෙප කිරිමට සිදිවුයෙ ගෙදරින් ඊට කිසිම අවසරයක් නොලැබෙන නිසාය.බිලී කොකු ගැනිමට හො නයිලොන් නුල් ගැනිමට කිසිම අවසරයක් නැත. එවැනි දෙ මිලදි ගත්බවට අරන්චියක් තාත්තාට ලැබුනොත් ඊට ලැබෙන දඩුවම ගැන මාත් මල්ලිත් හොදින් දැන සිටියොය.එමනිස කිසිම දිනක එවැනිදෙ සදහ ගෙදරින් මුදල් ඉල්ලුවෙ නැත.දවසක් අපේ යාලුවගෙ පෙරත්ත කිරිමට අපිත් ඔහු සමග මාලු ඇල්ලිමට ඇලට ගියේය.
කනාවට වාගෙ අසුවු මාලුවාගෙ නම ඔහු අපට කියා දුන්නෙය.එය කනයා කිවෙය.කිසි දෙයක් නොදන්නා අපි එය පිලීගත්තොය.ඉන්පසු එම මාලුවාගෙ ඇස්,වරල් ගැලවු ඔහු නැවතත් ඇලට දැම්මෙය.ඉන්පසු ටික වෙලාවකින් පිට හරහා එල්ලවු වෙගවත් පහර හතරක්ද,හයක්ද කියා බැලුවෙ දරාගත නොහැකි වෙදානාව නිසාය.
පව් වැඩ නවත්තල ගෙදර යමල්ලා......
ඒ හතරෙ පහර තත්තාගෙනි.හයක්,හතරක් නොදන්නා වුන් මෙන් අපි ගෙදර ගියෙ යාලුවාටත් නොකියාය.තත්තාට හොරන් අපි ආවත් තත්තා ඉවෙන් මෙන් එතනට පැමිණ ඇත.
_ _ _ _ _ _ _ _ _ _ ......_ _ _ _ _ _ _ _ ....._ _ _ _ _ _ _ _ _............._ _ _ _
1997,මන් O/L කරල ප්‍රතිපල එනතුරු බලාන හිටි කාලයයි
සුනීත ගන්ගා ජලේ.........
නිල දිය රැල්ල වෙරළෙ හැපෙ.....
ඔරු පාරු තිබුනාට කිමදො පලේ........

කතාව දිගටම යන නිසා ඉතුරු ටික පස්සෙ ලියන්නම්.
හොදම හරිය තව දවස් කිහිපයකින් බලන්නකො....

No comments:

Post a Comment