Sunday, July 17, 2011

සත්තයි ඒ නුඹ වෙනුවෙන්


හිරුත් සමග විරසකයෙන්
වළා කදුළු හලා අඩද්දි..
වැටෙනා ඒ කදුළු බින්දු
ගහ කොළ අතු පාට කරලා
කොද මල් මුකුලිත කරවා
මිහිකත සරසනවානේ

මාත් සමග විරසකයෙන්
නීල නුවන් රතු කරගෙන
කොපුල් තෙමා කදුලු හලා
ඔයා අඩ අඩා ඉදිද්දී.....

හද පොඩියත් සීතල වී
දහසක් සෙනහස් මල්
පිපෙයි මගෙ හද පත්ලේ
සත්තයි ඒ නුඹ වෙනුවෙන්

2 comments:

  1. විදිනා දුක් බර වැඩීලූ
    ඒ නිල් අහසට
    කදුලු වෙලා ගලා හැලේ
    ඔබටත් රහසෙම
    පමා නොවී ගෙදර එන්න
    කද මලු නැතුවම
    සිත් අහසම කඩා වැටී
    සද නැති හින්දම
    කදුලු එක්ක හාද වෙලා
    ඈ ගේ මුල්ලෙම...

    සත්තයි ඒ නුබ වෙනුවෙන්...

    ReplyDelete
  2. ඇතුගල පාමුල
    ඇයගේ අතගෙන
    කඩල කමින් මම
    පියමන් කල හැටි

    ඉඳහිට හමුවන
    මලක් කඩාගෙන
    ඇගෙ හිස සරසා
    ලස්සන බැලු හැටි

    ඇතුගල දුටුවිට
    පිබිදෙන මතකය
    පද බැඳ බැඳ මෙහි
    ලිව්වා දැන් ඇති...

    ReplyDelete