Friday, May 27, 2011

Sea chicken

දෑන් Sea chicken කිව්වාම ඔයලා හිතනවා ඈති මොකා ගෑනද මෙ කියන්න යන්නෙ කියලා.මුහුදු කුකුළෙක් ගෑන වෙන්නෑති.උ කෙකෙර ගානවද???? .බිත්තර දානවද????.කොහෙද ඉන්නෙ???.තවත් ප්‍රශ්න ගොඩාක් නෙද?
ඇත්තටම කව්ද Sea chicken කියන්නෙ.
එ තමා අපි දන්නා කෙලවල්ලාට සුද්දො දුපු නම...හෑමොම දන්නවනෙ කුකුළ් මස් ගොඩාක් රස බව.
ඉතින් මුහුදෙ ඉන්න ගොඩක් රස මාලුවෙක් තමා මෙ ටුනා(Tuna).එ කියන්නෙ කෙලවල්ලා/කෙන්දා.(මාලෙ අය කියන්නෙ කන්ඩලි කියලයි)
කෙලවල්ලාගෙ ඉන්ග්‍රිසි නම තමා ටුනා(Tuna).
ටුනා ගෑන මොනවද ඔයලා දන්නෙ????
බොහො විට ඉන්දියානු මුහුදෙයි,පෑසිපික් මුහුදෙයි දකින්න ලෑබෙන මෙ මාලුවාගෙ ජිවිත කලය වයස අවුරුදු 4-5ක් වගෙ කාලයක් ජිවත් වෙනවා.
ටුනා මාලු විශෙස කිපයක්ම අපිට දෑකගන්න පුලුවන්.
1.Yellow Fin Tuna.(යෙලො ෆින් ටුනා)..
බොහොවිට අසියනු මුහුදෙ හම්බෙන මෙ මාලුවා වයස අවුරුදු 5ක් පමණ වෙද්දි බර කිලො 120ක් වගෙ තරමට ලොකු වෙනවා.මාත් දෑකල තියෙනවා කිලො 120ක ටුනෙක්.දවසක් අපෙ දිවරයෙක් අපෙ factory යට ගෙනාවා... මෙ මාලුවගෙ බඩෙයි කොන්ද දිගෙයි කහ පාට වරල් තියනව.එකයි මෙයාට එ නම දිලා තියෙන්නෙ.
2.Blue fin tuna,(බ්ලු ෆින් ටුනා)...

මෙයානම් හෑබයි යෙලො ෆින් වගෙ නෙමෙ.ටිකක් තදයෙක්...මෙයා ගොඩාක්ම ඉන්නෙ අරයට
ත් වඩා ගෑබුරු මුහුදේ....එ වගෙම මෙයා ජිවිත කාලෙ හොදම හරිය වෙද්දි කිලො 300ක් වගෙ බර වෙනවා.පුදුමයි නෙද???..එ වගෙම මෙයා අරයට වඩා රසයෙනුත් වෑඩියි..එක නිස මෙයට තියෙන ඉල්ලුමත් වෑඩියි.
මෙයගෙ තියන වෙනස තමා අරයගෙ කහ වරල් වෙනුවට නිල්ට හුරු තද පාට වරල් තියෙන එක..එ වගෙම ඈගත ටිකක් තද නිල් පාටට හුරු කලු පාටක්.ගොඩාක් වෙලාවට අපි වෑඩ කරන මාලෙ,තියෙන දිවර බොට්ටු වල දිවරයනට මෙයාව අල්ලා ගන්න අමාරුයි.එත් මගෙ වාසනවට වගෙ පොඩි එකෙක් දෑක්කා.එයා තමා මෙ පෑත්තෙන් ඉන්නෙ

3.Big eye tuna.(බිග් අයි ටුනා)..

නම කිව්වාම තෙරෙනවනෙ...මෙයාගෙ ඈස් දෙක ටිකක් ලොකුයි.(ගෑණු අයට ඈස් ගහලද කොහෙද නෙද?).එ වගෙම මෙයාගෙ ඈග වටෙට තියෙන තෙල් තට්ටුව හින්ද ඈග ටිකක් රවුම් හෑඩයක් තියෙනව.එ තෙල් තට්ටුව හින්දාම ටිකක් රසයෙනුත් වෑඩියි.



තව ගොඩාක් ටුනා වර්ග ඉන්නව.ඔයාල රස කර කර කන බලයත් ටුන විශෙශයක් තමා.උ ට කියන්නෙ Skipjack tuna කියලයි.එයානම් ගොඩාක් පොඩි මලුවෙක්.එ කියන්නෙ ලොකුම 8කිලො වගෙ...තවත් අය නම් ගොඩාක් ඉන්නවා... Dog tooth tuna. එ වගෙ අයත් ටුනා කණ්ඩයට තමා අයත් වන්නෙ...
මෙ ටුනා කන්න සුදු මහත්තරු කොච්චර ආසද...
මන් වෑඩ කරන Factory යෙන් මසෙකට ටොන් 200ක් වගෙ යුරොපෙට යවනව fresh මාලු විදිහට..එ මාලදිවයිනෙ තියෙන එක තෑනකින්..තවත් factory 8 මාලෙ තියෙනවා.
එතකොට අපෙ ලන්කවෙ 20ක් විතර.තව මොරිසස්.එක්වදොර් වගෙ රටවලිනුත් යුරොපෙට ටුනා මාලු යවනවනෙ..
ඉතාලි,ප්‍රන්ශය.ජර්මනිය.එන්ගලන්තෙ වගෙ යුරොප් රටවල් ගොඩාක් ටුනා ගන්නවා.එ වගෙම ඇමරිකවත් අපෙන් මාලු ගන්නව.එ forzen කරලා.එ කියන්නෙ අදි ශිත කරලා

ඇයි මෙයලා මෙච්චර ටුනා කන්නෙ....
ගොඩාක් අය දෑන් මස් කන එක අඩුකරලනෙ.කොලෙස්ටරොල්.,රුදිර පිඩනය වාගෙ දනපති රොග ගෙඩාක් මස් කෑවාම හෑදෙන නිසා..එකට හොදම පිලියම තමා මෙ ටුනා..ශරිරයට අහිතකර දෙවල් තාම හොයාගෙන නෑති නිසා තමයි මෙයාලා ටුනා කන්න කෑමති.

මෙ තියෙන්නෙ ටුනා මලු කෑල්ලක්......

සුද්දො ටුනා මාලු කන්න කලින් මොනව ගෑනද හිතන්නෙ.
එයාල කොහොමත් අපෙන් දෙයක් ගන්න කලින් එක එයලට දෙන්න ඔන විදිහ ගෑන කියල තියනවා.එකට ගෑලපෙන විදිහට අපි නිශ්පදනය දෙන්න ඔනා.මාලු factory හොද සනිපරක්ශක ක්‍රම වලට කරන්න ඔනි.මොකද මෙක කෑමක් මෙ.ජරාව ගාගෙන කරලා හරියන්නෑ...එක නිස දිලා තියන අදුම් අදගෙන ගොඩාක් පිරිසුදුව factory ඇතුලට යන්න ඔනි..
එ ඇදුම් වුනත් හෑමදාම හොදලා iron කරලා තියෙන්නෙ.iron කරන්නෙත් විශ බිජ විනාශ කරන්න...මෑරුණු මාලුවගෙ ඇගෙ ගොඩාක් බෑක්ටිරියා වර්ග ජිවත් වෙනවනෙ.එ බක්ටිරියා අපිටත් අපිට විස වෙන්න පුලුවන්.එක නිසා බක්ටිරිය වර්දනය අඩු කරන ක්‍රමත් හිතන්න වෙනවා.එකට එයලා එකියන්නෙ සෙන්ටිග්‍රෙඩ් 3 ටවත් අඩුවෙන මාලුවා/නිස්පාදන ගබඩා කරන්න කියලා.එතකොට බක්ටිරියවන්ට වරදනය වෙන්න බෑහෑනෙ.මෙක හින්දා process කරන්නෙත් සෙන්ටිග්‍රෙඩ් 15 වගෙ කාමර වල
අනිත එක මෙයලා බලන්නෙ හිස්ටෑමින් කියන එක.ඔය අපි මාලු කද්දි සමහරුන්ට කට කහන්නෙ.අගෙ පලු දන්නෙ,හිස්ටෑමින් ගොඩාක් වෑඩි මලු කෑවම.එයාලනම් කියන්නෙ 100ppm(part per milion) ට අඩුවෙන් ඔනි කියලා.හිස්ටෑමින් වෑඩි වෙන්නෙත් මාලුවගෙ උස්නත්වෙ වඩි වුනාමලු.එක නිසා දිවරයොත් මාලු අල්ලපු ගමන් අයිස් වල දාලා 3 ට් ආඩුවෙන් තමා ගෙන් එ ගෙන මාලු ග්‍රෙඩ් කරනවා.හොද මාලු විතරක් යුරොප් යවන්න ගන්නවා. මෙ තියෙන්නෙ අයිස් එහෙම දාලා යුරොප් යවන්න ලෑස්ති කරලා.


අපි නම් ටුනා කන්නෙ හොදට උයලා නෑත්තම් තෙලෙන් බදලනෙ.එත් ජපානෙ අය අමුවෙන් ම තමා කන්න අසා.එවට shashimi කියලා කියන්නෙ.චුටියට කපගත්ත ටුනා කෑලි වසබි මිශ්‍ර සොයා සොස් එකක ඔබලා කනවා.ඇමෙරිකාවෙ අය ටුනා කෑල්ලෙ වටෙ පොඩ්ඩක් රත් කරලා මෑද අමුවට තියලයි කන්නෙ. processing කරන ක්‍රියාවලිය ගෑන අපෙ තෙජාන් මල්ලි ලියලා(http://thejans.blogspot.com/2011/05/hulhumale.html) තියෙන නිසා මම ලියන්නෙ නෑහෑ. (විශෙස ස්තුතිය දිනෙස් අයියට.මාලෙට ආපු දවස් වල මාලු ගෑන අග ඉදන් මුලටම වාගෙ කියල දුන්නෙ එයා),

ඔයාලා http://thejans.blogspot.com/2011/05/factory.html ත් කියවන්නකො....

Tuna processing


















2 comments:

  1. PROCESSING එක ගෑන මම ලිව්වට කමක් නෑ ඔයත් ලිව්ව නම් තමයි ගයාන් අයියේ වඩා හොද.
    මොකද මේ පිලිබදව ඔයාට තියෙන දෑනුම අපි කාටවත් නෑති නිසා.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete