Sunday, November 25, 2012

වසන්තය එනතුරු

අනේ මන්දා හෙට ඉදන් මොනා කරන්නද කියලා..
ඇයි මොකෝ උනේ....
කියන්නකෝ කොහෙදෝ බලන් ඉන්නේ..
මොනාද?..
දැන් ඔයා ඔය කිවේ..'හෙට ඉදන් මොනා කරන්නද මන්දා කියලා'
ඉතින්...
ඉතින් මං අහන්නේ මොකද එහෙම කියන්න හෙතුව කියලා
නැ........විශේෂ දෙයක් නැ..
නැතිවෙන්න බැ..

හෙට ඉදන් මොනා කරන්නද ඉතින්... වැඩට යනව මිසක්...

ඔන්න ආයෙත් කල්පනාවක..
ඔයා මගෙන් හංගන මොනා හරි දෙයක් තියනවා..
මොනා හංගන්නද ඔයාගෙන්..
එහෙනම් කියන්න..

මට වෙන ජොබ් එකක් හොයාගන්න වෙනවා..'ඔන්න කීවා..'

ඇයි ඒ......
හෙතුව නම් මන් වත් දන්නේ නැ,එත් කට්ටියව අස්කරනව.ඉතින් මාත් හිතුව අස්කරන්න ඉස්සරින් අස්වෙලා වෙන ජොබ් එකක් හොයාගන්න..තව දවස් 5 මන් මෙ ජොබ් එක කරන්නේ..

ආ...........මේකද මේ ප්‍රශ්නේ.
ඔව් ඉතින්.ජොබ් එක නිසානේ අපේ හැම දෙයක්ම රැදිලා තියෙන්නේ..


එක ගැන එච්චර හිතන්නෙපා..ඔයාට ජොබ් එකක් හම්බෙයි

ඔව් එත් එතකන්..අතේ සත පහක් ඉතුරු නැ..
ඉතින් අපි පුලුවන් විදිහකට ජීවත් වෙමු.

ඔයාට උදේ කිරි එක නැති උනොත්..
හොද වතුර වීදුරුවක් බොනවා

රසට කැම නැති උනොත්...
තියන විදිහට කනවා,

අදින්න...
තියන දෙයක් ඇදගෙන විලි වහගෙන ඉන්නවා


වටේ පිටේ අය අහද්දින්.....
අනවශ්‍ය දේවල් අහන්න එපා කියනව..ලොකූ ප්‍රශ්නයක් නම් එයාලට අපි වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් කරන්න කියනවා..,අපි එහෙම දෙයක් ඉල්ලන් නැ කියලත් කියනවා...

ඇත්තටම මේ දේවල් උනොත්..
ඒ තමයි මං කරන්න හිතාන,මට කරන්න පුලුවන් දෙවල් කීවේ..
මොනව උනත් මට ඔයාව නැතිවෙන් නැත්තම් ඒ හැමදෙයක්ම ඉවසන් ඉන්න පුලුවන්.

මට ගොඩාක් විශ්වාසයි,නැතිවෙන හැමදෙයක්ම ආයෙත් හම්බෙයි..
ඔයා ඒ ගැන හිතන්න එපා..



හැමදාම වසන්තය නැති හන්දා
හදා ගනිමු සිත.. දුක ලගින් රන්දා
මේ කැදැල්ලේ ඇති දේ පිට කෙනෙකුට නොකියා
අපි අපේම නම්..අපි අපේම වී
අපි බෙදා ගනිමු දුක දෝත දරා..//


සොද මල් පුබුදා ගස් හැඩවීලා
උඩගු උනත් වසන්තේදි..
මල් බිම හෙලලා කොල විසිකරලා
වියැලී ගියමුත් ගිම්හානේ
යලි බලා හිදි ඒ ගස් නොනැසී
එන..තුරා  වසන්තය..


ජිවීතය අපේ මහ රළ වාගේ
නුඹ දන්නේ නැතිද එය වසන්තියේ
කිරි කෝඩු සිතට මේ දුක නුහුරුයි
මම දන්නව එය නම් යෞවනියේ
අපි බලා හිදිමු නොසැලි නොහඩා
එන..තුරා වසන්තය..





2 comments:

  1. “මොනව උනත් මට ඔයාව නැතිවෙන් නැත්තම් ඒ හැමදෙයක්ම ඉවසන් ඉන්න පුලුවන්“ අනේ ඓහම කෙනෙක් කියන්න ඉන්නව නම් අපිටත්...හෙහෙ..ලස්සන නිර්මාණයක්..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  2. ලස්සන නිර්මාණයක් !

    ReplyDelete