Wednesday, October 31, 2012

දෙන්නම නළවනවා තමා..ඒක මට වැඩියක් නැ..

හලෝ චුටී මල්ලී.....අදිනවා නේද කැහිකූර ඇගේම හයිය අරන්..

මුවින් පිටවුන දුම් බෝලය තුලින් මා ඔහු දුටුට්වේය..කෙඩැරී සිරුරත් වියලී ගිය මුනෙත් පෙනුනේ ඉඩෝරයකට අසුවිමෙන් මියදුනු ලොකු බලපොරොත්තුවක් සිතේ ඇති බවමය.

කියලා වැඩක් නැ අයියා...මේකවත් ඇදලා සැනසෙනවා..

වරන් ටිකක් ඇතුලට..වැහි පොද වැටෙනවා..

ඌ හිටපු තැනට වැහිපොද ආ නිසාවට මා එසේ කිවේය..
'මට ඔය වැස්සට තෙමිලා හොදට හුරුයි අයියා..ඔය වැහි කලුව බලන්න ආසා හින්ද තමයි  මන් මෙතෙන්නම ආවෙ දුම දාන්න..'
ම්ම්ම්....කෝකටත් උබලා ගෙදරට කෝල් එකක් දීපන්..
ඒ මොකො..
මට හිතෙන්නේ උබ මරු විකලෙන් කියොනව වාගේ..මැරිලා ගියොත්  අපටයි?? ......


මැරනවනම් මීට ඉස්සෙල්ල මැරන්නේ අයියා.....
හරි හරි වරෙන් වරෙන් මෙ අයිනට..වහිනවා හොදටම...

මාත් ආසයි බන් වැස්ස දිහා බලාන ඉන්න..මට මගෙ පොඩි කාලේ මතක් වෙනව..
නැවතත් ඔහු අලුත් සිගරට්ටුවක් පත්තු කරගත්තේය..

යකෝ ඔච්චර බොන්න එපා..
මැරිලා යනකන්නේ අයියා..අපට හම්බෙන උන් හම්බුනෙත් අපිව නොමැරි මරවන්න..


හ්ම්.....

ඔයා දන් නැ අයියා මෙ ජිවිතයේ හැටි..මෙ වැස්ස වහිද්දි මම ගොඩාක් දුර යනවා..

අනේ කියපන්කො කොහාටද යන්නේ කියලා...

අයියා...ඒ ලෙවල් කරන කාලේ මන් ආසා කරපු කෙල්ලෙක් හිටියා..මාත් එක්කමයි ඉස්ස්කොලේ ගියේ.අවසානේ මට තෙරුනා මෙකිත් මට කැමැතියි කියලා..එ නිසාම මන් එකිගෙන් අහන්න ගියෙ නැ.
මන් හිටියේ වැඩෙ හරි කියලා..ඒත් අනේ ඒ ලෙවල් කරලා ඉවර උන ගමන්ම මේකි එකෙකුටු බන්දලා දුන්නා..

ඉතින්...

ඊට පස්සෙ මාත් ඔන්න හිත හදාන හිටියා.මන් ජොබ් එකෙකටත් ගියා..
ඔන්න දවසක් මන් නිවාඩුවට ගෙදර එද්දින් මෙයා බබත් එක්ක බස් එකෙ හම්බුනා..කරුමෙට බස් එකේ හිස්ව තිබුනු එකම සිට් එක තිබුනෙත් එයා ලගමයි..
කතා කරා,ඒ නිසාවට මාත් කතා කරා..ඒ අස්සේ පොඩි එකි මන් දිහාම බලා හිටියා හිනා විවි..කරුමෙට පොඩි එකි මගෙ අතට පැන්නා..
කොච්චර උනත් මටත් ආසාහිතුනා වඩා ගන්න..ඔය අතර තුරේ ෆෝන් නම්බර්ස් එහෙමත් මාරු උනා දෙන්න අතර....



බස් එකෙන් බහින්නත් උනා..,බහිද්දින් පොඩි එකි මොර දීගෙන ඇඩුවෙ නැද්ද..
දෙන්නම එකම හෝල්ට් එකෙන් බැස්සා..හිනා වෙලා ගියා..
ඒ වෙලාවෙ ඉදන් හිත නිදහසෙ හිටියෙම නැ..කොහොමත් මන් ඉවසන් හිටියා..මෙන්න රැ7 ඉදන් sms මිස් කෝල් එන්න පටන් ගත්තා..
බබා නලවන්න එන්න කියන්න වෙන්නැති...
ඔයාටනම් විහිලු..
කොහොම හරි ඉස්සරෝම දා රැ එලි වෙද්දින් sms 250 කට වඩා ආවා..

අවසානේ දෙන්න බදිමුයි කියන තැනට ආවා..එතකොට බන් එයාගෙ මිනිහා..
පොර වැඩ කරන්නේ ටිකක් ඇත.ගෙදර එන්නෙ මසෙට සැරයක් වාගේ..
ඉතින් ඉතුරු ටික..
මන් කිවා ඉතින් බදිමු කියලා..කොහොමත් මන් එයාව බදින්න හිටපු එකනේ..
ආ....දැවද්දට බබා...
එක අවුලක් නැනේ අයියා..කාගෙ හරි පොඩි එකෙක් නෙ.අනික එයාගෙන් බඩෙන් ආපු..,එයාගෙ තනෙන් කිරි බීපු..එතන අඩුවෙන්නෙ මගෙ ලේ විතරෙනේ..

ඊට පස්සේ..
මන් පහුවදා කඩේ ගියපු ගමන් ගියා එයාලගෙ ගෙදර..පැයක් විතර හිටියා..
බබා නලව නලවා?..
ඔව්.හැබැයි බබා විතරයි හරිද..


මන් ගෙදර එන්න එලියට එද්දිම උන්ගෙ අම්මා ආවා..අම්මා දැක්ක මන් එයාගෙ කාමරේ ඉදන් එනවා..
මන් ඉතින් ගනන් ගන් නැතුව ආවා..


නාලා කාලා ඇදට ගියා....ෆොන් එක අතට ගත්තාම
76 අන් රිඩ් මැස්ජ්..මන් උඩ ගියා.කියවන්න ගත්තා එකක්වත් හරියට කියවගන්න බැ..
අයේ මුල ඉදන් කියෙව්වා..


එයාගෙන් අම්මා අහලා අපි අතරේ සම්බන්දයක් තියනවද කියලා

එයා 'ඔව්'කියලා

මෙයා කියනවා කැමැති තැනකට එක්ක යන්නලු.දැන් හරි කමක් නැලු..
මන් මොනව කරන්නද අයිය ඒ මහ රැ..
මන් 'හෙට බලමු' කියල මැසෙජ් කරා..


 හෙට කියන දවසත් ආවා..උදේ 9 වෙන්න හම්බුන්නැ,ගෙදර කොල් එකක්.අම්මා හිටපු නිසා මන් ගත්තේ නැ.
ෆොන් එක ගත්තු අම්මා මෙන්න වලියක්.මන් ඇහුව ඇයි අම්මේ කියලා..


ඇයි තමා' කියාන අම්මා ගියා.
කුස්සියට ගිය අම්මා නන්ගිත් එක්ක මට පතුරු යන්න බැන්නා..


මොනව කරන්නද අයියා ලැජ්ජාවෙ මිරිකි මිරිකි හිටියා..
බැනුම එන්න එන්නම සැර උනා.මන් කාමරේට ගිහින් දොර වහ ගත්තා..දවල්ට කන්නවත් එලිය ආවෙ නැ.කිසි කෙනෙක් කතාකලෙත් නැ..
ඒ අතරේ නංගිගෙන් මැසෙජ් එකක් ආවා..


ඔයා කැමැති නම් එ්ක කරගන්න..මන් අම්මව සෙප් කරගන්නම්....

මට පන එපා උනා..
එත් මන් එයාට මැසෙජ් එකක් ගහලා ඇහුවා...
උත්තරේ අනේ මන්දා..මට බැමොඩ වැඩ කරන්න..


ගෙදර එපා උනා.කලිසමයි කමිසෙයි ඇදන් හිතුවා බෝඩිමට යන්න..
එලියට බහිද්දින් හෙන..වැස්ස..
කාටවත් නොකියා ආවා පාරට..තෙමි තෙමිම
එතකොට නංගි දුවන් ඇවිත් කුඩයක් දුන්නා..
හන්දියට ගිහින් නැග්ගා බස් එකට..
හැතැප්ම දෙකක් යද්දින් බස් එක නැවැත්තුව..
බෝක්කුව කැඩිලා..මෙතනින් එහාට අපි යන්නැ..කොන්දා කියපි.


ගෙදර යන්ඩද අයේ?

බැස්සා බස් එකෙන්..හිටන් හිටියා ඔහේ...හොද..ටම තෙමුනට පස්සෙ මතක් උනා කුඩේ ඉහල ගන්න..
ටිකක් වෙලා යද්දින් බොක්කුව එහා පැත්තට ආපු ටිපර් එකක් ආපහු හැරෙව්වා..
උන්ගෙන් අහපුවාම කීවා ටවුමට ගිහැකි..නගින්න පිටිපස්සට කියලා..
ආයෙත් තෙමි තෙමි ටවුමට ගියා
ආපු කොළඹ බස් එකේ බොඩිමට ගියා..
මගදි ගත්ත ගල් බාගෙයි කඩාන සිකරට් එකක් බිබි බොන්න ගත්තා..
කො සැන්ඩි
ෂොට් දෙකක් ගැහුවා අමුවෙන්ම.සිකරට් 10 ඉවරයි


ගෙදරින් විනාඩියෙන් විනාඩියට කෝල්..
එත් මාත් එක්ක එන්න හිටපු එකීගෙන් මිස් කොල් එකක් වත් නැ


හැලුවා ගල් බගෙ ඉතුරු ටික සින්ක් එකට..නිදාගන්න ගියත් පහුවදා උදේ 6 වෙනකන් නින්ද ගියේ නැ..
අනේ ජිවිතයක හැටි..


කියලා ඇත අහසෙ මැවුන දෙදුන්න දිහා බලන් හිටියා..

වැස්සත් පැව්වා නෙ බන්..

ඔව් අයියා එ පායපු වැස්ස නම් අය කාටවත් වහින්න එපා..

ආවනම් දෙන්නම නලවන්න තිබ්බ නෙ බන්

දෙන්නම නළවනව තමා..ඒක මට වැඩියක් නැ..

චික්....මතක් වෙද්දිත්..

කෙල්ලන්ගේ හිත් හරියට පොල් ගහේ තියන පොල් කොල වගේ බන්.
හුලග එහාට හමද්දින් එහාට හෙලවෙනව..වෙහාට හමද්දින් මෙහාට හෙලවෙනවා..
හුලග නැත්තම් ඔහෙ තියනවා..


සත්තකින්ම අයියා..

(අවුරුදු ගානකට පෙර ඇසු ඇත්තම කතාවක්..)

වැස්ස වහිනවා...වැස්ස වහිනවා..
මගේ මුහුණ තෙමෙනවා..
වැස්ස වහිනවා..
ගත සීතලයට ගුලිවෙන අන්දම්..
නෙත ආදරයට අඩනා අන්දම්...
වැස්ස වහිනවා...නෙතත් තෙමෙනවා..


සිත ආපස්සට ගිහින් බොහො දුරක්..
අරන් එනව හිතට රූප පෙරහරක්...
දෝතට අරගෙන කැකුලක් සෙනහෙන්
එන උබ දැක හිරි වැටෙනවා දැතත්..
වැස්ස වහිනවා..නෙතත් තෙමෙනවා..//


කැකුළත් අරගෙන එන්නට දුන් අවසර
විසි කලේ උබය මා හද පැරි ඇතිය
අහිමී වු සෙනහස ලැබුනත් නැහැ හිමිවීම
සරදම් කරන්නේ ඇයි ලොව මෙතරම්ම මට

වැස්ස වහිනවා...නෙතත් තෙමෙනවා...//

No comments:

Post a Comment