Tuesday, July 26, 2011

ප්ලාස්ටර් නෙවෙ බං පුල්සාරි....

මේකත් මෙ පරන කතාවක්.දැනට අවුරුදු 9 කට වාගෙ ඉස්සර වුනු දෙයක්.
ඒ කාලේ මන්
පහන්පැල හි ඉගනගන්නවා.
ඒ දවස් වල අපෙ ... එග්සැම් කාලේ.
අපිට තිබ්බා පාඩම් කරන්න,පොත් කියවන්න,වෙනමම කාමරයක්.ඒකට කිවෙ රීඩින් හොල් එක කියලයි.ඉතින් අපි ගන්න සති අන්ත පත්තරෙත් තියෙන්නෙ මෙ හොල් එකේ මෙසෙක ගැටගහලා.......
එදාට පහුවදා එග්සැම් එක නිසා කට්ටියම වාගෙ පාඩම් කරන්නයි,ඇසයින්මෙන්ට් එක ගහන්නයි එකතුවෙලා හිටිය මෙ හොල් එකට,
ඒදා අගහරුවාදා දවසක් නිසා සති අන්ත පත්තරෙත් තිබ්බා තාමත්.....
මාත් පොතක් අරන් ගියෙ පාඩම් කරන්න හිතාන තමා.ඒත් මිත්‍රයෙකුගෙ උවනාවට ඔහුගෙ එසයින්ග්මන්ට් එකෙ කවර් පෙජ් එක හදන්න උනා.අපිට කම්පුටර් තිබ්බෙ නැති නිසා අතින් කවර හැඩ කරන වැඩ මට තමා පැවරිලා තිබුනෙ.
ඔන්න මන් වැඩෙ කරන් යනවා.මාත් එක්කම රිඩින් හොල් එකට ගිය "තඩියා"(තව මිත්‍රයෙක්) පත්තරෙ කියවන්න ගත්තා
"තඩියා"ගෙම නම තියන තව එකෙක් හිටියා.මැන් අඩි 5යි අගල් 1ක් උස නිසා අපි උට කොටා කියලයි කිවෙ.එආ වාගෙම පොර පන්ඩිතයා,වගේම පචයා.ඒක හින්දා "මුචා"කියලත් කියන්න උනා.
ඔන්න මෙ කොට මුචත් එතෙන්ට ආවා.
දැන් තඩියා පත්තරෙ බලනව.පොරට මාර බයික් ඇම්මක් තිබ්බෙ.මෙ කාලෙ තමා බජාජ් "පල්සර්" බයික් එක මාකට් එකට ආපු කාලෙ.....
පත්තරේ කියවන තඩියා එක පාරටම කැ ගහනව.
ඒ මචන්...මෙන්න අලුතින් බයික් එකක් ඇවිල්ලා.......
වන්....ෆිෆ්ට්....සි.සි,ආහ්.ඉන්දියාවෙ හදලා තියෙන්නෙ.පෙට්‍රල් හොදට කරනව.
මට මචන් මෙක ගන්න හිතෙනවා.
හිටපන් මම අප්පච්චිට කතා කරල කියන්න........
එසේ කියු තඩියා ඔහුගෙ දුරකතනයෙන් ගෙදරට කතාකිරිමට උත්සාහ කලා......
ඒ මොකක්ද බන් බයික් ඒකෙ නම...,මම ඇහුවා..
හිටපන් බලන්න."තඩියා කිවා...
ම්ම්....ප්ල...ස්...ටර්.....
ආහ් ප්ලාස්ටර්....ප්ලාස්ටර් වන් ෆිෆ්ටි.......
ඒ කියන්නෙ බයික් එකෙ නම "ප්ලාස්ටර්" යලිත් වරක් මම ඇසුවෙ හිනාවත් පුදුමයත් අතරින්....
ඔව් බන්...ඔහුගෙ පිලිතුර කිසිම පැකලිමකින් තොරවය..
මා පත්තරය ලගට ගියෙ....
බලපන් ඩෙටොල් ප්ලාස්ටර් ද කියලා....අසමිණ..
පත්තරය බැලුවා..වෙලා තියෙන දෙ හොදින්ම තේරුණා.....
දැන් උබ ගෙදරට කීවද?.මම ඇසුවෙ හිනවෙමින්
නැ.එයාලා ෆොන් එක ගත්තෙ නැ......
කියපන් ගෙදරට,උබට ප්ලාස්ටර් බන්ඩලයක්ම අරන් දෙයි..එකක් රුපියල් 2යි නේ, මා එසෙ කියනා විට කොටාද හිනාවෙමින් පත්තරයෙ ඇඩ් එක බලන්න ආවා....
ටික වෙලාවකින් කොටා කිවා
ඒයි තඩියො...අනේ උබනම් මැට්ටෙක්...මී හරකෙක්.ඇගත් ඒ වගෙනෙ..කොටා කියාන යනවා..
ඇයි මොකො.....තඩියා ඇසුවෙය......
මෙ මෙ බලපන්..මෙ ප්ලාස්ටර් නෙමෙ....... මෙ බයික් එකේ නම පුල්සාරි.........
කොට කිවේ අගනා පැහැදිලි කිරීමක් ද දෙමින්....
මෙක හදන්නෙ බන් ඉන්දියාවෙනෙ....එහෙ ඉන්නෙ හින්දු මිනිස්සු....
හින්දු අයගෙ දෙවියෙක් තමා පුල්සාරි කියන්නෙ...
ඉතින් අපි ඔය ලොරි, බස් වල "බුදු සරණයි"කියලා ලියනවා වාගෙ තමා උන් දෙවියන්ට ගරු කරන්න පුල්සාරි කියලා නම දිලා තියෙන්නෙ........
කොටා නියමෙට පැහැදිලි කිරිම දුන්නේ ඒ විදිහටයි......
ඊට පස්සෙ කට්ටියම සෙට් වෙලා කොටාව බයිට් කරේ උගෙ කිසිවක් නොදන්නා පැහැදිලි කිරිමටයි.
ඉංග්‍රිසි කියන්නෙ අපෙ දෙවන බාසාව නිසා "තඩියා"ට සමාවක් තිබුණි...
තාමත් "තඩියා"මගෙ ගජ මිතුරෙකි..ලංකාවට යන සැම විටම මාගෙ පලමු දුරකතන ඇමතුමෙන් ඔහු මාව බලන්නට එයි.
කොටානම් කොහේද දන්නැ.මන් හිතන්නෙ කොවිලක ඇති...

අමතක නොවන පහන් පැලෙ තවත් මතක සටහනකි.......,

6 comments:

  1. ඇත්තට ඕක පුල්සාර් වෙන්න බැරිද?..

    ReplyDelete
  2. එතකොට ඔය ප්ලාස්ටර් කතාවට තඩියට පැහැදිලි කිරීමක් තිබුනේ නැද්ද?

    ReplyDelete
  3. ඕක පුල්සරා වෙන්න බැයිද? :)
    AVATAR චිත්‍රපටියට කට්ටිය ඇවේටර් කිව්වත් ඒ වචනයේ තේරුම භූතාර්ථය කියන එක.බලාන යනකොට අවතාර් කියන හින්දි නැත්නම් සංස්කෘත වචනයේ තමයි ඉංගිරිසියට ගිහිල්ල තියෙන්නේ.ඒක සුද්දන්ට පුලුවන් විදිහට කියන කොට ඇවේටර් වුනා.අපිත් ඒකට ඇවේටර් කියන්න ගත්තා.හරියට කන්ද kandy වෙලා අපේ ගොඩක් අයටත් මහනුවර කැන්ඩි වුනා වගේ තමයි...

    ReplyDelete
  4. @සාතන්:කොටාට පෙනුන විදිහ තමා ඒ.ඇත්තටම පුල්සර් කීවනම් එච්චර වරදකුත් නැනෙ.....
    @චාලි:තඩියා එ වාගෙ දෙවල් වලට නැ
    @තිර්ථ යාත්‍රිකය.ඔයාගෙ කතාව ඇත්ත,බසාවක් උච්චරනය කරන්නෙ තමන්ට ලෙසි විදිහට.සුද්දො කියන දෙයක් කියන්නනෙ හැමොම පුරුදු වෙලා තියෙන්නෙත්...

    ReplyDelete
  5. පුල්සාර් නම් කලින් අසා තිබුනී...

    ReplyDelete
  6. එතකොට ඔය කියන යාලුවා මොකක් කියලැ දෙඩුවේ.....හු හූ..

    ReplyDelete