Wednesday, August 17, 2011

හෝම් මේඩ් සැන්ඩි(මම අනුරාධපුරයෙ)

ඉතින් ඔන්න මාගෙ කතාවෙ ඉතුරු ටික ආයෙත් පාටන් ගන්නව..
එදා තිසා වැව ලග උදුවඩේ කකා ඉදිද්දි එක පාරටම ආපු කොල් එකක් නිසා ..බෝඩිමට යන්න ගියා.මාත් එක්ක ගිය මාගෙ මිත්‍ර රත්නය උගෙ බෝඩිමට ගියා..
මගෙ බෝඩිම තියෙන්නෙ යාපනෙ පාරෙ තියන FMTC එකෙ නොවැ..
බෝඩිමට යන්න කලින් තියෙන (අපෙ බෝඩිම ලගම) අනෙක් බෝඩිම පැත්තට ඔලුව හරෝන යනවා..
ඒයි....පොඩ්ඩක් හිටාපාන්.......
ගයා..පොඩ්ඩක් වරෙන්කො මෙහාට..
ඒ මාගෙ තවත් මිතුරෙකුගෙන් ඉල්ලිමක්..ඇත්තටම මිතුරෙක් කීවට මිතුරෙක් ම නෙවෙ..
ආහ්.ඒ කතා වැඩක් නැ
මන් ඉතින් ඉන්න එතෙන්න ගියා...
කට්ටිය 4ක් විතර එතන..මාගෙ මිත්‍රයා තරංගත් එතන..
මේ..මොකද කරන්නෙ..මෙහෙම ඉන්න කම්මැලියි බන්..
අපි මේ උබ එනකන් හිටියෙ..ඒත් පරක්කු නිසා තමා කොල් කරේ...
ම්ම්ම්ම්හ්..කියන්න යන දේ මට හොදටම තෙරෙනවා..
ඊයෙත් බොමුද අහද්දී මග ඇරියා..ඒත් මන් අර කියපු මිත්‍රයා නම් පොඩ්ඩක් ගෙනල්ලා ගැහුවා..
මැන් ට අපි පොඩ්ඩා කියමුකො..
පොඩ්ඩා කියපි..
මන් අර ඊයෙ ගෙනාව බාගෙන් තව ටිකකුත් තියනව.අපි තව ටිකක් ගෙනල්ලා සෙට් වෙමු..
ම්ම්හ්හ්..
අනේ එහෙනම් ගිහින් අරන් වරෙන්කො..
මෙන්න සල්ලි..උබෙ ගානත් දාපුවාම ඇති වෙයි..
ඔකේ..එත්කොට සැන්ඩි...බයිට්ස්..
බයිට්ස්............මෙහෙන් හදා ගත්තැකි..සැන්ඩි නම් තියනවා..
මොනාද තියෙන්නෙ මන් පොඩ්ඩාගෙන් ඇහුවේය..
සොඩා..
මන් හිතුවෙ පොඩ්ඩ එයෙ ගහපු එකෙ ඉතුරු ටික වෙන්නැති කියලා..
නියම සොඩා එකක්..හොම් මෙඩ් සොඩා..
ඔන්න ඉතින් මන් ආයෙත් පුරෙට ගිහින් ගල්පැන් ටිකයි..බයිට්ස් ටිකයි අරන් ආවා..
උබ ආවද?අපි එහෙනම් ඉක්මනට සෙට් වෙමු.අද "කරුණෙ"ත් එනව.සින්දුවක් කියලා ෆ්න් එකක් ගත්තැකි නේ..
හැමෝම ඔන්න ලහි ලහියෙ රවුම වටෙ ඉදගත්තා..
ඉතින් කෝ සැන්ඩි..මන් ඇහුවා..
අනේ බන් ගෙනාපන්කො..පොඩ්ඩා කිවාම මන් ඇහුවෙ කොහෙද තියෙන්නෙ කියලයි..
අර බන් අපෙ කුස්සියෙ ඇති..
මෙවට අපි බොඩිම් කීවට මෙවා ඇත්තටම රජයෙ නිවාසනෙ..එක නිසා සේරම තියනවා.
මාත් ඉතින් කුස්සිය ලගට ගිහින් තිබ්බ ලොකු සොඩා බෝතලෙ අරන් අවා..
ඔන්න කට්ටිය සෙට් වෙනව..හැමොම තමන්ගෙ විදුරු වලට දාගෙන "චියර්ස්"කිව්වා.
මාත් චියර්ස් එක දීලා ගල්පැන් පොඩ්ඩක් රහ බැලුවා..
වාක්ක්..ඔවාක්..අම්මො...මටම කියවුන.
ඇයි බන්..නැ අව්ලක් නැ.අමාරුවෙන් ගිලල දාගත්තා..
ඒත් මේ සොඩ එකෙ අව්ලක් තියනවා වාගෙ..මන් පොඩ්ඩා දිහා බලමින් කීවා..
නැ බන්..එන්ගලන්තෙ සුද්දොත් ගහන්නෙ මෙවත් එක්ක..
ඇ..මොනවද මේ එතකොට..ටිකක් වතුර වාගෙ..
වතුර වාගෙ නෙවෙ.වතුරම තමා..පෙරාගත් පීරිසිදු ජලය..
වතුරත් එක්ක බොන්න බැරි නිසා තිබ්බ මාරු කාසි ටික අරන් ගියා සොඩා එකක් ගේන්න..
********************************************************* **********
********************************************************* **********
සුපුරුදු පරිදි ගියේ අප හැමදාමත් යන කඩයට..හැමදාම වාගෙ ඉන්නා කඩෙ කෙලි පොඩ්ඩ එදත් කඩෙ.ටික කලක ඉදන් මාත් එක්ක කුලුපගව කතාකරන නිසා මන් දැක්කාම කටපුරා හිනාවුනා..
මොනවද අයියෙ බැලුවෙ..
බැලුවෙ ඔයාවනෙ..
මන් ඇහුවෙ මොනාද ගන්න ආවෙ කියල..හිනාවිගෙන ටිකක් සැරෙන් වාගෙ ඇහුවා..
ගන්න ආවෙත් ඔයාම තමයි...(චන්ඩියා බඩෙ නිසා මාත් කිසි පැකිලීමක් නැතිව උත්තර දුන්නා..)
ඒවනම් හදෙ තමයි..ඇ අහක බලන හිනා වීගෙන කීවා..
අනේ ඇත්තද ලදේ..
ඒක නෙව්යි කො දෙන්න..
මොනාද??...
මන් දැන් කීවෙ..
අහ් ඉන්න මන් තාත්තට කතාකරන්නම්..
ඒ මොකටද..
ඔයා මන් ගන්නනෙ ආවෙ.ඉතින් තාත්තගෙන් අහගන්න මගෙ ගාන කීයද කියලා..කටකාර කෙල්ලගෙ උත්තරය.....
අවසානයෙ සොඩා එකක් ගත්ත මන් සල්ලි දුන්නා..
කො..මේ රුපියල2ක් මදිනෙ..
හරි මන් එන හෙට දෙන්නම්..
අයියො...අයියෙ සොඩා එකක් ගන්න සල්ලි නැතුවද මේ මන් ගන්න ආවෙ..
***********************************************************************
***********************************************************************
මන් සොඩා එක අරන් පොට් එකට යද්දී කට්ටිය වැඩෙ දෙනවා..
හොදටම සුර්... වෙලා
පොඩ්ඩ ජපානෙන්ම ගෙනාපු මැන්ඩලින් එකයි,කරුණෙගෙ ඩොලෙයි අරගෙන සින්දු ගහනවා..
සිරියමි සාරා..
සුරතලියේ...සුකුමලියේ....
දොල ලග ගුරු පාර දිගෙ ඒවි..
වාගෙ පැරණි ගීත තමා ඈහුනේ..
ඇත්තටම ඒ ඩොල වාදනයයි,මෙන්ඩලින් පාරයි මාර විදිහට නැගල ගියෙ..
නියමම පැදුරු සාජජයක් උනා..
අවසානෙ කට්ටිය හිටි හිටි තැන් වල නින්ද ගිහින් කියල දැන ගත්තෙ පාන්දරට එන හීත හුළගට ඇහැරිලා බලපුවාම..
අම්මෝ........බීව වාගෙ නෙවෙයි.හෙට උදේට වැඩට යන්නත් එපැයැ..
කියල ඇහැරිලා ගියා මගෙ බෝඩිමට.......

ඉතින් අනුරාධපුරෙ කතාවෙ ඉවරයකටත් එන්න වෙයි වාගෙ නේ.

4 comments:

  1. හෙහ් මම් නම් දන්නෙනෑ ඔය කීව බෝඩින් පැත්ත.යාපනේ හන්දියෙ පැත්තද?

    ReplyDelete
  2. "ගල්පැන්" හික්ස් :)
    අන්න දවසේ වචනේ !!!!1
    අයියගේ බිරින්දෑගේ කඩෙන්දෑ සෝඩා ගෙනාවේ ? අර කිව්වත් වගේ සෝඩා එකක් ගන්න සල්ලි නැතුව අක්කාව ගන්න ඇවිත් !!! :)

    ReplyDelete
  3. "මෙලොකේ සියල්ලෝ හිනා වෙන්නේ ඇයිදෝ..බිලා යයි කියාලා සිතා ඉන්න හොද නෑ.."(හරිද මන්දා වචන...)ඇති කඩේ කෙල්ලගෙන් ගුටි නොකා ආපු එකම...

    ReplyDelete
  4. @නදී:යාපනේ හන්දියෙන් 5ක්ම් වාගෙ යන්න ඔන.ඉස්සර කැම්පස් එක හිබ්බෙත් එතනම තමා
    @මධු:මට කොයින්ද බිරිදක් බන්.
    @අසනි:අපිනම් කෙල්ලන්ගෙන් ගුටිකන් නැ හරිද?...
    මාගෙ සුන්දර රුසපුවට කෙල්ලො ගුටි දෙයිද

    ReplyDelete