මාගෙ පලමු රැකියාවෙන් බලාපොරොත්තු නොවු වේලාවක සමුගැනිම මට මහත් ආතතියක් විය.එතන ප්‍රධානම හේතුව වුනෙ මගෙ මා සමග සිටි කෙනා සහ ම අතර නිතර ඇතිවන ආරවුල්ය.
පොර ජොබ් එකට මාර බයක් තිබ්බෙ.යම්කිසි දෙයක් පොරට වැරදුනත් එය ම පිට පටවමින් මැන් නිවැරිදිකාරය වෙන්න මාන බැලුව.අප දෙන්නාම එකම තනතුරෙ සිටීමත් ඌට මාව දිරවන් නැතිවන්නත් හේතුවක් වෙනැති..
හදිසියේ ඇති වු ආරවුලක් එක්ක මං තීරණය කරා අස්වෙන්න..
උබම කරගනින්.උබට විතරනෙ බඩගිනි එන්නෙ.මන් යනවා.මෙතන හිටියොත් මට පිස්සු හැදෙයි.අයෙ ෆියුචර් එකක් නැ මෙහෙ හිටියොත්.
විනාඩි කීපයක් ඇතුලත ගත් තීරණය අවසන් වුයෙ
සර්,මන් මෙහෙන් අස්වෙනවා,මගෙ අස්වීමෙ ලියුම මන් ෆැක්ස් කරා ඔන්න..කියමිනි..
එතකොට මන් වැඩ කරෙ පුත්තලම කිට්ටුව.අපෙ හෙඩ් ඔෆිස් තිබ්බෙ කොළඹ..
ඒ වෙනකොටත් මිත්‍ර "ලලියා" මාර්ගයෙන් එඩ්මන් මහතාට කතාකර ඇබැර්තුවක් ගැන සොයමින් හිටියෙ.
අස්වුන දවසෙම මන් එඩ්මන් මහතාට කතාකරා..විස්තරේ කීවා.ඒත් අපි කිසිදාක හමුවි තිබුනෙ නැ.
ඔකේ,ඔයා එන සදුදා ඉන්ටර්විව් යන්න.මන් හෙඩ් ඔෆිස් එකට කතා කරල කියන්නම්..
මාගෙ සුදානම පුරුදු කෘෂිකර්ම ක්ෂෙත්‍රයේම රැකියාවක් සොයා ගැනිමයි.
රැකියාව පිලිඹද තිබු දැඩි වුවමනාව නිසා මා හොදින්ම සුදානම් වි කොළඔ ගියා..
ඉන්ටර්විව් එක අවසානයෙ මං රැකියාව සදහා සුදුස්සෙකු ලෙස පත් වුනා.ලංකාවෙ තියන(ඇග්‍රි ෆිල්ඩ් එකේ ) හොදම කම්පනි එකෙ මට රස්සාව හම්බුනා.මාර සැටිස්...
මා සිත පිනා ගියේය..
එන්න පුතා ඔයාට ඔයාගෙ බොස් ව හදුන්වලා දෙන්න..
තව කෙනෙක් මා සිටි මේසය ලගට ආවා,
ආහ් දීපාල්,මෙ අපි ඔයාට ගත්ත කොල්ලෙක්.එඩි(එඩ්මන්) තමා මෙහාට එව්වෙ.වැඩක් කරයි වාගෙ..
පුතා මේ ඔයාගෙ බොස්.මිස්ටර් දීපාල්..හ්ම් එහෙනම් එයත් එක්ක කතාකරගන්න..එයා ඔයාට එරියා එකක් දෙයි.අනුරාධපුර හරි කුරුණැගල හරි..
එහෙනම් දීපාල්,ඔයා තීරණය කරන්න..කියමින් මන් ඉන්ටර්විව් කරපු මහත්තයා ගියා.ඒ තමා අංශ බාරව හිටපු කෙනා..
මා එතනම ඉද්දී දිපාල් බොස් ඔහුගෙ මේසය ලගට ගියා.විනාඩි කීපයකි..
ඒ පුතා එන්න මෙතෙන්න..
මා එතෙන්න යනවාත් සමගම..මොකද උබෙ කකුල..
මා පලමු වරට දකින සැම කෙනෙක්ගෙන්ම මට එල්ලවන ප්‍රශ්නය..
පොඩි ඔපරෙෂන් එකක්.පොඩි කාලෙ වුනු දෙයක්..
මා වැඩිපුරම කීවා..
ආ...එකෙන් මට වැඩක් නැ..එක උබෙ දෙයක්
උබ කෝම හරි ගේම ගහන්න ඔනා,හරිනේ...
වැඩ ගොඩාක් අමාරු වෙයි..තව තවත් ඔහු කතාව ඇද්දා..
ඔකේ ,බොස්
බූරුවා ගහන මිනිස්සු නම් ගේමක් නම් පැරදීගෙන එද්දි ජංගිය උකස් තියලා හරි සල්ලි හොයන් ගේම දිනන්න බලන්නෙ.ඒත් මේක ඊට වඩා වෙනස්.මම හැමදාම කරන දේ මෙකටත් කරනවා
අබියෝග වලට මා කවදාවත් බය වුයෙ නැ.
මාගෙ පළමු පියවර එය දිනීමයි..එය අපහසුම වුනොත් මා කරන්නෙ එය මග හැරයාමයි.
ඔන්න මාගෙ සුපුරුදු පළමු පියවර ගැන මා හිතුවා..
මොනව කරන්නත් දවසක් දෙකක් වැඩ කරමුකො..මෙයාලා අඩුම ගානෙ මාසයක් වත් මට දෙයිනේ..
එහෙම හිතමින් මං ගෙදර ආවා..
හෙට ආයෙත් කොළඹ එන්න ඔනේ.කම්පැනියෙන් දෙන බයික් එකත් අරන් හෙට හවසම දෙන එරියා එකට යනවා..එහෙම හිතමින් දවස ඉවර කලා.
කොළඹ ගියාම බයික් එකත් දීලා කීවෙ අනුරාධපුරයට යන්න කියලා..
මා ඊලග දවසෙ උදෙන්ම අනුරාධපුරයට ගියත් මට නැවතීමට තැනක් නොතීබු නිසා ආයෙ ගෙදාර එන්න වුනා..
මෙහෙම දවස් කීපයක් යද්දී මාගෙ පරණ මිතුරෙකු තරංග හම්බුනෙ..
පරණ බස් නැවාතුමෙ මා ගෙදර එන්න ඉන්නවා..එක පාරටම..
ඒ උබ පැලේ නේද?ඔව්..නම.....ගයාන්,හරිනෙ...
ආහ්හ්හ් මෙ තරංගනෙ මටත් මතක් වුනා..
ආ ගිය විස්තර කතා කිරිමෙන් පසු තරංග කිවෙ.
මේ මගෙ ගෙදර උබටත් ඉන්න පුලුවන්..මන් FMTC එකෙ දැන් වැඩ.
FMTC කියන්නෙ ලන්කාවෙ කෘෂිකර්මාන්තයෙ විශාල ආයතනයක්.තරංග වැඩ කරෙ ගුවන් විදුලි ගොවි සේවාවේ.
"තනියෙන් ඉන්නෙ බන්,උබ ආයෙ බෝඩිම් හොයන්න ඔනෙ නැ"..
තරංගගෙන් සුහද ආරධනයක්..
FMTC එක කියන්නෙ මාගෙ ජිවිතයෙ අමතක නොවන සොදුරුම ස්තානයක්.පහන් පැලෙ ඉන්න කාලෙ සතියක පුහුණුවට ආපු අපි හොදටම පිස්සු කෙලපු තැන..
ඒක නිසාම මං දෙපාරක් හිතන් නැතුව කැමති උනා..
ඇත්තටම මෙතනින් පස්සෙ තමයි මගෙ අනුරාධපුර ජීවිතය පටන් ගන්නෙ..
(කතාව ටිකක් දිගට යන නිසා කැලි කීපයකට ලියන්න හිතුවා.)
ඔව් මාත් රුකා අයියා හම්බ වෙච්ච පලවෙනි දවසේ ඔය ප්‍රශ්නේ ඇහුවා මතකයි.
ReplyDeleteරුකා අයියා මෙගා සීරිස් එකක් කරන්න වගේ අදහස හොදයි හොදයි අපි එන්නම් බලන්න.
ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න...
ReplyDeleteබොලේ ඔයා අනුරාධපුරේද හිටියේ?එහෙනම් දැකලත් ඇති.
ReplyDelete@චාලි:මටනම් මතක නැ බන් උබ එහෙම ඇහුවද කියලා.ඒක අවුලක් නැ..ඇහුවනම් ඇත්තටම හොදයි..
ReplyDelete@චතුර:වැඩ ටිකක් අඩු උනු ගමන්ම ලියනවා.
@නදී:අඩේප්පා....ඔයත් පුරේද?මන් හරියටම අවුරුද්දක් හිටියා..2005-2006 කාලේ.එන මාසෙ එන්න හිතන් ඉන්නවා."කරුමෙ" ට යන්න ආසයිලුනෙ..
මෙයා ඇවිත් තියෙන දිහා...අපි ඔය කාලේ චුච්චන් කෙල්ලෝ අනේ..මේ එද්දි මගේ චොකෝ ටික අරන් එන්නෝ...හික්ස්
ReplyDeleteඉන්නවකෝ කරුමේ කිව්වා කියන්න...
ඇයි බං උඹට මතක නැද්ද මම අකවුන්ට්ස් වලට එන්න කලින් මිලාන් එක්ක ආවා ඔඩිට් එකට එතකොට අපි දෙන්නා හම්බ වුනා කැන්ටිමේදි.
ReplyDeleteඒ දවස් වලත් උඹ කැන්ටිමේම තමා හිටියේ
අන්න එතකොට තමා මම ඕක ඇහුවේ
මතක නැත්තම් මගේ මාලු ෆැක්ටරිය කියන පෝස්ට් එක බලපන්