Thursday, August 11, 2011

එයාලා මාගෙ ස්වංවින්දනයත් කඩනවා,(මම අනුරාධපුරයෙ 3)

මම අනුරාධපුරය 1,සහ 2කියවපු අය දන්නව ඇතිනෙ මෙච්චර වෙලා මොකද උනෙ කියලා.ඇත්තටම මේක මීට අවුරුදු 5කට වාගෙ කලින් මන් අනුරාධපුරයෙ හිටපු කාලෙ වුනු දේවල් එක්ක තමයි ලියන්නේ.
එහෙනම් තව ටිකක් අද කියන්නම්කෝ...
ඒ කාලෙ සතියකට එකපාරක් නොච්චියාගම,විලච්චිය,මැදවච්චිය වාගෙ ප්‍රදෙශ වලට අම යනවා..රාජකාරිය ඉවර උනාම ඒ එ ප්‍රදේශ වල පුංචි රවුමක් ගහන්නත් අමතක කරන්නැ..
උදෙට බයික් එක කකුල් දෙක අස්සෙන් ගහ ගත්තාම අයෙ අතාරින්නෙ හවස 4ට වාගෙ.
නොච්චියාගමට ගියොත් එදා දවසෙ වැඩ ඉවර වුනාම නොච්චියාගම වැව ලගට යන්න අමතක කරන්නෙ නම් නැ..එතෙන තියෙන විශාල මාරගහ යට ලැලි කඩෙන් බඩඉරුගු හරි උදු වඩේ හරි කාලා ප්ලෙන්ටියක් ගහන්න මට මාර ආසාවක් තිබ්බෙ.ඒ අතරෙ වැව දිහා ඔහේ බලාන ඉන්න,පාරෙ දිගෙ එක එක මූඩ් වලින් යන ගොවින්,ගෙවිලියන්,විතරක් නෙමෙයි විකාර වු ඇදුම් ඇදගත්තු තුරුණයින්,ගැටිස්සියන් දිහාත් බැලුවා..

ඇත්තටම පිරුණු වැවක් ලගට ගියාම මාර සිසිලක් දැනෙන්නෙ.ගොඩාක් වෙලාවට චන්දන ලියනාරච්චිගෙ සින්දු මුමුනා මුමුනා ඉන්න වෙලාවලුත් නැතුවා නොවෙයි.හැබැයි ඒ වාගෙ වෙලාවකට තමයි කවුරු හරි ඇවිත් මාගෙ ස්වන්වින්දනය කඩන්නෙ මාත් එක්ක තරහකට වාගේ....
ස්වයන්වින්දනය කියල ලියපු නිසා දැන් ඔයාල හිතයි මේකා මොනවද මේ කරල තියෙන්නෙ කියලනේ.
එහෙම හිතුවොත් එයාට මම කියන්නෙ,.. නැ මිත්‍රයා මං තනියෙන් ගන්න ඕනම වර්ගයෙ ආතල් එකකට මා කියන්නෙ මාගෙ ස්වයන්විදනය කියා..
ඉතින් සින්දුවක් මා තනිව මුමුණමින් මා එය විදිනා නිසා එයට මා ඉහල වචනය දුන්නාට වරදක් නැ නේද?‍

බොහෝ විට වැව මත්තෙන් යන බෝහෝ දෙනෙක් මාව අදුරයි.ඒ අය මාගෙ අම්මලා,තාත්තලා,නැත්තම් මාමලාය.නැත්තම් මචං ලාය.
ඒක නිසාවටම බොහෝ විට යන එන ගොඩාක් අය කතානොකර යන්නේ නැත..
පාර දිගෙ නොච්චියාගමට හෝ මැදවච්චියට යන අතරතුර බඩඉරිගු තම්බා විකුණන බොහෝ දෙනා වෙති.මාගෙ උදැසන තේ පානය සිදුවන්නේ ඔවුන් ලගය..
අයියා..මට කිරි පයින කරලක් දෙන්න..
ඒ කිවෙ මහත්තයා,,ලපටි කරලක් නේද??
ඒ ලපටි කරල් කැමට මට මාර ආසාවක් තිබ්බෙ..
එතනින්ම තේ එකකුත් ඇරල දාන මම ආයෙ ගමන පටන් ගන්නවා..
*********************************************************************
*********************************************************************
එදා උදෙන්ම මන් ටවුමෙන් එලියට ගියෙ මොකක්දෝ හදිසි වැඩකට ඇතට යන්න..ඒත් හිරගෙදරින් හිරබත් කාපු නිසාදෝ බඩ කචල්..හිරබත් කීවෙ අර අ'පුරෙ එලිමහන් හිරකදවුරෙ අවුට්ලට් එකෙන් දෙන කැම වලට.ඔය
අසනිලා, නදී ලා එහෙම නම් දන්නව ඇතිනෙ මේක..
බඩ පුල් කචල්..කෝම හරි මැනෙජ් කරගන්න ට්‍රයි කරත් හරි ගියෙ නැ.
ගැහුවා U එක ..හැරෙව්වා ආපහු..ටවුම මැද්දෙන් දැම්ම ධර්මපාල මාවතට..
ඒ කියන්නෙ පරන බස් ස්ටැන්ඩ් එක පාර(මන් හරි ඇතී )
පාරෙ වාහන අඩු නිසා ඇරලා ආවා.
බස් ස්ටැන්ඩ් එක ලගටම ආවා..
මට යන්න ඕනා යාපනෙ හන්දිය හරහා බෝඩිමට..
බස් ස්ටැන්ඩ් එක ලග වුනත් ට්‍රැෆික් එකක් නැති නීසා මන් තවත් වේගය වැඩි කරා..
එක පාරටම ත්‍රිවිල් එකක් පාර හරහ දැම්මා..
මට මාර මල..එහෙන් මල පයින්න ඔන්න මෙන්න.තව මූ මට ඩිස්ටර්බ් කරනවා..
මන් ත්‍රිවීල් එක පහුකරගෙන ගියා..ඉන්නෙ මොකාද කියල බලන්නැතුවම මම එක පාරටම ඌට කිව්වා..
XXY ඔහොමද පාරෙ යන්නේ.මේක උබෙ පාරද?
එහෙම කියනවාත් එක්කම දැක්කා.කොන්ඩෙ අද්දගත්ත පොරක් එක ඩ්‍රයිව් කරේ....
අහ්.. මු.. පරණ ගායකයෙක් වෙන්නැති..මට එහෙම හිතුනා..මූ මාර්ග නීතී දන්නැත්තේ ඒකයි..
ක්ෂනයෙන් මැන් හෝන් එක ගහගෙන මා පස්සෙන් ආවා.මාත් ඇර දාලා ආවා.
තෙරුණා මු එන්නෙ මගෙ කනට කරල සින්දුවක් කියන්න තමා කියලා.
මර්කෙට් ප්‍රදෙශට එද්දින් තේරුණා මූ මාව පන්නනව කියලා..
එක දීග..ට මැන් හෝන් ගැහුවා.පැති කන්නාඩියෙන් බලද්දි පොර මං ලගම..
අහ් ඔවර් ටෙක් කලා..නැවතත් පැති කන්නාඩියෙන් බැලුවා..
පිටුපස පැහැදිලියි..ඉස්සරහ දකුණු පැත්තත් ඉතාම පැහැදිලියි..
ඒත් මාගෙ ජීවිතයෙ ඉතිරි විනාඩි කීහීපය ඉතාමත් අපහැදිලියි..
මැන් වීල් එක නැවැත්තුවා..
මා කල යුතු එකම දේ,,පැහැදිලි ඉදිරි පසෙනුත්,පසුපසෙනුත්,ප්‍රයෝජනයක් ගෙන මාගෙ අපැහැදිලි අනාගත පැහැදිලි කරගැනිමයි..
දකුණට සිග්නල් දැමු මම ඉතාවේගයෙන් මර්කට් ප්‍රදෙශ අතුලත මාර්ගයකින් පලා ගියේය.
ඉන් පසු ඇතුලේ රවුමක් ගැසු මා මාගෙ මිත්‍රයාගෙ බෝඩිමට ගියේය..
යනකොට බෝඩිමෙ ගෙට්ටුවද ඇරලා තිබ්බා..බයික් එක වත්තේ තිබු කෙසෙල් පදුරක් අස්සෙන් නැවැත්තූ මා ඔහුට කොල් එකක් දීල ඇහුවා..
අඩෝ..පින්තුවා..උබ කොහෙද.මං උබගෙ බෝඩිමෙ..
වරෙන් වරෙන්..මාත් මෙහෙ තාම..මැනුත් බෝඩිමෙ..
මොකෝ උබ මෙ වෙලාවෙ.උදේ වැඩක් තියනවා කියපු එකා..
අද වන්ගුවක්ගුක්ද?(වන්ගුව කියන්නෙ වැඩ නොකර නිවාඩු නොගොස් හොරට ඉන්න එකනේ)
මා සිදුවු සියලු දෙ පින්තුට පැහැදිලි කරා..
තව නූලෙන් උබෙ ජින්තුත් නැනෙ..
මැන් එහෙම කියලා මගෙන් ඇහුව මොකද බඩෙ අමාරුව..
අහ් පොඩ්ඩක් හිටපන්..ඒක ටිකක් අඩුයි දැන්..ඒත් මම..බයික් එකෙ සීට් එක බලලා එන්නම්..
එසේ කියු මා මාගෙ බෝඩිමට යන්න ගියා.එදා ඉතින් වන්ගුව තමා දවසම...

ප:ලි:තාම ඉවර නැ..



4 comments:

  1. බන්ධනාගාරේ එහෙම කෑම විකුනණවද?මම් දන්නෙ අද.
    අඩේ බඩඉරිගුවක් කන්න තිබ්බ නම්!කටට කෙල ඉනුවා.

    -නදී

    ReplyDelete
  2. @නදී:මන් හිටියෙ හොද අම්මන්ඩියෙක් කියලනෙ.2005 දි මන් අ'පුරෙ ජොබ් එකෙ.ඒ හිරබත් රසයි.වගේම ලාබයි..

    ReplyDelete
  3. ඔන්න අනුරාජපුර කියන වචනෙ දැක්ක පාර මාත් කඩන් බිදන් දුවන් ආවා... :)
    දිගටම ලියමු බලන්න මෙහෙ ඉද්දි මොකෝ කොරේ කියලා..

    තාම හිර බත් තියෙනවා.. කොළඹට වරායෙ බත වගේ මෙහෙට හිර බත.. නොදන්න කෙනෙක් (නදී) ඉන්නව කිව්වමත් පුදුමයි..

    ReplyDelete
  4. අඩේ මම් දන්නෙ නෑනේ ඔය කියනකම් එහෙම කෑම විකුනණවා කියල.ආය අනුරාජපුරේ ඉන්නව කිව්වට වැඩිය එලියට පහලියට එහෙම යන්නෙ නෑනෙව ඒකනේ දන්නෙ නැත්තේ.බන්ධනාගාරේට ඕනේනම් 500මීටර් ඇති ගෙදරට හොහ්.

    රුකා- 2005 ඉදන් මේ වෙනකම් මම් වැඩිය පුරේ හිටියෙ නෑ.ඒක නිසා දන්නෙ නෑ.

    @නාකියා- ඔයා කොහෙ ඉන්නෙ?

    ReplyDelete