Monday, August 15, 2011

හැ:කො ගෙ දුකට සකී



හැකො
ජීවීතේ නැහැ ඵලක්
තනිකමේ නැහැ නිමක්
වරෙන් යන්නට ටිකක්
ඇන ගන්න දෙක තුනක්..

උඹෙ ගාන මගෙ ගානේ
මගෙ දුකත් උබ ගනින්
දැන් ඉතින් අහගනින්
මන් කියන දේ ඉතින්

ඉගෙන ගත්තා සොදින්
ජය ගත්තා ඉලක්කය
වයස දැන් පනිනවා
තවම මං තනියෙන්ම

පැතුපැතුමන් සිතින්
සාගරය වගෙයි බං
හෙලු සුසුමන් නිසයි
සුනාමිය අවේ බන

බැලු දුර දුර ඈත
සදක් පායන තුරු හදට
ජනේලය දනී බන්
කාමරයෙ කෙළවරේ..

සිකුරු හත මට නැත්ද
රාහු කාලය නිමි නැත්ද
මාගෙ පව් නිමි නැත්ද
හිමි කෙනෙක් මට නැත්ද

අතීතයෙ ඒ කතා
කියයි ඔහු ගොතගසා
අද කාලෙ දුක කතා
කියනවා ඉකි ගසා.

සකී
රාහු කාලය ගිහින් නිමා වි ගිය දාට
සිකුරුහත ලැබීලා කෙන්ද්‍රයෙ ඇති දාට
උබෙ කරුමය ඉතින් සේදිලා ගිය දාට
හදක් හිමි වෙයි නුබට එයත් කරුමයක් වෙයි..

වෙරළකට සයුරක්ද
ගගුලකට වෙරළක්ද
හමුවෙනවා වාගෙම
උබෙ මැණික හමු වේවි..

ඉහෙව් දිනයක් ලොවෙ හිමිවෙලා නැතිඋනොත්
කියාපන් මට එවා විදුලියෙන් ලියමනක්
පන්සලක් සොයාලා හොදට දානය ලැබෙන
සිවුරු මිලදී අරන් මා ගානෙ මුදල් දී
සාදු..සාදුයි කියා නුඹ එහිම මහණ කර
අසමි මම බන නුබෙන් අමා මහ නිවන් යන

ප:ලි:මෙහි හැකො යනු හැඩැති කොලුවා යන්නය.නැතහොත් මමය(බලනා)හැකො සහ මිතුරා අතර කතාවකි.
ප:ප:ලි:ආයෙත් අනුරාධපුරේදි හම්බෙමු..

1 comment:

  1. වෙරළකට සයුරක්ද
    ගගුලකට වෙරළක්ද
    හමුවෙනවා වාගෙම
    උබෙ මැණික හමු වේවි..

    ඔව් ඔව් එතකන් ඉවසලා ඉන්නතමයි තියෙන්නේ..

    ReplyDelete