Saturday, July 2, 2011

කලෙකින් සැන්දැ අහස දුටිමි..Go.male city..Go

සිකුරාදා සැන්දෙවෙ විවෙකයක් ගත්ත මගෙ සැලසුම වුවෙ මගෙ අතපසුවුනු වැඩ ටික කරගැනිමටයි.
ඒත් මොබයිල් එක රින්ග් වෙද්දි බැලුව.
අහ්.වරුණ....
මචන් ගයාන්...නිවාඩු එකෙ මාලෙ පැත්තෙ යන්ද..මොනව හරි කාලා එන්න..
තාමත් ගැටවර වියෙ ඉන්න වරුණ චමින්ද ඇවිදිමට රුසියෙකි..නිතරම විනොදයෙන් ජීවත් විමට ආසා ඔහු කාගෙත් හිත් දිනාගන්නෙ කඩවසම් පෙනිමටත් ඒ වගෙම රජකාරියට ඇති උද්යොගයත් නිසාය.
ලන්කාවෙ අපෙ නඩේගුරා වන ඔහු ඇත්තටම වටිනා සහොදරයෙකි.බැදි ඇති හිතවත්කමට යොජනාවට පිටුපාන්න බැරි විය.
එහෙනම් රැ 7.30 බොට්ටුවෙ යමු.මා කිවෙමි.
කට්ටියම එකතු වි යන්නෙ south cafe එකෙන් ඉදිආප්ප කැමටය.
අනේ එතනට ගිය අපිට අහන්න ලැබුනෙ ඉදිආප්ප ඉවර වු බවය.
ඊ ලගට චමින්දගෙ අදහස වුයෙ west park එකෙහි ඇති sri lankan food corner යැමටය.
ෆෙරි ටර්මිනල් එක ලගට ආ අපි Taxi ගැනිමට සිටියෙය.
අන්න බස් එක එනව.අපි එකෙ යමු.වරුණ එසේ කියද්දි මට පුද්ම හිතිණි.
පයින් ඇවිදිම ප්‍රදානම විනොදාන්ශය වු ඔහු අද බස් එකෙන් යන්න කතාව,
ඇරත් මාලෙ කොහිද බස්.
එ සමගම අන්ක 404 ලියාඅ ඇති බස් එක අවෙය.
පසෙකින් Go..Male city Go..... කියාද ලියා තිබ්නි.
කොන්තාකු.....එලෙස මාලෙ බසාවෙන් කොන්දස්තර තැන අසුවෙ කොහෙද යන්නෙ කියාය
මෙපමණ කාල්යක් මාලෙ නගරයෙ ප්‍රදාන ගමනා ගමන සෙවය වුවෙ ටැක්සිය.
සතියක පමණ කලයක සිට මෙ බස් ප්‍රවාහනය ආරම්බ කර ඇත.එ වාගෙම එය ජනතාව අතර ප්‍රචලිත වි ඇති අයුරක්ද දකින්න ලැබුනි.
අවස්ය තැනින් බැස ගත් අපි,මා ටිකක් සිරුවෙන් බසයෙ පසු පස දෙස බැලුවෙය.
MVK
in assocaite with BOC.

අහ්,මෙන්න....
ලන්කාවෙ ගොඩාක් දෙවල් වලට අත හිත දෙන අපෙ ලන්කා බැන්කුව මෙහෙත් ඒ වාගෙ වැඩකට බැහැලා.

9 comments:

  1. වරුණ චමින්ද ඇවිදීමට වගේම කෑමටත් රුසියෙක්,
    ,අපිට ආරංචි වෙච්ච විදිහට අන්තිමට කට්ටිය නැවතිලා තියෙන්නේ ඊවිනින්ග් කැෆේ එකේ කේරල කෑම එකක් ලග.

    ReplyDelete
  2. සීයේ කොල වලට වදුරත් කඩවසම් වෙති
    කඩවසම් කොල්ලන්ට සීයක් සිහිනෙනුත් නැති
    දිවෙහි කතක් දුටු විට මූ නඩේ ගුරු වෙති
    අහිංසක මෙමා පව් අද එකේ කොල ගණී

    ReplyDelete
  3. කොස් දෙල් පොලොස් නැති දුරු රටට වෙලා
    කන බත් පතේ මාලුත් දිය වතුර වෙලා
    මේ කොල්ලන්ට ඉදිආප්පත් රස බොජුන් වෙලා
    අනේ අයියේ කදුලක් ආවා මෙහෙ උන් හැටි මතක් වෙලා..

    යසෝදරාවන් මෙන් ගී පද වැල් නොගැයුවට
    පතන්නෙමි දිව මාලිග නොව රස අහරක් දහවලට
    අවුවේ තියෙන අවු රශ්මිය තියෙද්දිම
    අදවත් 5 ට ඔෆ් වෙන්න ලැබියන් මේ අයියලට..

    ReplyDelete
  4. sha sha නංගියේ තෙරුවන් සරණයි නුඹට
    මට නම් ෂුවර් අද ඉටු වෙයි ඔබේ පැතුම
    අගහරුවාදා නොම මෙන් ඔය අනිත් දින
    ලැබෙනවා අල බැදුම් හෝ පොල් සම්බෝල

    සුරංග මල්ලියේ උඹෙ නම් කවිය හොදා
    කොහොම වුනත් දැන් ඌ අපේ නඩේ ගුරා
    පොලිටික්ස් වලින් නම් වරුණයා එකම තමා
    ලබන වරත් උඹ එකේ කොල ගණිනවා සිකුරා

    ReplyDelete
  5. මාගේ කඩවසම් බව ගැන වාදයක් නැතී
    කණ්නාඩිය දැමූ කලු වදුරෙක් එකේ කොල ගිණී
    ඒ දැක දිවෙහි කෙල්ලන් බිය වූ බව ඇසුණි
    දැන් වත් ගාගනින් සුදු හුණු උඹේ ඇගෙහී

    එකේ කොල දෙන්නේ මා නොව බැන්කුවයි සකී
    පවුම් ඩොලර් දෙන රට නෑදෑ අපට නම් නැති
    ඊලග පඩිය ගැන දැන්මම කීමට නොහැකී
    ඩොලර් භාගේ කොල නොතිබුනේ ලකට නුඹේ

    ReplyDelete
  6. චාලි අයියේ නුබටත් තුරුණුවනේ සරණයි
    අදත් දෙයියෝ අපි ගැන නොබැලුව ගානයි
    ලැබෙනවනන් නුබලට කට රස කෑමයි බීමයි
    අඩන් නෑ අයියේ මගෙ හිත සන්තෝසයි...

    වරුන අයියා කියනවනන් ඔහු කඩවසම් ඇති
    යළුවා කිවුව හැටියට නඩේ ගුරා වුනි
    දන්නා අහපු හැටියට දිවෙහි කෙල්ලන් බය නොවෙති
    පරිස්සන් වෙයන් අයියේ කෙල්ලන් සාක්කුවට බහි...

    ReplyDelete
  7. රුකා අයියේ දුටුවද ඔබ මේ වාදේ
    දිවෙහි කෙල්ලන්ට වරුණගේ ඇති ආලේ
    දෙන්නම වදුරො ඒකයි මේ පොර කන්නේ
    ඩොලර් කොල නිසා යාලු කමුත් නෑ වාගේ

    ඩොලර් භාගේ නොතිබුන එක හොදම තමා
    නැත්තම් මටත් ලැබෙන්නේ ඔය භාග තමා
    සුරංග දුටුව කෙල්ලන් බිය උනා කියා
    දුටුවා මමත් ඇත හවීරුහි මුල් පිටුවේ දමා

    ReplyDelete
  8. සමාවෙයන් නංගියේ නෑ මම දැක්කේ
    කමෙන්ටුවක් දාලයි නුඹ ගොස් ඇත්තේ
    ඇත්නම් අලුත් එලවලු ඔබලගෙ වත්තේ
    හත් මාලුවක් වත් එවපන් සිව අයියා අතේ

    පහට ඕෆ් වෙන එකනම් සිහිනයක්මලු
    චලත් නැතිලු ටොන් විස්සක් කැපියුතුලු
    වැකුම් මැශින් එකකුත් තව කැඩිලාලු
    දොලහම වෙයි අදත් සැදැඹර දුටුවේ නැතිලු

    ReplyDelete
  9. රුකා අයියා දන්නව හොද හැටිම තතු
    කමෙන්ට් දාපු කාටත් පුදනවා තුති...
    ටුනා කලා කටකහන්නෙ නැතුව ඇති..
    මුනිවත රකින එක කොයිටත් හොදට හිටි...

    කවා පොවා දොවා දැත කැටුව ඇවිත්...
    කැන්ටිමෙ කොල්ලා කියනවා දැන් සිනාසිසි...
    කඩවසම් කොල්ලො කොතැනත් කඩවසම් වෙතී...
    හිතහොද නිසා ඔහු කාගෙත් නඩෙ ගුරායි...

    ReplyDelete