Saturday, July 2, 2011

කලෙකින් සැන්දැ අහස දුටිමි..

බොහො දෙනා ජිවත් විම සදහා රැකියාව කරද්දි අප රැකියාව සදහා ජිවත් වනවද යන්න මට හිතෙන වෙලාවල් බොහොයි.දෙවකාරියටත් වඩා රාජකාරිය අපට ලොකුවි ඇති බව සමහරු කියයි.
උදෙ 7,30 ට Factory යට යන අපිට වැඩ නිමාවන වෙලාව දන්නෙ දෙයියො පමණි.
පසුගිය මාසය පුරාම රැ 11.00 ට හො ඉන් පසුව වැඩ ඉවර උනු අපිට Factory යෙන් එහා ජිවතයක් තියෙනවද යන්න අමතක වි තිබුනි.
ඉදහිට ඈ ට call ගන්නා මට අහන්න ලැබුනේ
'මොකක්ද අනෙ ඔයලගෙ ජොබ් එක.ඔෆ් වෙන වෙලාවක් නැද්ද යන්නය'.
ඇත්තෙන්ම අනාගත ජිවිතය සුන්දර කරගැනිමට නම් මෙ වාගෙ රැකියාවක් කර සල්ලි හෙවිමෙන් පලක් නැත යන්න සිතුනු වෙලාවල් නැතුවාම නොවෙ.ඒත් මෙය හැමදාම එකලෙස පවතින්නෙ නැතිබව අපි හොදින් දනිමු..

උදෙ වැඩට යද්දි නෙපාල් ජතික poorna kumar ඇසුවෙ today what time finish.ඒ සිකුරාදා මාලෙ නිවඩු දිනය නිසාය.මා විහිලුවෙන් වාගෙ කිවෙ 5.00 clock.,5.00 clock.කියාය

අපෙ සැලසුම වුවෙ කෙසෙ හො හැකි ඉක්මනින් වැඩ නිම කිරිමය.
පුදුමයකි,..
අපි අදට නවත්තමු.
ඒ අපෙ ලොක්කාගෙ හඩය.
ඔව්..හෙටට ඇතිවෙන්න කලානෙ.දැන් බයවෙන්න දෙයක් නැ නේද.
මගෙ අදහස විය.

හරියටම මාසයකට පස්සෙ 5.00 කට්ටිය ඔෆ්.
අවසාන වසයෙන් factory ඇතුලෙ රවුමක් යන මට හමුවුයෙ Factoryය සොදන poorna
poorna,Happy මා අසනා විට,
ඔහුගෙ මුවෙ රැදි තිබුනෙ අහින්සක ජයග්‍රාහි හිනාවකි
ඔහුගෙ විතරක් නොව හැම දෙනාගේම හිත සතුටු වි ඇති ආකරය අපට දැක ගන්න ලැබුණි.
හැමොම වාගෙ හොදට ඇදගෙන එලියට බැහලා ගියෙ මාසයකට පසුව දකින සැන්දැවෙ අසිරිය විදිමටය.

2 comments:

  1. ඔයා කීව ඈ වගේම
    මාත් කෙනෙක් වෙනුවෙන් මග බලන් ඉන්නවා
    රුපියල් සත අස්සෙ ඔයාලා දුවනකොට
    අස් රතු කරන් සුසුම් දාහක් වා තලයට මුසු කරමින්
    මාස ගානක් අඩ අඩා බලන් ඉන්නවා අපි
    ඔයල දාඩිය හෙලන සෑම රුපියලකටම අපි කදුලු හෙලනවා
    ජිවිතයෙ මෙහෙමය කියන්න තියෙන එකම සතුට
    ඔයාලගෙ කට හඩ අහන එක විතරයි
    එහෙවු අපිට ඔයාලා ඔෆ් වෙන්න පරක්කු වෙද්දි දනෙන දුක
    මෙහෙමයි කියන්න බෑ..
    ඒ වේලාවට කටින් පිටවෙන දේවල්
    ඔයාලගෙ හිත රිද්දුවත්
    අනේ ඔයාලව අඩවන්නනම් හිතන්නෙ නෑ..කවදාවත්..
    ආදරෙයි කවදත් මහමෙරටත් වඩා..

    ReplyDelete
  2. හික් හික් . . ඔන්න ඒකට අල්ලපු වැටේ ඉන්න අපි . . . . .

    ReplyDelete