Sunday, January 1, 2012

එකම එක දවසක්..

සිගරට් බීම නවත්තන,
අරක්කු බොන එක නවත්තන,
මා පියන්ට කීකරු වන
ආදරයට අවංක වන
පවුලට ආදරේ කරන
එකම එක දවසක්

උදෙනම නැගිටින
රැකියාවට වෙලාවට යන
පිරිසිදුව අදින
හැමදේම පිලිවෙලට කරන
එකම එක දවසක්..

සමහරු.......
කානු වලින් නැගිටින
නිදි පැදුරේ වමනෙ ගොඩින් නැගිටින
වමනෙ නවතින්න "ජීවනී" බොන
අතපය කඩාන හොස්පිටල් ඉන්න
එකම එක දවසක්..

ඒ හැමදේම වන
ලොව පුරා සියලු දෙනා
තරහ මරහ අමතක කරන
එකම එක දවස....
සුබ අලුත් අවුරුද්දක් කියා
සුභ පතා ගන්නා අද දවස

එහෙනම් ඔන්න
සුබ අලුත් අවුරුද්දක්

4 comments:

  1. ඔය සේරම කරන්න හිතන් ඉන්නේ තනිකඩයෙක් විදිහට ද ?
    (දැනටමත් විවාහකයෙක්ද දන්නේ නෑ. දන්නේ නැති නිසයි එහෙම කිව්වේ)

    ඔය සමහර දේවල් අපේ අප්පච්චිත් අවුරුද්ද මුලදි කියලා මැදදි භාගයක් හලලා අවුරුද්ද අන්තිමේදි නැත්තටම නැති කර ගන්නවා. ආයෙම අවුරුද්ද මුලදි පුරුදු බණ. හික්ස් :)

    අයියටත් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් උතුරන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  2. මෙයැයි තාම තනිකඩ අනේ.....
    සුබම සුබ අවුරුද්දකට අපිනම් කලින්ම සුබ පැතුවා....

    ReplyDelete
  3. මේ පැත්තෙ එන්න ටිකක් පරක්කු උනා . . .

    සුභ අළුත් අවුරුද්දක් මචං . . . .

    ReplyDelete
  4. ටැන්කියු වේවා.....

    ReplyDelete