Friday, November 11, 2011

රැ දොළහට නවම් මාවතෙන්

වැඩ ඉවරවෙද්දි රැ 10 ත් පහුවෙල...රැ වෙනකන් වැඩ කරපුවාම දෙන බොනස් එක වන නුඩ්ලස් එකත් කාලා,කට්ටියත් එක්ක කතාවකුත් දාලා ආව කාමරෙ පැත්තට..
නින්දක් ආවෙත් නැති නිසා ලැප් එක ලැප් එක උඩම තියගෙන ගුගලේ සැරිසරමින් ඉන්න කොට කොහෙන් කොහෙන් හරි ඇවිදින් නවම් මාවත කියන බ්ලොග් එකට..
කියොන යද්දින් අහුවුනා පොස්ට් එකක්..නම දාලා තිබ්බෙ "උන්න හැටියට මලා මදැයි" කියල වාගෙ තමා මතක.

එක තිබ්බ චුටි කතාවක් දැකල තමයි මේ ජුන්ඩ ලියන්න හිතුනෙත්........
එක තිබ්බා මතකයි.ඒ බ්ලොගය ලියන (නවම් කියමුකෝ)මිත්‍රයාට ඩොන් ගියාම එයගෙ චුටි මැණිකෙ ඔෆ් ලයින් යනවා කියලා...

පිරිමි හැමොම කැමතියි ගැණුන් ඔහෙ කියවනව අහගෙන ඉන්න..
එකනෙ අර සින්දුවකුත් තියෙන්නෙ......

මෙ නිහඩ බව බිදින්න....,තව මොනව හරි කියන්න...

කියලා..මෙ සින්දුවෙ එන කොල්ලට පාලුවක් දැනිල කොල්ල උගෙ ගැණු පරානෙට කියනව මොනව හරි කියන්න කියලා.එහෙම නෙ??????

හැමොම ඉතින් එහෙමනෙ.තමන්ගෙ කෙලිට කියනවා...
මොනව හරි කියන්නකො ඉතින් කියලා...

ඒත් අපිට මල පැන්නාම අපි ආස උන් කටවහගෙන අපි කියන දේ අහගෙන ඉන්නවනම්...

කොහොමත් පවුල් ප්‍රශ්න වලදි නම් බොහොම වැදගත් දෙයක් තමයි එක්කෙනෙකුට ඩොන් ගියා කියලා තෙරුණාම අනිත් කෙනා ඔෆ් ලයින් යන එක..
දෙන්නාම තකට තකේ කියවගන්න ගියොත් අවසානයේ වෙන්නෙ
ලහිපිට සටපට තමා


එහෙම නැතුව "තරහ නිවෙනකන් කියපන්,මන් මගෙ පාඩුවෙ ඉන්නම්"කියල ඇහුනත් නැහුනා වගේ ඔෆ් ලයින් හිටියොත් ටිකක් වෙලා ගියාම කියාවි/කියන්න පුළුවන්

බතඩ ඉදි ඉවරයි දැන් උනුහුම ඇත තා..ම...
තරහ නිවි ඉවරයි මගෙ උබ තරහද තා..ම.....

කියලා නේ......,

ප:ලි:ක්‍රමෙ තොරාගන්නා එක ඔබට බාරයි.(මන් කීවෙ අපෙ උන්දැට)

7 comments:

  1. අඩේ . . උඹලට රෑ 10ටද බං නූඩ්ල්ස් දෙන්නෙ . . අපිට රෑ 11ට . . කරුමෙ කියන්නෙ මම මෙහෙට ආවත් හරි තාම දෙපාරයි නූඩ්ල්ස් කන්න ලැබුනෙ.

    නවම ඔය කීවට චූටි මැණිකෙට පට්ට බයයි බං . . ඕක ඔහොම හරි ලියන්නෙ චූටි මැණිකෙ නගා බ්ලොග් කියවන්නෙ නැති නිසා . . .

    ReplyDelete
  2. පුංචි පුංචි අත්දැකීම නම් තියෙනව.....
    ලොකු වැඩක් තියෙද්දිත් එක දිගට ෆෝන් එකෙන් කියව එක තමයි එපා වෙන්න.රෑ වෙලා නම් කොච්චර කියෙව්වත් අහන් ඉන්න ආසයි......

    ReplyDelete
  3. හික්ස්ස්ස්ස්ස්..... හුගාක් කොල්ලො තම්න්ගෙ කෙල්ලට මොනා හරි කියවන්න කියලා අන්තිමට කියන්නෙ, කෙල්ලගෙ කරච්චලේ කියලා.ඉත්ං බලන්නකෝ ඒකෙත් හැටි..:/

    ReplyDelete
  4. දැන ගත්ත ක හොඳයි. මටත් තේරුම් ගන්න බැරිව හිටියේ ,
    “ ඉතින් , මොනාහරි කියන්න කෝ “
    කියන කෙනාම , ආයෙත්
    “ කට වහගෙන ඉන්නව ද කංකරච්චලේ “
    කියල කියන්නෙ මොක ද කියලා...
    හෆොයි පිරිමිත් ඉතින් ...........පුදුම සත්තු කොට්ඨාශයක් තමයි.

    ReplyDelete
  5. හිකිස්,.. මම මෙච්චර කල් හිතන් හිටියේ කොල්ලෝ අකමැතිම දේ කෙල්ල කියවන එක එක පිස්සු කථා අහන් ඉන්න එක කියලා.. ආසා වුනත් අර හිතූ නංගා කිව්ව වගේ අන්තිමේ කියන්නේ මල කරච්චලේ නවත්තගන්න කියලනේ,.. :P

    ReplyDelete
  6. මට හිතෙන්නේත් ඕනේ අයියට හිතුනා වගේ එකක්. නවම් අයියා ඔය කිව්වට චූටි මැණිකේ අක්කට බයයි වෙන්ටෑ.

    ReplyDelete
  7. බොලා මෙතන පාළු ගෙයි වලං බිඳිනව නේද? එකෙක්වත් කිකමට කිව්වද මෙහෙම එකෙක් ගැන, [මං මේ කියන්න ඕනයාටයි මධුරංගටයි]

    බඳින්න කලිං කියවන එක තරං සැපක් නෑ [අපේ උන්දැ ඒ කාලෙත් වැඩිය කියවන්නෙ නෑ නෙව] පස්සෙං පහු වෙනකොට කට පියං ඉන්න තරං සැපක් නෑ. ඕං බලහල්ලකො ඒකෙත් හැටි.

    ReplyDelete