Wednesday, November 16, 2011

අවශ්‍යයි..64 මායමට සංශොධනයක්

විද්‍යාව දියුණු වෙලා
තාක්ෂණෙත් වෙනස් වෙලා
නර ලොව දැන් හුගක් වෙනස්
උබ දන්නෙම නැද්ද බොල

ඒත් එක්ක මෙ ලොකයෙ
හැමදෙයක්ම වෙනස් වෙලා
සාපෙත් දැන් අලුත් වෙලා
උ පෙ නිර්දෙෂයත් සංශොධිතයි

චන්ද්‍රිකා ගෙනාව එ යුගයට
හොද සංශොධනය
මහින්ද ගෙනාවා පෙරදින
කලට උචිත සංශොධන
ඒත් අනේ තවත් නැනෙ
වෙලා මෙහි සංශොධන


ඉස්සර ගැණුන්ගෙ මොළේ
තිබුනු නිසා මුල්ලේ කුස්සියෙ
දුන්නලු උඹ ගැණුන් හට
බෙරිලා ඉන්නට ලොකේන්
සු සැට මායම් මහ බල


දැන් ගැණුන්ගේ මොළේ
තියෙන්නෙ ගුගලයෙනෙ බොල
එකනිසා උන් ලග දැන්
බොහො ඇත වැඩියෙන්

කරුණාබර සක් දෙවිදුනි
කරුණාකර නර ලොව වෙත
අවිදින් කතිකාවක් කල
දෙනවද සංශොධනයක්
සු සැට මායම් වලටත්

නොහැකි උනොත් නුඹ හට එය
කරන්න තව දින පහකින්
ලැජ්ජා වෙන්නට නුඹ හට
කරනව අපි ජාති වැඩක්

අරගෙන මහා බොඩ් කැබැලි
ගිහිල්ලා ලිප්ටන් රවුමට
පවත්තන පිකිටින් එක
මැරෙනකන්ම නොකා නොබි
ඒක ඊට වැඩිය හොදයි
මුන්ගෙවෙනවට මට්ටු.....

1 comment:

  1. දැන් එතකොට ගෑනු කට්ටිය ගූගල් කරලාද උත්තර දෙන්නේ. :)

    ReplyDelete