Thursday, August 11, 2011

නංගි.. මොකක්ද මේ LS (මම අනුරාධපුරයෙ2)

ඉතින් ඔන්න තරංගගෙන් සුහද ආරාධනය පිලිගෙන FMTCඑකේ ඇනෙක්ස් එකට ගියා.ටික වේලාවක් අපෙ පරණ කතා ඇදගමින් ඉන්න අතරේ අදුරත් ගලාගෙන එනවා.
ඒත් එක්කම කට හඩක් ඇහුනා...
අහ් මෙන්න ඔයාලාගෙ පොරක් මෙහෙ..තරන්ග එහෙම කියද්දි මාව අදුනගත්ත කව්දෝ මගෙන් ඇහුවා..
ඒ උබ කොහෙද බන් මෙහෙ
මා එක පාරටම තරන්ගගෙන් අහුවෙ
කව්ද බං මේ..
යකෝ මගෙන් කව්ද කියල අහන්නෙ පොඩ්ඩක් බලපන්..තොපෙ සිනියර් කෙනෙක්...
අහ් මෙ අමිල අයිය්යනෙ
මැන් වෙන කාවත් නොවෙ.මා පහන් පැලෙදි මුල්ම දවස් වල මගෙන් නම අහුවවාම
මන් මචන් ගයාන් කියද්දී,තාත්තගෙන් මට ලැබුනු එකම බූදලය වන පපුවෙ මයිල් ගස්වලින් අල්ලලා උස්සල මාගෙ බර බලන්න ට්‍රයි කරපු පොර..
ඒත් පොර දැනන් හිටියෙ නැ තුත්තිරි ගස් වලින් අල්ලලා පොලොව උස්සන්න බැ කියල.
එදා උනු එකම දෙය මගෙ මයිල් ගස් ටිකක් මැන්ගෙ අතේ ඉතුරුවුනු එක විතරායි.නැතුව මාවනම් හොලවන්නවත් බැරිවුනා..
තවත් ටික වේලවක් කතාකරමින් ඉද්දි දැන ගන්න ලැබුනෙ අපිට පැලෙදි කෘෂිව්‍යාප්තිය,ඉකෝන් වාගෙ ගොඩාක් විෂයන් කරපු සර් කෙනෙක්ද එහි වැඩ කරන බවයි..
ඒ හැමදේ එක්කම අ'පුරෙ මට පුරුදු තැනක් බවට පත්වුනා.
එකම දේ ජොබ් එකෙ ගේම ගහන එක විතරයි.
මාගෙ රැකියාව වුවෙ කෘෂිව්‍යාප්තිකරකයෙක් ලෙස කටයුතු කිරිමයි.ගොවි ගැටලු සමාගෙමෙ නිෂ්පාදන මගින් නිරාකරණය කරගන්නා ආකාරයයි.
මට වැඩ කරන්න වුවෙ මැදවච්චිය,නොච්චියාගම,මහවිලච්චිය වැනි ප්‍රදේශයි.
මහා මානා ලදු/කටුකැලැ එලිපාදා රටට බත හෝ බතට ව්‍යංජනය දෙන මෙ අය හට බොරුවක් කිරිමට සිත දුන්නේ නැත.
ගිනිඅව්වට දහ අතට පැලුනු පොලවෙ අඩිය ගසමින්,ඒ පොලව මතට වැහිබිදුවක් ඉල්ලා දෙවියන් යදමින් ඉද වැටෙනා ඒ වැහි බිදුවට කඩුලුත් දාහයත් එකතු කරමින් අස්වද්දන මෙ අහිංසක ජනතාවට බොරු නොකරන,ආර්ඨික ලාබ උදෙසා බොරු නොකරන ලෙස මා මාගෙ හිතට අණ කරගත්තේය..
ඒ හිතැති හිතත් එක්ක ගේම දිනන්න හදන මට එය අමාරුවක් නම් පෙනුනේ නැත.
විටක ගොවි ගෙදරකින් ලැබෙන කුරුම්ඹා තැඹිලි ගෙඩියක් විය.තවත් විටෙක රස කර සැදු තේ කොප්පයකි.වෙලට ගෙනා ඇඹුලෙන්ද රස බලන්නට වු අවස්තාවන් නැතිව නෙවේ...
ආගන්තුක සත්කාර අතින් ප්‍රමුඛ වන අපෙ වුන්ගෙන් ලැබෙන කිසි දෙයක් ප්‍රතික්ෂෙප කිරීම යුතුකමක් නොවේ..ඒ නිසාවට ඒ දෙවල් බුක්ති විදිමට මාද පැකිලුනෙ නැත..

*************************************************************************************
බෝහෝ විට අ'පුර ටවුමෙ මා ඉන්නවානම් දිවා ආහාරය ගන්නෙ තොරාගත් ස්ථානයකිනි..මතක විදිහට "චාම් රෙස්ටුරන්ට්"
මෙහි ඇත්තේ ස්වයන් සේවා යනුවෙන් ලියාය.අපට අවශ්‍ය දේවල් ලබාගත් පසු තවත් කෙනෙක් ලගට ගිය පසු ඇ අපෙ හැඩහුරුකම හෝ විශේෂ යමක් සටහන් කරගනිමින් අප ගත් දැ පොතක සටහන් කරගනියි,ඒ මගින් අපේ බිල සකස් කරයි.දිනක් මා කැම ගත් විට ඇ මාගෙ සුන්දර වු ගෞරවනීය රවුල සහිත මූන ඇද ගත් හැටි මා දුටුවේය.
යලිත් දිනක් මා ගිය පසු ඇ ඇදගත්තේ සපත්තු දෙකක් සහිත කකුල් කෙටි දෙකකි.මදක් පහාලින් LS ලෙස සදහන් කර මා මිලට ගත් දේ ලියා ගත්තේය..
මා ඒ "චිට්" එක දෙස ඉවසිල්ලෙන් බලුවෙ මේ වතාවෙ සලකුණු කරගත් දේ තේරුම මොකක්ද කියාය.කිසිවක් හිතාගැනිමට නොහැකි වු නිසා ම ඇ ගෙන ඇහුවා
ඒ නන්ගි මොකක්ද මෙ LS
අද ඔයා වගේම රවුල තියන කෙනෙක් දැන් කනවා.ඉතින් රවුල ලකුනු කරන්න බැරි නිසා තමයි මේක ලකුණු කරේ..
ඉතින් මොකක්ද මේකෙ තේරුම..
නැ..,මේක තමා සර් ව අදුණගන්න තියෙන ලේසිම එක.අව්ලක් නැනේ..
අපොයි චුට්ටක්වත්..
ඔයා හරි ක්‍රියෙටිව් නෙ...
එහෙම කියු මා ඒ සුන්දර ආහාරය බඩට කොට ගත්තා..
ඒ අ'පුරෙදී කැම ගන්න මා ආසම කරපු තැනක්

ඉතින් "මම අනුරාධපුරෙ" තවත් කතාටිකක් සමගින් ඉස්සරහට එනවා..
ඒත් එක්කම මාගෙ බ්ලොගයට කමෙන්ට් දාන අයටත්,ෆ්ලො එක දෙන සෙට් එකටත්,විතරක් නෙමෙයි සින්ඩියෙන්,ලාන්කීය සින්ඩියෙන් බලන ඔයාලටත් ගොඩාක් ම තුති..
මේ පැත්තට එන හැමෝම නිසා තමයි ලියන්නත් හිතෙන්නෙ...
ඉතින් ඉන්නව නේද ඉතුරු ටිකත් කියවන්න............

9 comments:

  1. මම නම් ටියුබ් ලයිට් මචං මොකද්ද ඒ LS..........

    ReplyDelete
  2. චාම් රෙස්ටුරන්ට් කිව්වෙ චින්තනේට එහා පැත්තෙ එක නේද?

    ReplyDelete
  3. අපිනම් කන්නෙ ගොඩක් වෙලාවට ෆැමිලි බේකර්ස් එකෙන්,චින්තනේ මික්ස් රයිස් එක නම් නියමයි.ඔයා ඒකෙන් කන්නෙ නැද්ද?

    මාර කාඩ්ස්නේ දාන්නෙ ඔයා කන තැන ගර්ල්

    ReplyDelete
  4. මන් චාලි අයියගේ නගානේ..මට තේරුනෙත් නෑ..හැබෑටම මොකද්ද අයියන්ඩි LS

    ReplyDelete
  5. ඇත්තට මොකක්ද බන් මේ LS...

    ReplyDelete
  6. LS තේරුම.මාව දැක්කෝ දනිති.නොදැක්කෝ මම අනුරධපුරයෙ 1 කියවා දැනගනිත්වා...
    @නදී:මන් හිතන්නෙත් චාමි කියන්නෙ චින්තක රීස්ටුරන්ට් එක ලග එක තමා..
    ඔයා රාසායන විද්‍යාවත් කරලා තියනව ඇ.
    දැකලත් ඇති ටියුෂන් වලදි හරි.ඒත්.. කොයි කාලෙද????

    ReplyDelete
  7. චින්තක නෙමේ චින්තන.හ්ම්ම් මම් රසායන විද්‍යාව කරා.අනුරාධපුරෙත් කුරුණෑගලත් ක්ලාස් ගියා. 2005 A/L

    - නදී

    ReplyDelete
  8. හැමෝටම තියෙන ප්‍රශ්නය මොකක්ද LS කියන්නේ..?

    ReplyDelete
  9. ඔන්න මටත් මොකද්ද LS කියන්නේ කියලා තේරුනේ නෑ.

    ReplyDelete