Thursday, August 4, 2011

ගැහැණු පරපෝෂිතයි?,.....

මාසයක් විතර කාලයක් කල්පනා කරා මෙ පොස්ට් එක දාන්න..නිතර දෙවෙලේ කල්පනා කරා..දස අතේ කල්පනා කරා.උඩ බලාන කල්පනා කරා..අවසානයේ හිතුනා ලියන්නම..
ඒත් පහන් පැලෙ ඉන්න කාලෙ ගලෙන්බිදුනුවැව "සෙන්ටියා"කියපු දේවල් මතක් උනා..
දවසක් මන් බැච් එකෙ කෙල්ලො එක්ක වලියක් දාගෙන ඇවිත් හොස්ටල් එකෙ තේ බොද්දි "සෙන්ටියා" කීවේ,
"මචන් ගයාන් ,කෙල්ලො,ගැණු තරහා කරගන්න එපා.උන්ගෙ වෛරයෙන් පිරුණු ඇස් වලින් එන කිරණ වල අදෘෂ්‍යමාන බලවෙගයක් තියනවා"කියන එකයි..
එච්චර කල් මං බය උනෙ වහින්න ලැස්ති වෙද්දි අනපෙක්ෂිතව එන අකුණු පහර එක්ක හෙණ හඩට.මොකද හෙණයක් වැදිල මං මැරුණොත් කාටද අවනම්බුව.මට නෙමෙ,හැදු අම්මටයි තාත්තටයිනෙ....ඒත් දැන් ස්ත්‍රි ලිංගිකයොත් එකතු වෙලා
වෙලාවකට හිතුනා මෙ පොස්ට් එක දානවට වඩා හොදයි,නිවාඩු ගියාම ඇතුගලෙ ඔලුව ගහගන්නවා කියලා.දෙකම එක වෙයිද??
ඒත් මෙ වාගෙ දෙයක් ලියන්න මොකටද බය වෙන්නෙ...
එහෙම කියලත් හිතුනා..
ම්ම්ම්.... මන් පිරිමියෙක්..පිරිමියෙක් උනාම ඔනැම දෙකට මුහුණ දෙන්න ඔනා
එහෙම හිතපු මන් ඔන්න පොස්ට් එක පටන් ගන්නවා.....
ම්ම්ම්...මට හිතෙන්වා මේක ටියුෂන් පන්තියක් වාගෙ කරන්න..
ඒත්....හරි මට පුරුදු විදිහට ඔන්න ලියනවා....
ගැහැණු හැමදාමත් පරපෝෂිතයි..,ඒක එහෙම තමයි..මන් දැන් ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා.
එහෙනම් පරපොෂිතයො කියන්නෙ මොනුන්ටද??ඊලග ප්‍රශ්නෙ නේද??
ඔය ගැහැණු අයගෙ ඔලුවෙ ඉන්න උකුනොත් පරපොෂිතයො තමයි,,
ඒ කියන්නෙ තව එකෙනෙක්ගෙ ශරිරයෙ ජීවත් වෙමින් උගෙන් පොෂණය ලබන සත්ව කාණ්ඩයට..මෙහෙම ජීවත් වෙන්න පොෂණය දෙන කෙනාට අපි කියනවා ධාරකයා කියලා..
ඉතින් උකුනොත් ඒ වාගෙනෙ,ගැහැණු අයගෙන් ලේ උරා බිලා ජීවත් වෙන අයනෙ..
එතකොට රුකා මෙ ගැහැණු පරපොෂිතයි කියන්නෙ,ගැහැනු අය පිරිමින්ගෙ ඔලුව හුරලාම කන හින්ද වෙන්න ඇති නේද කියලත් හිතෙනවා ඇති...ඒක්ත් නම් එහෙම තමා..
ඒත් මන් කියන්න යන්නෙ ඊට වඩා වෙනස් දෙයක් ගැනයි..

ගැහැණු අය වගෙම පිරිමි අපිත් ජීවිත කාලයෙ යම් කාල පරිච්ඡෙදයක් පරපෝෂිතව ගත කරනවා..
අම්මාගෙ කුසෙ ඉන්න අපි අපෙ අම්මාට පරපොෂිතයෙක්,ඉන් පසු වුවත් අම්මාගෙ කිරි බී වැඩෙද්දි මෙන්ම බත දෙන තාත්තාටද පරපෝෂිතයක් වි අවුරුදු 17කට වැඩි කාලයක් පරපොෂිත බාවයේ ඉන්නව..

ඊට පස්සෙ,කසිප්පු පෙරීම,හොර පොල් කැඩිම,හෝ හොරකන් කිරීම යන හො ගරු නම්ඹු ඇති රැකියාවක් කිරිමෙන් අපි සවයංපොෂිත ජීවන රටාවකට ඇබ්බැහි වෙනවා..
ඊට පස්සෙ කසාදයක් බැදගන්නා අය තමන්ගෙ බිරිදව පොෂණය කරමින් ධාරකයෙක් විදිහට ජීවීත කාලය අරඹනවා..ඒ සමගම එන දරු සිගිත්තන්ට බත දෙමින් ඔවුන්ටද ධාරකයෙක් වෙනවා
ඊට පස්සෙ එන ජීවිතයෙ සැදැසමයේදි තමන්ගෙ දරුවන්ට හෝ වෙනකාගෙ හරි සෙවන,අස්වැසිල්ල යටතෙ ජීවත් වෙද්දි ඔවුන්ට ධාරකයෙක් වී අපි පරපෝෂිතයන් ලෙස ජීවත් වෙනවා.සාමන්‍යයෙන් එහෙමයි පිරිමින්ගෙ ජීවිත කාලය ගතකරන්නෙ..
ඒ කියන්නෙ
පරපෝෂිත--->සවයංපෝෂිත--->ධාරක--->පරපොෂිත
යන පියවර වලින් අපි අපෙ ජීවිත කාලය ගෙවනවා කියන එකයි..
ඒත් ගැහැණු උදවියගෙ ජීවිත කාලය..
ආරම්ඹය පිරිමි මෙන්ම පරපෝෂිතයි,ඉන්පසු වයස හරි ගිහින් දිගයක් ගියාම තම ස්වාමියාගෙන් යැපෙමින් ඔහුගෙ ධාරණ සෙවන යට ස්වාමියාට පරපෝෂිතයි.ඊට පස්සෙ වයසට ගියාම ආයෙත් තම දරුවන්ගෙන් යැපෙමින් ඔව්නුන්ට පරපෝෂිතයි‍
එක්තරා කාලයක් තම දරුවන්ට කිරි දුන්නද ඒ කාලයේ තම ආදරණිය ස්වාමියාගෙන් යැපෙමින් සිටින නීසා උක්ත වන්නෙ පරපෝශිත අවදියමයි.,එතකොට රුකා කියපු දේ හරිද වැරදිද කියල ඔයාලටම තෙරුම් ගත්තැකි නේද??
ඒත් අවසානයෙ මෙසෙ ලියන්නම්..
ගැහැණු පරපෝෂිතයි කියන එක හරියටම ගැලපෙන්නෙ මීට දශක කීපයකට හිටපු,උක්කු අම්මාට,ඩිංගිරි මැණිකාලාට,ඇසලින්ට වාගෙ අයටයි.මැත අතිතයෙ විසු සුමනලාට,කුසුමලාටත් ටිකක් ගැලපුණත් අද කාලයෙ ජීවත් වන නදීලට,ෂානි ලට හෝ චතු ලට ගැලපෙන්නේ නැත්තේ ඔවුන් පිරිමින් හා කරට කර ගැටෙමින් ජීවිතයෙ චුටි කාලයක් හරි ස්වංපෝෂිතව සහ තම සැමියා සමග සහජීවනයෙන් ඒ කියන්නෙ සැමියාගෙන් යැපෙමින් සැමියාට යම් කිසි ආකාරයට මූල්‍ය උපකාර කරමින්ජීවත් වීමට උත්සාහ කරන නිසායි..



ඒත් ඔවුන්ගෙ ජීවිතයෙද වැඩි කාලයක් ගැහැණු පරපෝෂිතයි..කියන කියමනට එකතු වෙනවා...
මා මුලින් කි විදිහට "සෙන්ටියා"ගෙ කතාවෙ ඇත්ත නැත්ත බලගන්න මට තව ටික මොහොතකින් ඉදන් පුලුවන් වෙයි.එ ගැන ආයෙත් මතක් කරගනිමින් ඔන්න මන් පොස්ට් එක පබ්ලිස්"කරෝ................

8 comments:

  1. මහ පැරකුම් රජ්ජුරුවන්ගේ කාලේ ලංකාව ස්වයංපෝශිත රටක්
    ඒත් අද ලංකාව පරපෝශිත රටක්
    කාන්තාවත් නම් ඒකේ අනික් පැත්ත එදා පරපෝශිත වුනාට අද හුගක් කාන්තාවෝ ස්වයංපෝශිතයි
    ජීවිතයේ යම් කාලයක් කාන්තාවෝ විතරක් නෙමේ පිරිමිත් පරපෝශිතව ජීවත් වෙනවා
    ඒකට කාන්තාවන්ට විතරක් ඇගිල්ල දික් කරන එක වැරදියි.

    ReplyDelete
  2. පරපෝශිතයි කියන්නෙ වෙන කාවුරු හරි ධාරකයෙක් මත යැපෙනව කියන එකනේ.

    චාලි කිව්ව වගේම ඔය කතාව දෙපාර්ශ්වයටම අදාලයි.

    දැන් පිරිමි අය වගේම හරි හරියටම ගෑණු අයත් රස්සාවල් කරනව පවුල නඩත්තු කරන්න.කීයක් හරි හොයන් ජීවත් වෙන්න.

    ReplyDelete
  3. @චාලි:ඔයා කියපු දෙම මන් ලියලා තියනව නෙද?

    @නදී:ඒකනෙ මාත් කීවෙ.දැන් කාන්තාවන් ඉස්සර වාගෙ නෙවෙ,පිරිමින්ට වඩා උනන්දුයි.ඒත් සමහරක් තාමත් කුස්සිය ගැන විතරයි හිතන්නෙ..එහෙම නේද?

    ReplyDelete
  4. ඕන් එහෙනන් අවුස්සන්න පටන් ගන්නම්... දැන් අහන්න එපා මන් කුනු ගොඩක්ද කියලා හී හී...

    මමනන් තාම පට්ට පරපෝෂිතයි... ඒ වුනාට සාපේක්ෂව බලපුවාම කාන්තාවක් හා පිරිමියෙක් වර්තමානේ..එක හා සමාන කාලයක් පරපෝශිතයන් වෙනවා..ඒක එකිනෙක කරන රැකියාව මත..අනාගත ප්‍රතිලාබ මත..තිරණය වෙනවා..

    කොහොම වුනත්.. මගේ හැගීම නම්..අපි, හැම තප්පරේකම පරපෝශිතයෙක්..ඒක මුල්යමය නෙමේ.. රැකවරණය.. ආදරය.. සෙනෙහස.. වගේ හැගිම් වලින් වෙන්නත් වෙන්න පුලුවන් කියන එකයි..

    ReplyDelete
  5. ඔය පරපොශිත කතාවට මත් එකගයි. මේ කාතාකරන ප්‍රදාන මතෘකාවෙන් පිටත් ස්ත්‍රි පරපොශිතයි. අත්දැකිම්න් කියන්නේ ඇ. මන් ඔක කෙල්ලටත් මුනටම කිව්වා ඇයි යකො. හැම මගුලක්ම මන් ම කරන්ට ඔනේ.

    ReplyDelete
  6. @පිස්සු පුසා:පිස්ස්සූ පුසෙක් උනත් උබට තමා හරිදෙ තෙරිලා තියෙන්නෙ.ආවට ස්තුති ඇ.ෆලෝ එකකුත් දිලම තියෙන්නෙ
    @අසනි:මේ පාරනම් මන් කියපු දේ පිලිගන්න වුනා නේද?හැමදාම කමෙන්ට් දාන ඔයාට ගොඩාක් ස්තුතියි..

    ReplyDelete
  7. මගේ මතයට අනූව අර ඉස්සර කාන්තාවෝ ගැන කියලා තියෙන කතාව වැරදියි ඒ කාලේ අය ඒ කාලේට ගැලපෙන විදියට ගොවිතැනට වගේ දේවල් වලට සැමියට උදවු කළා , පුරාණ කාන්තාව අද ඉන්න රස්සවට ගිහින් කීයක් හරි හොයන කාන්තාවට වඩා වැඩිය වැඩ කොටසක් කළා ඒ අය මනුස්සයා ගෙදරට කන්න ගේනකම් බලන් හිටියේ නෑ, ඒ අයත් තමන්ට පුළු පුළුවන් විදියට ස්ව‍යංපෝෂිතව තමන්ගේ ජීවිත ගත කළා, ගොවිතැනට දරුවෝ බලා ගන්න එකට ඒ වගේම ආහාර සොයා ගැනීම ( මේ කියන්නේ උයන එක නෙවෙයි ) අතින් සැමියට වඩා ඉදිරියෙන් ඉඳලා තියෙනවා.. ඒ අතින් බලන කොට ගොවිතැනින් යමක් ගෙනාපු සැමියා බිරිඳගෙන් උදවු පතන පරපෝෂිතයෙක්..
    හිතුන දේ කිව්වේ මම කාන්තා විමුක්තිය ගැන කතා කරන්න යන පිරිමියෙක් නෙවි..
    අද කාන්තාව ඔය රැකියාවක් කරලා කීයක් හරි හොයන් සීයට සීයක් ස්ව්‍යංපෝෂණය වෙන්න ගිහින් පවුල් වලට නැති වෙලා තියෙන දේ බොහොමයි..

    ReplyDelete
  8. @චතුර:කතාවෙ ලොකු අරුතක් තියනවා.ඔයා කියන දේත් ඇත්තක් තියනවා.කොහොමත් ස්තුතුයි කමෙන්ටුවට

    ReplyDelete