Tuesday, August 16, 2011

ඒක ලොකු හන්දයි මේ ගානට....(මම අනුරාධපුරයෙ 4)

අනුරාධපුරේදි අප ගෙව්වෙ තනිකරම වාගෙ ස්වයංපෝෂිත ජීවන රටාවකි.
සදුදා ගෙදර ඉදන් පුරෙට යන අපෙ හවස කාලය ගෙවෙන්නෙ සතියට අවශ්‍ය බඩු බාහිර ආදිය ගෙන ඒම පිනිස යන කඩ රවුමෙ නොහොත් ෂොපින් කිරීමෙනි.
මොනවද බං ගන්න වෙජිටබල්..තරන්ගත් මාගෙන් අහනා ප්‍රශ්නය..
ම්ම්ම් තක්කාලි ගමුද.
අපෝ බැ..තක්කාලි හොද නැලු බං..
ඒ මොකද...;
ජමිනෙෂන් බහිනවාලු..පිරිමින්ට කන්න හොදනැ..
තක්කාලි බටු වලට ඔහුගෙ තිබුනේ මේ උත්තරයමයි.මැන් තක්කාලි බටු කැමට කිසිසේත් ප්‍රිය කරන්නෙ නැ..
ඉතින් අපෙ ෂොපින් කෙරුවාවත් අතරමග නතර වෙනව.මොකද මැන් කන්න කැමැති දේවල් උයන්න දන්නේත් නැ.
කොහොමත් උයනව කියන එක ඒකාලේ නම් ගේමක් නෙවෙ.තුන පහෙන් මට ඔනා වෙන්නෙ තුන විතරයි.
ඒක තමා අපෙ ඇනෙක්ස් ජීවිතෙ උනෙ.
ජොබ් එකේ වැඩ අඩු කාලෙට මාගෙ ප්‍රියතම විනෝදාංශය වලින් එකක් උනෙ පුරේ වටේ රවුමක් යන එක.අනිත් එක නම් ඉතින් හොදට නිදාගන්න එක.නිදාගන්න මටනම් උදෙ,දවල් රැ කියල කිසි බේදයක් නැ
දෙයියන්ගෙ පිහිටෙන් තාමත් ඒ හැකියාවනම් තියනවා.
අනුරාධපුරෙ රවුම් ගහන මං නවතින ස්ථාන අතරින් ප්‍රධාන තැන් වන්නෙ රුවන්වැලි සැය,තිසා වැව වාගෙ ස්ථාන.කවුරු හො යාලුවෙක් එක්ක හවස 4 ට වාගෙ පිටත් වන මන් රුවන්වැලි සැය ලග ඉදගෙන පාමුල සිට කොත්කැරැල්ල දක්වා ඔහෙ බාලන ඉන්න එක විනෝදාන්ශයක් විය.
සමහර වේලාවට සියල්ල අමතක වි ඉස්සර කාලෙ දාගැබ හදන මිනිස්සු මැවි මැවි පේනවා.
වැරැහැලි උනු අමුඩයක් ඇදගත්ත උඩුකය නිරාවරනය වු මහා කලු මිනිස්සු ඒ මේ අත ඇවිදින අයුරුත් ඔවුන් යුහුසුලුව වැඩ කරන අයුරුත් මා හට මැවි මැවි පේනවා
රුවන්වැලි සැය වටා තියෙන මල්,හදුන්කූරු සුවෙදුනුත් ඒ වාගෙම දැල්වෙන පහන් වල තෙල් සුවදත් මගෙ නාසායෙ සිට ඉස්මොල්ල දක්වාම දැනෙන තුරු මා එහි නතර වී සිටිනවා..
තිසා වැව ලගට ගියොත් නම් ඉර බහින තුරුම ඒ අසල නැවතිලා බලාන ඉන්නෙ ලා ඉර එලිය වැ වතුරට වැටිලා හදන රටා දිහා බලා ඉන්න තියන අසාවටයි,වැවලගින් ඇගට දැයෙන සීතල සුළගටයි තියෙන පෙරේත්කමටමයි..
ලා ඉර එළිය වැවෙ වතුරට වැටෙද්දි වැවෙ වතුර ලා තැඹිලි පාට වෙනවා.ඒත් එක්කම එන මද හුලගට ආයෙත් ඒ වතුර තාලෙට නටද්දි දෙන්නෙ මාරම සිරා හැඩතලයක්..
ඒහා මෙහා ඇත පෙනෙන නොපෙනෙන තරම් වු ඒ මහා ජලකද කී දෙනෙකුගෙ සිත සනසනවද?පිපාසය නිවනවද?ඒ වාගේම නොයෙක් අකාරයෙන් බඩ පුරවනවද?..
දවසක් තිසා වැව ලගට ගිය මායි මාගෙ තවත් මිත්‍රයෙකුයි වැව අයිනෙ තිබ්බ ගහක් ලග බයික් එක නවත්තගෙන ඔහේ කයියක් දාගෙන හිටියා..
පැයක් වාගෙ කතාව දාගෙන හිටපු නිසා මට හිතුනා මොනව හරි කැවොත් හොදයි කියල..
ටිකක් වට පිට බැලුවා........
අහ්..අර ඉන්නෙ වඩෙ විකුනන පොරක්..මන් පොර ලගට ගියා..
පොරගෙ වඩෙ විකුනන ඇවිදින කඩේ හිස් වී ගෙන එන වෙලාව..තවත් පරිප්පු වඩේ වගයකුයි.,උදුවඩෙ වගයකුයි ඉතිරිව තිබ්බා..
එතෙන්න ගිය මට හිතුනෙ
උදුවඩයක් කමු නේද කියන එකයි..
අයියා.....මට වඩෙ 4ක් දෙන්න..
ඔය මිරිස් වලිනුත් දාලා දෙන්න..
වඩේ විකුණන අය වඩෙ ගෙඩියෙන් බාගයක් වෙන්න දෙකට කපලා මැදට මිරිස් පෙස්ට් එකක් දාල දෙන්නෙ.එතකොට තමා වඩෙ එකේ නියම ටෙස්ට් එක එන්නෙ..
අහ්,.. මෙන්න ඔයාගෙ වඩේ..
එතකොට ගාන කියද..මන් ඇහුවා..
රුපියල් 40 යි නෙ..
ඇ...මොනවා මේ ගිය සතියෙ තිබ්බෙ වඩයක් රුපියල් 5ට..ඒකටත් කෙලවිලා වාගෙ..මන් තනියම හිතුවා..
ගාන වැඩි උනාද උදු වඩේ වලත්..
ඔව් වැඩි වුනානෙ..නැත්තම් අතිනුත් පාඩුයි අපට..
බොහො උදුවඩේ වල වාගෙම මෙකෙත් මැද හිලක් තියන්වා..
ම්ම්ම් මන් අහල නම් තියෙන්නෙ ලාබ බඩුවෙ හිලක් කියලා.ඒත් මෙච්චර ලොකු හිලක් තිබ්බත් අයියාගෙ වඩේ එක ගනන් ගියානේද?....කියමින් මා සල්ලි දුන්නේය..
ෆුට් සයිකලයක බ්‍රෙක් පලු දෙකක් වාගෙ වු තොල් සගල විලිස්සා කහපාට දත් දෙක එලියට දාලා හිනාවිගෙන මට ඉතුරු සල්ලි දෙන ගමන්ම අයියා කිවේ
හිල ලොකු හින්ද තමා ඔච්චරවත් අඩුගානට දෙන්න පුලුවන්..හිලපොඩි නම් ඉතින් තවත් ගාන වැඩිවෙනවා..
ඒත් එක්කම ආපු කොල් එකක් හින්දා ඉක්මනටම බෝඩිමට එන්න වුනා..




7 comments:

  1. මමත් ආසම තැනක් තමා රුවන්වැලිසෑය. හවස වෙලාවක ගිහින් වාඩිවෙලා ඉන්න පැත්තකට වෙලා. හිතර මාරම සනීපයක් දැනෙන්නෙ.හිටපු ගමන් මමත් යනව.

    කොහෙයැ ඔය බෝඩිම තිබ්බෙ?

    ReplyDelete
  2. http://galaayanajeevithaya.blogspot.com/2011/04/blog-post_22.html

    මේ තියෙන්නෙ මම් එහෙම ගිහින් රුවන් වැලිසෑයෙදී ගත්ත පින්තූර ටිකක්.සමාවෙන්න ලින්ක් එක දැම්මට.

    ReplyDelete
  3. උදු වඩේ වලට මං නම් පට්ට ආසයි...කෙලත් ඉනුවා..

    ReplyDelete
  4. මමත් කාලෙකින් රුවන්වැලි සෑය වැදපුදාගෙන නෑ. අපට ඉතින් ගොඩක් දුරයි නේ.නිවාඩු පාඩුවේ වෙලාවක යන්න ඕනා.

    ඇත්තටම නදී අක්කා කිව්වත් වගේ කොහෙදෑ ඔය බෝඩිම තියෙන්නේ ? මමත් කාලයක් බෝඩිමක හිටියා. අම්මෝ බෝඩිම් ජීවිතය මාරම කට්ටක් නේ. හොද වෙලාවට මට මාසෙකට වඩා බෝඩිම් වෙන්න උනේ නෑ.

    ReplyDelete
  5. @නදී& මධු..
    බෝඩිම තියන තැන ඊලග පොස්ට් එකෙ කියනවා.
    @මධු:තුති වේවා ආවට..
    @අසනි:ඔයා අසා නැති කැමක් තියනවද ඇත්තට ඇ??
    හිහ් හි....

    ReplyDelete
  6. ඇන, තාර වලට උනත් සීනි ටිකක් දාලා දුනොත් සලකලා බලනවා...හික්ස්

    ReplyDelete
  7. උඳු වඩේ එල කෑමක්.. ඔය පුරේ පැත්තේ ළඟදි ආවේ නෑ , දාන්න ඕනේ කට්ටියට යෝජනාවක්..

    ReplyDelete