ආදරණීය අම්මාගෙ උනුසුම් තේ කෝප්පයක මෙන්ම,
රසවත් බත් පිගානක රස බලන්න..
තාත්තාගෙ ජයග්‍රාහි සිනා දකින්න..
පොල් රුප්පාවෙ ගස් අස්සෙ..කන්දෙ ගල් ගානෙ ඇවිදින්න..
දැදුරු ඔයේ නාන්න..
"කරුමෙ"ගෙ ආදරණීය සිනහා දකින්න...
එයාගෙ දිලිසෙන ඇස් දෙක දිහා බලාන ඉන්න
කෝච්චියෙ ගමනක් යන්න..
ඒ
විතරක් නෙමෙ....
අර රේල් පාරට එහා පැත්තෙ කුඹුරු යාය මැද්දේ තියෙන
තඩි දන් ගහ යට හෙවනෙ..
කඩල ඇටයක් කකා යාලුවොත් එක්ක ගල්පැන් ටිකක් රස බලන්න..
ඊට පස්සෙ වෙල්යායට පහලින් තියෙන අැලේ බැහැලා
ඇගේ ගිනියම අඩුවෙනකන් පාවි පාවි ඉන්න
ඔන්න මන් යනව මාගෙ රට,ගම බලා
කෝ මෙ ටිකට් එක..
දැන් මෙලහටත් කොන්දා ගැ ගහනව ඇති
මාලෙ ..කලම්බු...,මාලෙ කලම්බු..
මග නැ මාලේ කලම්බු ........
කියාන,අර වාත බස් එකෙ දොර ලගට වෙලා..
එහෙනම් මාත් ඔන්න බ්ලොග් එක ලැප් එකෙ අකුලන් යනෝ.....
පොඩ්ඩක් හිටපියෝ....,මන් එනෝ....
