Sunday, July 31, 2011

අපේ කෙල්ලන්ට ලියමි..

බදාදා කියන්නෙ මගෙ නිවාඩු දවස.සිංහලෙන් කීවොත් ඩෙ ඔෆ් එක.ඒත් පසුගිය බදාදා පොඩි උවවනාවකට හදිස්සියෙම ඔෆීස් එකට යන්න උනා.ගිය වැඩෙ කරගෙන ඉවර වෙනකොටම වාගෙ දැක්කෙ ඔෆීස් එකෙ කෙලවරෙම ඉන්න "චාලියා".
ආමාශයම පෙනෙන්නට හීනා වීගෙන ඉන්න "චාලියා"දැක්කාම හිතුනා පොඩ්ඩක් ගිහින් කතාකරලා එන්න..
ආහ්....මොකද මෙ පැත්තෙ..චාලි එහෙම අහනකොට මං පොරගෙ මෙසෙ ලග තිබ්බ පුටුවෙන් ඉදගත්තා..
නිකන් ඇවිත් යන්න ආවා..උබලා මෙහෙ ඉදන් අයිස් ගහනවද දන්නැනෙ..ඒවත් දැන් මටම බලන්න වෙලානෙ තියෙන්නෙ..කියමින් මා කතාවට මුලපිරුවත්..
එක පාරටම කෙනෙක් අපි දිහා බලා ගස්සගෙන යනව දැක්කා..
ඒ කව්ද මේ...මන් ඇහුවා..
සිZනා නේද.චාලි ඉතමත් අසාවෙන් උත්තර දුන්නා.
ඒ ඒකි අද වැඩද බන්...මා ඇසුවෙ ඇත්තටම පුදුමෙන්..
ඔව් බන්...පිස්සි....කියමින් චාලි උත්තර දුන්නා...
මෙහෙත් මහ පුදුම මගුල් තියෙන්නෙ නේ බන්..
මට නිකන්ම කියවුනා......
ඔව් බන්....මුන්ට පිස්සු..අයෙත් චාලිය කීවා....
සීZනා කියන්නෙ වයස අවුරුදු 17ක් වෙද්දි අපෙ ඔෆිස් එකට ඇවිල්ලා රාජකාරිය ඇරඹු කෙල්ලක්..වයසට වඩා මුහුකුරා ගිහින් ඇති බව පේන්නෙ දෙන් වැඩ ටික නියමෙටම කරන හිනදා..ඒ වගෙම හැඩයෙනුත් කටකාර කමෙනුත් අඩුවක් පේන්න නැහැ.
ඒක නිසාඅම බොහො දෙනෙක් ඇ වෙත බැල්මක් දැම්මෙ නැ කීවොත් මන් වැරදියි.
මේ පසුගිය බදාදා කියන්නෙ ජුලි 27නෙ..ඉතින් මේ කටකාර,හැඩකාර කෙල්ලගෙ වෙඩිම තිබ්බෙ කවද්ද කියලා ඇහුවොත් බලන ඔයාලා පුදුම වෙයි..
ඒ තමා ඊට පහුවදා..,ඒ කියන්නෙ ජුලි 28.....
කාටද යකො පුදුම හිතෙන් නැත්තෙ...තමන්ගෙ වෙඩිමට ඉස්සරල දවසෙ වැඩ කරා කීවාම....
ඒත් මිත්‍ර වරුනි මෙ ඇත්ත කතාවක්.....
ලංකාවෙ කෙල්ලො නම්....,
වෙඩිමට මාස 6කට කලින් ඇදුම් ගන්න පොරේ...වෙඩිමට වෙනම,ගොයින් අ වෙ එකට වෙනම,ෆොටො ගහන්න වෙනම.....අම්මෝ......මොනතරම් කරදරයක්ද අර බදින්න ඉන්න කොලුවට තියෙන්නෙ..
ඊට පස්සෙ ෆේෂල් කරනවා කිය කියා රටේම තියන ක්‍රිම් වර්ග මුනෙ උලාගෙන නටන නැටුම්...
බලන් ඉන්න අපිට පිස්සු හැදෙනවා...හැදිලා හොද වෙනවා.....
ඇත්තටම සීZනා ඒ අතින් මොන තරම සැහැල්ලුද??????
වෙඩිම හෙට කියල අද වැඩ කරේ වෙඩිමෙන් පස්සෙ එන ජීවිතෙට ලැහැස්තිවෙනවා කියන එක පෙන්නමින්...
තමන්ගෙ මගුල් දිනය ජීවිතෙ එක පාරයි එන්නෙ කියන උදවිය එක්ක මන් එකගයි..කොහොමත් අපි ගෙවන දිනයක් අයෙ එන්නෙ නැ කියන එක හැමොම දන්නවනේ..ඉතින් මගුල් දවස විතරක් ආයෙ එයිද??..
වෙඩිමට ගිහින් ආපු චාලි කීවෙ එය හොදින් තිබු බවයි..ඒ ගැන වැඩි විස්තර චාලියා ටුනාලන්තෙට ලියයි...ඔයාලා බලන්නකො.....
ඒත් වෙඩිම තමන්ගෙ ජිවිතේ ලස්සනම දවස කරගන්න මාන බලන අපේ කෙලි ගැටිස්සියන්ට කියන්න තියෙන්නෙ......
වෙඩිම ඔයාලගෙ ජීවීතේ ලස්සනම දවස කරගන්න,.ඒත් ඒක වෙඩිමට ඉස්සරින් හරි පස්සෙ හරි ජීවීතය විදවන දවසක් කරගන්න එපාය කියන එකයි.

6 comments:

  1. හ්ම්ම් හොද උපදෙසක්

    ReplyDelete
  2. මටනම් හිතෙන්නේ අයියේ ලංකාවේ මංගල උත්සව වලට ඔය තරම්ම ගෑනු ලමයි මහන්සි වෙන්නේ..එකක් සම්මන්තයන් වගේම චාරිත්‍ර නිසා..අනිත් එක විවාහය කියන එක, මාලේ ගෑනු ලමයින්ට වඩා බැරෑරුම් විදියට ගන්න නිසා.. අනිත් එක තමයි අයියේ අපේ මිනිස්සු බලන් ඉන්නේ වැරැද්දක් දකින්න මිසක් හොදක් කියන්න නෙමේනේ..ඒ නිසා ඒ අපවාද වලින් ගැලවිමක් හදා ගන්නත් ඕනනේ..ඔන්න ඔය කාරනා ඔක්කොම හේතු කරගෙන,ගොඩක් වෙලාවට අපේ මංගල උත්සව සංකීර්න වෙනවා..

    ලංකාවේ ඉන්න කෙල්ලෝ හැටියට අපිත් කැමති සරල විදියට විවාහය නොවුනු ගානට..කරන්න පුලුවන්නම්...නමුත් ඒ හැම දේටම අපිට සම්මතයන් තියෙනවා..ඒ නිසාම මනමාලිට එදාට කලින් දවස නිදි වර්ජිත රැයක් බවටම පවා පත් වෙනවා..

    අනික ලංකවේ ගෑනු ලමයි විතරක් නෙමේ අයියේ..පිරිමි ලමයිනුත් පුදුම ලක ලෑස්තියක් වෙන්න ඕනා..උදාහරනයක් කිව්විත් ..මුල් ඇදුම අදීනවනන් ඒ සදහා පේ වීම ,පිරිත් කීම වගේ දේවල් පවා කරන්න ඕන..

    අනික අමතක කරන් එපා අයියේ ලන්කාවේ බහුතරේකට විවාහය කියනේ දික්කසාදේ පලමු පියවර නෙමේ.. "පවුල් දෙකක නැවත ඉපදිමක්.." එහෙම කියලා තියෙන සබ්බ සකල මනාව පූජා කරන්න කියනවා එහෙම නෙමේ ඕන්...මන් මේ කතා කරේ සරල බාවය රැක ගන්න බැරි වීම ගැන..

    මේ ගැන කතා කරනවට වඩා ඔයා ඒ අද්දෑකිම විදිද්දිම, එන්න පුලුවන් වුනොත් මන් ටොක්කක් ඇනලම කියන්නම්කෝ සහෝ..

    ReplyDelete
  3. ඔය රුකා අයියා කියලා තියෙන්නේ දික්කසාදයක පලමු පියවර කියන මගේ පෝස්ට් එකේ මම කියපු දොන් හියලා ගැනනේ. අනේ අසනි වැරදියට වටහා ගන්න එපා මාතෘකාව. එයාගේ විවාහය හොදට සිද්ධ වුනා වගේම පවුල් ජීවිතයත් හොදින් ගෙවේවි.
    රුකා අයියාගේ මගුල සහ අනාගතය පෝස්ට් එකටත් මම කිව්වේ මමත් කැමති චාම් විවාහයකට කියලානේ.

    අපේ චාරිත්‍ර ටිකක් වැඩියි කියන එක නම් ඇත්ත අසනි. ඒ වුනාට අනික් කාටවත් දෙවෙනි වෙන්නේ නැතුව විවාහ කරන්න අපේ ගෑනු ලමයින් හිතන එක නිසා තමා ඔය රුකා අයියා කියන විදිහට අපේ රටේ ගෑනු ලමයින් හැසිරෙනවා ඇත්තේ. අන්තිමේට විවාහය ඉවර වෙලා අවුරුද්දක් විතර ඒ දවස වෙනුවෙන් ගත්ත ණය ගෙව්වාම කොහොමද හොද පවුල් ජීවිතයක් ගත කරන්නේ.

    මම හෙට විතර කියන්නම්කෝ දොන් හියාලාගේ වෙඩිම ගැන....

    ReplyDelete
  4. අනේ නෑ චාලි අයියේ...මන් කිව්වේ මට හිතුනු දේ..අනේ විවේචනයක් නෙමේ.. මම දන්න දේවලුත් එක්ක කිව්වේ..

    ඇත්තටම සරල විවාහයක් කියන්නේ ලාංකීය කෙල්ලෙක්ට කරන්න බැරි දෙයක්...

    හිතන්න පෝරුවක්,ඇදුම්,ආභරණ,කෑම බීම..මේ ටිකවත් අවම වශයෙන් නැතුව..විවාහයක් නෑනේ ලංකාවේ..කොහොමද ඔය ටිකටම බිල..

    අවාසනාවට වගේ අපේ චාම් වීවාහයක වුනත් වියදම ලක්ෂ දෙක තුනක්..වෙනවා..මොකද ඒ තරම් අත්‍යාවශ දේවල් අපිට අපේ චාරිත්‍ර විධි,සම්මතයන්ගෙන් ලැබිලා..

    හිතින් අහල බලන්න ඔයාගේ සදවතියත්..මනමාලියෙක් වෙලා ලස්සනක් නෙලුම් මලක් වගේ ඔයා ඉස්සරහට එනවට ඔයගේ යටි හිතේ හරි හීනයක් ඇති..

    මොකද ඒ අපි විවාහයක් කියලා දැකල තියෙන්නේ ඒ දේම නිසා..කොටින්ම මාත් කැමති දොන් හියාල වගේ සරල වෙන්න ඒත්..???

    අපේ හිත් කොටු කරලා අයියේ..මේ සම්මතයන්..අකමැත්තෙන් යන දීගෙක වුනත්..මනමාලියෙක් වෙලා හැඩට යන්නයි අපේ රටේ හැම කෙල්ලෙක්ගෙම හීනේ..ඒකට නාස්තිය..කියලා පටු නිර්වචනයක් දෙන් එපා..පව් අයියේ අපේ කෙල්ලෝ..

    ReplyDelete
  5. @ අසනි
    මන් 100% ශ්‍රිලාංකියි.මාගේ ජාතිය,ආගම මෙන්ම් පණ නලද ශ්‍රි ලාංකිකයි..,මා පරදේශි කෙල්ලන්ට කත් ඇදීමක් නොවේ මෙ..
    ලංකාවෙ සංස්ක්‍ෘතියට මෙන්ම පරිසරයටද මා මහත් ඇලුම් කරයි,ඒත් මා කැමති සරල ජීවීතයකටයි.ඔයාගෙ ටොක්ක කෙසෙවෙතත් පැමිණිම අපෙක්ෂා කරමි.එන්නම වෙයි හැබයි..
    ලන්කාවෙ වෙඩිමක් තුල එදා සහ අද සංස්කෘතිය පස්සෙ කතා කරමු....
    @චාලි:හැමදාම එන උබට තුති,ඒ වාගෙම කෙල්ලන්ගෙ මොලෙ පැදෙන්න දෙයක් දැම්මට.
    @නදි:ඇවිත් ගියාට ස්තුතියි

    ReplyDelete
  6. @Ruka
    මන් දන්නාවා අයියේ..ඔයා ගමට ඇලුම් කරන අපේ ලාංකිය උණුසුම අගය කරන කෙනෙක් කියලා..ඒකට මගේ නොමද ගෞරවේ මන් කලින් ලිපි වලදි දීලා තියෙනවා..කත් ඇදිමක් නෙමේ සහෝ..මන් පෙන්නුම් කරන්න ගියේ..අපේ සරල බව වියැකෙන්න හේතු.මන් පැදිලිවම සටහනක් තිබ්බ තියෙන තුට්ටු දෙක විදම් කරන්න කියන එක නෙමේ මේ කියන්නේ කියලා.හුදෙක්ම උත්සහයක නිරත උනේ ලංකාවේ කෙල්ලන්න් මේ තරම්ම මගුලක් වෙනුවෙන් මැරෙන්නේ ඇයි කියලා කියන්න..මොකද ඔය කුලකය තුල මන් ඉන්න නිසාත්.. පරිසයෙන් ඇති වෙන බලපෑම් මන් අත් විදින නිසාත්..සරල බව වියකෙලා යන හැටි ඇස් දෙකෙන් දකින නිසාත් මන් හිතුවා ඒ ගැන කතා කරන්න..විවේචිකාවක් නොවෙයි මන්.. ඔයාලගේ සහෝදරියක් මෙන්ම රසවිදින්නියක් පමණයි..හිත රිදුනනන් ඉතින් ඔයාගේ නංගියට සමාව දෙන්නකෝ...ඕන්...

    ඔයාගේ වෙඩිමට මන් එන් නැතුව ඉන්නවද අනේ...ටොක්ක නම් ෂුවර්..හික්ස්

    @චාලී
    කියන් නෑ පාර සරා සද හොයා ගන්න..ඉන්නවකෝ..

    ReplyDelete