Sunday, July 31, 2011

රාමදාන් සද බලන්න එන්න ෆාතිමා........



කන්න දෙයක් ඉල්ලා පාරෙ හිගාකන මිනිසුන් කොච්චරද?...........

මහා ධනවතාගෙ සිට දුගියා දක්වාම වු සැමොගෙම ජීවිතයෙ ප්‍රධාන අරමුන වන්නෙ කුසට අහරක් ලබා ගැනිමය.ඒත් සමහර දෙනෙක්ට එයද හිමි වන්නෙ දවසටම එක පාරකි...ඒත් සමහරුන් කැමක් නැතිව කොපමණ කාලයක් ඉන්නවාද?
"නෝම්බි" නැතහොත් රාමදාන් මාසය තව පැය කිහිපකින් එලඹිමට නියමිතව ඇත..

ඉතින් මේ එලබෙනන ශුද්ධ වු රාමසාන් මාසයේ ලොව පුරා දහස් ගණනින් වු මුස්ලිම් බැතිමත්හු නිරාහාරව,මෙන්ම තම ආගමට මුල්තැන දෙමින් කාලය ගත කිරීම සිදුවෙයි..

නිරාහාරව ඉදිමින් ජීවිතයෙ දුක උරුම උන්ගෙ දුක තෙරුම් ගැනිම උදෙසා මහා ධනවතාගෙ පටන් සැවොම එක්වි රාමදාන් මාසයෙ නිරාහාරව ඉදියි..

මෙ කාල පරිච්ඡයෙදි මුස්ලිම් බැතිමතුන් අහාරයක් උගුරෙන් පහලට ගැනිමට තහනම්ය(මා කියන්නෙ දිනයෙ නිරාහාර සිටිමට පටන් ගත් පැයෙ සිට ආගමික වතාවත් අනුව නැවත ඔවුන් අහාර ගන්නා පැය තෙක් කාලය තුල.)ඒ විතරක් නොව,මෙ කාලය තුල තම සහකරු සමග ලිංගිකව හැසිරිම යන කාරනාද,අඩුම තරමෙ එවැනි දෙ පිලිබදව සිතීම පවා තහනම්ය.ඒක නිසාවට මෙ මාසය .මෙ පිලිබද වු පනිවිඩය ලෝක වාසි මුස්ලිම් ජනතාව දැනගැනිමත් සමග ඔවුන්ද රාමදාන් මාසය අරඹයි.(ඉහත රුපයෙ පෙනෙනෙ රමදාන් සද රට ඉදි ගස් උඩින් පෙනෙන අයුරුය.)

මේ අරබන මාසය තුල,දිනයෙ නියමිශුද්ධ වු මාසය ලෙස නම් කර ඇත.
ඉස්ලාම් දින දර්ශනයෙ 9 වැනි මාසය රාමදන් මාසය ලෙස හදුන්වන අතර,සද දැකිමෙන් පසු ඔවුන් රමදාන් මාසය අරඹයිත කාලය තුල ආගමික වතාවත් කිරීමත්,කුරාණය කියවීමත්,සමහරුන් හජ්" වන්දනාවෙ යෙදිමත් සිදුකරණු ලබයි.
වැඩුණු නීරොගි ශිරුරක් ඇති යව්වනයාගේ පටන් නිරෝගි සැම දෙනෙක්ම මෙ කාලය තුල නිරාහාරව සිටියි.ගැහැණුන් තම ඔසප් දිනයන් හි නිරාහාරව සිටිය නොහැක.එය ඉස්ලාම නිතීයෙන්ම තහනම් බව දැනගන්නට ඇත.
මේ කාලය තුල ඉතා ප්‍රසිද්ධ අහාර වන්නේ,කොමඩු පානයත්,රට ඉදිත්ය.නිරාහාරව සිටිමෙන් පසු උදාවන අහාර ගැනිම සදහා වු කාලය මොවුන් ආරම්ඹ කරන්නෙ කොමොඩු යුෂ පානයත් සමගය.
ඉතින් ෆාතිමාලා, ශිෆානලා,මොහොමඩ්ලා,අබ්දුල්ලලා යන සැම කෙනෙක්ම මෙ එලඹෙන ජුලී 31 හො අගෝස්තු 1 වෙනිදා සද දැකිමෙන් අනතුරුව රමදාන් අරඹනු නිසැකමානය
මුස්ලිම් රටක සේවය කරන මා හට රාමදාන් සදහා ඔවුන් ලහි ලහියෙ සුදානම් වන ආකාරය පේනවා..ඉතින් ඒ හින්දා මෙ වැනි පොස්ට් එකක් දාන්න හිතුණා
..

2 comments:

  1. එක හුස්මට කියලා ඉවර කරා.. කොච්චර ලොකු කැපවීමක්ද නේද..
    රමලාන් හද හුල්මාලේ අහසේ දිදුලන හැටි බලන්න තිබ්බානම් කොච්චර හොදද හිතුනා..

    ReplyDelete
  2. ඒ කට්ටිය මෙච්චර් කැප කිරීමක් කරනවා කියලානම් මම දැනගෙන හිටියේ නැහැ නේ, :o

    ReplyDelete