Sunday, December 23, 2012

යකෝ තේ ගෙනාපිය..


ආයෙත් හිතුනා චුටි චුටි කතා කැලි ටිකක් ලියන්න..

සමනළයා

ඔන්න කට්ටිය පුරෝගත්තු බස් එකක් ගමන ආරම්බ කර යන්න පටන් ගත්තලු.ටිකක් දුර යද්දින් එක්තරා මගියෙක් කොන්දොස්තරට කැ ගසනාවලු
අනේ කොන්දොස්තර මහත්තයෝ...ඔයාවත් මට උදව් කරන්න කියනවලු
කොන්දොස්තර තැනත් මගියගේ කතාවට ඇහුම් කන් දීලා ඇසුවලු මොකක් ද මේ ප්‍රශ්නේ කියලා..


මට මේ මනුස්සයා හොදටම බනිනව.කියා මගියා තවත් මගියෙක්ව පෙන්නුවලු
ඊට පස්සේ කොන්දොස්තර ඇහුවලු..මොනව කියලද බනින්නේ කියල
එක එක දේවල් කියලා බනිනව කීවලු
බල්ලා..,මී හරකා කිය කිය බනිනව කීවලු
එහෙනම් ඉතින් තමුනුත් සතෙක් ගෙ නමක් කියලා  බනිනවා.. කීවලු
බැනුම් ඇසු මගියා ටිකක් කල්පනා කලාලු
එක පාරටම ඔහු ඔහුට බැනු මගියා දෙස හැරි...
සම..නළයා...කීවලු..

කැමට පෙර


දවසක් මන් රැ කැමට කැන්ටිමට යන්න ලැස්ති වෙලා කමරෙන් එලියට එද්දිම එහා කාමරේ ඉන්න සුරා කාමරේ දොර ලග
දොර අරිනගමන් සුරා මා දිහා බලලා

කන්න ඉස්සෙල්ලා මොනව හරි කරනවද?කියලා ඇහුවා

මාත් බැලුවා කැමට ඉස්සෙල්ලා කියන්නේ ෂොට් එකක් දාන්න වෙන්නැති නෙ කියලා
හ්ම්.......කිවා.
මොනවද තියෙන්නේ?...
අරු එදා ගෙනාපු එකෙන් තව ටිකක් ඉතුරු වෙලා තියනව..සුරා කීවා
නියමයි නේ.. මට නිකන්ම හිතුනා
ඒත් එදා ගෙනාපු දෙකම ඉවර උනානේ..
නැ..නැ..තව තියනවා...සුරා කීවා
මොනවද?
මිරිස් කුඩු,ගොරකා.,
මොකාක්..මන් අහද්දින්
මන් කිවේ අරු ලන්කාවෙන් එද්දින් ගෙනාපු පහේ ටිකක් ඉතුරු වෙලා තියනවා
කරියක් හදනවනම්......


යකෝ තේ ගෙනාපිය..

මල්ලි අපිට තේ 4ක් ගෙන්න..
මෙන්න වෙටර් කොලුවා උනුවතුර ටිකක් කොප්ප 4 කට දාලා හැදි 4 කුත් එක්ක ගෙනාවා

මේක දිහා හොදට බලපු කසියා...
යකො උනු වතුර නෙවේ තේ ගෙනාපිය..

මොනවද මේ හුනු බිජු වගේ බැග්..මෙව වැඩක් නැ..හොදට කහට දාපු තේ 4ක් ගෙනාපන්

(ටි බැග් ප්‍රොමොට් වෙන කාලේ උනු සිද්දියක්..)

ප්‍රශ්න...


ලොක්කා: මේ මාසෙ පඩි නම් ටිකක් පරක්කුයි,කමක් නැනේ
සේවක : හ්ම්..
ලොක්කා: ඒ කියන්නේ ඔයාට ප්‍රශ්නයක් නැනේ
සේවක  :නැ 
ලොක්කා: ඔයා නම් ප්‍රශ්න කියන ඒවා දන්නෙත් නැ වගේ..ශෝක් මනුස්සයෙක්
සේවක: ප්‍රශ්න කියන ඒවා දන්නවනම් මන් විබාගේ ෆේල් වෙන් නැනේ..





6 comments:

  1. ප්‍රශ්න කියන ඒවා දන්නවනම් මන් විබාගේ ෆේල් වෙන් නැනේ..

    අම්මපා උගේ කටේ මොනවාහරි දාන්න ඕන කියපු කතාවට xD

    ReplyDelete
  2. යකෝ මේ කුරුනෑගල කොල්ලෙක්නේ
    අදමයි ආවේ මේ පැත්තේ
    ජයවේවා දිගටම ලියමු

    ReplyDelete
  3. :) ලොක්කා කටට උත්තරේ දීලා අහල තියෙන්නෙ "හ්ම්"ට වඩා දෙයක් කියන්න නැති වෙන්න.
    අර ටී බෑග් අඳුන්නල දුන්නු කාලෙනම් සෑහෙන්න ප්‍රශ්න තමා. ඒ කාලෙ ඔහොම ටී බෑග්, සීනි වෙනම දෙන තේ එක ගණන් වැඩියි. මගෙ යාළුවෙක් හිටියා ඕකට බනින, යකෝ අපිම තේ එක හදාගෙන මුන්ට වැඩිපුර ගෙවන්නත් ඕනද කියලා.

    ReplyDelete
  4. තැන්කු වෙවා කොමෙන්ට් දාපු අයට

    ReplyDelete