Tuesday, October 30, 2012

චතු වෙනුවෙන් ගෙතු ගී.....

නෙත් කෙවෙනි අකුණු සර කරලා.
සිනහ හඩ ගෙරවුමට පෙරලා
උබ පැතු නෙත් ලග...
ඇයිද මහ වරුසා වැට්ටුවෙ.......
චතු............../

සිනහා නෙතු ලග සිත සෙනේ පිරුවා...
ලගම ඉන්නට මා පෙරුම් පිරුවා...
හිනහිලා  සැනසිලා...
ඉන්න ඔබ ලග ඉඩ නැතිද  චතු...

කාසි බාගය අඩුව ඇති හන්දා
තනිය මා හට උරුම කර රන්දා
මනාලි හැඩ වෙලා.....
යද්දි ආසිරි එක සිතින් පැතුවා.../

එයා හිනැහිද්දින් හරිම ලස්සනයි මචන්..ගොඩාක් කෙල්ලො හිනා වෙනව වගේ නෙමෙ..
හරිම ලස්සන කට හඩක්..
අනික හිනා වෙන වෙලාවට ඇස් දෙක දිලිසෙනවා..
හ්ම්..........
මට තාමත් මතක් වෙනව බන්..
මාත් එක්ක ලග හිටපු හැටි..

ඇත්තමයි මන් හිතුවෙ නැ මට වරදියි කියලා..

අපෝ....අපි හිතපු දෙවල්..අපි ගිය දුර...



ඔන්න වෙලාවකට අපි මතක් කරනව  ...අපි බැදලා ළමයි ඉන්නවා...
එයා හැමදාම ආසා උනෙ මන් වගේම සුදුවට ඉන්න කොල්ලෙකුට...
මන් එකෙ අනිත් පැත්ත...මන් ආසා උනෙ චුටි කෙල්ලෙකුට..
මන් හිතුවෙ එයා වගේම ඔහෙ දොඩව,දොඩව ඉන්න..චුටී කෙල්ලෙක් හිටියොත් හොදයි කියලා..
ඊට පස්සෙ දෙන්නම කැමති උනා ජාති දෙකෙන්ම දෙන්නෙක් හිටියොත් හොදයි කියලා..

එයා හැමදාමත් කිවේ ළමයි බැන්දාම එයාලට එයාලගෙ පාඩුවෙ ඉන්න දිලා අපි වෙනම ඉමුයි කියලා..
සමහර දවස් වලට මන් හිනෙනුත් දැකලා තියනවා..
අපි වයසට ගිහින්..,එත් ආදරෙන් ඉන්නවා..
එයා මට බත් කවනවා..මන් එයාට උයන්න උදව් කරනවා..
අනේ මන්දා...
ජිවිතේ හැටි..ඒ හිත කොහොම වෙනස් උනාද මන්දා බන්..
මට දැන් හිතෙනවා මේ තනිය හොදයි කියලා..

මට කියා ගන්න ඔන වෙලා තිබ්බ එකම දෙයත් මන් එයාගෙ මගුලට කලින් දවසක හම්බෙලා කීවා..

"මොනම විදිහකින් හරි එයා මෙ ලොකෙ තනි උනොත්..මන් ලගට එන්න..
ඔයා ඉන්න තත්වෙන් මන් ඔයාව බාරගන්නව..
එත් හිතින් මන් බාරගන්නේ මන් එක්ක හිටපු චුටි කෙල්ල විදිහට..
අපි නැවතුනු තැන ඉදන් යමු.."


ඒත්...එකිට එහෙම දෙයක් වෙන්න කියලා මන් හිතන් නැ..
එහෙම දෙයක් වෙලා මන් ලගට එයි කියලා බලාන ඉන්නේත් නැ

මන් මේ තනියත් එක්ක බලාන ඉන්නේ එයා හොදින් ලස්සනට මෙ ලොකේ හොද බිරිදක් වෙලා ඉන්නව..

(සංවෙදි හඩකින් ඇහුනු සත්‍ය කතාවකී)

4 comments:

  1. මම මේ ලිපිය කොපි කරගෙන ප්‍රින්ට් කර ගන්නවා.

    ReplyDelete
    Replies
    1. හොදයි නම්......,මගෙ තරහක් නැතුවා..

      Delete
    2. හොඳයි නේන්නම්... :)

      Delete
  2. මමත් ප්‍රින්ට් කරගන්නවා ඔව්

    ReplyDelete