Monday, March 5, 2012

නැන්දයි මායි...දියනැම අනතුරුදායකයි..

චුටි කතා ටිකක් ලියන්න තමා මෙ ලැස්තිය.මෙව අවුරුදු 10කට කලින් වාගෙ උනු දේවල්.සමහර අයට මෙවා ගැන වැටහීමක් නැතිවෙයිද මන්දා.මොකද සමහර වචන සමහර පැතිවල වෙනස් විදිහට බාවිතා කරන නිසා.කමක් නැ .ලියන්නම් කො..

කුරුණැගලට 2ක් ජෙෂ්ඨතුමණි

මේ මම ඩිප්ලොමා එක කරන කාලෙ උනු ශිද්ධි ටිකක්.කොහාට උනත් ඉස්සරෝම ගියාම රැග් එකනෙ.ඒ කාලේ අපිට රැග් කරන කාලෙ.ඉස්සරින් බැච් එකෙ උන් මොකක් හරි අහපුවාම දෙන උත්තරේට හැම වචනෙකටම වාගෙ අගට ජෙෂ්ඨ උත්තමයාණනි කියන්න ඔනේ.නැත්තම් ඒකටත් පෝරියල් තමා.ඉතින් ඔන්න රැග ඉවර උනා.රැග ඉවරවෙනකන්ම ගෙදර යන්න දුන්නෙත් නැ.රැග ඉවරවෙලා ගෙදර එන්න හිටියේ මගෙ යලුවෙක්.පොරත් කුරුණැගලම තමා.මාත් පොරට මගෙ ගාන දීලා කිවා "උඹම ටිකට් ගනින් කියලා".බස් එකට නැග්ගා.කොන්දාත් ආවා කැගහගෙන.
නැගපු අය ටිකට් ගන්න..(මොනව නැගලද කිවේ නම් නෑ).ඔන්න අරු සල්ලි දුන්නා.
කොන්දා ඇහුවෙ මෙ කොහාටද...
කුරුණැගලට 2ක් ජෙෂඨ උත්තමයාණනි..මගෙ යාලුවා කිවේ පුරුදු විදිහට.

නැන්දයි මායි...

මෙකත් ඩිප්ලෝමාව කරන කාලෙමයි..
එදා මාතලේ කොටාල ගෙදර යන්න අපෙ බැචියෙක් ගිහින්.පොර ප්‍රබාත්.ප්‍රබාගෙ කාඩ් එක හෙවත් නික් නෙම් එක උනෙ නැන්දා.ඉතින් කොටා බස් එකට නැගල ප්‍රබාට කීවලු.
නැන්දා,උඹ අපෙ ගෙදර යන නිසා මන් උඹට ටිකට් ගන්නම් කියලා.කොහොම හරි කොන්දගෙ කැගැහිල්ලට ප්‍රබා ටිකක් කොටාගෙන් ඇතට ගිහින්.
අහ්..ඔයලා ටිකට් ගන්න..
නැන්දයි මායි..මාතලේට..
කෝ නැන්දා.කව්ද කියල පෙන්නන්න..
අර..අර ඉන්නේ කියමින් කොටා ප්‍රබාව පෙන්නුවලු.ඒත් එක්කම කොන්ද එතන හිටපු ගැනු කෙනෙක් පෙන්නල ඇහුවලු "අරයද" කියලා.
කොටා තක්කු බුත වෙද්දිම අර ගැනු කෙනා කීවලු."මේ මොන පිස්සෙක්ද..මම ඔකගෙ නැන්ද නෙමෙ"..

දියනැම අනතුරුදායකයි..

අපේ බැච් එකේ එකෙක් හිටියා නැමට ඉතා අලසකමක් තිබ්බේ.මොනතරම් රස්නය තිබ්බත් නාන්න හරිම අකමැතියි.දවසක් නිවාඩු පාඩුවෙ ඉන්නකොට මන් ඇහුවා අද නාමු නේ බන් කියලා.ඒත් එච්චර කැමැත්තක් තිබ්බේ නැ..ඊට පස්සෙ මන් ඇහුවා
ඇයි උබ මේ නාන්නෙ නැත්තේ කියලා.
පොර කියනවා...
මන් පොඩිකාලේ ඉදන්ම දැක්කේ 'දිය නැම අනතුරු දායකයි',"දිය රකුසාගෙන් උබෙ ජීවිතය බේරාගන්න"කියල තියෙන බෝඩ්.ඒක නිසා මන් ඒ කාලෙ හිතුවා නාලා මැරෙන්නෙ මොකටදැ කියල.
තාමත් මට තියෙන්නෙ ඒ පුරුද්ද බන්..
මන් ඇහුවා 'කොහෙද බන් ඔය බෝඩ් ගහලා තිබ්බෙ'
නැ බන්..අපි ඉස්කෝලෙ යන්නේ ටවුමට යන්නේ,තිසා වැව බන්ට් එක දිගේනෙ.ඉතින් ඔය බන්ට් එක දිගේ හැමතැනම ඔය වාගෙ බොඩ් ගහල තිබ්බෙ,ඒකයි මන් උදේට මුන හොදන්න ගියත් මූනයි කටයි විතරක් හෝදන් එන්නේ..

වී බුසලේ රවුන්දබොඩ් එක.

සෙනසුරාදට ලෙක්චර්ස් 12 ට ඉවරයි.ඉරිද නිවාඩු නිසා ගොඩාක් අය ගෙදර යනවා.ඒත් මායි,තඩියයි(ප්ලාස්ටර් නෙමෙ පුල්සාරි කීවේ) තව අපුරෙ එක්කුයි,කැකිරාවෙ වැලායි ගෙඩර ගියෙ නැ.පොඩි නින්දකුත් දාලා 4ට විතර තේ එකක් බිගේන පොඩි කතාවක් දැම්මා.

අපුරේ එකා ඇදල ගත්තා රවුන්දබොඩ් ගැන.
ලන්කවෙ වැඩියෙන්ම රවුන්දබෝඩ් තියෙන්නෙ අපේ පුරේ තමයි තියෙන්නේ.කතාව සම්මතයි.
ඊට පස්සෙ තඩියා ඇහුවා..හා එහෙනම් කියපල්ලා ලන්කාවෙ ලොකුම රවුන්දබෝඩ් එක තියෙන්නෙ කොහෙද කියලා.
කට්ටියම ඇ..හ්,ම්ම්.හ් කිය කිය හිටියට උත්තරයක් හොයාගන්න බැරි උනා.
මන් නම් දන් නෑ.උඹම කියපන්.එක එකා කියන්න පටන් ගත්තා..
දෙහිඅත්තකන්ඩියෙ බන්.මාර ලොකු රුඅවුන්දබොඩ් එක.
කොච්චරක් විතර ලොකුද බන්..වැලා ඇහුවා..
වු බුසලක් විතර ලොකුයි..
ඇ යකො වි බුසලක් එච්චර ලොකුද.වැලා කීවා.වැලාට මතක් උනේ කමතේ ඉස්සර වි මනින පෙට්ටිය.
ඒ උනාට තඩියා අදහස් කලේ බිත්තර වි බුසලක් ඉහින්න පුලුවන් වපසරියක විශාල කියන එක..
(මාත් දැකපු ලොකුම රවුන්දබෝඩ් එක ඒක තමා.ප්‍රෙමදාස ග්‍රවුන්ඩ් එක වාගේ.)


කන්න වාගේ හෙක්ටයාර් 5ක්

තඩියා ඉස්සරෝම පාර අපෙ ගෙදර ආපු දවසෙ අපෙ තාත්තත් එක්ක පොඩි චැට් එකක් දාගෙන හිටියා.
වගතුග අහල ඉවර උනාම තාත්තා ඇහුවා..
පුතාලට මින්නේරි වැවෙන්ද වතුර එන්නේ.
ඔව් අන්කල්
එහෙනම් කුඹුරු එහෙම කරනව ඇතිනේ.
අපේ අප්පච්චිනම් ටිකක් කරනවා.නිකන් ඔය කන්න වාගෙ හෙක්ටයාර් 5ක් විතර
එතකොට ගෙදර...අයියලා මල්ලිල..
නැ.මන් තනියම..

අඹෙපුස්සෙන් හරවපු හැටි.

අපේ හිටියා අපුරෙන් ආපු සුපිරි චරිතයක්.පොර ලාමක බොරු කියන්න හරි ප්‍රසිද්ධයි.දවසක් පොඩි කතාවක.ඒ කතාව අවසන් උනේ අනුරාදපුරේ ඉදන් කොලබට බස් එකකට කොච්චර වෙලා යනවද කියන ප්‍රශ්නෙන්.
ඪ්S එකක් නම් පැය 5යි.හැබැයි පුත්තලම් පාරෙන්.දඹුලු පාරෙන් ගියොත් තව පැයක් වැඩියි.පාදෙනිය හරහ ගියොත් පැය බාගයක් වැඩි වේයි.
ඒත් එක්කම මු කියපි.
මන් මචන් ඉන්ටසිටි එකක ගියා දවසක් පැය 2න්.
අම්මපා...මන් ඩ්‍රයිවර් ලග ඉදන් ගියේ.ඩැෂ්බොඩ් එක දිහා බලන් හිටියා..කට්ට 120ට වැඩිවෙන්නේත් නැ අඩු වෙන්නෙත්.පොරනම් මාර බුවා..හැබැයි වාරියපොල පාදෙණිය පාරෙ.
අනුරදපුර ඉදන් කොලබට කිලොමිටර 240

කට්ටියම කතාව පිලිගත්තා..ඒත් යකො...පුදුමයි නෙ..
එතකොටම මට මාතක් උනෙ අඹෙපුස්සෙන් කොලඹට(නුවර පාරට) හැරෙව්වෙ කොහොමද කියලා

හා කියපිය බලන්න.අඹෙපුස්සෙන් අංඅම්මපා...මන් ඩ්‍රයිවර් ලග ඉදන් ගියේ.ඩැෂ්බොඩ් එක දිහා බලන් හිටියා..කට්ට 120ට වැඩිවෙන්නේත් නැ අඩු වෙන්නෙත්.පොරනම් මාර බුවා..හැබැයි වාරියපොල පාදෙණිය පාරෙ.
අනුරදපුර ඉදන් කොලබට කිලොමිටර 240

කට්ටියම කතාව පිලිගත්තා..ඒත් යකො...පුදුමයි නෙ..
එතකොටම මට මාතක් උනෙ අඹෙපුස්සෙන් කොලඹට(නුවර පාරටා හැරෙව්වෙ කොහොමද කියලා

හා කියපිය බලන්න.අඹෙපුස්සෙන් අංශක 90 ට හැරෙව්වෙත් පැයක කිලොමිටර 120ට යද්දිද?

10 comments:

  1. ඇග්‍රිකල්චර් රසකතා ටිකක් උඹෙං මිසක් වෙන කාගෙන් අහන්නද ??

    ReplyDelete
  2. හික් හික් උපරිම කතා ටිකක්..
    ලක්බිම පත්තරේ කරන බුවාල ටික මේක දැක්කොත් පත්තරේ දාන්න බැරි කමකුත් නෑ.

    ReplyDelete
  3. මරු කතා සෙට් එක !
    අඩෙ මෙහෙම ශෝට් ඇන් ස්විට් කතා තියෙනවනම් වැඩි වැඩියෙන් ලියන්න !

    ReplyDelete
  4. ශා... මරු කතා ටික අයියා... වෙන නැද්ද?

    ReplyDelete
  5. කමෙන්ට් දාපු හමෝටම ස්තුතියි.

    ReplyDelete
  6. නියම කතා සෙට් එක අප්පා....

    ReplyDelete
  7. කතා ටික නම් මරු ඒත් අන්තිම දෙක තේරුනේ නෑනෙ..

    ReplyDelete