Monday, March 12, 2012

ආයි..ආයි..කීවත්,,..වයස 14යි ළමයි 9යි..

ගිය සතියෙ ලීවා වාගෙ තවත් ඉතුරු උනු චූටි කතාටිකක් ලියන්න හිතුව.ලොකු වැඩ කරන්න වෙලාවකුත් නැති එකේ චූටි වැඩ කරන එක හොඩඉ නෙව.

වයස 14යි ළමයි 9..

එදා කට්ටිය කතාකරකර හිටියේ ස්ත්‍රි දුෂණ,ගැහැණු ළමයි වැඩිවියට පත්වීම් ගැන.
මන් අහලා තියනව බන් අවුරුදු 4 පොඩි කෙල්ලක් ලොකුවෙලා තියෙනව කියලා.
මගෙ යාලුවෙක් කීවා.
මාත් අහල තියනව අවුරුදු 3 කෙල්ලක් ලොකුවෙලා තියනව කියලා.
තවත් යාලුවෙක් කීවා.
මේ එකෙ නෙවෙ මන් අහලා තියනවා ඒ කෙල්ලට අවුරුදු 14යි.ළමයි 9 දෙනෙක්ලු බන්..ඇස් ලොකු කරන් තව එකෙක් කීවා.
හැමෝම "නැ....."කීව මිසක් ඊට එහා දෙයක් කීවෙ නැ.
එතකොට බන් එ කෙල්ලට ඉස්සරොම ළමය හම්බෙලා තියෙන්නේ අවුරුදු කියෙන්ද..
මන් ඒ කතාව කියපු මාගෙ මිත්‍රයාගෙන් ඇහුවා.
ඒක තමා මාත් කල්පනා කරේ.
මන් හිතන්නේ උඹල පැත්තේ ඌරු කොටුවක් අයිතිකාරයෙක්ද කොහෙද ඕක කියල ඇත්තේ.ඒ මනුස්සයගෙ ඊරිට පැටව් 9 හම්බෙලා කියලා

ඉන්දියානුවෙකුට සින්හලෙන් ඉන්ග්‍රිසි.

.
ෆැක්ට්‍රියට ආපු අලුත් ඉන්දියන් එකෙක් අපිත් එක්ක කතා කලේ අඩුවෙන්.අපි හිතුවා මූට ඉන්ග්‍රිසි ටිකක් බැරුව ඇති කියලා.ඔය ඉන්දියන් පොර ඉන්න කාමරේ අපේ දෙන්නෙකුත් ඉන්නවා.මන් දවසක් ෆ්‍රි වෙලාවක මිතරයගෙ කාමරේට ගියා,.
ඒ මු උඹලත් එක්ක කතාකරනවද බන්..මන් මගෙ මිත්‍රයාගෙන් ඇහුවා..
නැ නෙ බන්.උඹලත් එක්ක කතාකරනවද?
නැ නෙ බන්.මන් හිතන්නේ බාසාවෙ අව්ලක් ඇති..
ගොඩාක් හිත උනුවෙන මගෙ මිත්‍රයා..
පව් නේ බන්..කියලා පොර ලග තිබ්බ පොතක් අතට ගත්තා..
Freind..take this.this is a very good book.you can learn many things..
කියමින් පොර අතේ තිබ්බ පොත අතට දුන්නා..
අර ඉන්දියන් පොරත් පොත අතට අරගෙන ටික වෙලාවක් පෙරලා පෙරලා බලලා පැත්තකින් තිබ්බා.
ඉන්දියන් පොර ඔන්න ඇදෙන් බැහැලා කාමරෙන් එලියට ගියා.මන් අර පොත අරන් බැලුවා..

සින්හලෙන් ඉන්ග්‍රිසි...
සති තුනෙන් ඉන්ග්‍රිසි කතා කරන්න.ඔබත් මේ පොත කියවන්න..

පිට කවරයෙ ලියල තිබ්බා..

ආයි...ආයි කීවත්....


ඒ කාලේ මන් සාපෙ කරන කාලේ.ඔන්න එදා විද්‍යාව ටියුෂන් කලාස් එක.පටන් අරන් විනාඩි 20 ක් ඇති.පාඩමක් පැහැදිලි කරපු අපෙ සර් ළමයින්ගෙන් ඇහුවා ඔයාලට මේක තේරුණාද?කියලා...
කට්ටියම "නැ..."කීවා
දෙවෙනි පාරටත් පාඩම පැහැදිලි කරලා ඇහුවා තෙරුණාද,,,.කියලා
කිසිකෙනෙක් ඔව් කීවෙ නැ,..ඒක නිසා තුන්වෙනි පාරටත් තේරුම් කලා..
ඇහුවා තෙරුනැද කියලා.
කට්ටියම බිම බලාගත්තා,,..
අනේ මන්දා ළමයි..මට හරි අප්සට්..මන් ආයි..ආයි කියනවා ඒත් ඔයාලට තෙරෙන් නැ..
සර් කීවා..
ඒ අතරේ අපි ලග හිටපු බස්නායක..
මටත් අප්සට් සර්..ආයි..ආයි ..කිය කිය ඉන්න ඔනේ නැ..සාර් ගෙ කොහෙහරි රිදෙනවනම් ක්ලාස් එක නවත්තලා ගිහින් බෙහෙත් ගන්නකො..
අපි ක්‍රිකට් ගහන්නම්...

කන්කුන් ඩෙවල්...

කොහෙන්දො හම්බුනු මෝරපු කන්කුන් වැල් ටිකක් ගෙනත් පුෂ්පයයි,අනුරන්ගයි ඩෙවල් හදන්න කතාව..
සේන අයියේ..අපි ඩෙවල් එකක් හදමුද මේකෙන්..
අනේ මන්දන්නැ මල්ලි..ටිකක් වයසක් අපෙ සෙනේ ලොක්ක කීවා..
ආහ්..එහෙනම් අපි හදමු අනුරන්ග අයියේ.පුෂ්පෙ ගේම අතාරින් නැතුව වැඩෙට බැස්සා..
ඔන්න ඩෙවල් එක හදලා පිගානක දාලා මෙසෙ උඩින් ගෙනත් තිබ්බා..
අඩියක් විතර දිග කන්කුන් වැල් බාගෙට තෙලෙන් බැදලා තිබ්බේ..
සේනෙ ලොක්කයි,හදපු දෙන්නයි කන්න ගත්තා..මෝරපු කන්කුන් හපාගන්න බැරුව සෙනේ ලොක්කා හෙන ගේමක..
මේ අතරෙ අනුරන්ග අහපි..
ශෝක් නෙ සෙනයියේ..
හා..ශෝක්..හැබයි හොම්බ තියන උන්ටනම්..හරක් වාගේ..

10 comments:

  1. පොඩි පොඩි කතා වුනත් නියම කතා සෙට් එක. :D ඉස්සෙල්ලා ඒව වගේම තමා..

    ReplyDelete
    Replies
    1. තවත් ඒවා මතක් උනාම ලියන්නම්..

      Delete
  2. හොඳ කතා සෙට් එකක්. ඇත්තෙන්ම කංකුං බාගෙට තම්බලා කන්න හොඳම නෑ මම හිතන්නෙ. ඕව වතුරෙ එතකොට ජරා වලවල් වලත් හැදෙනවනෙ

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ආවට ස්තුතියි.ඕනයාගේ යාලුවෙක්දො කොහෙදො..

      Delete
  3. අඩේ උඹට නියමෙට නැගල යනව බං සූටි සූටි කතා කියන එක

    @DUDE,
    අපේ අල්ලපු වැටේ කොල්ලේ හරිද මේ

    ReplyDelete
  4. ෆට්ට කතා නේ... මරු මරු... කලින් ඒවා වගේම සුපිරි..

    ReplyDelete
  5. රුකාට ළමයි කීයද..??? :D

    ReplyDelete
  6. 72ක්...(මගෙ යටතේ වැඩ..මන් උන්ට කියන්නේ මගේ ළමයි කියලා)මට 0

    ReplyDelete