Friday, January 20, 2012

පොලිසියත් පදිරි කරපු අපේ කසිප්පු ජිනේ..

තව ටිකකාලෙකින් අපෙ පැත්තේ ගොයම් කපන කාලෙ පටන් ගන්නව.ගොඩාක්ම පෙබරවාරි අග වෙද්දින් කපලා පාගලත් ඉවරයි.ඉතින් මෙ පාර ලියන්න යන්නේ ඒ වාගෙ කතාවක්..
කොහෙ හිටියත් ඒ වගේ දෙවල් මතක් වෙන්නෙ ඒවත් එක්ක ගොඩාක් සමීපව හිටපු හින්ද වෙන්න ඇති.
මේ කතාව මට ඇහුනෙ මීට අවුරුදු 15කට වාගෙ කලින්.
එදා අපේ යායෙ කට්ටිය කොලයක් ගහනව.ඒ කිවෙ කපාපු ගොයම් ගොඩ ගහනව හෙට පාගන්න කියලා.ඒ කාලෙ දැන් වගෙ සුනාමිවත් බූතයෝවත් තිබ්බෙ නැනෙ.ඕන දේකට තිබ්බෙ ෆොඩ් ට්‍රැක්ටරේ හරි මැසි ෆර්ගියුෂන් ට්‍රැක්ටරෙ හරිනෙ.ඉතින් කමතෙ කොලේ(ගොයම්) දාලා ට්‍රැකටරෙට කිවාම ඇවිත් පාගලා දෙනවනේ..
කතාවට බහිමුකෝ..
එදා කට්ටිය කොලේ ගහනවා.ඉතින් ඔතන අයිතිකාරයත් ඉන්නව..
එතකොටම කොලේ ගහ ගහ හිටපු කෙනෙක් අයිතිකාරයාගෙන අහනවා.
කවද්ද දැන් කොලේ පගන්න ඉන්නේ..
මං නම් හිතන් ඉන්නේ හෙට හවසම පාගලා දාන්න කියලා.මොකද වැස්සකට ඉස්සෙල්ලා වි ටික ගෙට ගත්තොත් හොදයිනේ.
අයිතිකාර සෝමෙ මාමා කීවා..
එහෙනම් අරවත් අදම ගේන්න වෙයි.මතකනෙ එක පාරක් උන වැඩේ..එක්කෙනෙක් එහෙම කියද්දින් තව කෙනෙක් කීවා ගැලුමක්ම ඔඩර් කරන්න වෙයි.
මේ ගැලුමක්ම කීවේ වෙන මොනවත් නෙවෙ කසි"..කසි"..
කොලයක් පාගන දවසට වාගෙ දවස් වලට අපේ පැත්තේ කට්ටියගෙ දෙයියො තමා කසිප්පු.
ඇගේ අමාරුව නැතිවෙන බෙහෙතත් ඕක.ඇගට හයිය දෙන බෙහෙතත් ඕකම තමා..
එතන හිටපු මට ඇතිවුන ප්‍රදාන ප්‍රශ්නෙ තමා මොකක්ද මේ එක පාරක් උනු වැඩේ.ටික වෙලාවකට පස්සෙ මං එතන හිටපු කෙනෙක්ගෙන් අහුවා..
ඔයා දන්නවද අපේ ජිනේ අයියා..
මට ඒ තර් අම් මතකයක් නැති නිසා මං මොකුත් නොකියා හිටියා..ඊට පස්සෙ ජිනේ ගෙ පුතාගෙ නම කීවාම මං දැනගත්තා කව්ද මෙ ජිනේ අයියා කියලා.
ජිනේ අයියාගෙ ප්‍රධාන් රැකියාව උනෙ පොල් ලී පැලීම.ඒ දවල් ප්‍රධාන රැකියාව උනත් මිනිහා සල්ලි හෙවුවෙ කසිප්පු බිස්නස් එකෙන්.කසිප්පු ටිකක් කටෙවත් තියන් නැති ජිනේ අයියා පොහොසතෙක් නොවුනත් තමන්ගෙ දරුවො හතර දෙනාත් එක්ක හොදට ජීවත් උනෙ මෙ බිස්නස් එක නිසා..
දවල් වෙලාවෙ පොල් ලී පලන ජිනේ අයියා සතියට සැරයක් හවසට කන්දට ගිහින් කසිප්පු වඩියක් ගහන එක පුරුද්දක් වෙලා තිබ්බා.
මෙයත් එක්ක වැඩ කරන හතර පස් දෙනෙකුත් ඉන්නව.වඩිය ගහන ජිනේ අයිය කවදාවත් කසිප්පු විකිණපු කෙනෙකුත් නෙවෙ.එයා යටතෙ කසිප්පු විකුණන්න වෙනම කට්ටිය ඉන්නව.ජීනේ අයිය කරන්නේ කසිප්පු නිෂ්පාදනය හ බෙදා හැරිම පමණයි.විකිනිමට දවස් පඩියට වෙනම රෙප් ල දාගෙනයි බුවා ගේම දෙන්නේ.
රෙපා ට පඩියට අමතරම කැම සහ රෙපාට අවශ්‍ය තරමට බීමට කසිප්පු නොමිලේ ලබා දෙනවා.
එක පැත්තකින් කන්දෙන් අනිත් පැතිවලින් තවත් ගම් දෙකකට මයිම් තියන නිසා රෙප් ල ඉන්නෙ මයිම් වල තියන කැලැ පදුරක හරි පාලු ලිදක් ගාව හරි.එතකොට ගම් සේරගෙම අයට ඇවිත් සොට් එක ගහලා යන්න පුලුවන් නිසා බිස්නස් එක නැගලම ගියා
මේ වගෙ කුඹුරු කැපෙන කාලයක්ලු..ජිනේ අයියා පාලාතටම ඇතිවෙන්න කසිප්පු නිෂ්පාදනය කරලා එයාගෙ රෙප් මහත්ත්තරුන්ට දීලා..හැමදාම හවසට ගිහින් බලනවලු බිස්නස් කොහොමද කියලා..
දවසක් ජිනේ අයියා පොල් ලී පලන තැන වැඩලු..
රෙප් ලා බිස්නස් එක කරන් යනවා.අනේ එක පාරටම එක රෙප් කෙනෙක් ගාවටපොලිසියෙන් ඇවිත්.අරක්කු බොන්න වාගෙ ආපු පොලිසියෙන් රෙප් මහත්තයව අල්ලගෙන..
හා.වර යන්න පොලිසියට..පොලිසියෙන් කීවලු..
අනේ සර් මෙව මගෙ නෙවෙ.මං මේ දවසෙ වියඩම හොයාගන්න මේව විකුනල දෙනවා විතරයි.
අහ් යම.
දැන් දෙන්නා යනවලු..
එතකොට කාගෙද මෙවා..
මෙවා ජිනේ අයියාගෙ,,පොල් ලී මඩුවේ....
අහ් එහෙමන් යම උවත් අල්ලගන්න,,
ජිප් එකෙ නැගලා ගිය කට්ටිය ජිප් එක පොල් ලී මඩුවට ඇතින් නවත්තලා බැහැලා ගියාලු........
ඉස්සෙල්ලාම රෙපා..ටිකක් පස්සෙන් පොලිසියෙ රාළාමි..
රෙපා එනව දැක්ක ජිනේ අයියා..
ආආහ් මොකද මල්ලි....අද කලින්ම බඩු ඉවරද?මන් ඒත් හිතුවා මෙ ගොයම් කැපෙන කාලෙට ටිකක් මදිවෙයි කියලා..රෙපා දිහා බලාන කිවලු..
ඒ ගමන්ම ඉස්සරහට පැන්න පොලිසියෙ අය ජිනේ අයියාව අල්ලගත්තලු.
තොද ජිනේ කියන්නේ..
ඔව් ඇයි.
අහ් එහෙනම් පොලිසියට යන්න ලැස්ති විය..
එන පොට හොදට තේරුන ජිනේ අයියා කිසිම කලබලයක් නැතුව කීවලු..
අනේ රාළහාමි මං මේ ඇදුම් මාරු කරගන්නකන් පොඩ්ඩක් ඉමු..
ඊට පස්සෙ ඇදුම් මාරු කරගෙන හොදට සරම පිට පොට ගහ ගත්තු ජිනේ අයිය..
හරි හරි රාළහාමි කිවා
කොකටත් කියලා තමන්ගෙ අතේ තිබ්බ මාංචුව ගත්තු පොලිසියෙ ඇයො ජිනේ අයියාගෙ අත් දෙක අල්ලලා දැම්මලු.
හා දැන් යමවු දෙන්නම ජිප් එකට.තොපි තමා මෙ පැත්තම නාස්ති කරන එවුන් කියමින් බැන බැන යනවලු..
පොල් ලී මඩුවෙ ඉදන් ජිප් එක ලගට යන්නට මීටර 20ක් විතර යන්න තිබ්බලු.
ඉස්සරොම රෙපා..ඊට පස්සෙ පොලිස් රාළහාමි,ඊට පස්සෙ පස්සෙන්ම ජිනේ අයියා..දැන් ජිප් එක ලගට යනවලු..
ජිප් එකට අඩි 5ක්6ක් ලංවෙද්දිම ජිනේ අයියා ආපහු හැරිලා දෙවැට දිගේ දුවන්න ගත්තා..ජිප් එක ලගට ගිය රාලහමිට ඇහුනා සද්දේ..බලනකොට ජිනේ දුවනවලු..
ආන් අරක දුවනව ..පන්නපියව්.........
රාළහාමි කැ ගහගෙන ජිනේ අයිය පස්සෙ දුවද්දින් ජිප් එකෙ හිටිය තව දෙන්නෙකුත් දුවන්න ගත්තලු..
දෙවැටෙන් එලියට පැන්න ජිනේ අයියා කලුවරත් එක්කම වෙල් යාය දිගෙ දුවනවා.නියරවල්,පාරවල් හොදට දන්නා ජිනේ අයියගෙ දිවිල්ල නවත්තන්න කාටවත් බැරිවුනා..පොලිසියෙ ඇයො ටික දුරක් දුවලා නියරවල් වල කකුල් හප්පගෙන දනිස් පොලු ටික තුවාල කරන් නැවතුනා..ජිනේ අයියා අතට මාංචු කුට්ටමත් දමාගෙනම කන්දට දිවුවා..කන්දෙ තමන් දන්න ගහක් ලග නැවතුනු ජිනේ අයියා හොදට හති ඇරලා හිටියා..
කසිප්පු කාරයො අල්ලන්න ආපු රාළහාමිලාට දැන් පොලිසියට යන්න විදිහක් නැ..මංචු කුට්ටම නැනේ..
දෙන්නා ආයෙත් ජිප් එක ලගට ආවා.ඇවිදින් ජිනේ අයියාගෙ ගෙදර හොයාන ගේ ලගට ගිහින් රැ 10 විතර වෙනකන් හිටියා,,ජිනේ අයියා නෙවෙ ආවෙ..
ඊට පස්සෙ ජිනේ අයියාගෙ අබුවට කතාකල රළාමි කෙනෙක්..
මේ මේකා අද ගෙදර එයිද?
අනේ මන්දා සැර්..
ඔකා අවොත් කියනවා අපිට ඌව පොලිසියට අරන් යන්න ඔනේ නැ..ඒත් අර මාංචු කුට්ටම දෙන්න කියනවා.අපි හෙට එන්නම්..
පොලිසියෙන් යන්න ගියා..
පාන්දර 5 විතර වෙද්දින් ගෙදර පිලිකන්න පැත්තට ආපු ජිනේ අයියා...
ඒයි..මේ ඇහුනද????????????
ඒ වෙලාවෙ ගැණු උන්දා ළමයින්ට ඉස්කෝලෙ යන්න බත් උය උය ඉදලා තියෙන්නේ..
ආ ආ..ඇහෙන්න තමා..අපට මෙතන ගෙවල් වල ඉන්නත් නැ ඔහේ මහලොකු බිස්නස් එක හින්දා..
හරි හරි දැන් කැ ගහලා වැඩක් නැ නෙව..
මේ මට මාර බඩගිනි.අනේ බත් ටිකක් නැද්ද...
ඊයෙ රැ ටත් කැමක් නැ..
හොදයි නේ..
මේ මෙතන නාඩගම් කරන්න වෙලාවක් නැ.ඔය හීල් බත් ටිකක්වත් නැද්ද?
මොන හීල්බතක්ද?ළමයින්ට ඉස්කොලෙ අරන් යන්න උයාපු බත් විතරයි තියෙන්නේ..
අහ් හරි හරි..එකෙන් ටිකක් වත් ආරන් මට කවනවකෝ..
මෙ මක්කටැයි මං කවන්නෙ..කෝලම්...
තමුන් දන්නැද්ද.....මට මෙ මාංචු දාලානේ..
මාංචු දාලා නම් ඉන්න ඕනෙ පොලිසියේ.
අනේ මෙ..ඒ කතාවලින් වැඩක් නැ.බත් ටිකක් කවනවා..ඔය යක්කු දැන් මෙලහකට එනවා ඇති..
කොහොමත් තමන්ගෙ ස්වාමියාගෙ බඩගින්න දැනිච්චි ගැණු උන්දා ජිනේ අයියාට බත් කැවුවා.
බත්කවා ගත්තු ජිනේ අයියා..
අහ් මන් එහෙනම් යනවා..
කොහෙදැයි මේ යන්න තනන්නේ..
කන්දට..ගෙදර හිටියොත් පොලිසියෙන් ඇවිල්ල මාව අල්ලන් යයි..
එහෙම කිවු ජිනේ අයියා මාංචු කුට්ටම දාපු අත්දෙක පස්සට බැදන් යන්න ගියා..
වේලාව දවල් 10 විතර වෙද්දින් ජිනේ අයියලා ගෙවල් දිහාට පොලිසියෙන් ආවා..ආවෙ ඉස්සරින් දවසෙ ආපු දෙන්නමයි..ඒත් එක්කම ගෙවල් ලගට ගමෙ ජිනේ අයියාල වයසෙ දෙ තුදෙනෙකුත් ආවා..
එතනට ආපු පොලිසියෙන් අහුව...
කො මෙ මනුස්සය ගෙදර ආවෙ නැත්ද තවත්...
නැ රාලාමි..කට්ටියෙන් කෙනෙක් කීවා...
අනේ මේ මනුස්සයට පැහැදිලි කරලා කියල දෙනව අපි මෙයාව පොලිසියට අල්ලන් යන්නැ..අපට මාංචු කුට්ටම විතරක් දෙන්න කියලා..
පොලිසියෙන් බැගැපත්ව අසල හිටිය අයට කීවා..
ම්ම්ම් රාළහාමි ටිකක් ඇතින් වගෙ ඉන්න..ඔය ජිප් එක පන්සලෙන් නවත්තලා එන්න..අපි ජිනේ ආපුවාම රාලහමිලාට පනිවිඩයක් එවන්නම්..
තව පැයකින් දෙකකින් ඔය මනුස්සයා එයි,කලා යන්න,....
ලග හිටිය කෙනෙක් එහෙම කියද්දින් පොලිසියෙ අය ඒකට ඇහුන් කන් දීලා ජිප් එක පන්සලේ නවත්තල ජිනේ අයියාගෙ ගේ ලග තියන තේ කඩෙට වෙලා හිටියලු.
වෙලාව දවල් 12,1,2 උනත් ජිනේ අයියා ආවෙ නැලු..
ඔන්න 3.30 වාගෙ වෙද්දින් ගෙදර පස්සා පැත්තේන් ගොඩ වැදුනු ජිනේ අයියා අබුවට කියලා බත් ටිකක් කවාගන්නවලු..
ඒක අැහුනු අල්ලපු ගෙදර මනුස්සයා කඩේ හිටපු පොලිසියෙ උදවියට පණිවිඩයක් යවලා තවත් දෙතුන් දෙනෙක් එක්ක ජිනේ අයියලා ගෙදර ගියාලු..
පොලීසියෙ අය ගෙට ගොඩ වෙද්දිම ජිනේ අයියාව වට කරගත්තු ගමේ අය..
අහ් මෙන්න රාලහාමි මෙයා ඇවිදින් කීවලු..
එතකොටම වට පිට බලපු ජිනේ අයියා කට්ටිය පෙරලන් දුවන්න හැදුවලු..
ඒත් ජිනේ අයියාගෙ උත්සහය අසාර්ථක වෙලා..
එතකොටම ලගට ආපු පොලිසියෙ අය..
දගලන් නැතුව ඉන්නවා..අපි තමුසෙව අරන් යන්නැ...අපට මෙ මාංචු කුට්ටම දෙනවා..
ඒත් ජිනේ අයියාගෙ ඔට්ටුවීම අඩු උනෙ නැලු..
(කොටට කොටේ හිටපු ජිනේ අයියට හොදට සත්තිය තියල තියන්වා කියලා තමා කතාව කියපු කෙනා මට කීවේ..හැමදාම බතට හරක් මස්,,ඌරු මස් තියෙන්න ඕනමලු..නැත්තම් අබුව ඉවරලු..)
ආයෙත් සැරයක් පොලිසියෙන් කීවලු..
ඕයි.....ඔය දගලන එක නවත්තනවා..
අපි තමුසෙව අල්ලන් යන්නැ කීවනේ..
ඒත් එක්කම ගමේ අයත් කීවලු..පොඩ්ඩක් දගලන් නැතුව හිටින් ජිනේ කියලා
ජිනේ අයියා ටික වෙලාවක නිසොල්මනෙ එද්දින්ම පිලිසියෙන් මාංචු ගලවගෙන....
අම්මේ.ඇති ..යාන්තම් ජොබ් එක බේරගත්තා..මේක හම්බුන්නැත්තම් ජොබ් එකටත් කෙලවෙනව..කියලා කීවෙ ගෙමක් දිනා ගත්තා වගේලු..
එහෙම කියද්දිම ජිනේ අයියා පැනලා දීවෙ..මොනව උනත් දුවන එක ඇගට හොදයි කියලා..
දුවන ජිනේ අයියා දැකපු පොලිසියේ අය..
ඕයි....දැන්වත් ඔය ජරා බිස්නස් එක නවත්තනවා..කියල කීවලු..
හරි හරි රාළහාමි..අපි පස්සෙ වෙලාවක හම්බෙමු...කියපු ජිනේ අයියා..
තමන්ගෙ ගෙවල් පැත්ත හැරිලා අබුවට කීවලු..
ඇහුනද..........ඔය රාළහමිලාට තේ ටිකක් හදලා දෙනව....
කියලා ආයෙත් දිවාලු........

ප:ලි:ඇත්ත කතාවක්.නම් උපකල්පිතයි..
දැන් නම් ජිනෙ අයියා වයසයි.එත් ඇග නම් මාර ෆිට්..

13 comments:

  1. පුදුමයි, ජිනේට හොඳ පෝරියල් එකක් හම්බ උනේ නැති එක ....

    ReplyDelete
  2. මට මතක් උනේ අපේ ගමේ හිටපු අත කොටා. බුවාට පෝලියෝ හැදිල දකුණු කකුල අප්සෙට් වෙලා හිටියෙ. ඒ අතරෙම වම් අත වැලමිට ලඟින් කපලා. බුවා දවසක් කසියා පොට් එකක ඉන්දැද්දි පොලීසියෙං පැනල එතනට. අතකොටා ඇතුලු හිටපු සෙට් එකම දුවල. අතකොටාව අල්ලගන්න පොලීසියට බැරි උනා. බුවා වෙල අයිනෙ තිබුන කොස් ගහක මුදුනට නැගල බහින්න බැරුව ඉන්නව පස්සෙ බලද්දි. අන්තිමට ගමේ සෙට් එක පොඩි ශ්‍රම දානයක් වගේ එකක් කරල බුවාව ගහෙං බිමට බැස්සුවෙ.

    ReplyDelete
  3. එල කොල්ලෙක්නෙ ජිනේ අයිය කියන්නෙ..

    ReplyDelete
  4. @පන්සල් හන්දිය:ජිනේට පෝරියල් දෙන්නෙ කොහොමද මාන්චු කුට්ටම නැති උනොත් උන්ගෙ ජොබ් එක ඉවරනෙ
    @ඕනයා:අතකොටා බේරාගැනිමෙ ශ්‍රම දානය වෙන්නැති
    @සාතන්:මිනිහා ඒ කාලෙ එල කොල්ලෙක්ලු

    ReplyDelete
  5. උඹත් ජිනේ අයිය​ගේ අරිෂ්ටේ බීවා නේද... ඇත්ත කියපං...

    ReplyDelete
    Replies
    1. බඩේ අමාරුවට වාගෙ

      Delete
  6. යකෝ ඌ නම් අදහන්න වටිවනවා.මාංචුත් දාගෙන දුවන්න පුළුවන් කියන්නේ මාර හපන් කමක් නෙව.

    දැන් කාලෙ වගේනම් ඉතින් වෙනදේ හිතාගන්න තිබුනා.
    ඇත්තටම මාංචු නැතිවුනොත් පොලිසියෙ බුවාලගෙ වැඩ ඉවරද?

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියල තමා කියන්නේ

      Delete
  7. අඩේ මරු මනුස්සයෙක් නේ.

    ReplyDelete
    Replies
    1. මිනිහා රජ කෙලි කාරයෙක්ලු

      Delete
  8. අහ්හ් ජිනේ අයියා මාරයිනේ

    ReplyDelete
  9. කසිප්පුත් එක්ක එකට ගැටෙන අය කෝමත් අනෙක් අයට වඩා කාර්‍යශූරයි !

    ජිනේ අයියා මරු බුවෙක්

    ReplyDelete
  10. රුකාත් මාංචු පිටින්ම කැලේ වැදිලවත්ද?

    ReplyDelete