Tuesday, November 8, 2011

ඊඩ් පාටි අපිත් කාපු

හෙට ඊඩ්නෙ නිවාඩුවක් ගමුය කියාලා
ස්ටොක් එක සුද්ද කරමු මාලු කපාලා
සුද්දන් හට දින දෙකකට මාලු යවාලා
ෆැට්ටෙරිය සුද්ද කරල යන්න ඔයාලා

හෙනහුරාදා ලොක්කා එහෙම කීවා ඇවිල්ලා
රැ 12යි වැඩ ඉවරයි යමු අපි එහෙනම්
වැඩ ඉවරයි හෙට නිවාඩු කයියක් දාමු
පාන්දර 2යි කට්ටිය නින්දට යද්දී

"ඊඩ් මුබාරක්" කියාලා මැසේජ් ආවා
කන්න යමුද වෙලාව හරි ඇහැ ඇරපල්ලා
ඔලුව උඩි සරම අරන් රවුමක් කරකා
ඇද පලුවට විසිකෙරුවා සොටක් හොයමින්

තට්ටු තුනක් පඩි පෙල නැග කැන්ටිම හොයලා
රින්ගද්දිම "අලි" හිටියා පනාව දලා
බඩ පුරවන අපට ඉන්න පබලිසා ඌමයි
"කනා කනිද මිහාරො" ඌ ඇසුවා නැමිලා

තෙල් දාලා බත් උයලා තිබ්බා අලි"යා
කහ හෑලිලද කහ පාටයි බත් එක අදනම්
කැටයම් වැඩ මු දන්නෙ කොහෙන්ද මන්දා
රටා ගොඩයි,සුවද හමයි බත් එකෙ අදනම්

කුකුල් පලුව මැද තියලා බත් එක බෙදලා
ටු ඩේ ස්පෙෂල්" කියලා දුන්නා නැමිලා
වෙනදා කරන සද්දා නැනෙ කස්ටිය අදනම්
ගොලුවො වගෙ බත පැලෙනව කස්ටිය නමලා

ආහ් බරාබරො කනා ටු ඩේ කියලා අලි"ට
අපි ආවා ඌටත් ඊඩ් මුබාරක් කියලා
කුකුල් පලුව දත් අස්සෙයි කියලා සමහරක්
දත් හාරායි වත ගොත කියමින් කාපු හැටි

අමාශය ගුද මාර්ගෙ යා කරලාම
කොටා ගත්තා මම නම් අද දුන්නු බත් ටික
තව ජුන්ඩක් ඉඩ තිබ්බා නම් මගෙ බඩෙ
දාගන්නව තව දින දෙක තුනකට වෙන්න..

ටුනා හොද්ද ගොඩෙ ක්‍රමෙන් අමරස දුන්න
හත්මාලුව පතොල අල වැටකුළු එක්ක
අද නැතිවම බඩ අහයිද මොකදො කියලා
අනේ අපිට ආපු කලක් කොහෙදො ඉදලා

කතා ගොඩයි හරි පැසසුම් කැම ගැන අද
සතුට පිරුණු සාගරයකි ඊඩ් අද දිනේ
කැවා වැඩියි නිදා ගමුද පැය බාගයකින් එන්න
කස්ටිය ගියෙ ඇදන් ලගට සතුටින් ඔන්න

එක හුස්මයි ඇදන් වලින් බිමට පනින්නේ
යකො වරෙන් කව්දො මෙ ටොයිලටෙ ඉන්නේ
බඩ කරකවලයි එන්නෙ හරිම ජරමරේ
හිරිගඩු පිපිලා මදිවට දාඩිය දාලා

අනෙ මන්ද කියා ගන්න බැ මට මේක
දොස්තරයෙක් ලගට යන්නෙ විදිහක් නැනෙ
තුන් පාරයි පැය කාලට මටනම් ඔන්න
ගියත් යන්නෙ බින්දු දෙකයි තෙල් පාටින්ම

බඩ එලියට ඇවිල්ලා මෙ අපෙ කොල්ලන්ගෙ
කතා ගොඩයි හරි ජරමරෙ පොලිමෙ ඉන්නෙ
දනවා මචන් හොදන්නත් බැ අය ගියොතින්
කි පාරක් හෙදුවාද මෙ පැය ඇතුලෙ

ටුනා හොද්ද අමරස දුන් වතුරෙන් උයලා
හත් මාලුව අත් බේතද "අලි"යා හදන
හැමදාමත් මෙයින් අවුන්සයක් අරගෙන
කාපු අපිට කවදාවත් මෙහෙම වෙලා නැ

සදුදා හතට අයෙත් වැඩ වරෙව් කොල්ලනෙ
ඉතින් ගියා ෆැට්ටෙරියෙ දොර වෙත රින්ගා
කොල්ලො එයි ඇඹරි ඇඹරි මූන පොඩිකරන්
ඇවිත් කියයි
බඩ එලියට එනවා මගෙ අද..

ටුනා හොද්ද ප්‍රොටිනයි තන්තුයි එක්ක
හත්මාලුව හැමදා දෙන විටමින් මුසුව
නැති හින්දා අපිට දීපු ඊඩ් පාටියේ
අපි හිටියා තට්ටම් තද කරන් වකුටු වී

2 comments:

  1. හික් හික් . . . හොඳ වැඩේ උඹලට . . අපි වගේ ආතල් එකේ පරන පුරුදු මාලුයි බතුයි කාල ඉන්නෙ නැතුව . . . ලොකු වැඩ කරනවට. . ..!!!

    ReplyDelete
  2. ඊඩ් පාටි කන්න ගිහින් මරු වැඩේ නේ වෙලා තියෙන්නේ. හික්ස් :)
    පුදුම කෑම ඉවිල්ලක්.

    ReplyDelete