Tuesday, November 1, 2011

හූනට රැග් එක

මීයා හුනා වගේ එදා පෙනුනු නිසා
හූනා කියලා නම දැම්මා ඌට එදා
චූටි එක කාගෙත් සිත් ගත්ත නිසා
අපි කවෘත් උ හට ලෙන්ගතු වුවා

දිනෙන් දිනේ කාලෙත් ගෙවිලාම ගියා
පහ වසරෙදි ශිෂ්‍යත්වෙත් ජය ගත්තා
එදා ඉදන් ඉබ්බාගමු යන්න ගියා
කොලිජියේදි හොද දස්කම් මූ පැවා

සා පෙළ ඉවර වි ඉන්ජෙක් වෙන්න කියා
ගනිත කර්මෙ උ පෙළ ලග නතර උනා
ගහන ගේම නියමෙට ගහනව කියලා
ගිය අවුරුද්දේ උපෙළ උත්තර ලීවා

කන්න බොන්න මු හරි හැටි දක්ෂය උනා
නිදියන්නත් හොද හැටි දැන ගෙන හිටියා
මුඛයෙ තිබෙන නළ දත ආසිරි පැවා
මුහුනෙ හැඩයා පීයාට හරි සම වුවා

කොත්තු රයිස් කන්නට පෙරේතයා වුවා
හිනා වෙලා සැහැල්ලුවට අසා කෙරුවා
හැමදාමත් හැමොගෙ සෙනහස ගත්තා
ඒක නිසා කාගෙත් හිතවතා උනා

උ පෙළ ප්‍රථිපල එද්දී ඌ දිනුවා
උගෙ සිහිනය ලග ඌ එදා දිනුවා
වා සිටියෙ දොරකඩ ඇරලා බැලුවා
යන්න තියෙන දින වෙනතුරු දිනගැන්නා

ගූගලයෙන් වා සිටියට පිය මැන්නා
මේක පාරාදීසයක්ය ඌ කීවා
අඩේ තාම ලියුම අවෙ නැ කිවා
ලියුම් මාමා එනතුරු වැට ලග හිටියා

දවසක් උනා ගිය මාසෙ යම් දිනක
මා මාලෙට එන්න ආපු දිනය එදා
බැගෙජයය් අනාගතෙයි මරුටියෙ හොවා
යන්න ගියා පේරා වෙත අපෙ හූනා

දෙන රැග කන්නට රෙඩි වෙලා හිටියා
හන්තානෙට ගී ලියනා බව කීවා
බඩු කැල්ල හොයා ගන්න ඔන උනා
ජීවිතයෙ සැප එහෙදි හමු වේ කීවා

අනාගතය සරු සාරයි ඌට ෂුවර්
ඉන්ජෙක් වී එලියට එයි ඌ මතුදා
මොනව උනත් උගෙ හිත හොද හන්දා
මමත් පතමි ඌ හට ජය කවි බ
න්දා

5 comments:

  1. නොකන හූනා කෙට්‍ටු වෙනවලු . . . ඌටහොඳට කන්න කියපං . . .

    ReplyDelete
  2. එහෙනම් හූනා ඉංජෙක් වෙලා එලියට එයි නේ ? මොකද්ද හූනගේ බැච් එක ? හික්ස් :)

    ReplyDelete
  3. මධුරංග මලයෝ, මෙන්න රැග් කරන්න තව කොන්තරාත්තුවක්...

    ReplyDelete
  4. @මන්තරකාරි:කොහොමත් ඔය රැග් එක හම්බෙනවනෙ.එකෙ වැරැද්ද හොයන්න යන්නැ මම.මොකද මාත් හොදට රැග් කාපු එකෙක් නිසා.ඒත් බ්ලොග් එකක කවියක් නිසා රැග් කරන එක.......
    @මධුරනග:උබත් පේරද ඉන්නෙ .......

    ReplyDelete