Friday, October 14, 2011

දුම්බොන්නාගේ පෙනහැල්ල.....

හිමිදිරි උදැසන
සීතල යැයි කියාගෙන
පටන් ගන්නා පටන් ගැන්ම
මහ දවල් ටෙනිෂන් යැයි කියාගෙන
අනේ උඹ මට දෙන වදයක්....

ධමනි ශිරා නිකොටින් මිශ්‍ර තාර වලින් පුරවා
නුඹ හදන්නේ පාරවල් හදන්නද ඒවා තුල
උබෙ ලේ පිරිසිදු කරල
ඇග පුරා යවන්න මට..

බාගෙට වෙලුන වැට මාර අතු ටිකක් හොයාගෙන
ලිපේ තියලා ගිනි තියලා,
මාව දුම්මැස්සෙ තියලා දුම් ගැහුවනම්
මීට වඩා හොද නැද්ද....

2 comments:

  1. ඒකනේ කියන්නේ. අපරාදේ සල්ලි පුච්චන වැඩේ නම්. ඔන්න ඒක බඩට කෑවානම් බීවා නම් අවුලක් නෑ. :)

    ReplyDelete