Tuesday, September 20, 2011

කරුමෙ" දැම්ම බරේ නිසයි

කෙමෙස්ට්‍රි ක්ලාස් හොරෙන් ගිහින්
ක්ලාස් ෆිස් ඉතුරු කරන්
බාර් එකක් ලගට ගිහින්
ගත්තු බාගෙ ඉනේ ගහන්

වඩේ දෙකයි පොල් කැල්ලයි
රුපියල් දහයකට අරන්
සොඩ අරන් සිලි බැගයට
දෙතුන් දෙනෙක් එක්ක ගිහින්

මාහා ගසක් සෙවන දුන්න
ගල්පොත්තක වාඩි වෙලා
පොලීසියෙන් එයිද කියලා
කටුස්සො වගේ බලමින්

කාබනිකද අකාබනික රසායනය ගැන කියමින්
නිව්ටන් ලගෙ ඕම් ලාගෙ නියම එහෙම මතක් කරන්
කලාස් ගියත් අද නොගියත් අවුලක් නැනෙ කියමින්
ගල් බෝතලේ ඉනෙන් අරන් චියර්ස් කියලා කඩලා
චුට්ට චුට්ට තොල ගා හැටි අනේ එදා අපි කට්ටිය

කැ ගහගෙන හූ කියාන සින්දු කීව අපෙ කට්ටිය
ගෙවල් වලට හොරන් ඇවිත් ජෝකි නැටුවෙ අපෙ කට්ටිය
හූ කියාන ගුටි ගහගෙන මට්ටු උනේ අපෙ කට්ටිය
ඇතුගල උඩ බීපු එදා කොහෙදො දැන් අපෙ කට්ටිය

"කරුමෙ" දැම්ම බරේ හින්දා
මාත් නැග්ගා ඇතුගලට එදා
අතීතයේ රස මුසු තැන්
ආයෙත් මතකෙට ආවා
ඒ මතකය මතකයක්ය
ආයෙත් කිසි දා නො එනා..................!

2 comments:

  1. අතීතය මතක් කරගෙන ඉන්න තමා කරන්න තියෙන එකම දේ. ක්ලාස් නොගිහින් අයියත් කරන වැඩ තමා. අඩේ බඩට මොනාහරි කෑවා නම් විහරයි !!!!

    දැන් කියයි ඉතින් වඩේ කෑවේ බඩට නේ කියලා. :)

    ReplyDelete
  2. මචෝ . . . .ටූනාලන්තයේ සිට බ්ලොග හොයද්දි මේ පැත්තට ආවෙ. උඹ මාලෙද ඉන්නෙ ????

    ReplyDelete