Friday, June 8, 2012

අමිලා මිනිහා අතහැරලලු!! (කට කතාවක සත්‍යතාවය)

වැඩක් තිබ්බ නැති නිසාමත්,තව එකෙකුට ෂොපින් කරන්න ඕන කිව නිසත් හවස 6ට විතර බෝට්ටුවක නැගලා මාලෙට සෙන්දු උනා..ඒත් ඒ වේලාවට මාලෙ කඩ වහන නිසා පොඩ්ඩක් රවුමක් ගැහුවේ.
ඔය අතරේ තම මාලේ ඉන්න ලාලව මතක් උනෙ.
අපි ලාලට කොල් එකක් අරන් බලමු..කාමරෙ ඉන්නවනම් උගෙ කාමරේට ගිහින් ඉමු කඩ අරින වෙලාව එනකන්."කියලා ලාල්ට කතාකලා.
ආ...වරෙල්ලා මාත් මෙ කම්මැලියෙන් ඉන්නේ..
ලාල් එහෙම කියපු නිසාත් කඩ අරින්න තවත් පැයක් විතර තියෙන නිසාත් ලාල්ගෙ කාමරෙට ගියා.
හම්බන්තොට පැත්තේ ඉපදිලා,මීගමුවෙ හැදුනු ලාල් අවානයේ තමන්ගෙ ජිවිතය ගෙනියන්නේ කුරුණැගලය.ඒත් ගමෙ හිටපු කාලෙට වැඩියෙන් මාලෙ හිටපු කාලේ වැඩියි කියල තමා ලාල් අපට කියන්නේ.
කට කැඩිච්චි කතාකියන්න..,ලාබෙට කුණුහරුප අහගන්න..,පරණ කාලෙ වචන වලින් කතා අහගන්න වගෙ දෙවල් වලින් අපට පුංචි ආතල් එකක් ගන්න ඕන උනාම ලාල්ව තමයි අල්ලාගන්නේ.
කෝමෙන් කෝමෙන් හරි ගාට ගාට ඔන්න උගෙ කාමරේ ලගට ගියා.
"ආ තොපි ආවද..ඉදගනියව්කො ඔය ඉඩ තියන තැනකින්.
අපිත් ඉතින් හැමදේකටම තියන ඇද උඩින් ඉදගත්තා..
ඔන්න ඔය කුල් පෙට්ටියෙ ඇති අයිස් කරපු බීම ජාති.බීපල්ලා..ලාල් උගෙ කාමරේ තිබ්බ මිනි ෆ්‍රිජ් එක පෙන්නලා කීවා..
ඔන්න ඔය කූල් පෙට්ටිය ඇරල බලපන් "චාලි"..අපිත් එක්ක ගිය චාලිට කිවේ ලාල්ටත් ටිකක් වදින්න..
ඇයි බං ගයා මෙ පැත්තේ තකහනියක්..ලාල් ඇහද්දින් මගෙන්
මෙන්න මේ චාලිට ෂොපින් කරන්න ඕන කියලා ආවෙ බන්.
මොකො උඹ කර කර හිටියේ ලාල්..මන් ලාල්ගෙන් ඇහුවා.
මන් මෙ සින්දු සි.ඩි. එකක් බැලුව බන්.
තොපිලාත් බලනවද?
කියන ගමන්ම ලාල් සි.ඩි. එක දැම්මා
ඒක කොහෙ හරි සංගීත ප්‍රශන්ගයක් විඩියො කරපු එකක්.
ටික වෙලාවකින් තිබුනෙ අමිලා නදිශානි ගෙ සින්දු ටිකක්.ලස්සන අංග රචනය සමගම අමිලා මඩේ ලගින තාරවුන් නාවන්නද මන්" කියන ගිතය ගයනා කලා.
දැන් ඉතින් ඕකට කොටන එවුනුත් මඩේ ඉනි හිටවනවා වාගෙ දැනෙනවා ඇතිනේද බන්..
ලාල් කට ඇරියා..
ඒ මොකක්ද බන්..අපෙන් එකෙක් ඇසුවා
උඹල දන්නැද්ද..ඕකි මිනිහා අතහැරලානේ..
දැන් හොද සැප.බලපල්ලකො පස්ස පැත්ත..බොන්ගො දෙක,හොද එකෙකුට අහුවෙලා ඇති..දැන් ඉතින් හොද සැප හම්බෙනවා ඇතිනෙ..
ලාල් ඉස්පාසුවක් නැතිවම කියාගෙන ගියා..
ඉදකින් ඔවුන්ට හෙන ගහන්න ඕන නෙ බන්..අර පරණ මිනිහලුනෙ ඔකිට ඔතෙන්න එන්න උදව් කලේ..ලාල් තවත් කියවයි..
අනේ මන් නම් එහෙම එකක් දන්නැ..මන් කීවා
මාත් නම් එහෙම එකක් දන්නැ බන්.මට ආරංචියි අමිලා පවුල පිටින්ම ගිය මාසෙ ගෙදර ඇවිත් ගියා කියලා...චාලි කිවා..,
චාලිත් ඇඹිලිපිටියේ,අමිලා නදිශානිලාගෙ ගමේ..
මාත් දැක්කා බන් අමිලා,මිනිහා,පොඩි එකා ටි.වි එකකට ඉන්ටවිව් එක දිලා තිබ්බා.ඔබ නලයෙ(you tube) තිබ්බා..මාත් එහෙම කීවා..

ලාල් කියපු දේ ඇත්ත විදිහට පිලිඅරන් අපිත් එ කතාව වැපුරුවානම්....???

කට කතාවක සත්‍යතාවය...
මන් ඩිප්ලෝමාව කරන කාලේ කටකතාවක් පැතිරුනා..
ඒක තමයි මගෙ හොදම යාලුවෙකුයි යාලුවෙලා හිටපු කෙල්ලයි ලෙක්චර් හොල් එකට යන පාරෙ තියන කොට්ට ගහට හෙත්තු වෙලා  දෙන්න එකට තුරුලු වෙලා හිටිය,ඒ විතරක් නෙමෙයි කෙල්ල ගහට හේත්තුවෙලා,..ගවුමත් ටිකක් ඉස්සිලා..අහවල් වැඩෙ කරාද දන්නැ.
ඕක තමයි කටකතාවෙ අවසාන කතාව..
කට්ටියම මේක අහලා පිස්සුවෙන් වාගෙ.ඒ කෙල්ල මාර අප්සට් එකෙ..
යාලුවා හෙවත් තඩියා පිස්සුවෙන් කුලප්පු වෙලා..
තඩියා කාලා බීලා ආතල් එකෙ ඉන්න එකෙක්.ටිකක් දඩබ්බරය..ඒත් හැමදේම ඕනවටත් වඩා පිලිවෙළටත්  කරන එකෙක් කියල මං දන්නේ මං ලගින්ම හිටපු නිසා..
කෝම හරි දවසෙ බාගයක් ගෙවුනා.තඩියයි,කැල්ලයි මර බයේ,..ඔෆිස් එකට අරන් විනය පරික්ෂණ තියයි කියලා..
කැමෙන් පස්සේ ඉස්සෙල්ලාම තිබ්බෙ සත්ව පාලන ලෙක්චර් එකක්.
දේශක සර් ආවා.හැමදාමත් ඉතා සැහැල්ලුවෙන් ඉන්න අපේ සර් පන්තියට ඇතුල් උනා
ආයුබෝවන් කීවා..පොඩි සුහද කතාවකින් පස්සේ..
ළමයි...කටකතා නම් බෝමයි නේද? කියද්දි..මං ලග හිටපු තඩියත් ඊට එහා පැත්තේ හිටපු උගෙ බඩු කැල්ලත් බිම් බලාගත්තා..මූනවල් මාරම ෂොක් එකකින් පිරිලා තිබ්බා..
ඊට පස්සෙ අපේ සර් චුටි පත්තර කැල්ලක් සාක්කුවෙන් ඇදල ගත්තා..පන්තියෙ ඉස්සෙල්ලාම පේලියෙ හිටපු ළමයට පත්තර කොලේ පුන්චි තීරුවක් පෙන්නල කීවා..
මේක ඔයා තනියම කියවලා අදහස හොදට හිතට ගන්න කියලා.
කෙල්ල තීරුව කියෙව්වා..සර් ට කිවා..හරි සර් මං කියෙව්වා කියලා
සර් කිවා තව පාරක් කියවන්න කියලා
කෙල්ල තව පාරක් කියවලා සර් කිවා..
හරි ඔය දැන් එන්න මං ලගට ඇවිත් කාටවත් ඇහෙන් නැතිවෙන්න මට කියන්න ඔයා මෙ තිරුවෙන් අදහස් කරන දේ..
කෙල්ල සර්ට කිවයින් පසුව සර් මුලු පන්තියට කීවා ඒ ළමයා තීරුවෙ හරි අරුත අරන් තියන බව..
හරි ඔය දැන් ගිහින් පුටුවෙන් ඉදගන්න..කොලෙ මට දෙන්නකො.. සර් කීවා..
රයිට්..දැන් ඔයාට පත්තර තිරුවෙන් තේරුම් ගත්ත දේ ලගම යාලුවට කියන්න..
එයාට තෙරුණ දේ ඊලග එකකෙනාටත්,,එයාට තෙරුන දේ ඊලග කෙනාටත් ආදි වශයෙන් පන්තියේ හිටපු 50ක් වු අවසානයා දක්වා ගියා..
ඉන් පසුව සර් 45 වැනි පුටුවෙ හිටපු කෙනාගෙන් ඇහුවා එයාට තේරුන දේ..
ඔහු හඩනගා කීවා..
නැවතත් සර් 30ට වගේ හිටපු කෙනාගෙන් ඇහුව,,ඔහුද කීවා
අවසානයෙ සර් ආයෙත් මුල්ම ළමයට කීවා එයා අදහස් කරපු දේ කියන්න කියලා..
ඇ කිවේය.
ඉන්පසුව සර් පත්තර පිටුව හඩ නගා කිවේය.පත්තර පිටුවෙ අදහසත්,පලමු ළමයාගෙ අදහසත් සමාන උනත් අවසාන හරියේ හිටපු අයගෙ අදහසත්,පත්තර පිටුවෙ තිබු අදහසත් 100%කම  වෙනසක්..

එයින් සර් අදහස් කලෙ කට කතාවක් හැදෙන අයුරු කියන්නයි..

ඉන්පසුව සර් මටත් තඩියටත් තව කොල්ලෙකුටත් කතා කලේය..
තඩියාගෙන් ඇහුවා එදා ඔයාලා කතාකර කර ඉද්දි කව්ද ඔයාලා දැක්කේ කියලා..
එක් මුරකරුවෙක් ඔවුන් ලගින් ගිය බවක් ඔහු කීවා.අපි එ මුරකරු ගෙන්වා ප්‍රශ්න කලා..
ඔහු කීවේ තමා ඔවුන් කතා කරමින් සිටි බවත්,අත් අල්ලා සිටි බවත් එක් වෙලාවක් කරින් අල්ලා සිටි බවත් දැක්කා යයි කිවෙය
.
ඔහු ඒ දැකපු දෙ වෙන කාට හෝ කිවෙදැයි ඇසුවෙය.
ඔහු එය තවත් මුරකරුවෙකුටත්,එම මරකරු වෙනත් අයෙකුටත් ඔහු ගබඩා බාරකරුටත් කී බවක් කිවේය.
ඉන්පසු ගබඩාබාර කරුට පනිවිඩය දුන් මුර කරු ගෙන්වා ප්‍රශ්න කලෝය.
ඔහු කීවේ.
මෙයාල කොට්ට ගස ලග කතාකරමින් හිටිබවත්,කෙල්ල ගසට හේත්තු වි සිටි බවත්,මෙයා(තඩියා) ටිකක් දාංගල කාරය නිසා ගහට හේත්තු කරන් මොනවත් කලාද දන්නැ කියා තමාට පනිවිඩය කී පුද්ගලයා කි බවකි..

ඔන්න කටකතාවක ඇත්ත බව..
තව ටිකෙන් විනය පරික්ෂණ පවත්වා ඉහල උසාවියට නංවා තඩියලාගෙ පන්ති තහනමක් විය හැකිව තිබුනි.එහෙත් අප අචාරවරයාගෙ නුවණ නිසා ඔවුන් එයින් බෙරුනා.
එදා අපෙ දවසෙ සත්ව පාලනය පාඩම එතකින් නිමා විය.
කොහොම තඩියා වගෙ සතෙක්ගෙ අනාගතය පාලනය විමට තිබු ඉඩ එතනින් අහවර විය.

බොහෝ ගොසිප් හෙවත් කට කතාවල ස්වරුපය නම් මෙයයි.
තමන් විශේෂ යමක් දන්නවා යැයි පෙන්විමටත්,කුතුහලය ත්‍රාසය මවා පෙන්විමටත් බොහො කතා හැදෙයි.එවායෙ කිසිම සත්‍යක් හො පදනමක් නැත
.


(වෙන මොකවත් මොටද මේ පෝස්ට් එකට දාලා තියන නමෙනුත් එක තෙරෙනවනේ)


20 comments:

  1. ඇත්ත..ගොඩක් වෙලාවට නරක ආරංචි තටු ලැබිලා ඉගිල්ලිලා යනවා.

    ReplyDelete
  2. ඇත්තටම හොද පෝස්ට් එකක්,නෙට් එකෙත් වෑඩි පුර තියෙන්නේ ඔය වගේ බයිලා තමයි(ගොසිප් සයිට්වල)

    ReplyDelete
  3. හ්ම්ම්! රහස් කෝච්චිය කියලා නොවැ ඕකට කියන්නේ!

    ReplyDelete
  4. නියමම කතාව...කොහොමත් ප්‍රසිද්ද අයට කතා හැදෙනවා වැඩියි නේ.ඒ ගොල්ලො පත්තර වලට ඇත්ත කිව්වත් කවුරුත් පිලිගන්න කැමති නෑ නෙ.කුණු රස වැඩි එකට කවුරුත් ආසනෙ. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.හැමදාම වගෙ කොමෙන්ට් එකක් දානවට

      Delete
  5. ඇයි අර ප්‍රසිද්ද කපුටො වමනෙ කල කතාව

    ReplyDelete
    Replies
    1. නිකම් කපුටොත් නෙමෙයි කපුටෝ 7 දෙනෙක්

      Delete
    2. අනේ...ඔයා ගැන අදනෙ දැනගත්තේ ජෝන්.මාත් ඉස්සර ජෝන් කෙනෙක්.දැන් නවත්තලනේ

      Delete
  6. හොද ආරංචියක් යන ඉක්මනට වඩා නරක ආරංචි පැතිරෙනවා වැඩියි !

    ReplyDelete
    Replies
    1. වාසිටි යෙත් තියෙන්න ඇතිනේ.

      Delete
  7. කාලෙකින් දැක්ක හොඳම පෝස්ටුවක්...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක 4 වෙනියට ෆලෝ කරපු එක්කනගෙ පළවෙනි කමෙන්ටුව..
      බොහොම ස්තුතියි..

      Delete
  8. ඇත්ත කතාව....

    ReplyDelete
  9. atta katawa.ape aya try karanne monawa hari danaganna labunot ekata thawa kallakut add karala anikata kiyanna.

    ReplyDelete
  10. ඇත්ත ..හොද පොස්ට් එකක්

    ReplyDelete
  11. වැදගත් සටහනක්,

    අකුරු ටිකක් ලොකු කලොත් මොකද රුකා. කියවන්න මීට වඩා ලේසි වෙයි කියලයි මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්....කරලා බැලුවා.පොස්ට් එක ගොඩාක් දිගට පෙනුනා..
      මීට පස්සෙ ලොකු අකුරෙන් ලියන්නම්කො..

      Delete