Monday, December 26, 2011

පෙම්බර ලන්දු..

කෙහෙරැලි දණහිස ලග ගාවා..
පුළුළුකුලේ සමබර රන්දා
පටු ලැමදේ ඵල බර පෙන්වා
ඉග නෙරියෙ ඇත හැඩ සොදිනා..
මොනාලීසා නොවෙ නුඹ මට නම්..
බමර පැටික්කීය නුඹ මාගේ..

සුදු මහුනේ දිගු නෙත් සගලේ..
කරුණාවයි හැමදා පෙනුණේ
පටු දෙතොලින් වැසු දට් දෙපලේ
සිනාව සිරියාවයි රැන්දු..
මගෙ නිවසට සිරිකත කැන්දු..
ඔබ මයි මා හද දිනු ලන්දු..

සැලළිහිණිය බදු මෘදු ස්වරෙන්
එන වදනත් දෙසවන පිනනා...
සිරියහනේ කිරි කොමල සිනා
මා මනමත් කර රසය දෙනා
මගෙ නිවසට සිරිකත රැන්දු..
ඔබමයි මා හද දිනු ලන්දු..//

9 comments:

  1. ඉක්මනට වැකේශන් පලයං . . . . නැත්තං අලු කෙසෙල් වගේ ජාතියක් වැඩිපුර කෑමට ගනිං

    ReplyDelete
  2. අයියා වැල් පෙනෙල කැඳ බීවද දන්නේ නෑ.
    කවි ටික නම් සුපිරි !!!
    මොකද දන්නේ නෑ මේ දවස්වල මේවගේ සිතුවිලි පහල වෙන්නේ.

    ReplyDelete
  3. @ඕනයා&මදු&නාකියා
    කොහෙද බොලව් මෙකේ වල් අදහසක් තියෙන්නෙ......
    කමක් නැ උඹලා කමෙන්ට් දාන්නැත්තන් මේකෙ කමෙන්ට් තීරුව පාලුවට යයි..
    මීටත් වඩා කතාවක් ලගදීම එනවා..ඒකට උඹල බැන්නත් කමක් නැ.හරියටම ජනවාරි 2 වෙනිදා දාන්න හිතන් ඉන්නේ......

    ReplyDelete
  4. මේ සුභාවිත මධුර මනෝහර ශ්රුන්ගාරාත්මක පද පෙලට ඔහොම කියන්නෙපා යකුනේ.. හරිම සුන්දරයි.. මේක ලියන වෙලේ කතෘ ඔක්කොම හිතින් රසවිඳිමින් ලියල තියනවා.. එළමකිරි

    (කොහොමද විචාරාත්මක ටෝක් එක?)

    ReplyDelete
  5. හහ් හහ් හාආ ආ බරාබරෝ..
    ඒ කියන්නෙ මාලදිවයිනේ බසවෙ වචනයක්.සින්හල තේරුම "නියමයි"කියන එක.

    ReplyDelete
  6. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  7. ස්තුතියි නවම්....

    ReplyDelete
  8. සුභ නව වසරක් වේවායි පතනවා...අයියණ්ඩිට...!

    ReplyDelete